AL සයනන්ගේ ඉරණම් කතාව......

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    AL සයනන්ගේ ඉරණම් කතාව......

    මචංලා මේක ලිව්වෙ මම නෙවෙයි...මේක බුකියේ තිබ්බ කතාවක්...ඒත් මේ කතාවෙ පොඩි පොඩි සිද්ධි ටිකක් එහෙමෙහෙ කරලා ගත්තහම,බොහෝම අතලොස්සකගෙ ඇරුනම OL A8 A9 දාලා බයෝ මැත්ස් කරන්න ආව අපි හැමෝගෙම ඉරණම් කතාව මේක....විනාඩියක් දෙකක් අරන් කියවල බලපල්ලා...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113

    - AL කරනකොට -
    මුල් මාස 6 ;-
    ".. OL කරනකොට පිස්සු කෙලියා වැඩි. ඒ ලෙවල් ගොඩ දා ගන්න ඕනේ කොහොම හරි.නැත්නම් වැඩක් නැහැ.. A 3ක් ම දානවා. කැම්පස් යනවා. හැමදාම ක්ලාස් ගිහින් එදිනෙදා වැඩ ටික කරහම වැඩේ ගොඩ.. උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ අප්පා. කැම්පස් යනවා මයි මමනම්..."
    කට්ටිය ලස්සනට පොත් නවන්නේ නැතුව පිට කවර දාල වැල් අකුරින් මාතෘකා ලියලා වැඩ දාල ස්ටිකර් අලවලා ඒ ලෙවල් වලට ලැහැස්ති වෙනවා.
    අකුරු ලියන්නෙත් අමුතු ලතාවකට මුල් කාලේ රවුම් කරලා. පුංචි පෑන් ඉරක් වැරදුනත් ටිපෙස් කරලා, කෙල උලලා තමයි මකන්නේ.. එහා පැත්තේ එකා ලියන වෙලාවට ඇඟේ හැප්පුනොත් උගේ ෆ්‍රෙන්ඩ් ෂිප් එකටත් හබක්..
    දෙවෙනි මාස 6 ;-
    මුල් මාස 6 ගෙවිලා ටෙස්ට් එකේ රිපෝට් එහෙම ඔන්න ඇවිදින්.. පලවෙනි ටෙස්ට් එකෙන් මුරුංගා අතු වල හීන මාලිගා ගහ ගන්නවා. එහෙම ඒ ලෙවල් කාලේ හීන තියාගන්නේ නැති කෙනෙක් නැහැ .. හෙණ මීටර් කියලා හැමෝම හිතාගෙන ඉන්නේ හේතුව පලවෙනි ටෙස්ට් එකේ ලකුණු.. ඊටපස්සෙ ඔන්න යාලුවො සෙට් එකක් එහෙම හැදෙනවා....එහෙන් මෙහෙන් ක්ලාස් එකක් එහෙම කට් කරලා ෆිල්ම් එකක් බලන්න ටවුන් එකේ රස්තා පාරක් ගහන්න මධුවිත ටිකක් තොල ගාන්න එහෙම සෙට් වෙනවා...දෙවෙනි ටෙස්ට් එකෙන් තමයි කට්ටිය අඬන්නේ..
    "... කමක් නැහැ ලකුණු අඩු වෙලා. පාඩම් අමාරුයි නේ.. ඔන්න ඔහේ B 3ක් දානවා. කොහොම හරි කැම්පස් යන්න නේ ඕනේ. කොහොම ගියත් ෆැකල්ටිය මොකක්ද සබ්ජට් මොනවද අහන්නේ නැහැ නේ.. කැම්පස් කියපුවාම වැඩේ හරි..
    B 3ක් නම් දාන්න පුළුවන්.. අපෝ එහෙම නැත්නම් වැඩකුත් නැහැ.. කොහොම හරි ගේම ගහ ගන්න ඕනේ ඉතිං.."
    ඊට පස්සේ කරන්නේ, ටයිම් ටේබල් හදන සීන් එක.. කවදාවත් ඉස්කෝලේ පීරියඩ් වලට ක්ලාස් එකට නොයෙන මිනිස්සු පවා පාඩම් කරන්න ගෙදර ටයිම් ටේබල් එකක් හදාගෙන
    බිත්තියේ ගහනවා ලොකුවට...
    ".. Try And Try You can win.. 2014 හොඳම රිසාල්ට් එක ලබාගෙන කැම්පස් යමි..."
    ඔහොම ගහගෙන යමින් එමින් පොතක් බලනවා.. එහෙම බලන ගමන් හිතන්නේ ".. තවනම් පාඩම් කරන්න කල් වැඩි හැබැයි.." කියලා..
    ඔය අතරේ නංගිලා - ක්ලාස් එකේ ලස්සන කෙල්ලෝ එහෙම හොඳට ඇහැට පේනවා. ඉස්කූල් කිට් එකෙන් දකින අය සිවිල් දකිනකොට තෙල මෝරනවා..
    දැන් ඉතිං ඕනෙමයි.. යාළුවොන්ටත් කෙල්ලෝ ඉන්නවා තමන්ටත් ලොකු අඩුවක් විදියට දැනෙන්නේ.. ක්ලාස් එකේ ඉන්න අතරේ බලන්නෙම කපල් දිහා..
    පැන්සල් මාරු කරගන්නවා.. නෝට් ලියා ගන්නවා.. නෝට් දෙනවා.. ඕවා දකිනකොට හිතටත් දැනෙන්නේ පැහැදීමක්.. එයත් එක්කම විභාගේ ගොඩ දාගන්න පුලුවන්නම් හොඳයි හිතෙනවා.
    ඊට පස්සේ පස්සෙන් යනවා. බැනුම් අහනවා. වඳිනවා.. දුක කියනවා. අඬනවා .. කැමති වුනේ නැත්නම් මැරෙනවා කියනවා..
    බල්ලෙක්ට ගණන් ගන්නේ නැහැ කෙල්ල.. එකී දෙල් ගෙඩිය වගේ පස්ස ගස්ස ගස්සා ඔරොගෙන යනවා.
    ( කොල්ලෝ දන්නේ නැහැ, කෙල්ලෝ ගෙදර ගිහින් ඔව්වට තනියම හිනා වෙනවා. අපේ ගොන් පාට් උන් යාළුවො එක්ක කිය කියා ෆන් ගන්නවා. උන් අපිට කියන වචන ඇහුවොත් උඹලා කෙල්ලෙක් දිහා බලන්නේ වත් නැහැ )
    අවුරුද්දක් ඉවර වෙලා දන්නෙම නැතුව.. රිපෝර්ට් එනවා. මාක්ස් ලැබෙනවා.
    තුන් වෙනි මාස 6 ;-
    රිපෝර්ට් බලන්න බෑ කැතයි. මාක්ස් නැහැ. ගෙදරින් බනිනවා. අම්මා අඬනවා.
    ".. අවුලක් නැහැ. මගේ විතරක් නෙමෙයි හැමෝගෙම අඩුයි නේ.. C 3ක් දානවා.. ඊට පස්සේ මොකක් හරි තව කෝස් එහෙකුත් කරනවා. ජොබ් එකක් හොයා ගන්න පුළුවන්.. අනිත් එවුනුත් එහෙමනේ කරන්නේ.. මාත් එහෙම කරනවා.."
    දැන් ඉතිං යමින් එමින් අධ්‍යාපන ආයතන වලට එබිලා පාඨමාලා විස්තර එහෙමත් බලනවා. පාඩම් කරන්නේ ම නැහැ. හදාපු කාල සටහන් අකුලේ.. බිත්තියේ ගහපු සටන් පාට ගැලවෙන්න ඔන්න මෙන්න..
    දැන් යන්නේ පෙම් පණිවිඩ.. අර ගෑනු ළමයාගේ නම්බර් එක හොයාගෙන ඉන්නේ දැන්..
    එයත් රිප්ලයි කරනවා. කෙල්ලට කාඩ් එහෙමත් දානවා. හැබැයි ලව් එකක් නැහැ තවම.. මැසේජ් විතරයි.. කතා කරන්නේ නැහැ. මැසේජ් කරන්නෙත් මේ වගේ,
    කොල්ලා එක මැසේජ් එකක් දානවා.
