අනුන්ගේ වාහන බල බල හුල්ලන එකා alone guy පව් බන් අනාතය![]()


AloneGuy90
Last Activity: Today 07:00 PM



අනේ මන්දා බන්. . කිරියේ පොර ජාතේකේ දිග ඇරියා කියලා මොනවා ලැබෙනවද කියලා හිතාගන්න බෑ. .![]()



ඔය මොනා කරත් උබට බැරි වුනානේ තාම මං තමා අනූජ මෙත්සර කියල ඔප්පු කරගන්න![]()

මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව.ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.
හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල
වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.
![]()
මචංලා මම මේ ෆේක් එක හදන් ආවේ මගෙත් හිතේ තියෙන දුකක් උබලට කියල හිත සැහැල්ලු කරගන්න. මම දන්නව ගොඩක් උන් පච කෙලින නිසා උබල ඒව වශ්වාස කරන්නැති බව. ඒත් මේක ඇත්තම ස්ටෝරිය බන් මගේ ලයිෆ් එකේ.
මචංලා මට සහෝදර සහෝදරියො කවුරුවත් නෑ. හිටියේ අම්මයි තාත්තයි විතරයි. තාත්ත අවුරුදු ගානකට කලින් නැති උනා. ඉන්නේ දැන් මමයි අම්මයි විතරයි. අම්මගෙ පැත්තේ නෑදෑයො, තාත්තගෙ පැත්තේ නෑදෑයො අපි අසරන, දුප්පත් අය නිසා අපි සමග ආශ්රයක් නෑ.
මට දැන් අවුරුදු 24ක් වෙලා මාසයක් වගේ වෙන්නේ. තාමත් මට ජොබ් එකක් නෑ බන් මට. O/L හොඳට පාස් ඒත් A/L පාස් වෙන්න බැරි උනා. ඒකට ඒ දවස්වල ගෙදර ප්රශ්නත් මගේ ADHD මානසික රෝගී තත්වයත් සෑහෙන්න බලපෑව.
අදටත් මම ADHD වලින් පීඩා විඳිනව. මට නිකන් පිස්සු වගේ බන්. කොහේවත් යන්න හිතෙන්නෑ. කිසිම කෙනෙක් ආශ්රය කරන්න හිතෙන්නෙත්නෑ. හෝ ගාල හිතට එක එක දේවල් එනව. දැන් මම මාත් එක්කම හැම තිස්සෙම හිතෙන් කතා කරනව ඉවරයක් නැතිව. කිසි දෙයකට අවධානය දෙන්න බෑ මට.
ඉස්කෝලෙන් පස්සේ මට යාලුවොත් නෑ බන් කවුරුවත්. මගේ ඇගටත් කිසිම පනක් නෑ. මට කාත් එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෑ. කාමරේට වෙලා මැෂින් එකෙන් පොත් කියවන එක තමයි කරන්නේ. අම්මත් පවු බන්. අම්මටත් පාලුයි මම වැඩිය කතා කරන්නෙත් නෑ. අනිත් කොල්ලෝ වගේ ලස්සනට අඳින්න, ෆර්ෆියුම් යූස් කරන්න. රැවුල කොන්ඩේ කපලා ලස්සනට ඉන්න මට කිසිම ආසාවක් නෑ බන්. අම්මත් කියනව බලන්නකෝ හැටි පිලිවෙලකට ඉන්න කියල. ඒත් ඒව ගැන මට කිසි ආසාවක් නෑ බන්.
අනික මට කිසි දෙයක් එක දිගට කරන්නත් බෑ හිත හයිය නෑ කඩන් වැටෙනව. මොකක්දෝ මහා තනිකමක්, දුකක් හතේ තියෙනව මාව ගිලගන්න හදන. මම මේව අද වෙනකන් කාටවත් කියල නෑ.
අනිත් එක මට කෙල්ලෙක් ඉඳලත් නෑ අදටත් නෑ මට දැන් 24 වෙනව. හැම කොල්ලම ලව් කරන කාලේ. ඇත්තටම මාත් ආසයි කෙල්ලෙක්ට ආදරේ කරන්න. මුල් දවස් වල මම ට්රයි කරා. ඒත් රෙස්පොන්ස් එක එච්චර හොඳ නැති නිසා මම ඊට එහාට ගියේ නෑ. පස්සෙ පස්සේ ආදරයක් ලැබෙනව ආසාවෙන් හිටියට කෙල්ලො පස්සේ ගියේ නෑ. මට වඩා සිය ගුණයක් සාපේක්ෂව කැත කොල්ලෝ ලස්සන කෙල්ලො යාලුකරන් ඉන්න හැටි දැක්කම මට හිතෙන්නේ මම මහා ලූසර් කෙනෙක් කියල මචංලා. මට දැන් කිසිම ලව් මූවී එකක්, වීඩියෝ එකක්, සිංදුවක් අහන්නේ නෑ මොකද මට මාර විදියට ඒව බැලුවයින් පස්සේ දුකක්, කලකිරීමක් එනව මචංලා. අම්මත් කැමතියි මම කෙල්ලෙක් යාළු කරගන්නව නම්. ඒත් මගේ සිටුවේෂන් එකත් එක්ක කෙල්ලෙක් මාත් එක්ක යාළුවෙයි කියල හිතන්න අමාරුයි. අනිත් එක්ක මට කෙල්ලොත් එක්ක තොඳොල් කතා කියන්න තේරෙන්නෙත් නෑ. මගෙන් පිටවෙන ඇක්සන්ට් එක හෙන බෝරින් අනික.
