akd වැඩ පෙන්නයි.............IMF ප්‍රධානියාට ජනපති අනුරව විශ්වාසලු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kristalina-anura


    වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවනු ඇතැයි තම විශ්වාසය බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසයි. ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.




    එමෙන්ම දැනට ක්‍රියාත්මක වන IMF වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිරසාර සහකරුවෙකු සහ පාර්ශ්වකරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සූදානම් බවද එම ලිපියේ සඳහන් වේ.


    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිර්ම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙරේදා (24දා) නිවේදනය කර තිබුණි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ,

    ශ්‍රී ලංකාව සඳහා වූ මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගැයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.