    ඒ මැසේජ් එක විස්තර කලොත්, SMS වල පේජ් තියෙන්නේ.. ඔය පේජ් 9කින් ද කොහේදෝ MMS එකක් හැදෙන්නේ.. ඒ කියන්නේ KB ( කිලෝ බයිට් ) 1ක් වෙන්න ඕනේ මට මතක විදියට.. ( වැරදි ඇති.. ඒක ඒ තරම් මේ කතාවට වැදගත් නැහැ ) අපි එහෙම උපකල්පනය කරමු.
    හැබැයි MMS යවන්න බැහැනේ එයාට.. පේජ් 8ක් විතර ලියුමක් වගේ ටයිප් කරනවා.
    ඕක අනේ සිග්නල් නැත්නම් ෆෝන් එක උඩට අල්ලාගෙන ගේ වටේ දුවලා තමයි ඒ ගෑනු ළමයට යවන්නේ.. ආදරේ බේරෙනවා ඉතිං..
    පණ - සුකිරි බොලේ - කුක්කු පැටියා - ඔයා නැත්නම් මැරෙනවා - මගේ ඇස් දෙකේ කඳුළු මැණික - ඇයි අපිව හිමි නැත්තේ අපිට ඔය වගේ පැණි වචන තමයි ඔකේ තියෙන්නේ වෙන කිසිම වැදගත් යෝජනාවක් නැහැ.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    එයා ඕක බලනවා. විනාඩි පහක් විතර ඕක කියෝනව. උඩ ඉඳන් කියෝනව ආයේ යට ඉඳන් කියෝනව. ආයේ මැද ඉඳන් කියෝනව. ආයේ ඇඳට පනිනවා.. ටෙඩියෙක් බදා ගන්නවා. කොට්ටේ හපනවා .. ඔය ටික වෙන්න විනාඩි 15ක් විතර ගිහිං එතකොටම කෙල්ලගේ අම්මා කතා කරනවා...
    ගෙදර මොකක් හරි වැඩක් කරන්න තමයි කියන්නේ. ඕක අව්වේ කරන වැඩක් නම්, මූණ සවුත්තු වෙනවා. ෆේස් එක අවුට් යනවා. ඕකට රටේම ක්‍රීම් උලලා නේ තියෙන්නේ ඉතිං.. එහෙම නැත්නම් නියපොතු සවුත්තු වෙන වැඩක් ඔය ලැබිලා තියෙන්නේ.. දැන් කෙල්ල මළ පැනලා ෆෝන් එක ඇඳේ කොට්ට යටින් ගහලා එහෙමත් නැත්නම් ඕක පේන්නේ නැති තැනකින් දාල යනවා.
    ලාලිත්‍යට පැද්දී පැද්දී ඒ වැඩේ ඉවර කරන්න පැය භාගයක් වත් යනවා. එතකොට විනාඩි 45ක් ගෙවිලා.. ආයේ එන්නේ අත පය හෝදගෙන ඔක්කොම කරලා තමයි ෆෝන් එක ලඟට...
    එන්නෙත් වැඩේ කරපු එකේ තරහා පිටින්.. අම්මාගේ තරහා යවා ගන්න ඉන්නේ අනේ කොළු පැටියා නේ..
    "... විකාර කියවන්න එපා අනේ.. මම ඔයාට කැමති නැහැ.. මට මැසේජ් කරන්න එපා.."
    ඔය සිදුවීම් ඔක්කොම වෙලා, විනාඩි 50ක් ගත වෙලා එනකොට කොල්ලා එක දෙයයි කරන්නේ.. ඩිස්ප්ලේ එකේ ලයිට් එක පවර් බට්න් එකෙන් පත්තු කරන එක විතරයි කරන්නේ.. ෆෝන් එකේ සවුන්ඩ් උපරිම දාගෙන ඒ මදිවට වයිබ්‍රෙට් දාගෙන මේ මඟ ඇරෙයි කියලා බලාගෙන ඉන්නේ අර දිග මැසේජ් එකට උත්තරයක්.. ඇස් දෙක රිදෙනකන් බලාගෙන ඉඳලා ලැබෙන උත්තරයට සැලෙන්නේ නැහැ.. ආයේ ගහනවා පත්තර පිටුවක් විතර එකක්..
