AK 47 නිර්මාතෘ මිය යයි

siripala

Member
Oct 10, 2006
2,869
442
0
AK 47 නිර්මාතෘ මිය යයි

AK 47 නිර්මාතෘ මිය යයි

130704182416_mikhail_kalashnikov_512x288_ap.jpg



ඒකේ 47 නමින් ප්‍රචලිත කලෂ්නිකොව් ස්වයංක්‍රිය රයිපලයේ නිර්මාතෘ මිහායිල් කලෂ්නිකොව් මියගිය බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.මිය යන විට ඔහුගේ වයස අවුරුදු අනූ හතරක්.

රුසියාවේ අල්තායි ප්‍රත්‍යන්ත කඳුකරයේ දුගී පවුලක 1919 දී උපන් කලෂ්නිකොව් ගේ සහෝදර සහෝදරියන් ගණන දහ හතක්.

සෝවියට්, වෝර්සෝ රටවල් සහ රුසියානු හමුදා අත ප්‍රධාන ගිනි අවිය වුනේ ඔහු තැනු රයිපලයයි.

කෙසේ වෙතත්, ඇන්ගෝලාව,වියට්නාමය, ඇල්ජීරියාව වැනි විවිධාකාර සටන් බිම් වල විප්ලව වාදීන් අතත් AK 47 ගැවසුනි.

කලෂ්නිකොව් ගේ සැලසුම අනුව ලොව පුරා කෝටි ගණනින් රයිපල් නිෂ්පාදනය කොට තිබේ.


BBC Sandeshaya
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පට්ට සීන් එක කියන්නේ අනිත් මිනිසුන්ගේ ජිවත් වීමේ අයිතිය උදුරාගෙන ,අඩු වයසින් අනෙක් අයව මරණයට යවන්න දායකත්වය දුන් මෙයා අවුරුදු 94 ක් ජිවත් උන එකයි.:baffled::baffled::baffled::baffled::baffled::baffled: