Alipay ලංකාවට

iworld

Well-known member
  • Sep 8, 2007
    17,807
    23,335
    113
    චී ලංකාව

    වෙළෙන්ඳන් 400,000කට සේවා සපයමින් Alipay+ ශ්‍රී ලංකාවට​




    Alipay+ ගෙවීම් සේවාව ශ්‍රී ලංකාව තුළ LANKAQR ජාතික QR කේත පද්ධතිය හරහා ආරම්භ කර ඇති බව Ant International සහ LankaPay ආයතනය නිවේදනය කර තිබෙනවා. මේ සේවාව මේ වන විට රටවල් 10කින් පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ Alipay+ සහය දක්වන ඊ-වෝලට් 14ක් භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙන්දන් 400,000කට වඩා වැඩි ගණනකට ගෙවීම් කිරීමට හැකියාව ලබාදී තිබෙනවා.

    මෙම ගෙවීම් සේවාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදුන් LANKAQR පද්ධතිය භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර, සංචාරකයින්ට QR කේතයක් ස්කෑන් කර ගෙවීම් කිරීමේ පහසුකම සලසා දෙනවා.

    සහාය දක්වන ඊ-වෝලට් සහ රටවල්​

    මෙම සේවාවට සහාය දක්වන ඊ-වෝලට් 14 අතරට චීනයේ Alipay, හොංකොංහි AlipayHK, මැකාවුහි MPay, මොන්ගෝලියාවේ Hipay, පිලිපීනයේ GCash, සිංගපූර්හි Changi Pay සහ OCBC Digital, මලේසියාවේ Touch ‘n Go eWallet සහ MyPB by Public Bank Berhad, දකුණු කොරියාවේ Naver Pay සහ Toss Pay, තායිලන්තයේ TrueMoney, මලේසියාව, සිංගපූර් සහ තායිලන්තයේ BigPay, සහ ඉතාලියේ Tinaba ඇතුළත් වෙනවා.

    මේ රටවල් 10ෙන් පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ වෙළඳසැල්, රෙස්ටුරන්ට්, හෝටල් වැනි ස්ථානවලදී තමන්ගේ රටේ භාවිත කරන ඊ-වෝලට් හරහා ගෙවීම් කළ හැකියි. Ant International සහ LankaPay ආයතනයේ සහයෝගීතාව මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට මූලික වී තිබෙනවා.

    සංචාරක ව්‍යාපාරයට පිටුබලයක්​

    මෙම සේවාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහත් පිටුබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසනවා, "මේ සහයෝගීතාවයෙන් ලෝකයේ Alipay+ භාවිත කරන සංචාරකයින්ට ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ රටේ වගේම ගෙවීම් කරන්න පුළුවන්. ඒකෙන් සංචාරකයින්ට පහසු වෙනවා වගේම, විදේශ විනිමයත් රටට ගලා එනවා."

    ඉදිරි සැලසුම්​

    Ant International සහ LankaPay ආයතනය ඉදිරියේදී Alipay+ සේවාව තවත් වෙළෙන්දන්ට ලබාදීමට සහ ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තවත් ඉහළ නංවා, දේශීය වෙළෙන්දන්ට ඩිජිටල් ගෙවීම් පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

    මීට පෙර Alipay+ සේවාව සිංගපූර්, මලේසියාව, දකුණු කොරියාව, කාම්බෝජය, සහ නේපාලය වැනි රටවල ජාතික QR කේත පද්ධති එක්ක ඒකාබද්ධ කරල තියෙනවා. ශ්‍රී ලංකාවත් දැන් ඒ ලැයිස්තුවට එකතු වෙලා තිබෙනවා.

    Source: fintechnews.sg
    https://androidwedakarayo.com/alipay-now-accepted-at-400000-merchants-in-sri-lanka
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,703
    36,644
    113
    හොංකොං වල තියෙනවා octopus කියල card ඵකක්.දැන් අවුරුදු ගාණක් වෙනවා..බස් වල pay කරන ඵකේ ඉඳන් supermarket වල වෙනකන් ඕන තැනක pay කරන්න පුළුවන්..ඕක ලංකාවට ගේන්න 2016දී ද කොහෙද හැදුවා ඕක අයිති හොංකොං සෙට් ඵකකුත් ලංකාවට අාවා..මොකක්හරි දෙයක් නිසා ඒක ඵහෙමම නැවතුනා..

    h3WecCO.jpeg

    Octopus cards and products have a built-in IC chip that communicates with different fare or payment processors through the use of a reader/writer. The reader/writer has a processing board and an antenna that use inductive radio frequency to transmit signals to the Octopus cards and products.

