"... ඔයා කොල්ලෙක් නම් මම මෙහෙම තේරෙන සිංහලෙන් කියන්නම්,,
කවදාවත්ම රැල්ලට යන්න එපා. බීලා නැත්නම් බොන්න එපා. අරක්කු සිගරට් ගංජා ටැබ්ලට් මේවා අමුතු දේවල් නෙමෙයි.. මේවා අමුතු ලෝකයක් නෙමෙයි.. මේක තිරිසන් ලෝකයක්.. මේක ඇතුලේ තියෙන්නේ අඳුර විතරයි..
අත්දැකීමෙන් කොල්ලනේ කියන්නේ,
මේක මහා තිරිසන් ලෝකයක්.. උඹ මේකට ආවොත් ආපහු යන්න බෑ.. ඔය මොකා කොහොම කිව්වත් ආපහු හැරෙන්න බෑ..
ආදරය කියන්නේ මවා පෑමක්... කවදාවත්ම තමන්ගේ ජීවිතය එකට පාවා දෙන්න එපා.
ඔයාලා දිවට දිව ගාවගෙන පණට පණ දීගෙන ආදරේ කලත්, දවසක අත් හරින්න බලාපොරොත්තු වෙන්න. සදාකාලික හිමිකමක් නෑ වගේම, මිනිස්සුන්ගේ වෙස් මාරු වෙන විදිය එක්ක වෙනස් වෙනවා කියන එක සිහි නගා ගන්න..
මම ආසයි කොල්ලෙක් සතුටින් ඉන්නවා දකින්න.. මමත් කොල්ලෙක් නිසා..
ආදරේ කියන්නේ අමුතු දෙයක් නෙමෙයි.. ඒක ඇබ්බැහිවීමක් වගේ. ඒකට මිනිස්සු පුහු ආටෝප ගාවලා අනිත් අයට රසය ඉස්මතු කරලා පෙන්වනවා.
මම හිතන්නේ නැහැ, කොල්ලෙක්ට විවාහ වෙලා මාස 3ක් වත් නොයා ගැහැනියක් තෘප්තිමත් කරන්න තරම් ලිංගික පල පුරුද්දක් තියෙනවා කියලා. ඔබට මම කියන දෙය වැටහෙනවා නේ.. මේ දේවල් කිසිම තේරුමක් තියෙන දේවල් නෙමෙයි.
ඒ දේවල් වලින් වෙන්නේ මේ පවතින මොහොත තෘප්තියෙන් ගෙවෙන එක විතරයි. හැබැයි, අනාගතය තුල තියෙන්නේ විනාශයක්..
පිරිමි කියනවා නේද මම බෝතල් 2 හමාරක් ගැහුවා. මම තුනක් ගැහුවා කියලා. මේකේ ඇති දෙයක් නැහැ කොල්ලනේ. කදුරු වගේ තිත්ත, හුස්ම ගන්න අමාරු ගඳ දැනෙන බීමක් කසාය බොනවා වගේ මූණ ඇඹුල් කරගෙන කටට හලා ගන්න එක ද සතුට අපේ..
කවුරුහරි කියනවා නම්, බොන එක සතුටක් කියලා. මම කියනවා නෑ කියලා.. මොකද මමත් ඔය හැම බීමක්ම බෝතලේ පිටින් කටේ තියාගෙන බීලා තියෙනවා. දන්නෝ දනිති.
ආතල් ඩබල් වෙලා, කබරයා දානකොට දැනෙන ආතල් එක දන්නේ බීපු මිනිහෙක් තමයි. සිංහයා වගේ බීලා බල්ලා වගේ යන්න වෙන්නේ..
සිගරට්, ගංජා, ටැබා, තූල්, බාබුල්, හාන්ස්, KG ඇබ්බැහි වෙන්න එපා. බුද්ධියක් තියෙනවා නම්, ගහන තැනකවත් ඉන්න එපා.