මට මොකක් හරි ජොබ් එකක් කරන්න කොහේවත් යන්නත් බෑ බන්. අම්ම විතරනේ ඉන්නේ. ගෙයක් අරන් යන්න තරම් වත්කමකුත් නෑ. එහෙම උනොත් ගමේ ගෙවල් දොරවල් පාලුවෙනව. මම ඉන්න පලාතේ මම දන්න දේවලට රස්සාවලුත් නෑ මචංලා.
මගේ ජීවිතේ පට්ට ඒකාකාරියි. හරියට හිරගේක ඉන්නව වගේ. ඒත් මම ඒකට හුරුවෙලා. හැබැයි මට කිසිම සමාජ බියක් නෑ. ඕනතැනක ගිහින්, ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන්. මම රටේ ගොඩක් තැන්වල තාම ගිහින් නෑ බන්. මට හිතෙනව මම ජීවත් වෙන එක තේරුමක් නෑ කියල. මට සමර වෙලාවට හිතෙන් ඇඩෙනව මට මම ගැනම සහ අම්ම ගැන දුක හිතිල. මම කිසිම සෝෂල් නෙට්වර්ක් එකක් යූස් කරන්නෑ මොකද මගේ යාළුවොන්ගේ ජීවිත බලද්දී මම ඉන්නේ අපායක කියලයි මට හිතෙන්නේ. මට රෑට නින්ද යන්නෙත් නෑ මචංලා සෑහෙන්න රෑ වෙනකන් අවදිවෙලා ඉන්නව එහෙම උනොත් තමයි නින්ද යන්නේ.
අම්මත් නැති උන දවසක මම හරියට අනාතයෙක් වගේ බන්. කාත් කවුරුවත් නෑ. අදටත් මොන වැඩේ කරත් මම තනියම තමයි කරන්නේ. කොහොමත් මම පිරිසක් අතරට ගියත් ඒ පිරිසෙන් මාව කැපෙනව. මොකද මගේ පර්සනැලිටි එක එච්චර හොඳ නැතිව ඇති. මොකද මම වැඩිය එකිනෙකා එක්ක සබඳකම් තියාගන්න අමාරුයි. ඒ කිව්වේ තරහ වෙන එක නෙමේ. මට ඒක කියන්න තේරෙන්නෑ බන්. ඉතින් කොහේ ගියත් හෙන අවුල් මොකද කිසිම එකක් කැමති නෑ මාත් එක්ක ෆිට් වෙන්න. මම ට්රයි කරත් හරියන්නෑ.
මම හැබැයි කේලම් කියන, අනුන්ගේ දේවල් හොයන චාටර් කොල්ලෙක් නෙමේ. සරාවෙන් සූදුවෙනුත් තොරයි. ඒත් ඔහොම තමයි වෙන්නේ.
දැන් 24 එකේ තව අවුරුදු දෙකකින්වත් බඳින්නත් ඕන. අනේ මංද මචංලා මට නම් දැන් පිස්සු වගේ. පුලුවන්නම් මට හොඳ උපදෙස් ටිකක් දියල්ලා මම මොනවද කරන්න ඕන කියල.![]()
ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවෙ බන්. නැගිට ගන්න බැරුව ඉන්නේ උන හැදිල අද වැඩට ගියෙත් නෑ
මගේ මගුල හබක් උනා බන්.මට කෙල්ලෙක් සෙට් උනා නැටම් ටීචර් කෙනෙක්. මාස ගානක් ආස්රය කරා බන්. ගෙවල් වලිනුත් කැමති වෙලා උන්නේ. ගිය සුමානෙ කෙල්ලගේ ලොකු අයිය බැංකුවට ආව කියහන්කො. ඉතින් වැඩේ මාට්ටු. මේ යකා වැඩකට ආපු ගහන් මම බලන්න කියල බැංකුවට ඇවිත්. තාම කෙල්ලවත් ඇවිත් නෑ
කතා බහ කරල ශේප් එකේ ගියා. බට් මට තේරුනා පොරගෙ මූන අවුල් උනා. හැසිරීමත් අවුල් උනා. පටස් ගාල ගියා.
හිතුව වගේම. විනාඩි 30ක් ගියේ නෑ කෙල්ලගෙන් ආව කොල් එක. මම පැහැදිලි කලා. එයත් අහන් හිටිය. දවසක් යනකන් කෙල්ලගේ ෆෝන් ඕෆ්.ඊට පහුවෙනිද පිය තුමා අමතල කිව්ව. පුතා මේ මේ මගුල කෙරෙන්නෑ බ්ලාහ් බ්ලාහ්.
කෙල්ලත් දැන් ෆොන් ඔන් කරල බට් ආන්සර් කරන්නෑ බන්. මැසේජ් කරත් රිප්ලයි නෑ. ඒ අස්සේ කරුම උනකුත් හැදුන කියහන්කෝ.
ජීවිතේම එපා වෙලා ඉන්නේ බන්. සෑහෙන්න හීන දැක්ක මේ කෙල්ල එක්ක පවුලක් වෙන්න.![]()