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,335
    113
    චී ලංකාව
    හොංකොං වල තියෙනවා octopus කියල card ඵකක්..බස් වල pay කරන ඵකේ ඉඳන් supermarket වල වෙනකන් ඕන තැනක pay කරන්න පුළුවන්..ඕක ලංකාවට ගේන්න 2016දී ද කොහෙද හැදුවා ඕක අයිති හොංකොං සෙට් ඵකකුත් ලංකාවට අාවා..මොකක්හරි දෙයක් නිසා ඒක ඵහෙමම නැවතුනා..

    h3WecCO.jpeg

    Octopus cards and products have a built-in IC chip that communicates with different fare or payment processors through the use of a reader/writer. The reader/writer has a processing board and an antenna that use inductive radio frequency to transmit signals to the Octopus cards and products.


    අනිවා කොමිස් ඉල්ලන්න ඇති. ලංකාවෙ බස් කෝච්චි වලට ඉක්මනින් ඕවා ගේන්න ඕනි. නැත්නම් ඕවා ගොඩ ගන්න බෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,703
    36,644
    113
    අනිවා කොමිස් ඉල්ලන්න ඇති. ලංකාවෙ බස් කෝච්චි වලට ඉක්මනින් ඕවා ගේන්න ඕනි. නැත්නම් ඕවා ගොඩ ගන්න බෑ.

    ඔව් ඒක තමා වෙන්න අැත්තේ..
     
    • Like
    Reactions: iworld

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    හොංකොං වල තියෙනවා octopus කියල card ඵකක්.දැන් අවුරුදු ගාණක් වෙනවා..බස් වල pay කරන ඵකේ ඉඳන් supermarket වල වෙනකන් ඕන තැනක pay කරන්න පුළුවන්..ඕක ලංකාවට ගේන්න 2016දී ද කොහෙද හැදුවා ඕක අයිති හොංකොං සෙට් ඵකකුත් ලංකාවට අාවා..මොකක්හරි දෙයක් නිසා ඒක ඵහෙමම නැවතුනා..

    h3WecCO.jpeg

    Octopus cards and products have a built-in IC chip that communicates with different fare or payment processors through the use of a reader/writer. The reader/writer has a processing board and an antenna that use inductive radio frequency to transmit signals to the Octopus cards and products.


    OCTOPUS CARD කියන්නේ Hong Kong වල Bus Card එක යකො එක wallet එකක් නෙවෙයි🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,703
    36,644
    113
    OCTOPUS CARD කියන්නේ Hong Kong වල Bus Card එක යකො එක wallet එකක් නෙවෙයි🤣

    Octopus card
    八達通

    Adult version of the Octopus card since 2017
    LocationHong Kong
    Launched1 September 1997; 27 years ago
    Technology
    OperatorOctopus Cards Limited
    CurrencyHKD (HK$3,000 maximum load)
    Stored-valuePay as you go
    Auto rechargeAutomatic Add Value Service (through credit cards or FPS)
    Validity

    2023_fps_504x360.jpg

    Top up your Octopus Anytime Anywhere​

    Go cashless and top up your own Octopus cards and even your family’s via Faster Payment System (FPS).

    https://www.octopus.com.hk/en/consumer/mobile-payment/wallet/about/index.html
     
    • Like
    Reactions: iworld

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    Octopus card
    八達通

    Adult version of the Octopus card since 2017
    LocationHong Kong
    Launched1 September 1997; 27 years ago
    Technology
    OperatorOctopus Cards Limited
    CurrencyHKD (HK$3,000 maximum load)
    Stored-valuePay as you go
    Auto rechargeAutomatic Add Value Service (through credit cards or FPS)
    Validity

    2023_fps_504x360.jpg

    Top up your Octopus Anytime Anywhere​

    Go cashless and top up your own Octopus cards and even your family’s via Faster Payment System (FPS).

    https://www.octopus.com.hk/en/consumer/mobile-payment/wallet/about/index.html
    එක තමා යකො Hong Kong වල Bus Card එක සමහර පොඩි කඩවල් වලින් බඩු ගන්න පුළුවන් එච්චරයි 🤣
    ලංකාවේ Bus කාඩ් එකට කියන්නේ Touch කියලා ඒක 2014 ගෙනාවා Bus කාරයො විරුද්ධය උනා
    edit1.jpg
     
    • Like
    Reactions: iworld

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,703
    36,644
    113
    එක තමා යකො Hong Kong වල Bus Card එක සමහර පොඩි කඩවල් වලින් බඩු ගන්න පුළුවන් එච්චරයි 🤣
    ලංකාවේ Bus කාඩ් එකට කියන්නේ Touch කියලා ඒක 2014 ගෙනාවා Bus කාරයො විරුද්ධය උනා
    edit1.jpg

    යකෝ ඔය සුපර්මාර්කට් කියලා ලොකුවට දාල තියෙනවා පේන්නෙ නැද්ද?😆


     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