    ඊට පස්සේ ආයෙත් ටෙස්ට් වලට එනව මාක්ස්.. රිපෝර්ට් දිහා බලපුවාම හිතන්න වෙන්නේ අනාගතයක් නැහැයි කියලා..
    අවසාන මාස 6 ;-
    හැමදේම එපා වෙලා ඉන්නේ.. විභාගේ ගැන තියෙන්නේ තනිකරම භයක්..
    ".. s 3ක් දානවා. සයන්ස් නේ කලේ.. හැමෝම කියන්නේ සයන්ස් කරන්න අමාරුයි කියලා නේ.. අනික ඉතිං ඔය ආට් කරපු එවුන් ඒ තුනක් දැම්මත් අපේ සයන්ස් රිසාල්ට් එක එක්ක බලනකොට එස් තුන ඒ තුනට වඩා වටිනවා නේ.. මොන කැම්පස් ද..? කැම්පස් ගියාම අවුරුදු ගණන් කටු කන්න ඕනේ. දැන් ඔය පෙන්නේ නැත්ද හැමදාම මරා ගන්නවා.. ඔව්වට ගියාට අනාගතයක් නැහැ... ඔය ගෙදර මොනවා හරි කරගෙන ඉන්නවා. එන සැරේ තමයි ආයේ ගොඩ දා ගන්න ඕනේ එක්සෑම් කරලා... "
    මේ මාස 6 ඇතුළත,
    ගහගන්නවා. මරා ගන්නවා. ටවුන් එහෙකට යන්න බෑ වලියක්.. ගෑවෙන්නේ චීත්තයක්..
    අවසානයට කෙල්ල පණිවිඩයක් එවනවා.
    ".. අනේ ඔයා හරි චීප් නේ.. බලන්න.. ඔයා අරයට ගැහුවා නේ.. මම හිතුවේ නැහැ ඔයා ඒ අහිංසකයාට ගහයි කියලා.. හොඳට මතක තියා ගන්න මම ඔයාට කැමති වෙන්න උන්නේ.. ආයේ නම් මැරුණත් කැමැති නැහැ.."
    ඒකත් ඉවරයි. ඒත් හිත පිළිගන්නෙම නැහැ. ක්ලාස් කට් කරලා ආයෙමත් පස්සෙන් යනවා. මේ යන්නේ තේරුම් කරන්න.. උදාහරණ දීලා තේරුම් කරනවා. ලෝකය ගැන කියලා දෙනවා. සමාජය ගැන කියලා දෙනවා... වැඩ ගොඩයි..
    ".. ඔයා හොඳට ඉගෙන ගන්න අයියේ.. මම කිව්වා නේ ඔයාට කැමති නැහැ කියලා.. මම ආදරේ කරන්නේ කවිඳු ට.. තරහා වෙන්න එපා.. සතුටින් ඉන්න.. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි.. මම එහෙම පාර්ථනා කරනවා..."
    එහෙම කියලා ගෑණු ළමයා යනවා. යාලු වෙලා තියෙන්නෙත් කොහෙවත් නැති එකෙක් එක්ක.. ඒකිව ටෝක් නොකරපු, කෙල්ලෙක් දිහා බලලා කෙලින් කතා නොකරන කොල්ලෝ නොන්ජලයෙක් විදියට සලකපු එකෙක් එක්ක..
    කොල්ලා බොනවා. දුකට ලු. ජීවිතේ එපා ලු. හැමදේම ඉවර ලු. තේරුමක් නැහැ ලු.
    අවසානයට ගෑණු ළමයා කියන කාරණය ඇතුලේ තියෙන දේ බලන්න.. !
    එක්සෑම් කරනවා. ඒත් රිසාල්ට් එක..
    රිසාල්ට් එන දවස ;-
    රිසාල්ට් බලනවා.
    මුලින්
    A 3
    B 3
    C3
    S 3
    ඒ තුනෙන් හීන දැකපු අහිංසකයා අවසානයට F තුනක් ගත්තු නරුමයෙක් වෙලා.
    රිවිෂන් යන දවස ගැන මම කියන්නේ නැහැ.. ඔබ මවා ගන්න. රිවිෂන් ගියොත් මේ ළමයා මොනවා කරයි ද කියලා..
    --------------------------------------------------------------
    අනුබද්ධයි - විශේෂ සටහන් ;-
    ඔබ හිතනවා ද මේක විහිළුවක් කියලා. ඔබට හිනා වෙන්න පුළුවන් ඒ විදියට හිතලා. ඒත් ඔබ හිතලා බලන්න ඒ ඇතුලේ තියෙන බැරෑරුම් කම.. ජීවිතේ කියලා දෙන්නේ වැරදෙන මිනිස්සු.. වැරදෙන මිනිස්සු අව්‍යාජයි.. ඔබත් සමාජෙන් නට්ටන් වෙන තරම ව්‍යාජ මිනිහෙක් වෙන්නේ නැහැ..
    ඔබට තව දුරටත් මෙය විහිළුවක් සේ හැඟෙනවා නම් මගේ වචන ඵල රහිතයි..
    මම එහෙම කියන්නේ, මම මේ කාරනා පෞද්ගලිකව දැක්ක දෙයක් නිසා.
    ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම්, ඔබට අධ්‍යාපනය එකම අවිය නම්, ඔබට වෙන යම් දෙයක් නැත්නම්,
    කවදාවත් යාළුවො විශ්වාස කරන්න එපා.
    කවදාවත් ආදරය විශ්වාස කරන්න එපා.
    කවදාවත්ම ගුරුවරු අත අරින්න එපා.
    කවදාවත්ම දෙමව්පියන්ට පිටු පාන්න එපා..
    ඔබට හිතවාදී සිනහ මුහුණු තියෙන්නේ, ඔබ රඟන තුරු පමණයි. ඔබ වේදිකාවෙන් බැස්ස දවසට ඔබට සිද්ධ වෙන්නේ කොනකට වී සිටින්නයි.
    හොඳින් මතක තියා ගන්න.. ඔබ මේ ලෝකයේ තනි චරිතයක්.. ඔබට මා කියන දේ වැටහෙනවා ද..? ඔබ තනි වූ කෙනෙක්.. ඔබගේ ජීවිතයේ උන්නතියේ රඳා පවතින්නේ ඔබගේ ක්‍රියාවන් මත. එය විහිළුවක් නොවෙයි.
    ඔබේ ජීවිතයේ මාවත ඔබ දැන් තීරණය කර හමාරයි.. ඔබ මිනිත්තුවකදී ගන්නා තීරණයක් අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කරාවි.....
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113

    "... ඔයා කොල්ලෙක් නම් මම මෙහෙම තේරෙන සිංහලෙන් කියන්නම්,,
    කවදාවත්ම රැල්ලට යන්න එපා. බීලා නැත්නම් බොන්න එපා. අරක්කු සිගරට් ගංජා ටැබ්ලට් මේවා අමුතු දේවල් නෙමෙයි.. මේවා අමුතු ලෝකයක් නෙමෙයි.. මේක තිරිසන් ලෝකයක්.. මේක ඇතුලේ තියෙන්නේ අඳුර විතරයි..
    අත්දැකීමෙන් කොල්ලනේ කියන්නේ,
    මේක මහා තිරිසන් ලෝකයක්.. උඹ මේකට ආවොත් ආපහු යන්න බෑ.. ඔය මොකා කොහොම කිව්වත් ආපහු හැරෙන්න බෑ..
    ආදරය කියන්නේ මවා පෑමක්... කවදාවත්ම තමන්ගේ ජීවිතය එකට පාවා දෙන්න එපා.
    ඔයාලා දිවට දිව ගාවගෙන පණට පණ දීගෙන ආදරේ කලත්, දවසක අත් හරින්න බලාපොරොත්තු වෙන්න. සදාකාලික හිමිකමක් නෑ වගේම, මිනිස්සුන්ගේ වෙස් මාරු වෙන විදිය එක්ක වෙනස් වෙනවා කියන එක සිහි නගා ගන්න..
    මම ආසයි කොල්ලෙක් සතුටින් ඉන්නවා දකින්න.. මමත් කොල්ලෙක් නිසා..
    ආදරේ කියන්නේ අමුතු දෙයක් නෙමෙයි.. ඒක ඇබ්බැහිවීමක් වගේ. ඒකට මිනිස්සු පුහු ආටෝප ගාවලා අනිත් අයට රසය ඉස්මතු කරලා පෙන්වනවා.
    මම හිතන්නේ නැහැ, කොල්ලෙක්ට විවාහ වෙලා මාස 3ක් වත් නොයා ගැහැනියක් තෘප්තිමත් කරන්න තරම් ලිංගික පල පුරුද්දක් තියෙනවා කියලා. ඔබට මම කියන දෙය වැටහෙනවා නේ.. මේ දේවල් කිසිම තේරුමක් තියෙන දේවල් නෙමෙයි.
    ඒ දේවල් වලින් වෙන්නේ මේ පවතින මොහොත තෘප්තියෙන් ගෙවෙන එක විතරයි. හැබැයි, අනාගතය තුල තියෙන්නේ විනාශයක්..
    පිරිමි කියනවා නේද මම බෝතල් 2 හමාරක් ගැහුවා. මම තුනක් ගැහුවා කියලා. මේකේ ඇති දෙයක් නැහැ කොල්ලනේ. කදුරු වගේ තිත්ත, හුස්ම ගන්න අමාරු ගඳ දැනෙන බීමක් කසාය බොනවා වගේ මූණ ඇඹුල් කරගෙන කටට හලා ගන්න එක ද සතුට අපේ..
    කවුරුහරි කියනවා නම්, බොන එක සතුටක් කියලා. මම කියනවා නෑ කියලා.. මොකද මමත් ඔය හැම බීමක්ම බෝතලේ පිටින් කටේ තියාගෙන බීලා තියෙනවා. දන්නෝ දනිති.
    ආතල් ඩබල් වෙලා, කබරයා දානකොට දැනෙන ආතල් එක දන්නේ බීපු මිනිහෙක් තමයි. සිංහයා වගේ බීලා බල්ලා වගේ යන්න වෙන්නේ..
    සිගරට්, ගංජා, ටැබා, තූල්, බාබුල්, හාන්ස්, KG ඇබ්බැහි වෙන්න එපා. බුද්ධියක් තියෙනවා නම්, ගහන තැනකවත් ඉන්න එපා.
    මේවාගේ අමුතු ආතල් නැහැ. පිරිමිකම පෙන්වන්න මේවා බොන්න ඕනේ නැහැ. පිරිමිකම පෙන්වන්න අධ්‍යාපනයෙන්.. බුද්ධියෙන්..
    මම මුලිංම බියර් එකක් බිව්ව දවස මට විනාඩි පැය තප්පර එක්ක මතකයි. මගේ අප්පච්චි හැම මත්ද්‍රව්‍යක් ගැනම කියලා දීලා තියෙන්නේ.. ඒත් අප්පච්චි එක්ක එකට ඉඳගෙන කන්නේ බුලත් විටක් විතරයි...
    නුඹලාට කියන්නේ, මම කවුද යන්න මවා ගන්න නෙමෙයි. මගෙත් එක්ක එකතු වෙලා ඩීල් කරන්න නෙමෙයි. නුඹලාට අනාගතයක් ඕනේ නම්, ඕවාට ඇබ්බැහි වෙන්න එපා කියන එකයි මේ කියන්නේ..
    මම ලේසියෙන් ගන්න පුළුවන් ලිස්ට් එකක් උඩ කිව්වේ මේ රටේ ... රුපියල් 30 සිගරට් එකක් නොබී, ඒ 30 ට මාළු පාන් එකක් කන කොල්ලෙක් ඉන්නවා නම් මම සැලියුට් ගහනවා.
    භය නැතුව කියනවා, උඹ හොඳ පිරිමියෙක් කියලා...
    හැබැයි ජීවිතයක් විඳින්න ඕනේ. විඳවන්න හොඳ නැහැ..