මේවාගේ අමුතු ආතල් නැහැ. පිරිමිකම පෙන්වන්න මේවා බොන්න ඕනේ නැහැ. පිරිමිකම පෙන්වන්න අධ්‍යාපනයෙන්.. බුද්ධියෙන්..
මම මුලිංම බියර් එකක් බිව්ව දවස මට විනාඩි පැය තප්පර එක්ක මතකයි. මගේ අප්පච්චි හැම මත්ද්‍රව්‍යක් ගැනම කියලා දීලා තියෙන්නේ.. ඒත් අප්පච්චි එක්ක එකට ඉඳගෙන කන්නේ බුලත් විටක් විතරයි...
නුඹලාට කියන්නේ, මම කවුද යන්න මවා ගන්න නෙමෙයි. මගෙත් එක්ක එකතු වෙලා ඩීල් කරන්න නෙමෙයි. නුඹලාට අනාගතයක් ඕනේ නම්, ඕවාට ඇබ්බැහි වෙන්න එපා කියන එකයි මේ කියන්නේ..
මම ලේසියෙන් ගන්න පුළුවන් ලිස්ට් එකක් උඩ කිව්වේ මේ රටේ ... රුපියල් 30 සිගරට් එකක් නොබී, ඒ 30 ට මාළු පාන් එකක් කන කොල්ලෙක් ඉන්නවා නම් මම සැලියුට් ගහනවා.
භය නැතුව කියනවා, උඹ හොඳ පිරිමියෙක් කියලා...
හැබැයි ජීවිතයක් විඳින්න ඕනේ. විඳවන්න හොඳ නැහැ..
මම මුලින් කිව්වා නේ ඒ ලෙවල් කරන විදිය. ඒ වගේ තමයි මේ රටේ ගොඩක් තරුණයින්ගේ අනිත් දේවල් එහෙමත්.. සෘජු ඉලක්කයක් නැහැ. ඔහේ වැනෙනවා.
හොඳ යාලුවෙක් හොයා ගන්න. යාලුවෙක්ට පුළුවන් වැටෙන්න යනකොට අල්ලා ගන්නත්, ඕනේ නම් වලකට තල්ලු කරන්නත්...
හැබැයි, ඔබ හොඳ මිතුරෙකු නොවී, වෙන කෙනෙක්ගෙන් හොඳ මිතුරු සෙවනක් යදින්න එපා.
මෙච්චර දේවල් කිව්වේ, අද දවසේ යි ඊයේ දවසෙයි අහන්න දකින්න ලැබුන දේවල් නිසා..
මාව කූඩුවෙන් නිදහස් කළා පුංචි කාලේම .. මට ලෝකය වැඩියෙන් දකින්න ඉඩක් ලැබුණා. මම ඇවිදලා ලෝකය හෙව්වේ. තටු දෙකක් මට ලැබුනේ නැහැ. තටු හදාගන්න වෙහෙසෙනකොට මං වගේම, අය තටු කඩාගෙන බිමට වැටෙනවා දකිද්දී හිතට වේදනායි..
ගොඩක් වෙලාවට, ගෑණු ළමයි තමයි ප්‍රශ්න පත්තර අරගෙන එන්නේ. ඒත් කොල්ලෙක් විවෘත වෙනවා අඩුයි.
අප බෙදාගත යුත්තේ යහපත් බව මිසක, අවැදගත් දේ නොවේ.
ඔබට පෙනෙන සතුට යැයි පෙනෙන ලෝකයේ, වේදනාව මිසක ඇති යම් දෙයක් නැහැ.
( මම විවෘත වුණා වැඩි ද කියලත් හිතෙනවා. මං ගැන නුඹලා කෙසේ සිතුවත් මට පලක් නැහැ. ඔබලා කෙසේ මා ගැන උපකල්පනය කලත්, නුඹලාට වඩා මා විශ්වාස කරන්නන් මේ සජීවී සමාජයේ වැඩියි.. )