AK-47
Автома́т Кала́шникова
AK 47 කියන්නේ, සම්පූර්ණ ස්වයංක්‍රීය (Automatic) තුවක්කුවක්.
Автома́т Кала́шникова
AK 47 කියන්නේ, සම්පූර්ණ ස්වයංක්‍රීය (Automatic) තුවක්කුවක්.
* මොකක්ද ස්වයංක්‍රීය තුවක්කුවක් කියන්නේ?
ස්වයංක්‍රීය තුවක්කුව නිර්වචනය කරන්නේ මෙහෙමයි:-
තුවක්කුවේ ට්‍රිගරය (කොකා) මිරිකාගෙන සිටින තුරු, එම තුවක්කුවට සපයා ඇති පතරොම් සියල්ල, නොකඩවා, එකක් පසුපස එකක් වශයෙන් වෙඩි තැබීමට හැකි තුවක්කුව, ස්වයංක්‍රීය තුවක්කුවයි. මේ බලන්න.
ස්වයංක්‍රීය තුවක්කු නිපදවන්න කලින් තිබුණේ අර්ධ ස්වයංක්‍රීය තුවක්කු. (Semi Automatic Gun) ඒ තුවක්කු වලින් වෙඩි තැබීමේදී, සෑම පතරොමක් වෙනුවෙන්ම, තුවක්කුවේ කොකා මිරිකන්න ඕනේ.
(අනේ මේ, කොකා ගස්සනවා කියලා, කියන්න ලියන්න එපා හොඳේ? කොකා ගස්සන්න ගියොත්, තුවක්කුව හෙලවෙලා, ඉලක්කය වරදිනවා. ඒ නිසා, හරියට ඉලක්කය අරං, කොකා මිරිකන්න)
ඒ වගේ අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවකට උදාහරණයක් තමා, ‘ස්වයංක්‍රීයව පතරොම් ඇතුළුවන තුවක්කුව Self Loading Rifle = SLR’ මේ බලන්න, හැම වෙඩිල්ලක් සඳහාම, කොකා මිරිකන්න ඕනේ. 0.40 සිට තත්පර 10 ක් බැලුවම ඇති.
(දැන් ඔන්න පොටෝ කෙළින උන්නැහේලා කියයි, SLR කියන්නේ, Single Lence Reflex කියන එකයි කියලා. හරි හරි, ඒකත් ඇත්ත, නමුත් මේකත් ඇත්ත)
දැන් බලන්න පූර්ණ ස්වයංක්‍රීය (Full Automatic) කිව්වම, කරුණු කීයක් සම්පූර්ණ විය යුතුද කියා.
- පළමුව මේ තුවක්කුවට විශාල පතරොම් ගණනක් සපයා තිබිය යුතුයි.
- දෙවනුව ඒ පතරොම් ස්වයංක්‍රීයව තුවක්කුවට ඇතුළු වියයුතුයි.
- තුන්වනුව ඒ පතරොම් සියල්ල පත්තු කිරීම සඳහා, ස්වයංක්‍රීය යාන්ත්‍රික ක්‍රමවේදයක් තිබිය යුතුයි. (automated mechanism)
- ඒ විතරක් නෙවෙයි, මෙවැනි යාන්ත්‍රණයක් සහිත තුවක්කු, නිකම්ම නිකම් තුවක්කු නෙවෙයි. ඒවා, ‘ප්‍රහාරක රයිෆල් (Assault Rifle)’ කියන අවි ගණයට තමයි අයත්වන්නේ.
* මොනවද ප්‍රහාරක රයිෆල් කියන්නේ?
ඊට කලින් බලමුද රයිෆලයක් කියන්නේ මොකක්ද කියලා?
රයිෆලය යනු, එහි මිට හෙවත් බට් කොටස, පුද්ගලයකුගේ උරහිසට හේත්තු කර වෙඩි තැබීම කළහැකි, සර්පිලාකාර කාණු සහිත බටයකින් යුත්, ගිනි අවියකි.
