ඔය කූපන් සීන්, 11/11 ඩීල් සේරම බොරු බයිල බං. මේ දවස් වල බලපන් කලින් ඕඩර් කරපු අයිටම් වලට ගිහින්, ගණන් වැඩියෙ දාල ඒකම. සොච්චමක් අඩු කරලා දෙනවා ඩීල් කිය කිය. අයිටම් වල ගණන් කම්පෙයා කරලා ගනින් ගන්න එකක්. කූපන් දෙන්නෙ මිනිමම් ටෝටල් අමවුන්ට් එකක් තියෙන්න. ඒ ගාණ වෙනකම් බඩු ගත්තම තමයි ඒ කූපන් එක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැතුව ඩොලර් එකක බඩු අරන් ඩොලර්ස් 10ක 25ක කූපන් එකක් දාල ඩොලර් 11ක, 26ක අයිටම් එකක් ගන්න බෑ. කල්පනා කරලා ගණන් චෙක් කරලා ගනිල්ලා. නැත්තම් බොරුවට අහු වෙනව විතරයි.