    මම මුලින් කිව්වා නේ ඒ ලෙවල් කරන විදිය. ඒ වගේ තමයි මේ රටේ ගොඩක් තරුණයින්ගේ අනිත් දේවල් එහෙමත්.. සෘජු ඉලක්කයක් නැහැ. ඔහේ වැනෙනවා.
    හොඳ යාලුවෙක් හොයා ගන්න. යාලුවෙක්ට පුළුවන් වැටෙන්න යනකොට අල්ලා ගන්නත්, ඕනේ නම් වලකට තල්ලු කරන්නත්...
    හැබැයි, ඔබ හොඳ මිතුරෙකු නොවී, වෙන කෙනෙක්ගෙන් හොඳ මිතුරු සෙවනක් යදින්න එපා.
    මෙච්චර දේවල් කිව්වේ, අද දවසේ යි ඊයේ දවසෙයි අහන්න දකින්න ලැබුන දේවල් නිසා..
    මාව කූඩුවෙන් නිදහස් කළා පුංචි කාලේම .. මට ලෝකය වැඩියෙන් දකින්න ඉඩක් ලැබුණා. මම ඇවිදලා ලෝකය හෙව්වේ. තටු දෙකක් මට ලැබුනේ නැහැ. තටු හදාගන්න වෙහෙසෙනකොට මං වගේම, අය තටු කඩාගෙන බිමට වැටෙනවා දකිද්දී හිතට වේදනායි..
    ගොඩක් වෙලාවට, ගෑණු ළමයි තමයි ප්‍රශ්න පත්තර අරගෙන එන්නේ. ඒත් කොල්ලෙක් විවෘත වෙනවා අඩුයි.
    අප බෙදාගත යුත්තේ යහපත් බව මිසක, අවැදගත් දේ නොවේ.
    ඔබට පෙනෙන සතුට යැයි පෙනෙන ලෝකයේ, වේදනාව මිසක ඇති යම් දෙයක් නැහැ.
    ( මම විවෘත වුණා වැඩි ද කියලත් හිතෙනවා. මං ගැන නුඹලා කෙසේ සිතුවත් මට පලක් නැහැ. ඔබලා කෙසේ මා ගැන උපකල්පනය කලත්, නුඹලාට වඩා මා විශ්වාස කරන්නන් මේ සජීවී සමාජයේ වැඩියි.. )

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශිෂ්‍යත්වේ ලොකු ලකුණු අරන් ලොකු ඉස්කෝල වලට යන අයටත් ඔය සේතේම වෙනව මම දැකල තියෙනව. ගමේදී තිබ්බ උනන්දුව ගිහින්, ටවුන් එකේ අලුත් සෙට් එක එකතු වෙලා නාස්ති වෙලා යන උන්. :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    ශිෂ්‍යත්වේ ලොකු ලකුණු අරන් ලොකු ඉස්කෝල වලට යන අයටත් ඔය සේතේම වෙනව මම දැකල තියෙනව. ගමේදී තිබ්බ උනන්දුව ගිහින්, ටවුන් එකේ අලුත් සෙට් එක එකතු වෙලා නාස්ති වෙලා යන උන්. :(

    :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම්, ඔබට අධ්‍යාපනය එකම අවිය නම්, ඔබට වෙන යම් දෙයක් නැත්නම්,
    කවදාවත් යාළුවො විශ්වාස කරන්න එපා.
    කවදාවත් ආදරය විශ්වාස කරන්න එපා.
    කවදාවත්ම ගුරුවරු අත අරින්න එපා.
    කවදාවත්ම දෙමව්පියන්ට පිටු පාන්න එපා..
    ඔබට හිතවාදී සිනහ මුහුණු තියෙන්නේ, ඔබ රඟන තුරු පමණයි. ඔබ වේදිකාවෙන් බැස්ස දවසට ඔබට සිද්ධ වෙන්නේ කොනකට වී සිටින්නයි.
    හොඳින් මතක තියා ගන්න.. ඔබ මේ ලෝකයේ තනි චරිතයක්.. ඔබට මා කියන දේ වැටහෙනවා ද..? ඔබ තනි වූ කෙනෙක්.. ඔබගේ ජීවිතයේ උන්නතියේ රඳා පවතින්නේ ඔබගේ ක්‍රියාවන් මත. එය විහිළුවක් නොවෙයි.