යම්කිසි ගිනි අවියක් ‘ප්‍රහාරක රයිෆලය’ කියන තත්වය ලබන්න නම්, සුදුසුකම් කීපයක් සම්පූර්ණ කලයුතු වෙනවා. රයිෆලයක බටය barrel වෙනත් සාමාන්‍ය තුවක්කුවකට වඩා වෙනස්. (මෙව්වා කලිනුත් කියලාදීලා තියනවා, කොහෙද ඔලුවේ තියාගන්න එකක්යැ) ඒ බටය තුළ, සර්පිලාකාර හැඩයකට සැකසූ කාණු තිබෙනවා ඒවා හඳුන්වන්නේ, ‘රයිෆ්ලිංග් Rifling’ යනුවෙන්. මේ බලන්න.
හරි, දැන් බලමු ප්‍රහාරක රයිෆලයක් කියන්නේ මොකකටද කියලා.
ප්‍රහාරක රයිෆලයක් නම්, එහි වෙඩි තැබීමේ ක්‍රමය, (mode) වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, අවශ්‍ය විට, අර්ධ ස්වයංක්‍රීය තත්වයටත්, සමහරවිට, එකවර උණ්ඩ තුනක්, පහක්, වැනි ගණනක් මුදාහල හැකි, සීරුමාරු යාන්ත්‍රණයක්, තිබිය යුතුයි. (selective fire)
මධස්ථ ප්‍රමාණයේ බලයකින් යුත් පතරොම් යෙදීමට හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, පිස්තෝල පතරොම් මෙන් කුඩා ඒවා නොවිය යුතු අතර, විශාල බලයක් සහිත රයිෆල් පතරොමක්ද නොවිය යුතුයි.
ප්‍රහාරක රයිෆලයට යොදන පතරොම්, ගැලවීමට, යලි සවිකිරීමට හැකි, පෙට්ටි හැඩයේ පතරොම් ගැබකින් magazine සැපයිය යුතුයි.
අවම ප්‍රතිඵලදායී වෙඩි දුර (minimum effective range) මීටර් 300 ක් වත් වියයුතුයි. ඒ කියන්නේ, මීටර් 300 ක් දුරින් පිහිටි ඉලක්කයක්, සාර්ථකව ලබාගැනීමේ හැකියාව, අනිවාර්යයෙන් තිබිය යුතුයි.
* ඉතිං ඔච්චර ගොඩක් ප්‍රහාරක රයිෆල් වර්ග තියනවද? අපිනම් දන්නේ ඔය AK 47, T 56, M 16, වගේ ඒවා තමයි.
ඔබ දන්නවද??? තවම ලෝකයට නොපෙන්වපු, අවශ්‍ය වෙලාවට එලියට දාන්න බලාගෙන ඉන්න ප්‍රහාරක රයිෆල් වර්ග පවා, සමහර රටවල තියනවා.
මෙතනින් ගිහින් බලන්නකො, ප්‍රහාරක රයිෆල් වර්ග කොච්චර තියනවද කියලා.
දැන් මොකද හිතෙන්නේ?
* මෙච්චර ගොඩක් ප්‍රහාරක රයිෆල් වර්ග තියනවනම්, ඇයි මේ AK 47 රයිෆලයට විශේෂ තැනක් ලැබෙන්නේ?
හේතු ගොඩක් තියනවා. මෙන්න ඒ අතරින් ඉතා වැදගත් හේතු කීපයක්.
ප්‍රහාරක ශක්තිය අතින් AK 47 බොහොම ඉහලයි. කාටත් තේරෙන වචන වලින් කියනවනම්, කුඩු යන්ඩ දෙන්ඩ පුළුවන්.
මෙය ප්‍රබල අවියක් වුනාට බොහොම සරලයි. ටක් ගාලා ගලවලා හයි කරන්ඩ පුළුවන්. එච්චර කෑලි බෑලි නෑ, වෙනත් බොහොමයක් ප්‍රහාරක රයිෆල් එක්ක තියලා බැලුවම. ගලෝලා බලමුද? (රයිෆල් එක රයිෆල් එක, ආයේ වෙන මොන ලබ්බද?) ඔන්න ගැලෙව්වා. හැබැයි පුතෝ ගැලෙව්වා වගේ නෙවෙයි, තිබ්බ විදිහටම හයි කරන්ඩත් ඕනේ හරිද?

* තවත් කරුණු ටිකක් කියන්නම්. මේ අවිය ගැන.
මේ අවිය තරම් අනුකරණයට ලක්වූ තවත් ප්‍රහාරක රයිෆලයක්, ලෝකයේ කොහෙවත් නැහැ. මේ අවිය අනුකරණය කොට නිපදවන ලද මෝස්‌තර විසිපහකට වඩා, අද ලෝකයේ විවිධ රටවල තිබෙනවා.
