අයියෝ දැන් අවුරුදු එකහමාරක් විතර තිස්සේ 4gදෙනවා කියලා කියනවා තාම කොළඹ දීගන්න බැරුව ඉන්නවා.
Sim එක ගෙදරටම එව්වා දැන් අවුරුද්දකටත් වැඩියි.
තාම නෑ.
කෝල් වලට නම් ඇත්තටම ලාබ නිසා යූස් කරනවා. මගේ තියෙන්නේ outgoing ඕනම network එකකට විනාඩි එක්දහස් දෙසිය පැකේජ් එක.
ලගදි අලුත් මොකක් හරි සීන් එකක් පටන් අරන්. airtel call center එකෙන් දැන් තුන් පාරක් කතා. මගේ outgoing විනාඩි ගාන ගොඩක් ඉතුරු වෙනවා කියලා ඊට වඩා අඩු පැකේජ් එකට මාරු වෙන්න කියලා තුන්පාරක්ම කිව්වා මම නම් බෑම කිව්වා
බලන්න නේද අපිට තියෙන ආදරේ.
හෙට අනිද්දා number portability ආවම මගේ outgoing anynet පැකේජ් එකේ විනාඩි ගාන කපලා දායිද කියලා බයකුත් හිතෙනවා