උබත් හෙන්රි,AloneGuy90 වගේ සල්ලි,පොර ජාතකේ දෙසලා මුලින් තැනක් හදා ගන්න ඕන...නැත්නම් උබ ගැන දාන්න තරම් සුදුසුකම් මදි![]()

ane manda elakiriye tharam dhanawaththu kohewath nathuwa athi



අම්මො එහෙමද? මු එකපාරක් මම FD ප්රශ්නයක් අහුවම උට කොල් එකක් දෙන්න කිව්වා වැඩි රෙට් එකක් දෙන්නම් කියලා, හොද වෙලාවට කොල් නොකරෙ.
මම මුලින් හිතුවෙ Barry Allen == Alone90 කියලා, මොකද අරු කොමෙන්ට් දානකොට් ඔයත් එසැනින්ම කොමෙන්ට් කරන නිසා


අම්මො එහෙමද? මු එකපාරක් මම FD ප්රශ්නයක් අහුවම උට කොල් එකක් දෙන්න කිව්වා වැඩි රෙට් එකක් දෙන්නම් කියලා, හොද වෙලාවට කොල් නොකරෙ.
මම මුලින් හිතුවෙ Barry Allen == Alone90 කියලා, මොකද අරු කොමෙන්ට් දානකොට් ඔයත් එසැනින්ම කොමෙන්ට් කරන නිසා
mama wenna one ubata warning eka dunne u kiyana ewa ahanna epa kiyalaරෝසි ආච්චි;21042402 said:mama wenna one ubata warning eka dunne u kiyana ewa ahanna epa kiyala

රෝසි ආච්චි;21042402 said:mama wenna one ubata warning eka dunne u kiyana ewa ahanna epa kiyala




Dan dan godakma FB eke wenneth okane ban.posh wenna kiyala wena evunge waahanawalata heththuwela photo gahala uge waahane wage daanawa.ekko mokakhari loku building ekak issaraha indagena photo gahanawa uge building eka wage.ekko maase antimata hambuwena sochchan padiyen kfc gihilla naasthikarala photo gahala daanawa hamadaama kanne kfc eken wage.okkoma pada show tamai tiyenne......

