by Dr.Chamod Hettiarachchi, Phd, UOM
මේ දවස් වල බුකිය පුරා මාතෘකාව වෙලා තියෙන ගල්කිස්ස වෙරළ පෝෂණ (beach nourishment ) ව්‍යාපෘතිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කල යුතුයි කියලා හිතුනා. මුලින්ම කියන්න ඕනේ මේක කිසිදු දේශපාලනික පක්ෂයකට සහයෝගයක් දැක්වීමට ලියන එකක් නෙවෙයි. මේ ලිපියෙහි මූලිකම අරමුණ වෙන්නේ වෙරළ පෝෂණ ව්‍යාපෘතියකදී වෙන්නේ මොනවාද , ඒ පිටිපස්සේ තියෙන ඉංජිනේරු තාක්ෂණය සහ විද්‍යාව ගැන සරල පැහැදිලි කිරීමක් කරන එක. අනිත් කරුණ නම් මේ ලිපියෙන් මෙම ගල්කිස්ස ව්‍යාපෘතිය සාර්ථකද අසාර්ථකද, හරිද වැරදිද වගේ නිගමන වලට එන එක තම තමන්ගේ නැණ පමණින් තමයි. හරි අපි කතාවට කෙලින්ම බහිමු.
වෙරළ හායනය ( Coastal Erosion)
=========================
මුලින්ම බලමු මොකද්ද මේ වෙරළ හායනය කියන්නේ කියලා. වෙරළ හායනය ගැන කතාකරද්දී නිතරම කතා කරන්න වෙන වචනය තමයි coastal sediment budget කියන එක. coastal sediment budget කියන්නේ අපි කිසියම් වෙරළ පද්ධතියක් ( coastal sediment cell ) ගත්තහම ඒ පද්ධතිය තුලට පිටින් ඇතුල්වෙන වැලි සහ පද්ධතියෙන් පිටට ගලාගෙන යන වැලි වල අය වැය කියලා සරලව කියන්න පුළුවන්. මේ පද්ධතියෙන් පිටට යන වැලි ප්‍රමාණය ඇතුලට එන වැලි ප්‍රමාණයට වඩා වැඩි නම් අපි කියනවා ඒ වෙරළ පද්ධතිය හායනය ( Coastal Erosion)වෙනවා කියලා. ඕකෙම අනිත් පැත්ත වෙනවනම් අපි කියනවා වෙරළ ප්රවර්ධනයක් (Coastal Accretion)වෙනවා කියලා. දැන් බලමු වෙරළ පද්ධතියක වැලි ඇතුලට එන සහ පිටට යන මුලික ක්‍රම. පහත රුපයේ (Fig 1) තියෙන විදිහට වෙරළ පද්ධතියකට වැලි ඇතුලට එන මුලික ක්‍රම තමයි ඔය කහපාටින් තියෙන්නේ. ගංගා වලින් තමයි ලංකාවේ වෙරළට ප්‍රධානවම වැලි එකතු වෙන්නේ. මුහුදු රැල්ලත් එක්කත් වෙරලට වැලි ගසාගෙන එනවා. මේකට කියනව onshore sediment transport කියලා. වෙරලට සමාන්තරව වැලි ගමන් කරන එකට කියනවා longshore sediment transport කියලා. ලංකාවේ වෙරළ තිරයේ වෙරලට සමාන්තරව වැලි දක්ෂිනාවර්තව ගමන් කරනවා ( longshore transport ) (Fig 2). (මෙහෙම සරලව කිව්වට ටිකක් සංකීර්ණ කතාවක්, සමහර කාල වල වමාවර්තවත් සමහර කාල වලට දක්ෂිනාවර්තවත් ගමන් කරනවා. නමුත් වැලි සම්ප්‍රයුක්තය ගත්තහම දක්ෂිනාවර්තව ගමන් කරන ප්‍රමාණය වැඩි නිසා සරලව දක්ෂිණාවර්තව යනවා කියමු. අනිත් එක ඒ ඒ ප්‍රදේශ වලට ආවේනික භූ විෂමතා සහ localized effects එහෙමත් බලපානවා). දැනට වෙරළේ තියෙන වැලි රට වටේ දකුණට ගමන් කරනවා කියලා හිතාගන්න.