ශක්තිමත් බව සහ කල්පැවැත්ම අතින්, මේ අවිය ඉතා පුදුමාකාරයි. හිම, ජලය, මඩ, ආදියට යටවී, වසරක් පමණ ගෙවුණු AK 47 අවි, ගොඩගත් වහාම වෙඩි තැබීමට පුළුවන්වී තිබෙනවා. යුද්ධ ටැංකියකට යටවීමෙන් පසුවත්, හානි නොවුණු AK 47 අවියක් ගැන වාර්තා තිබෙනවා. මේ බලන්න වතුරට දාලා තිබුනත් වැඩකරනවා.
නියම (genuine) AK 47 අවියක්, හොඳින් නඩත්තු කරන්නේ නම්, වසර 50 – 60 අතර කාලයක් පාවිච්චි කළහැකි අතර, නොසැලකිල්ලෙන් පාවිච්චි කලත්, අවම වසර 15 – 20 ආයුකාලයක් තිබෙනවා.
සංකීර්ණ කොටස් නැති නිසා, සාමාන්‍යයෙන්, අත්‍යවශ්‍ය පහසුකම් තිබෙන කම්හලක, AK 47 අවියේ බාල අනුකරණයක්, පහසුවෙන් නිපදවන්න පුළුවන්. හොර අවි වෙළෙන්දන්ගෙන්, ඩොලර් 10 – 50 අතර ගණනකට මිළදී ගන්න පුළුවන්. මේ නිසා, සමහර රටවල, හොර අවි කම්හල් වැහි වැහැලා තියනවා. විශේෂයෙන් බටහිර, මධ්‍යම, නැගෙනහිර, අප්‍රිකානු රටවල. එවැනි රටවල ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන, බොහෝදුරට පාවිච්චි කරන්නේ, මේ ආකාරයේ AK 47 හොර කොපි.

(ඇයි තමුසෙලා වින්ඩෝස් හොරකොපි පාවිච්චි කොරනවානම්, අපි AK 47 හොරකොපි පාවිච්චි කළාම මොකද වෙන්නේ? – මීට ත්‍රස්තවාදියෙක්)
ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන ප්‍රහාරක රයිෆලය AK 47. අද වනවිට ලෝකය පුරා AK 47 තුවක්කුවේ විවිධ මෝස්‌තර, මිලියන 100 කටත් වඩා පාවිච්චි කරනවා. ඒ කියන්නේ, ලෝක ජනගහනයෙන් සෑම 60 දෙනෙකුටම, එක AK 47 තුවක්කුව බැගින් තියනවා.
වර්තමානයේ, ලෝකයේ සටන් නිසා ඇතිවන, හමුදා සෙබළුන්, සන්නද්ධ විප්ලවකාරී සංවිධාන සාමාජිකයන්, සහ සාමාන්‍ය වැසියන්ගේ මරණ, වැඩියෙන්ම සිදුවන්නේ, AK 47 තුවක්කු ප්‍රහාර වලින්. සාමාන්‍යයෙන් වසරකට එලෙස මියයන සංඛ්‍යාව, ආසන්න වශයෙන් 250,000 ක්.
අවම වශයෙන් ලෝකයේ රටවල් 106 ක් පමණ, තම හමුදා සඳහා ලබාදී තිබෙන්නේ, AK 47 හෝ එහි අනුකරණ මෝස්‌තර.
මෙපමණ විශ්මයජනක මේ රයිෆලයේ, තවත් පුදුමයක් වන්නේ, යාන්ත්‍රිකව චලනයවන කොටස් 8 ක් පමණක් තිබීම. (moving parts)
මේ වීඩියෝ එකනම් බලන්නම වෙනවා, හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා. මෙහි පෙන්වනවා, මේ අවියේ තිබෙන සියලුම චලනය වන කොටස් ක්‍රියාකරන ආකාරය. බොහොම දුර්ලභ සහ ඉතදක්‍ෂ ලෙස සකසා ඇති වීඩියෝවක්.

***අවි ගත්තෝ අවියෙන්ම නැසෙති***
https://wicharaka.blogspot.ae
උපුටා ගැනීම අවසන්.....
Last edited: