බත්තලංගුණ්ඩුව Night Camping Review

Doctor Strange

Active member
  • Nov 21, 2021
    29
    91
    33
    මේ review එක මෙන්න මේ ට්‍රිප් article එක (බත්තලංගුණ්ඩුව Night Camping) සමග සම්බන්ද වන නිසා ඒක කියවපු නැති කව්රුහරි ඉන්නවනම් ඒක මුලින් කියවලා එන්න..

    මේ ත්‍රෙඩ් එක නිකන් reference එකක් වගේ දෙයක්..ගොඩක්ම මේක ලිව්වේ කෙනෙක් අරමුණු කරගෙන..ඒ නිසා මේක ලොකු වැදගත් ත්‍රෙඩ් එකක් නෙමෙයි..කලින්ම කිව්වා ඔන්න, කට්ටිය ටිපර් වෙලා දඟලන්න එපා වැඩක් නෑනේ, අදාළ නෑනේ ගගා..:rofl:

    මේ review එක ලියන්න හේතුවෙච්ච ගොඩක් කරුණු තියෙනවා..මුලිකම දේ තමයි මේ ට්‍රිප් එක organize කරපු කෙනාට අපි feedback එකක් දුන්නේ නෑ..මොකද ට්‍රිප් එකේ organizing වල තිබ්බ කේස් නිසා මම ඇතුළු අපේ කට්ටියට ටිකක් අවුල් ගිහින් තිබ්බේ..වෙච්ච දේවල් වචන වලින් කෝල් එකකින් කියලා වැඩක් නෑ ඒක නිකන් මේ කනෙන් අහලා එහා කනෙන් පිට කරනවා වගේ වෙන නිසා..ට්‍රිප් organize කරන අයගේ fb page එකේ හරි google map location review වල හරි bad feedback එකක් නොදැම්මේ organize කරන කෙනා මුල ඉඳන් පෙන්නුව මනුස්සකම සහ එකම ඉස්කෝලේ කොල්ලෙක් වීම යන කාරණා මත..මම පෞද්ගලිකව ඉස්කෝල වලට බෙදිලා ඉන්න එකට විරුද්ද කෙනෙක්..එත් මේ ට්‍රිප් එකේදී එකම ඉස්කෝලේ නිසා අපිට විශේෂයක් කරපු නිසා මට අනික් පැත්තට පොල්ලෙන් ගැහුවා වගේ වැඩක් කරන්න බෑ..ඒ නිසයි වැඩිය ප්‍රසිද්ද නැති මාද්‍යක ට්‍රිප් atricle එක සහ reiveiw එකක් දානවා කියලා හිතුවේ..හැම පැත්තම බැලන්ස් එතකොට..

    මෙතැන් සිට ට්‍රිප් එක organize කරපු කෙනාට කෙලින්ම කතා කරන ශෛලියෙන් ලිපිය ලියනවා.. ඒ වගේම මේක ලියද්දි මන් මගේ අදහස් ටිකක් යෝජනා කරනවා "මන් උනා නම් කියලා". ඒ ටික දාන්නේ organize කරන කෙනාට idea එකක් ගන්න මිස මගේ කිසිම බලාපොරත්තුවක් නැහැ ඔතන ඇවිත් කෑම්පින් පටන් ගන්න..:P

    මචන්,

    මුලින්ම කියන්න ඕනේ අව්ලක් ගන්න එපා මෙහෙම review එකක් ලිව්වට..කොහෙත්ම මේකෙන් fb දැම්ම හෝ location review දැම්ම වගේ බලපෑමක් වෙන්නේ නෑ උඹට..ඒ නිසා ඒ ගැන බයවෙන්න එපා..අනික මේ වගේ එකක් share කර කර ඉන්න තරම් කැසිල්ලක් මේකේ උන්ට නෑ දැන්..

    හරි අපි මෙහෙම පටන් ගමු..අපේ සෙට් එක මට තාම හම්බුනා වෙලාවට බනිනවා මේ ට්‍රිප් එක ගැන මතක් කර කර.. වැඩියත්ම කියන්නේ ගෑනු එහෙම එක්කන් ගියානම් විනාසයි හොඳ වෙලාවට එක්කන් නොගියේ කියලා..ගොඩක්ම හේතුව උනේ අපි සෙට් එකට මීට කලින් බීච් කෑම්පින් වලදී අදහාගත නොහැකි තරමේ සුපිරි experience එකක් හම්බුන එක..ඒ නිසා ඒකයි මේකයි ගොඩක් compare උනා කට්ටියටම..බීච් කෑම්පින් එකක තියෙන සුපිරි ආතල් එක ගන්න හිතන් ආවට කට්ටියටම සෙට් උනේ හාත්පසින්ම වෙනස් අත්දැකීමක්..එකම හොඳක් තිබ්බේ අපේ ගමන් සගයා (Mr. R) උගේ වැඩේ සුපිරියටම කලා උගේ උපරිමේම දාල..

    ට්‍රිප් එකේ පටන් ගැන්මේ ඉඳන් යමු ඉස්සරහට..මුලින්ම කට්ටියට අවුල් ගියපු තැන කියන්නම්..ඒ තමයි දවල් කෑම..අපේ කට්ටිය සෑහෙන දුරක් ඉඳලා පරක්කුත් වෙලා ආවේ..සෙට් එකම හොඳටම බඩගින්නේ හිටියේ..ඉතින් දූපතේ මුල්ම කෙලවරට ඇවිත් දවල් කෑම ටික අපේ ගමන් සගයා දුන්න වෙලාවේ දහසක් බලාපොරොත්තු පිට තමයි බත් මුල දිග ඇරියේ..කට්ටියගේම මූනු ඇඹුල් වෙලා ගියා මන් දැක්කා..මොනවද තිබ්බේ..නාඩු බතකුයි, ගෝවා තෙල් දාලා, බීට් රූට් සහ පොඩි කකුළුවෙක් උයලා....පෙනුමෙන්ම අවුල් ගියා මටනම්..කඩෙන් ගන්න රු 150හේ බත් එකක් තරම්වත් වටින්නේ නැති පෙනුම වගේම කිසිම රහකුත් නැති කෑම වේලක් එක..අනික් උන් ටික නම් බඩගින්න වැඩිකමට ටික ටික හරි කෑවා..මම මචන් අවන්කෙන්ම බීට් රූට් ටික විතරයි කෑවේ..එකත් නොකා බැරිකමට..ට්‍රිප් එකේ මුල්ම කෑම වේලෙ මෙහම උනාම ඉතුරු ටික මොන මගුලක් වෙයිද දන්නේ නෑ කියා කියා තමයි කට්ටිය හිටියේ.. මෙහෙමයි මචන් අපි 5 star කෑම වේලක් හොයාගෙන එතනට ආවේ නෑ..ඒ වගේම ගෙවල් වලත් high class එකෙන් කෑම කන කට්ටිය නෙමෙයි..අපිත් සාමාන්‍ය විදියට කන බොන මිනිස්සු.. එත් දෙන කෑම වේල කන්න පුළුවන් අවම මට්ටමේ එකක්වත් වෙන්න ඕනේ.. එදා තිබ්බ එකනම් ඒ මට්ටමේ තිබුනේ නෑ කියලා ලොවෙත් කියන්න පුළුවන්..මේක පිටින් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඒ තිබුන එළවලු මාළු පිනිවල එච්චර වරදක් නෑනේ කියලා..ඒක දැක්කනම් හැබැයි එහෙම හිතෙන එකක් නෑ..ෆොටෝ ගහ ගහ හිටියේ නෑ කෑම එකේ ඒ තරම් පහත් තත්වෙට වැටෙන්න ඕනේ නැති නිසා...අපි කට්ටිය එකතුවෙලා මේ කරුණු ටික උඹට කියන්න තීරණය කලේ ඊළඟට එන අනික් උන්ට හරි උඹ හොඳ service එකක් දෙයි කියන බලාපොරොත්තුවෙන්..

    මම ට්‍රිප් එකේ organizer උනානම් මම මුල්ම කෑම වේල හැමෝටම කන්න පුළුවන් හොඳ විදියේ එකක් දෙනවා..පොඩි ගානක් එතනට ගියාට පාඩු නෑ first impression is the last impression නිසා..ඒ වගේම ට්‍රිප් එක එන්න කලින් එන කට්ටියගෙන් අහල, vegetarian කට්ටිය ඉන්නවද, ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ කන්නේ නැති අය ඉන්නවද අහලා ඒ අයටත් අවුලක් නැති වෙන විදියට කෑම ටික බැලන්ස් කරනවා.. ඒ වගේම අපි ඔක්කොම අය හිටගෙනමයි කෑවේ..මම උනා නම් පරිසරයටත් හානි නොවෙන්න ලී කොටන් ටිකක් පාවිච්චි කරලා පුටු මේස ටිකක් හදනවා කෑම කන්න..ගල් වලින් උනත් කරන්න පුළුවන් creative විදියට හිතනවානම්..ඒ ගැන ටිකක් හිතලා බලහන් මචන්..

    ඊළඟට ලොකුම අවුල උනේ කෑම්ප් ගහන තැනට ආවට පස්සේ..එතනට ආවම අර famous area එක ෆුල් packed..අපේ ගමන් සගයා (Mr. R) අපෙන් අහනවා ඊට ටිකක් මෙහාට වෙන්න වැලි තීරුව හරියේ කෑම්ප් එක ගහමුද කියලා..මටනම් යකා වැහිලා තිබ්බේ ඒ වෙලාවේ..වැලි තීරුවක කෑම්ප් ගහන්න ඕනෙනම් 30000ක් විතර උඹලටත් ගෙවාගෙන, මුළු වියදම 40000ක budget එකක් සෙට්කරගෙන බත්තලන්ග්න්ඩුවට එන්න ඕනේ නෑනේ..ගල්කිස්ස බීච් එකේ ආතල් එකේ ඉන්න තිබ්බා අඳුරන ප්ලේස් එකක් සෙට් කරන් බොහොම සුළු වියදමකින්....සිරාවටම පට්ට disappoint වීමක් උනේ එතැනදී නම්...අපේ කට්ටියම කිව්වා අපේ ගමන් සගයා (Mr. R)ට වැලි තීරුවෙනම් බෑ වෙන තැනක් හොයමු කියලා..ඌ සහ අපේ දෙන්නෙක් වෙන තැනක් හොයන්න ගියත් අවාසනාවට වෙන තැනක් සෙට් වෙලා තිබුනේ නෑ..උන් ආපහු ආවම මම කිව්වා අර ටිකක් එහායින් තියෙන පඳුරු ටික ළඟවත් ගහමු එහෙනම් කියලා...එතනටත් ඌ ගියේ අදි මදි කර කර...පෙර පිනකට යන්තන් එතන පොඩි ඉඩක් තිබ්බා..

    අපේ ගමන් සගයා (Mr. R) කියනවා අද කට්ටිය වැඩියිලු,පිටින් කට්ටිය ගොඩක් ඇවිල්ලලු, මුහුදු වෙරල ඉතින් කාටවත් අයිති නෑනේ මහත්තයා ඒ නිසා ඕනේ කෙනෙකුට එන්න පුළුවන්ලු..අපි ඉතින් කට පියන් හිටියා ඌත් එක්ක argue කරලා තේරුමක් නැති නිසා..මෙහෙමයි මචන්, මන් දන්න තරමින් බත්තලන්ගුන්ඩුවේ කෑම්ප් ගහන්න කියලා පිටින් එන්නේ බොහොම සුළු පිරිසක්..එන අයගෙන් 75%කට එහා එන්නේ උඹලා වගේ ට්‍රිප් organize කරන අය හරහා..අනික දූපතේ දන්න අඳුනන කෙනෙක් නැතුව කිසි support එකක් නැතුව ඇවිත් ඔතන ට්‍රිප් organize කරන්න බෑනේ පිට කෙනෙක්ට..ඒ කියන්නේ ඔතන ඉන්න සෙට් එකම හොඳට දන්න අදුනන සෙට් එකක්..ඒත් උඹලා අතර කිසි සහයෝගීතාවයක් නෑ මට පෙන්නේ..එහෙම තිබ්බනම් අනික් අය කට්ටිය එක්කන් එන දවසට උඹලා කට්ටිය එක්කන් එන්න දාගන්නේ නෑනේ..එහෙම සහයෝගිතාවයක් නැත්තන් ඒක හදාගන්න එක වටිනවා..එතකොට එන මිනිස්සුන්ට එතන තියෙන නියම සුන්දරත්වය කරදරයක් නැතුව විඳින්න පුළුවන්..එහෙම නැතුව සල්ලි ගෙවාගෙන නිකන්ම නිකන් වැලි තීරුවක කෑම්ප් ගහන්න මිනිස්සු එයි කියලා මම නම හිතන්නේ නෑ... හැමෝම එන්නේ ෆොටෝස් එහෙම දැකලා ආස හිතිලා අර famous මුහුදු තීරුවේ කෑම්පින් experience එකක් ගන්න..අනිත් දේ තමයි අපි නිකමට හිතමු ඒ ආපු අනික් මිනිස්සු සේරම පිටින් ආපු අය කියලා..එතකොට ගෙවාගෙන ආපු උන් නිකන් වැලි පරේක ඉඳලා යන්න ඕනෙද? එතන පැහැදිලිවම organizing වල අවුල තියෙන්නේ..හරිනම් කරන්න ඕනේ උඹේ සෙට් එකක් එනවනම් එතන උදේම ටෙන්ට් එකක් ගහලා පොඩි ඉඩක් වෙන් කරලා තියාගන්න එක..මොකද පිටින් උන් ආවයි කියලා උන් තියෙන ටෙන්ට් ගලවලා විසික් කරන්නේ නෑනේ..Totally disappointed මචන් මේ ගැන නම්..

    අපි යමු ඊළඟ අවුලට,

    ඊළඟට මචන් අපි අතන පඳුරේ ටෙන්ට් එක ගහලා ඉවරවෙලා මුහුදේ නාන්න යන්න සෙට් උනා..එත් අපේ ගමන් සගයා (Mr. R) හිටියේ පට්ට pressure එකක...උට තනියෙන් සේරම කරන්න වෙලා..අර උදව්වට එනවා කිව්වා අනික් කෙනා ආවේ ගොඩක් පහුවෙලා..ඌ එනකන් මූට අනික් මෙසපුටු බඩු මුට්ටු ටික ගේන්න දුපත ඇතුලට යන්න විදියක් නැතුව හිටියේ ටෙන්ට් එක ළඟ කව්රුත් නැති නිසා..පස්සේ අපි අපේ වැඩේ පරක්කු කරලා උට ඒ ටික අරන් එන්න කිව්වා...ඒ අරන් ඇවිත් ඌ BBQ එකේ වැඩේ පටන් ගත්තා..හතර වටෙන් කාක්කොත් කැරකෙනවා ඌ වටේ..මට සිරාවටම ඌ පව් කියලා හිතුනා..මාත් පොඩ්ඩ වෙලාවක් ඇවිත් හිටියා නාන එක මග ඇරලා උට sup එකට..ඒ වෙලාවේ තමයි උඹට කෝල් එකක් අරන් දුන්නේ ඌ මට කතා කරන්න කියලා..කොහොමහරි ඌ යන්තන් ඒ වැඩේ ඉවර කරගත්තා..

    ට්‍රිප් එකේ මුල් දවස handle කරන්න අනිවා දෙන්නෙක් ඕනේ මචන්..මම ට්‍රිප් එක organize කලානම් අනිවා දෙන්නෙක් යොදවනවා වැඩේට..එකෙක් කල්පිටියෙන් කට්ටිය අරන් එන අතරේ අනික් එකා උදේම දුපතේ ටෙන්ට් එක රෙඩි කරලා welcome drink එක සහ දවල් කෑම ලස්සනට arrange කරලා දුපතේ සූදානමින් තියෙනවා..කට්ටියව දුපතට ගෙනාවට පස්සේ දුපතේ ඉන්න සගයයි බෝට්ටුව එලවපු සගයයි එක්ක එකතුවෙලා ඉතුරු වැඩ ටික බෙදාගෙන කරන්න පුළුවන් නේ..

    ඊළඟට අපි මුහුදේ නාල එහෙම ඉවරවෙලා දුපත ඇතුලට ගියා හොඳ වතුර සල්ලි වලට අරන් නාන්න..ලීටර් 20ක් 200යි උඹ කියපු විදියටම...මායි තව කොල්ලෝ දෙන්නෙකුයි තමයි මුලින්ම ගියේ නාන්න..ඒ වෙලාවේ කළුවර වැටෙන්න ඔන්න මෙන්න තිබ්බේ..මේ කියන දේ නම් හැබැයි උඹලගේ issue එකක් නෙමෙයි..පොඩි සඳහනක් තියෙන්න ඕනේ නිසයි ලියන්නේ..හොඳ වතුර කිව්වට ඇත්තටම හොඳ වතුරනම් නෙමෙයි ඒ..බුලියෙන් බේසමට දැම්මම කළු පාට කුණු රොඩු ගොඩක් එක්කම තමයි බේසමට වැටුනේ..හැබැයි ඒක ලොකු issue එකක් කරගත්තේ නෑ අපි...හැබැයි ගෑනු එහෙම එක්කන් ගියානම් විනාසයි..කොල්ලෝ ටිකක් නිසා අවන්කෙන්ම ඒකෙ ලොකු අව්ලක් තිබ්බේ නෑ..අනික construction field එකේ ඉඳලා රළු තත්ව වලට ඔරොත්තු දෙන්න හැඩගැහිලා ඉන්නේ...(ඒ නිසයි කට්ටියම ලොකු ගානක් ගෙවලත් experience එක අවුල් උනාමත් control පිට හිටියේ..)

    ඊළඟට අපේ සෙට් එකම නාගෙන ආවට පස්සේ ටේබල් එක එහෙම arrange කරලා බොන්න සෙට් උනා..බොන්න සෙට් උනාට මොකද BBQ එක නෑ.. අඩුගානේ charcoal ටික light up කරගන්නවත් ඒ වෙද්දී පුළුවන් වෙලා තිබ්බේ නෑ..අපි බලන් ඉද්දිත් පැය බාගෙකට එහා දැගලුවා ඌ එක පත්තු කරගන්න බුමිතෙල් කොළ කෑලි දදා...පෙනුන හැටියටනම් ඌ BBQ වැඩේ කොහෙත්ම කලින් කරපු එකෙක් නෙමෙයි..අනික කවුද charcoal light up කරන්න බුමිතෙල් දාන්නේ..ටිකක් වෙලා ගියාට පස්සේ තමයි අර අනික් සගයා ආවේ ඌගෙ උදව්වට...කොහෙන් හරි වෙන BBQ machine එකක් ගෙනත් තිබ්බා ඒ පාර...අපි බැරිම තැන කිව්වා අපිට එහෙනම් රෑ කෑම එක දෙන්න අපි ඒක bite එකට ගන්නම් කියලා..අන්තිමට ඒකත් එක්ක තිබ්බ ඉස්සෝ ඩෙවල් එකත් එක්ක තමයි කට්ටිය බිව්වේ..

    රෑ කෑම එක ගැන කියනවනම් මචන් ඒක standard level එකටම තිබුනා..නුඩ්ල්ස් සහ ඉස්සෝ ඩෙවල් එක.. නුඩ්ල්ස් quantity එක වැඩිත් එක්ක..ඉස්සෝ එකනම් ඉක්මනට ඉවර උනා..මන් අර කලින් article එකේ කිව්වා වගේ මන් කාපු රසම ඉස්සෝ ඩෙවල් එක..

    ඉතින් බොන්න පටන් අරන් පැයකට විතර පස්සේ පළමු BBQ කුකුල් පාට්ස් මේසෙට ආව...BBQ වලටම ආවේනික රසයනම් තිබ්බේ නෑ ඒකේ..නිකන්ම grill වෙලා විතරයි..අපි අවශ්‍ය කරන කළමනා රස කාරක,BBQ Sauce එහෙමත් දීලයි තිබ්බේ..හරියට පදම් වෙලා නැහැ සහ Sauce apply වෙලා නෑ..කරන්න දෙයක් නෑ ඉතින්..ඌට මුකුත් කියලා හිත සවුත්තු කරන්න ගියේ නෑ කව්රුත්...අනික ඌ පන දමාගෙන හදන්නේ ඒක..
     

    Doctor Strange

    Active member
  • Nov 21, 2021
    29
    91
    33
    ඒ වෙලාවේ තිබ්බ තව පොඩි පොඩි අඩු පාඩු වගේකුත් කියන්නම්..මේවානම් උඹට ලේසියෙන්ම improve කරන්න පුළුවන් දේවල්..

    එකක් තමයි BBQ එක මේසෙට එන විදිය..ඒක නිකන් ඔන්න දැම්ම මෙන්න දුන්නා වගේ වැඩක්..නිකන්ම නිකන් plastic පිගානකට දාල දෙන්නේ..උඹේ හිත අහනවා ඇති දැන් "ඇයි නැත්තන් කොයි විදියටද උඹලට ඕනේ" කියලා...මෙහෙමයි මචන්..ඕනේ වැඩක තියෙනවා පොඩි art එකක්..ඒ විදියට කලාම තමයි ඒක මිනිස්සුන්ට මතක හිටින පට්ට experience එකක් වෙන්නේ..උඹලට පුළුවන් ලී වලින් හෝ වෙන යමකින් හදාගත්තු unique දේකින් පොඩි plate ටිකක තියලා ඕක දෙන්න..ඒ වගේම පොඩි ලූනු කාලි ටිකක් තක්කාලි පෙත්තක් වගේ යමක් ඇඩ් කරන්න..මහා වියදමක් යන දේවල් නෙමෙයිනේ..දැන් උඹ කියන්න එපා උබලගෙන්ම 6000ක් දීල BBQ එක ගත්තනම් එහෙමයි කරන්නේ කියලා..ඒ දුන්නත් ඔච්චර තමයි ලොවෙත්..උඹලගේ page එකේ දැක්කෙත් නෑ එහෙම ෆොටෝ එකක්වත් වෙන කෙනෙක් දාපු...මන් පහලින් දාන්නම් අපේ කලින් බීච් කෑම්පින් එකක ෆොටෝ සෙට් එකක් මේ කරුණු වලට අදාලව..එකේ බලහන් කොහොමද ඒ වැඩ වල quality එක කියලා...

    B-B-I-Trip-131.jpg

    (අපි ගෙනාවේ කොමඩු ටිකයි, bite එකට රටකජු වගේ දේවල් විතරයි,,අනික් සේරම organizer එයාගේ cost එකෙන් arrange කරපුවා ..)

    B-B-I-Trip-162.jpg

    B-B-I-Trip-144.jpg

    B-B-I-Trip-160.jpg

    (මේ ටිකක් විතරයි..වටේටම පොල් කොම්බ පත්තු කරලා තිබ්බ නිසා ලස්සනයි එළියයි දෙකම නොඅඩුව තිබුනා එතන..)

    උබලගේ මුළු කෑම්ප් එකටම තිබ්බේ recharge කරන්න පුළුවන් lamp දෙකයි..එකෙනුත් එකයි අපිට තිබ්බේ..අනික BBQ එක ගාව..එදා හොඳ වෙලාවට හඳ එලිය තිබ්බ නිසා shape උනා..

    camp fire එකක් ගහනවානම් අපි තමයි දර හොයාගෙන එකත් ගහන්න ඕනේ..අපිට උදව්වක් දෙන්න පුළුවන්..හැබැයි organize කරන පැත්තෙන් තමයි ඒ වැඩේ වෙන්න ඕනේ.. මොකද අපි හැමදාම කෑම්ප් fire ගහලා පුරුදු උන් නෙමෙයිනේ...කොහොමත් campfire එකක් ගහන්න තියා BBQ වැඩේ ඉවර කරගත්තෙත් බොහොම අමාරුවෙන් අරුන් දෙන්නා..

    කොහොමින් හරි අන්තිමට BBQ එකත් අවුල් තත්වේ ඉඳන් චෝරම තත්වෙට වැටුනා..අන්තිමට ආපු plate දෙකම අඟුරු වගේ..කර වෙලා හොඳටම මස් ටික..ඉස්සොනම් ගන්න දෙයක් තිබ්බේ නෑ මුල ඉඳන් ආපු ඒවගෙත්.. රහක් තිබ්බේ නෑ..

    අපි කට්ටිය සින්දු කියලා පාටිය නැගල යද්දී BBQ එක ඉවර කරලා ගමන් සගයෝ දෙන්නා දුපත ඇතුලට ගියා අපි ඉවර උනාම කෝල් එකක් දෙන්න කියලා..අපි නුඩ්ලස් එහෙමත් දුන්නා වැඩිපුර තිබ්බ නිසා උන්ට අරන් යන්න කියලා..කොහොමහරි අපි 1 විතර වෙනකන් පාටිය ගෙනිච්චා..අපි කෝල් එකක් දුන්නම ගමන් සගයා (Mr. R) එක්ක තව දෙතුන් දෙනෙක්ම ආව ඉතුරු ටෙන්ට් එකත් අරන්..ඒ ඇවිත් කිව්වා අද රෑට වහියි වගේ ටෙන්ට් එකේ හිටියොත් තෙමෙනවා ඒ නිසා දුපත ඇතුලට ගිහින් තැනක් සෙට් කරන්නම් එතන නිදියමු කියලා..මම පෞද්ගලිකව ඒ යෝජනාවට කැමති උනේ නෑ..මොකද අපි පෙරුම් පුරලා පෙරුම් පුරලා මේ වගේ ට්‍රිප් එකක් එන්නේ බීච් එක ළඟ කෑම්පින් අත්දැකීමක් ගන්න මිසක් කොහෙහරි බිල්ඩිමක යට නිදාගන්න නෙමෙයිනේ..අනික උඹලා ළඟ තිබ්බ ටෙන්ට් waterproof නැද්ද කියන ප්‍රශ්නේ එතනදී මට ආව..මොකද අපි කලින් බීච් කෑම්පින් එකෙත් හිටියේ මහා වැස්සක් මැද්දේ..මුහුදේ නිකන් කුණාටුවක් වගේ තිබුනා එදා..එත් ටෙන්ට් එකට වතුර ඇවිත් කිසි කේස් එකක් උනේ නෑ..සැපට නින්ද ගියා..

    කොහොමහරි අපේ දෙතුන් දෙනෙකුත් දූපත ඇතුලට යන එකට අනුකුලතාවය දක්වපු නිසා මාත් හා යමන් කිව්වා...මහා රෑ බඩුත් අතින් කටින් එල්ලගෙන ආව ඉතින් අර පල්ලිය ළඟ තියෙන ගෙට..ඒකෙ බිම මෙට්ට දාල තිබ්බේ..කට්ටියම එකේ නිදාගත්තා ඉතින්..

    නිදාගත්තා කිව්වට එදා දවසේ සෙට් වෙලා තිබ්බ කරුමේ ගෙවිලා ඉවරවෙලා තිබ්බේ නෑ..කඩි size එකේ කඩි නොවන කූබි ජාතියක් හිටියා එතන..මට නම මතක නෑ උන්ගේ..උන්ගේ ලොකු ගුලක් තිබ්බ..මුළු රෑ පුරාම උන් එහෙන් මෙහෙන් ඇවිත් ඇගේ හැමතැනම වහනවා..මන් බිව්වෙත් නැති නිසා එදා මටනම් උන් වහන වහන සැරේට ගැස්සිලා ඇහැරෙනවා...මන් දැක්කා බීපු උනුත් වෙරිමරගතේ පිහ පිහ ඉන්නවා...මේකනම් උඹලගේ issue එකක් නෙමෙයි..හැබැයි තව කාටහරි එතන සෙට් කරනවානම් බලහන් ඔය issue එක එතන තියෙනවද තාම කියලා...

    පහුවෙනිදා දවසෙනම් කියන්න තරම් වරදක් නෑ මචන්..ඔක්කොම වගේ හොඳින් සිද්ද උනා..උදේ තේ එක එහෙම ආයේ කියලා වැඩක් නෑ..පට්ට රහයි ඒක..සිරාවටම කියන්නේ අපේ කොල්ලෝ මුලින් පොඩි උගුරක් වගේ දාගතේතේ බොන්න..රහ වැටුනම 2,3 පාර දාගෙන බිව්වා..

    ඒ වගේම උදේ අපේ ගමන් සගයා (Mr. R) අපි එක්ක ලොකු චැටක් දැම්මා..එකනම් පට්ට වටිනවා මචන්..දුපතේ විස්තර, පොත ලියන්න ආපු කෙනා ගැන, සුනාමියෙන් පස්සේ වෙච්ච දේවල් ගැන වගේම ඌ කොළඹ වැඩ කරපු විස්තර ගැනත් අපි එක්ක කිව්වා..සිරාවටම ඌ එහෙම අපි එක්ක කතා කරපු එකත් වටිනවා සෑහෙන්න..අනික ඌ පට්ට friendly..ලොකු සීන් මුකුත් නෑ..ඌ හිටපු හින්ද යන්තන් ට්‍රිප් එක ගොඩ ගියා කියලා කියන්න පුළුවන්..

    අනික අපේ කොල්ලෝ ටිකට අර දුපතේ මුල් කෙලවර අල්ලලා ගිහින් තිබ්බ නිසා එතනට යමු කිව්වම උදේට කන්න අපිව නෑ බෑ නොකියා එක්ක ගියා..අනික උඹටත් මේතැනදී තෑන්ක් කරන්න ඕනේ අපිට දෙවැනි දවසේ extra time එකක් දුන්නට..මට මතක තිබ්බේ අපිට දවල් කෑමත් එක්ක තමයි checkout වෙන්න තියෙන්නේ කියලා..ඒක මගේ පොඩි පටලවුණු තැනක්..සොරි වෙන්න ඕනේ ඒ සීන් එක මන් ඇහුවට..

