AKDට ඡන්ද නැත්තේ ඇයි...? හේතු 50ක් මෙන්න.

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    AKDට ඡන්ද නැත්තේ ඇයි...? හේතු 50ක් මෙන්න.

    AKDට ඡන්ද නැත්තේ ඇයි...? හේතු 50ක් මෙන්න.
    74160234_408043186766053_1562616227359096832_n.jpg

    අවංක ජවිපෙ හිතවාදීන්ගේ ප්‍රශ්නයට පිළිතුරක්...

    අනුර කුමාර හොරෙක් නෙමෙයි... කිසිම උසාවියක නඩු නෑ... සැබෑම උගතෙක්... අවංකයි... සංඛ්‍යාලේඛන කට පාඩම්... සුපිරියට කතා කරනවා... ඇයි එයාට ඡන්දේ නොදී මේ හොරුන්ට දෙන්නේ... මේ රටේ මිනිස්සුන්ට පිස්සුද මන්දා..?

    මෙය මේ දිනවල සමහරු අවංකවම අසන ප්‍රශ්නයකි. ඊට පිළිතුර කුමක්ද?

    ජවිපෙ ක්‍රියාධරයෙකු ලෙස වසර ගණනක් කටයුතු කළ මගේ දැක්මට අනුව ඔහුට ඡන්දය නොලැබීමට බලපාන හේතු කන්දරාවකි. ඒවා පහත පරිදි සාරාංශ කළ හැකිය. අවංකවම ජවිපෙ අවුල ගැන දැනගැනීමට කැමති අය මැදහත් සිතින් විමසා බලත්වා.

    1. ජවිපෙ පිළිගන්නා මාක්ස්වාදය ලෝකයේ කිසිදු තැනක වලංගු නොවූ යල්පැන ගිය මතවාදයක් වීම.

    2. පක්ෂ අභ්‍යන්තරයට යල් පිනූ මාක්ස්වාදයත්, බාහිර සමාජයට දූෂණ විරෝධයත් දේශනා කරමින් ගෙන යන දෙබිඩි වැඩපිළිවෙළ.

    3. 2008දී ජාතික මතවාදය දරන පිරිස් ජවිපෙන් පලවා හැරීම සහ විජාතික කඳවුරේ මතවාදය කරා ජවිපෙ ක්‍රමයෙන් මාරුවීම.

    4. උනුත් එකයි මුනුත් එකයි කියමින් ඒ දෙපිලෙන් වඩාත්ම නරක භයානක පිලට 2008 සිටම සහය දැක්වීම.

    5. යුද්ධයේ තීරණාත්මක අවදියක් වූ 2008 නොවැම්බර් අයවැය ඡන්ද විමසීමේදී එජාපය හා එක්ව ආණ්ඩුව පැරදවීමට ඡන්දය ලබාදීම.

    6. යුද්ධයේ අවසාන මොහොත වන තුරුම ඊට සහය දීම වෙනුවට යුද්ධය කරන ආණ්ඩුව පෙරළීමට උත්සාහ කිරීම.

    7. මහින්ද යුද්ධය අවසාන නොකරන බවට අවසාන මොහොත දක්වාම ගෙන ගිය බොරු ප්‍රචාර.

    8. යුද්ධයේ අවසාන දින කීපය තුළ බර අවි ප්‍රහාර නතර කිරීම පවා යුද්ධය නතර කිරීමක් බව පවසමින් රට පුරා පත්‍රිකා බෙදා හැරීම.

    9. විශ්ව විද්‍යාල තුළ ම්ලේච්ඡ නවකවදයට නායකත්වය දෙමින් සිසු අධ්‍යාපනය කඩාකප්පල් කිරීම.

    10. 2010 ජනාධිපතිවරණයේදී සෘජුවම එජාපය හා එක්වෙමින් එජාප අපේක්ෂකයාට සහය පළ කිරීම.

    11. 2010 මහ මැතිවරණයේදී එජාපය හා එක්වී තරග කරන්නට දැරූ නිවට උත්සාහය.

    12. විජාතික පීල්ලට මාරුවී රටට කළ හතුරුකම් ඔස්සේ 2004දි ජවිපෙට හිමිවූ මන්ත්‍රී ධූර හතලිස් දෙක 2010 වනවිට 6 දක්වා අඩුකරගැනීම.

    13. 2010න් පසු රටේ සිදුවූ සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ල අතිශය අවස්ථාවාදී ලෙස විවේචනය කිරීම.

    14. හයිවේ හදන්නේ ඇඹුල් තියන් ගේන්නද? නෙළුම් කුළුණ හදන්නේ පැනලා මැරෙන්නද? නැව් එන්නේ නැති වරාය, පොට්සිටි හදන්න රටේ කළුගල් මදි... මහින්ද රට ණය කළෝ... වැනි ද්වේශ සහගත කතා නිතර නිතර කීම.

    15. ආනයනික කිරිපිටිවලට බදු පැනවීමට විරෝධය දක්වමින් බහුජාතික සමාගම්වල වුවමනාව ඉටුකිරීම.

    16. පාන්පිටිවලට බදු පැනවීමට එරෙහි වෙමින් දේශීය සහල් නිෂ්පාදනය නගා සිටුවීමට බාධා කිරීම.

    17. ඇත්ත මෙන් බොරු කියමින් රට රැවටීමට අනුර කුමාර දක්වන දක්ෂතාව.

    18. 2010 සිට 2015 දක්වාම රනිල්ට රට ගොදුරු කරදීමේ අරමුණින් විශාල බොරු කන්දරාවක් සමාජගත කිරීම. (මේ බොරු ගැන අවශ්‍ය නම් වෙනම පොතක් ලිවිය හැකිය.)

    19. හොරකම දේශපාලනයේ කේන්ද්‍රිය ප්‍රශ්නය ලෙස හුවා දක්වමින් සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට දරන උත්සාහය.

    20. 2015 පැවති ජිනීවා සමුළුවේ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වමින් යහපාලන ආණ්ඩුව කළ පාවාදීමට එරෙහි නොවීම.

    21. බටහිර රටවල් ආරක්ෂක හමුදාවන්ට එල්ල කරන යුධ අපරාධ චෝදනාවලට කිසිදු විරෝධයක් නොදැක්වීම.

    22. ජිනීවා යෝජනා අනුව පිහිටවූ අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාල පනතට අත ඉස්සීම.

    23. රටට එරෙහි බොහෝ අණ පනත් සඳහා ජවිපෙ ඡන්ද හය ලබාදෙමින් පාර්ලිමේන්තුවේ ඒවා සම්මත කිරීම.

    24. මහින්දට යගදාවලින් පහර දෙන අතරේ රනිල්ට ඉරටුවලින් පහරදීමේ පිළිවෙත.

    25. යහපාලනයෙන් සිදුවන රණවිරු දඩයම ගැන වචනයක් කතා නොකිරීම.

    26. යහපාලනය යටතේ සිදුවන බෞද්ධ පුරාවස්තු සංහාරය ගැන වචනයක් කතා නොකිරීම.

    27. යහපාලනය යටතේ උතුරු නැගෙනහිර බල්ටි ගසන දෙමළ ජාතිවාදයට එරෙහිව වචනයක් කතා නොකිරීම.

    28. ජාතිවාදයට එරෙහි වීම වෙනුවට ඒකීය රටක් එපා කියන ජාතිවාදී සුමන්තිරන්ලා සමග එක්ව උතුරේ මැයි රැළි පැවැත්වීම.

    29. විල්පත්තුවේ සිදුවන ජාතිවාදී ජනපදකරණය ගැන කතා නොකිරීම.

    30. වසර ගණනාවක් තිස්සේ රට තුළ හිස ඔසවමින් තිබෙන මුස්ලිම් අන්තවාදී අනතුර ගැන වචනයක් කතා නොකිරීම.

    31. ඇත්ත ජාතිවාදයන්ට එරෙහි වීම වෙනුවට නැති සිංහල බෞද්ධ අන්තවාදයක් ගැන පමණක් කතා කිරීම.

    32. තම එන්ජීඕ සහචරයන් අනුව යමින් සැබෑ ජාතිවාදයට විරුද්ධ වෙන පිරිස් ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීම.

    33. පාස්කු ප්‍රහාරය සිදුවන තෙක් මුස්ලිම් අන්තවාදය ගැන වචනයක් කතා නොකළ ජවිපෙ එය සිදුවූ දා සිට එය ගෝඨාභයගේ ගිණුමට බැර කිරීමට උත්සාහ දැරීම.

    34. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා කෙනෙක් ජවිපෙ ජාතික ලැයිස්තු සාමාජිකයෙක් වීම.

    35. රිෂාඞ්, හකීම්, අසාද් සාලි, හිස්බුල්ලා වැනි ජාතිවාදීන්ට එරෙහි නොවීම.

    36. රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගයේදී ඔහු බේරාගැනීමට උප්පරවැට්ටි යෙදීම.

    37. කාන්තාවන් වඳ කළ දොස්තර සාෆිගේ ප්‍රශ්නයේදී ජවිපෙ මුළුමනින්ම සාෆි වෙනුවෙන් පෙනී සිටීම.

    38. ජේතවනාරාමයේ කුණු පිරවීමට යෝජනා කළ සමනලී ජේවීපී වීම.

    39. බුදුන්ගේ රස්තියාදුව ලියූ ගංජා ලේඛකයා ජේවීපී වීම.

    40. මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක් යැයි කී අලුත් පරපුරු කොල්ලෝ ජේවීපී වීම.

    41. බුදුන්ගේ දේශය ස්විස්ටර්ලන්තය යැයි කී සුනිල් පෙරේරා ජේවීපී වීම.

    42. ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවලින් දරුවන් හැදීමට යෝජනා කළ යූඇන්පී සන්නස්ගල අද ජේවීපී වීම.

    43. මුස්ලිම් අන්තවාදය සාධාරණීකරණය කරමින් නවකතා ලියූ නිශ්ශංක විජේමාන්න අද ජේවීපී වීම.

    44. ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට යෝජනා ගෙන ආ ලාල් විජේනායක අද ජේවීපී වීම.

    45. මේ ආකාරයේ සියලු වර්ගවල බෞද්ධ විරෝධී, සංස්කෘතික විරෝධී, ජාතිවාදී, බෙදුම්වාදී, එජාප හිතවාදී, එන්ජීඕ මතධාරී සිවල් සමාජ තක්කඩියන් හැටහුටහමාරක් අද ජවිපෙ හිතවාදීන් වීම.

    46. රනිල්ගේ යෝජිත රට බෙදන ව්‍යවස්ථාව වෙනුවෙන් කොන්දේසි විරහිතව දැක්වූ සහයෝගය.

    47. 20 වැනි සංශෝධන මර උගුල අටවමින් රට අරාජික කිරීමට දැරූ නින්දිත උත්සාහය.

    48. හම්බන්තොට වරාය විකිණීම, එට්කා ගිවිසුම, මත්තල විකිණීම ආදියට දැක්වූ විරෝධය ඉතා සීමාසහිත වීම.

    49. එහෙත් රනිල්ගේ අගමැතිකම අහිමි වූ අවස්ථාවේ කොළඹ රැළි පිට රැළි තබමින් උසාවි ගාණේ දුවමින් රනිල් බේරාගැනීමට කළ අරගලය.

    50. අද ගෝඨාභයට එරෙහිව බාල පොටෝෂොප් එඩිටින් ඇතුළු සියලු ආකාරවල මඩ ගසමින් බොරුව, බොරුව, සහ නැවත නැවතත් බොරුව වපුරමින් ඡන්ද ගැනීමට දරන නින්දිත උත්සාහය.

    අනුර කුමාරට හොරකම් චෝදනා, නඩුහබ නැති බව සැබෑය. එහෙත් ඔහුගේ දේශපාලනය හොරකමට වඩා සිය දහස් ගුණයක් භයානක එකකි. එය වෙනස් කරගන්නා තුරු කොතෙක් වංචා දූෂණ ගැන කතා කළත්, කොතෙක් අවංක වුවත්, කොතෙක් කැපකිරීම් කළත් ජවිපෙට ලද හැකි ජයක් නැත. ලැබුණත් එයින් රටට සිදුවිය හැක්කේ විශාල හානියක් පමණි.

    ඉසුරු ප්‍රසංග
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Waste of time of these educated people. No work for the country. No work for them. Just living towards their death :(
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අම්බෝ ලිස්ට් එක... මම හිතන විදියට ප්‍රධානම මේවා...

    6. යුද්ධයේ අවසාන මොහොතෙ ඊට සහය දීම වෙනුවට යුද්ධය කරන ආණ්ඩුව පෙරළීමට උත්සාහ කිරීම.

    18. 2015 සිට රනිල්ට රට ගොදුරු කරදීමේ අරමුණින් විශාල බොරු කන්දරාවක් සමාජගත කිරීම. (මේ බොරු ගැන අවශ්‍ය නම් වෙනම පොතක් ලිවිය හැකිය.)

    33. පාස්කු ප්‍රහාරය සිදුවන තෙක් මුස්ලිම් අන්තවාදය ගැන වචනයක් කතා නොකළ ජවිපෙ එය සිදුවූ දා සිට එය ගෝඨාභයගේ ගිණුමට බැර කිරීමට උත්සාහ දැරීම.

    34. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා කෙනෙක් ජවිපෙ ජාතික ලැයිස්තු සාමාජිකයෙක් වීම. සහ බොරු ගොඩක් සමග බෝම්බකරුවන් නිවැරදි කිරීමට සහයෝගය දීම...
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මේකේ බාගෙට බායක් තියෙන්නේ අහවල් එකට වචනයක් කතා නොකිරීම. ඒවා කරපු උන්ට චන්දේ දීපං එහෙනම් 😂
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකේ බාගෙට බායක් තියෙන්නේ කිසිතේරුමක් නැති දේවල්

    එහෙනං අනුරට ඡන්දෙ නැති වෙන්න තේරුමක් ඇති හේතු ටික කියන්නකො යාලුවේ 1 2 3 කියල ඉලක්කං පිලිවෙලට :)
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    එහෙනං අනුරට ඡන්දෙ නැති වෙන්න තේරුමක් ඇති හේතු ටික කියන්නකො යාලුවේ 1 2 3 කියල ඉලක්කං පිලිවෙලට :)

    ඉතින් ගොනෝ බාගයක් තේරුමක් නෑ කිව්වම අනිත් බාගේ තේරුමක් තියෙනවා කියන එක තේරුම්ගන්න උබට මොලයක් නැද්ද? උබලා වගේ උන්නේ යකෝ නොවෙම්බර් 16 චන්දේ දෙන්න යන්නේ😂
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් ගොනෝ බාගයක් තේරුමක් නෑ කිව්වම අනිත් බාගේ තේරුමක් තියෙනවා කියන එක තේරුම්ගන්න උබට මොලයක් නැද්ද? උබලා වගේ උන්නේ යකෝ නොවෙම්බර් 16 චන්දේ දෙන්න යන්නේ😂

    එහෙනං තේරුමක් තියෙන බාගෙ මොනාද කියන්නකො :rolleyes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp ekata votes naththe. opa dupa kiyawa kiyawa yana unta ratawal bara denne na minissu. anik minissunta waira karanna ugannana unta ratawal karanna ba. hamadama kare kage hari kunu godak hoyagena awith kiyawana eka. eka ithin gam wala inna achilata puluwan Ratak palanaya karanna ohoma ba. Anuraya awurdu 20k parlimet karapu eka wadagath kathawak na hamadama paya ganak kata hari baninawa.Ibrahim tama parliment ekatath gam miris danne.:D:D:yes::yes::D:D
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    jvp ekata votes naththe. opa dupa kiyawa kiyawa yana unta ratawal bara denne na minissu. anik minissunta waira karanna ugannana unta ratawal karanna ba. hamadama kare kage hari kunu godak hoyagena awith kiyawana eka. eka ithin gam wala inna achilata puluwan Ratak palanaya karanna ohoma ba. Anuraya awurdu 20k parlimet karapu eka wadagath kathawak na hamadama paya ganak kata hari baninawa.Ibrahim tama parliment ekatath gam miris danne.:D:D:yes::yes::D:D


    මෙන්න මේක තමයි ප්‍රධානම හේතුව මාත් හිතන්නෙ. මගේ පෞද්ගලික මතය තමයි, වැඩක් නොකර අරූගෙයි මුගෙයි වාචාල කියව කියව ඉන්න අයට ඡන්දය දෙන්නෙ නෑ කියන එක. මොකද ඒ වගේ එකෙක් බලයට ආවත් කරන්නෙ අර ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වැරදි කිය කිය කාලය විනාස කරන එක විරතයි. හරියට වැඩ කරන එකෙක් නම් කියව කියව ඉන්නෙ නෑ දවස තිස්සෙම. අර ආණ්ඩුවෙන් අපිව ණය කන්දකට හිර කරා අපි ඒව දැන් ගෙවනව. එයිට කළින් ආණ්ඩුව රට විනාස කරා ඒ නිසා අපිට කරන්න දෙයක් නෑ කිය කිය ඉන්නෙ නෑ. වැඩක් කරන එකා බලය අතට ගත්ත දවසෙ ඉඳන් ගේම් එකක් ගහල වැඩ කරනව.:yes:
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    All are written from a bayyas perspective..

    Oka single line eken kiyanna puluwan mehema..

    'mahinda rajapakshata wirudda nisa' kiyala :lol:

    Now read it again..


    amen brother :lol:


    i was gonna comment the same and saw this


    jvp voters vote for them for their principles. they don't have enough votes because majority of the people of this country are politically ignorant, and the rest is voting and promoting just for their personal benefit.