    ඔබේ ජීවිතයේ මාවත ඔබ දැන් තීරණය කර හමාරයි.. ඔබ මිනිත්තුවකදී ගන්නා තීරණයක් අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කරාවි.....]

    Sabuddhika gnanayak athi kenekuta oya highlight karapuwa adalama neatha. Yaluwo thora ganeemai budhdhiyen karanna oone.

    Yaaluwo hitiya kiyala haaniyak wenne nea priority deela action gannawanam.


     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    [ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම්, ඔබට අධ්‍යාපනය එකම අවිය නම්, ඔබට වෙන යම් දෙයක් නැත්නම්,
    කවදාවත් යාළුවො විශ්වාස කරන්න එපා.
    කවදාවත් ආදරය විශ්වාස කරන්න එපා.
    කවදාවත්ම ගුරුවරු අත අරින්න එපා.
    කවදාවත්ම දෙමව්පියන්ට පිටු පාන්න එපා..
    ඔබට හිතවාදී සිනහ මුහුණු තියෙන්නේ, ඔබ රඟන තුරු පමණයි. ඔබ වේදිකාවෙන් බැස්ස දවසට ඔබට සිද්ධ වෙන්නේ කොනකට වී සිටින්නයි.
    හොඳින් මතක තියා ගන්න.. ඔබ මේ ලෝකයේ තනි චරිතයක්.. ඔබට මා කියන දේ වැටහෙනවා ද..? ඔබ තනි වූ කෙනෙක්.. ඔබගේ ජීවිතයේ උන්නතියේ රඳා පවතින්නේ ඔබගේ ක්‍රියාවන් මත. එය විහිළුවක් නොවෙයි.
    ඔබේ ජීවිතයේ මාවත ඔබ දැන් තීරණය කර හමාරයි.. ඔබ මිනිත්තුවකදී ගන්නා තීරණයක් අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කරාවි.....]

    Sabuddhika gnanayak athi kenekuta oya highlight karapuwa adalama neatha. Yaluwo thora ganeemai budhdhiyen karanna oone.

    Yaaluwo hitiya kiyala haaniyak wenne nea priority deela action gannawanam.




    :yes::yes::yes:
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔබට හිතවාදී සිනහ මුහුණු තියෙන්නේ, ඔබ රඟන තුරු පමණයි. ඔබ වේදිකාවෙන් බැස්ස දවසට ඔබට සිද්ධ වෙන්නේ කොනකට වී සිටින්නයි.
    හොඳින් මතක තියා ගන්න.. ඔබ මේ ලෝකයේ තනි චරිතයක්.. ඔබට මා කියන දේ වැටහෙනවා ද..? ඔබ තනි වූ කෙනෙක්.. ඔබගේ ජීවිතයේ උන්නතියේ රඳා පවතින්නේ ඔබගේ ක්‍රියාවන් මත. එය විහිළුවක් නොවෙයි.

    මාත් මේ ගොඩේ කෙනෙක්.
    O/L A-8,S-1
    A/L Maths - FFF,FFF,SSF
    එක්තරා හේතුවක් මත හරියට විභාගය කරගන්න බැරි වුනා. (කෙල්ලෙක් නෙමේ.)
    ඉස්කෝල කාලේ හිටපු යාලුවෝ මොකෙක්වත් දැන් ආශ්‍රය කරන්න එන්නේ නෑ.අඩුම ගානේ මගේ පන්තියේ සෙට් එකේ අයවත් මං උන්නද මලාද කියලා දන්නේ නෑ.
    ඉතිං ඔය උඩ තියෙන එක කියෙව්වාම මට කල්පනාවට ආවේ මටත් මෙහෙම වෙලා නේද කියලා :yes:
    ඒක නිසා කා එක්ක වත් වැඩි ආශ්‍රයක් නැහැ.අවුල් තමයි තනියම ඉන්නකොට ඒත් පරණ දේවල් මතක් වෙනකොට මෙහෙම ඉන්න එක හොඳයි කියලා... :)
     
    • Like
    Reactions: DangerMan119