Fig 1: Coastal sediments inputs and Losses
Fig 2: Nearshore sediment transportation directions in Sri Lanka
රතු පාටින් තියෙන්නේ වෙරළෙන් වැලි ඉවත් වන ක්‍රම. ගංගා වල වැලි ගොඩ දමීම නිසා, වෙරලෙන් වැලි කැනීම නිසා වගේ මිනිස් ක්‍රියාකාරකම් නිසාත්, දක්ශිනාවර්ත ගමන් කිරීම නිසාත්, කුණාටු, සුනාමි වගේ ස්වභාවික හේතු නිසාත් වැලි ඉවත් වීම සිදු වෙනවා.ඒ වගේම අර කලින් කිව්ව longshore sediment transport නිසාත් වෙරලෙන් වැලි ඉවත් වෙනවා.
ඔය විදිහට වෙරළට වැලි එන ප්‍රමාණය සහා පිටට යන ප්‍රමාණය සමතුලිතතාවයකට ආවහම අපි කියනවා ඒ වෙරළ පද්ධතිය තුලිතතාවයේ තියෙනවා කියලා. මේ තුලිතතාවය අවුරුද්ද පුරාම එක විදිහට තියෙන්නෙත් නෑ. සමහර විට මෝසම් කාලෙට වෙරළ හායනය වෙලා අනිත් කාලෙට නැවත ප්‍රවර්ධනය වෙලා සමතුලිත වෙන්නත් පුළුවන් (උදා : ගල්කිස්ස වෙරළ, ආරුගම්බේ වෙරළ ).
මෙතනින් මගේ කතාවට වැදගත්ම මෙන්න මේ longshore transport කියන කොටස.ඔය longshore sediment transport එක නවතිනවා වෙරලේ තියෙන ගල්පරයක් හරි වෙරලට ලම්භකව කරන ඉදිකිරීමක් හරි නිසා. එහෙම වෙලා එතන එතන පොඩි වෙරලක් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට ගල්කිස්ස හෝටලේ ඇතුලේ තියෙන private beach එක එහෙම හැදිච්ච එකක්. Portcity එක ඔතන හදන්න මූලික උනෙත් කොලබ වරායේ දියකඩනය නිසා ඊට දකුණින් එකතු වෙන වැලි එතන දූපත ගොඩකිරීමට උදව් වීම. ඔය කතන්දරේ නිසා ගල්කිස්ස මුහුදු වෙරලට වැලි සැපයුම ඊට දකුණින් සිදු වෙන්නේ නෑ. හැබයි වාසනාවට වගේ ඔය ගල්කිස්ස, වැල්ලවත්ත දෙහිවල sediment cell එක වෙනත් ක්‍රම වලින් තුලිතතාවයේ තියෙනවා. ඒ උනාට දීර්ඝ කාලීනව ගත්තොත් මේ වෙරල හායනය සිදුවෙමින් යනවා. ගල්කිස්සෙ වැලි longshore transport එකත් එක්ක වැල්ලවත්තට යනවා එක කාලෙකට. තව කාලෙකදි වැල්ලවත්ත පැත්තෙන් වැලි ඇවිත් ආයෙත් ගල්කිස්ස පෝශණය වෙනවා. ඔය අතරේ සම්ප්‍රයුක්තය ගිහින් පෝට් සිටියට දකුණින් නවතිනවා. දැන් පොඩ්ඩ පොඩ්ඩ ගල්කිස්ස, වැල්ලවත්ත ප්‍රදේශ වල වෙරල හායනය වෙනවා. මොකද මේ cell එක ඇතුලට එනවට වඩා වැඩිපුර එලියට යන නිසා. ඔන්න ඔතෙන්දි තමා වෙරල පෝෂණය ව්‍යාපෘතියක (beach nourishment project) අවශ්‍යතාවය මතු වෙන්නෙ. වෙරල පෝෂණයෙදි වෙන්නෙ ස්වභාවිකව නැතුව කෘතිම ක්‍රමයකට වැලි ගෙනවිත් තැන්පත් කිරීම. මේක මුහුදෙන්ම හාරලා ගත්ත වැලි වෙරලෙ තැන්පත් කරලා අර සමතුලිතතාවය කෘතිමව ලබා ගැනීම.
වෙරළ පෝෂක ව්‍යපෘති (Beach nourishment projects)
======================================
හරි. දැන් අපි කතාකරමු මේ වෙරළ පෝෂක ව්‍යපෘති ගැන ටිකක් ගැබුරින්. වෙරළ පෝෂක ව්‍යපෘතියකදී කලින් කිව්වා වගේ වෙන්නේ හායනය වෙන වෙරලක් නැවත පිළිසකර කිරීමක්. මෙහෙම පිළිසකර කරද්දී කෙලින්ම හායනය වෙන වෙරළට වැලි තැන්පත් කිරීම, පෝෂක කලාපයකට වැලි තැන්පත් කිරීම, අක්වෙරලට (offshore ) වැලි තැන්පත් කිරීම වගේ ක්‍රම රාශියක් තියෙනවා. මේ ගැන කතා කරන්න අපි වෙරළක මුලිකාංග පොඩ්ඩක් බලමු. මේකට කියන්නේ beach profile එක කියල (Fig 3).
Fig 3: Diagram showing the basic features of a beach profile
වෙරළ (beach) කියන්නේ මුහුදු රල ඉවර වෙන වියලි වැලි සහිත භූමියට. එතනින් මුහුද පැත්තට තියෙන තරමක් නොගබුරු මුහුදු තිරය inner surf zone ලෙසත් රල බිදෙන සිමාවේ ඉදන් වෙරළ දෙසට ඇති මුහුදු කලාපය outer surf zone ලෙසත් හදුන්වනවා.outer surf zone එකෙන් එපිට විශාල රල බිදෙන සීමාවට අපි කියනවා closure depth කියලා. මෙන්න මේ සම්පුර්ණ කලාපය අපි beach profile කියලා හදුන්වනවා.
beach nourishment project එකකදී කරන්නේ මෙන්න මේ වියලි වෙරළ කලාපය (beach) බාහිරින් ගෙන එන ලද වැලි මගින් පෝෂණය කිරීම. නමුත් මෙවැනි පෝශක ව්‍යාපෘතියකදි බලාපොරොත්තු වෙන්නෙ නිකන්ම වෙරල විතරක් පෝශණය කරන එක නෙමේ. නොගැඹුරු මුහුදේ ( අඩි 15-20ක්) තරම් කලාපයත් පෝශණය කල යුතුයි. නමුත් සාමාන්‍ය යන්ත්‍රෝපකරණ වලින් මේ කාර්යය කරන්න බැරි නිසා ස්වභාවික සංසිද්ධි උපයෝගී කරගෙන එම කටයුත්ත සාර්ථක කර ගන්න එක තමයි ප්‍රායෝගිකව සිදු කරන්නෙ. මේ ගැන කියල දෙන්න මෙන්න මේ රූපය (Fig 4) බලමු.
Fig 4: Beach nourishment projects are designed to allow sand movement across the profile, while maintaining a certain dry beach width
මෙන්න මෙහෙම කරන fill එකකදි සම්පූර්ණ වැලි පිරවුමට අපි කියනවා constructed fill එකක් කියලා. ඔය constructed fill එක විවිධ කොටස් කිහිපයකින් සමන්විතයි. මේ සෑම කොටසකටම විශේෂ වූ කාර්යයක් තියෙනවා.
ඉන්ජිනේරුවන් විසින් මේ වගේ beach nourishment project එකක් design කරද්දි මූලික අවශ්‍යතාවය සදහා අවශ්‍ය කරන වැලි ප්‍රමාණය තීරණය කරනවා. අපි ඒකට කියනවා design fill එක කියලා. මෙන්න මේ design fill එක ව්‍යාපෘතිය වලංගු කාලය (design period) එක පුරාවටම කිසිදු සේදීමකට හෝ ගසාගෙන යෑමකට ලක් නොවී තබාගැනීම තමයි මුලික ඉලක්කය.
ඒ නිසා ඊට එපිටින් තව වැලි කලාපයක් පුරවනවා. ඒකට කියන්නෙ advance fill එක කියලා. මෙන්න මේ advance fill එකේ කාර්ය්ය තමයි කුමක් හෝ විශේෂ අවස්තාවකදි ( කුණාටුවක්, සුනාමියක්) හෝ දීර්ඝකාලීන හායනයකදි මුහුණ දෙන එක. කොටින්ම කිව්වොත් එයා design fill එක බේරාගන්න මුහුදට බිලිවෙන එක තමයි එයාගෙ වැඩේ.
ඊටත් එපිටින් දාන වැලි පිරවුමට අපි කියනවා equilibration fill එක කියලා. මෙන්න මේ equilibration fill එක අපේ කතාවේ ගොඩාක් වැදගත්. මේ fill එකේ කාර්යය බලමු. සාමාන්‍යයෙන් මේ වගේ පිරවුමකදී ස්වභාවික වෙරළේ ආනතියට සමාන ආනතියකින් පිරවුම කරන්න ගියොත් ඉතා දිගු, වියදම් අධික පිරවුමකට යන්න වෙනවා. ඒක නිසා ටිකක් වැඩි ආනතියකින් යුතු fill එකක් තමයි කරන්නේ. මේ fill එක කෙලින්ම මුහුණ දෙන්නේ රැල්ලට. මේ රැල්ල විසින් මේ වැලි තට්ටුව ස්වභාවිකවම outer surf zone එකට ඇදගෙන ගිහින් දානවා. එහෙම දාලා නොගැඹුරු මුහුදු ප්‍රදේශය තව ටිකක් ඈතට වර්ධනය කරනවා. මෙහෙම උනහම විශාල මුහුදු රැලි කැඩෙන (wave break ) දුර තව ඈතට යනවා. එතකොට අපි අලුතෙන් පිරෙව්ව design fill එකට ඇතිවෙන බලපෑම තවත් අවම වෙනවා. ඔන්න ඔය equilibration fill එක තමයි මේ වගේ project වල වඩාත්ම කතාබහට ලක් වෙන්නේ. මොකද මේ equilibration fill එක සේදිලා ගිහින් මේ මුහුදු වෙරළ සමතුලිත වෙන්න සාමාන්‍යයෙන් මාස 7–12 ත් අතර කාලයක් යනවා. එතකල් වෙරළ හේදී හේදී යනවා. හැබැයි සාමාන්‍ය ජනතාව හිතන්නේ මේ ව්‍යාපෘතිය අසාර්ථක එකක් කියලා. හැබැයි ඇත්තටම මේක failure එකක් නෙමේ. මේක engineering design එකේම කොටසක්. මේ වැලි තට්ටුව සේදිලා ගිහින් මුහුදු පතුල මත තැන්පත් වෙලා රැල්ලෙහි ශක්තිය අවම කරනවා. ටිකෙන් ටික මේ සේදීම නතර වෙලා මුළු පද්ධතියම සමතුලිතතාවයට එලබෙනවා.
මෙන්න මේක තමයි සාමාන්‍ය වෙරළ පෝෂක ව්‍යාපෘතියකදී සිදු වෙන්නේ. මේ රූපයෙන් (Fig 5) පෙන්වන්නේ ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ උතුරු ටොප්සේල් වෙරළ පෝෂක ව්‍යාපෘතියේ beach profile එක වැලි පිරවූ අලුතම සහ සමතුලතාවයට පැමිණීමෙන් පසු දිස්වෙන ආකාරය.
Fig 5: The North Topsail Beach (NC) beach profile immediately following nourishment construction (A), and seven months later once the profile equilibrated (B).