    දුපතේ කෙළවරදී හම්බුන උදේ කෑමත් ලොකු අව්ලක් තිබ්බේ නෑ..ඒක නිකන් 50-50 වගේ..කලින් දවසේ දවල් එක වගේ නෙමෙයි..බඩ පිරෙන්න කට්ටිය කෑවා ඒ උදේ කෑම එක...

    මේ දේවල් තමයි ප්‍රදාන වශයෙන් කියන්න තිබුනේ..

    ඔයිට අමතරව overall ගත්තම කියන්න කරුණු ටිකක් තියෙනවා..

    මුලින්ම කියන්න ඕනේ අපේ සෙට් එකේ කට්ටිය කලින් ට්‍රිප් ගිහින් තියෙනවා සෑහෙන්න මේ වගේ package ක්‍රමයට organize කරන අයගෙන් service එක අරන්...ඒ නිසා ඒවල ලැබුන service එක, quality එක,ෆන් එක වගේ ගොඩක් දේවල් එක්ක compare වෙනවා නිතරම අලුතෙන් කොහෙහරි ගියාම..උදාහරණයක් විදියට knuckles ගිහින් අපිට BBQ එක දාල දුන්න පොර පට්ට professional විදියට වැඩේ කරා..පොඩි කොල්ලෙක් ඌත්..එත් ඒ BBQ එක තමයි අපේ සෙට් එක අදටත් කාපු රසම BBQ එක..තාමත් කතාවෙනවා ආයේ පාරක් යමුද එහේ කියලා...අන්න ඒ විදියේ ලෙවෙල් එකට උඹලටත් වැඩේ දෙන්න පුලුවන්නම් සුපිරි මචන්..ගිහිපු අයත් අනික් කට්ටියට recommend කරලා කට්ටිය සෙට් කරනවා එතකොට..අපි අර ගිය කියපු බීච් කෑම්පින් එක ගැන අහල අපේ ඉස්කෝලේ කොල්ලොත් මට FB එකේ අහල message දැම්මා ඉස්ස්සර..මන් recommend කරපු නිසා සමහර සෙට් ගියත් එක්ක එහේ.. ඒ album එක දැකලා අඳුරන්නේ නැති කෙල්ලෝ පවා message කරලා තිබ්බා එතන experience එක කොහොමද අහලා..ඒ වගේ මචන් වැඩක් සුපිරියට කෙරුවොත් හිතාගන්න බැරි විදියට කට්ටිය සෙට් වෙනවා ඒකට..මේකටත් මන් FB album එකක් දාන්න හිටියේ..එත් හිතට එකගව එහෙම දාන්න පුළුවන් කමක් තිබ්බේ නෑ..

    ඒ වගේම මෙතැනදී උඹලා advertise කරන විදියට welcome drink එකක්වත්, evening tea එකක්වත් biscuit වත් හම්බුනේ නෑ..අපි කොල්ලෝ 5දෙනෙක් නිසා උන්ට ඕව වැඩක් නෑ උන් එන්නේ බීලා විකාරවෙලා යන්නනේ කියලා උඹ cost cutting පාරක් දැම්මද දන්නේ නෑ..හැබැයි මචන් එන හැමෝම එන්නේ බොන්න නෙමෙයි..ඒ නිසා ඒ ගැනත් හිතලා ඒ වගේ දේවල් අයින් කරන්න එපා...පොඩි පොඩි දේවල් වලින් තමයි overall experience එක සුපිරි වෙන්නේ..

    අනික අපි හැමොක් එක ගැන ඇහුවම ඒක බල්ලෝ කාලා..ඒ වගේ දේවල් ඉක්මනට replace කරන්න..

    අපේ පැත්තෙන් වෙච්ච අඩුපාඩු ටිකකුත් කියන්න කැමතියි...හැබැයි ඒවානම් බොහොම සුළු දේවල්..

    1 - අපි 2,3 පාරක් දිනේ වෙනස් කළා..අපේ එවුන්ගේ එක එක කෝලම් නිසා එක දිනයක් තීරණය කරගන්න පොඩි කට්ටක් කන්න උන නිසා..හැබැයි ඒ එකක්වත් හෙට යන්න තියෙද්දී අද බෑ කියලා වෙනස් කරපුවා නෙමයි...කල් තියලා කියපුවා..

    2 - මුලින් කියපු ගාන නෙමයි ට්‍රිප් එක ආවේ..10ක් 12ක් එන්න හිටියට ලොක් ඩවුන් එකෙන් පස්සේ කට්ටිය නන්නත්තාර වෙලා හිටියේ..ඒ නිසා ට්‍රිප් එක යන්න 5යි ආවේ අන්තිමට..

    3 - අපි එනකොට පරක්කු වීම..නොවැලක්විය හැකි හේතු මත පරක්කු වෙන්න උනා ටිකක්..ඒ නිසා පැයක් දෙකක් මිස් උනා..

    ඔන්න ඔයවගේ දේවල් ටිකක් තමයි මතක..තවත් මොනාහරි අපේ පැත්තෙන් උඹලට කරදරයක් උනා නම් එකට සමාවෙන්න කියලත් කියනවා..

    උඹට මොනාහරි අදහසක් බෙදාගන්න තියෙනවනම් මෙතන හරි නැත්තන් personal message එකක් විදියට හරි උඹට කැමති විදියකට එවන්න..ඒ වගේම අපැහැදිලි තැන් මොනාහරි තියේනම් ඒවත් කියන්න..

    එහෙනම් මේ review එක සමාප්ත කරන්නයි සුදානම..අඩුපාඩු ටිකත් හදාගෙන උඹට ඔය වැඩේ තවත් හොඳින් කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..

    එළකිරි සගයනි..තවත් ට්‍රිප් article එකකින් මන් ඔබව නැවතත් ඉක්මනින්ම හමුවන්න බලාපොරොත්තු වෙනවා..එතෙක් උඹලටත් ජය..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    52,172
    78,909
    113
    ආශ්චර්යමත් රටක
    මොනවහරි එකක් ඇඟේ ගහලා සල්ලි කඩාගන්න කාලකණ්ණි තමයි බහුතරයක් ලංකාවෙ ඉන්නෙ. බීච් එකේ කෑම්පින් යනව නම් බීච් එකේ ඉන්න ඕන. එහෙම නැත්තන් වැස්සොත් මේ ටෙන්ට් තෙමෙනවා කියලා කලින් කියන්න ඕන, වෙන එකක් හොයාගන්න. අපිටත් හොඳ කට්ටක් සෙට් උනා waterproof නැති ටෙන්ට් එකක ඉඳලා මහ වැස්සෙ. ඒක නං අපිම හොයාගත්ත ටෙන්ට් එකක් organise කරන්න වෙන පිට කවුරුවත් හිටියෙ නෑ. හැබැයි මේ වගේ හොර යක්කු සෙට් උනොත් නං මම නං අනිවා negative reviews දානවා මාසෙන් මාසෙ. 30,000 අරගෙන ඇති ලබ්බක් නෑනෙ බන්. උබල ඒ ගාන වියදම් කරන් තනියම ගියා නං ඔයිට වඩා හොඳ වෙයි. :angry:
     

    Doctor Strange

    Active member
  • Nov 21, 2021
    29
    91
    33
    මොනවහරි එකක් ඇඟේ ගහලා සල්ලි කඩාගන්න කාලකණ්ණි තමයි බහුතරයක් ලංකාවෙ ඉන්නෙ. බීච් එකේ කෑම්පින් යනව නම් බීච් එකේ ඉන්න ඕන. එහෙම නැත්තන් වැස්සොත් මේ ටෙන්ට් තෙමෙනවා කියලා කලින් කියන්න ඕන, වෙන එකක් හොයාගන්න. අපිටත් හොඳ කට්ටක් සෙට් උනා waterproof නැති ටෙන්ට් එකක ඉඳලා මහ වැස්සෙ. ඒක නං අපිම හොයාගත්ත ටෙන්ට් එකක් organise කරන්න වෙන පිට කවුරුවත් හිටියෙ නෑ. හැබැයි මේ වගේ හොර යක්කු සෙට් උනොත් නං මම නං අනිවා negative reviews දානවා මාසෙන් මාසෙ. 30,000 අරගෙන ඇති ලබ්බක් නෑනෙ බන්. උබල ඒ ගාන වියදම් කරන් තනියම ගියා නං ඔයිට වඩා හොඳ වෙයි. :angry:
    ow ban..kiyala wadak na a gana nam..kalakirila inne lankawe bahutharayak minissu gana :cry:
     
    • Sad
    Reactions: shenat

    Doctor Strange

    Active member
  • Nov 21, 2021
    29
    91
    33
    ado oka uba mata call karala kiwwa nam iwarai ne mehema public danne nathiwa :(
    meka dakke nadda machan?

    "වෙච්ච දේවල් වචන වලින් කෝල් එකකින් කියලා වැඩක් නෑ ඒක නිකන් මේ කනෙන් අහලා එහා කනෙන් පිට කරනවා වගේ වෙන නිසා"

    Anika umba me joke da serious da kiyanne? mokada mama heta thamai me link eka organize karapu kenata yawanna hitiye.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    11,935
    3,608
    113
    මුහුද පැත්තේ..
    අපි බත්තලංගුණ්ඩුවට ගොඩ බැස්සා විතරයි ස' Curfew දැම්ම උට්ට..:angry::growl: අන්තිමට ඊලඟ දවසේ බෝට්ටුව මුහුදට දාන්නත් අවසර ගන්න පැය 5ක් විතර ගියා, ගෙදර ආපු විදිය තනිකර Adventure කේස් එකක් උනා :P