Amazing Israel Part 2

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,326
    1,934
    113
    Kalutara
    මැදපෙරදිග දූවිලි ගොඩකින් පටන් අරන් අවුරුදු 60 කදී පුංචි රටක් හදලා ඒ රට විශාල අරාබි ආක්‍රමණ 3 කින්ම රැකගෙන විද්‍යාවෙන් හා තාක්ෂණයෙන්
    වාර්තා පිට වාර්තා තියමින් යුරෝපා, ඇමරිකාව වගේ රටවල් එක්ක කරට කර ගෙනාපු ගමන ගැන අපි කලින් ලිපි වල කතා කළා මතක ඇති.

    මේ කතාව හොඳට තේරෙන්න නං අනිවාර්‍යෙන්ම පළවෙනි ලිපිය බලල එන්න වෙනවා
    (http://www.elakiri.com/forum/showthread.php?t=1622022)


    za28lna8a0jyfc4zg.jpg


    ඒත් යුදෙව්වො මේ තරම් දක්ෂ උනේ කොහොමද ?

    අපි දන්නවා මැදපෙරදිග රටවල් තාමත් රැකෙන්නෙ තෙල් විකුණලා. ඒ රටවල සංවර්ධනයට, තාක්ෂණික දියුණුවට ගොඩක් දායක වෙන්නේ
    පිට රටින් ආපු මිනිස්සු මිසක් මුස්ලිම්වරු නෙවෙයි.


    ඒත්…...යුදෙව්වො කියන්නෙත් සෑහෙන තරම් මුස්ලිම්වරු වගේම ජාතියක් තමයි.

    ඌරු මස් නොකෑම, හලාල් වෙනුවට Kosher, පුංචි කාලෙදිම “අහවල්” කොටස අයින් කිරීම.
    අරාබි වගේම දකුණේ ඉඳන් වමට කියවන හීබෲ භාෂාව.
    කොටින්ම මුස්ලිම්වරු
    වගේම පුංචි තප්පියකුත්
    (kippah)
    මේ අය පලඳිනවා. මුස්ලිම්වරුන් ගෙ අල්- කුර්ආන්
    එක වගේ සමහරු තමන්ගෙ යුදෙව් බයිබලය
    (Torah) දිවි
    හිමියෙන් අදහනවා.

    7bdmhu2kr294zuvzg.jpg


    ඉස්ලාමය, ක්‍රිස්තියානි/කතෝලික ආගම පටන් ගත්තෙත් යුදෙව් ආගමෙන් ම තමයි.

    එහෙනං යුදෙව්වො මේ තරම් ඉදිරියෙන් ඉන්නෙ කොහොමද ? මේ තරම් සහජ ඥානයකට උරුමකම්
    කියන්නෙ කොහොමද ? ඒකට ඒ අයගෙ ආගම සංස්කෘතිය දායක උනාද ?

    ඉස්ලාමයේ ඉගෙනීමට, දැනුම හොයාගෙන යෑමට කොයි තරම් උනන්දු කළත් වැඩක් වෙලා නෑ.
    ලෝකය පුරා බිලියන ගණනින් මුස්ලිම්වරු පැතිරිලා හිටියත් ඒ ගොඩක් රටවල අධ්‍යාපනයට
    ඒ තරම් දායකත්වයක් මේ අයගෙන් ලැබෙන්නෙ නැහැ.


    නමුත් යුරෝපීය යුදෙව්වෝ ඒ රටවල දැනුම, සාරය උරාගත්තා. ගත්තා ට වඩා ආපහු ලෝකෙට දුන්නා.
    තමන් අධ්‍යාපනයක් නොලබන එක, ළමයින්ට උගන්නන්නෙ නැති එක මහා පවක් විදිහට
    යුදෙව් ආගමික නීති පොත් වල ත් කියවෙනවා.


    මේ නිසාම යුරෝපය පුරා, විසිරිලා හිටපු යුදෙව්වන් ඒ හැම රටකම අධ්‍යාපනයේ පුරෝගාමියෝ වුණා.
    උගතුන් අතරින් කැපිලා පෙනුන ගොඩ දෙනෙක් යුදෙව්වන්ම වුණා.

    ඒ විද්‍යාවට හා තාක්ෂණයට තමන්ගෙ තිබුණූ හපන්කම, පලස්තීනයේ කාන්තාරය ජයගන්න මේ අයට
    ලොකු ‘පිටිවහලක්’ වුණා.

    මේ ගැන හරියට කියන්න නම්, මේගොල්ලෝ පලස්තීනයට සංක්‍රමණය වෙච්ච තැන ඉඳල ම කතාව පටන් ගන්න වෙනවා.

    මේ කියන්න යන්නෙ යුදෙව්වෝ, මැදපෙරදිග පලස්තීන කාන්තාරය දිනීමේ අපූරු කතාන්දරයයි…..!


    - පලස්තීනය -

    මේ අය යුරෝපයේ ඉඳන් එනකොට පලස්තීනය කියන්නෙ වතුර නැති නිසරු පසක් තිබුණු කටුක කාන්තාරයක්. ඒ විතරක් නෙවෙයි ගල් වලින් පිරිලා….

    9yr5d88tqmrddl9zg.jpg


    වතුර තිබිච්ච තැනුත් වගුරුබිම් වෙලා මැලේරියා මදුරුවෝ බ්‍රේක්ඩාන්ස් දාගෙන හිටපු තැනක්. මුස්ලිම්වරු යුදෙව්වන්ට විකුණනන්නෙ ඒ වගේ ප්‍රදේශ විතරයි.
    ඒ පැතිවල කාටවත් ජීවත්වෙන්න බැහැ කියලයි මුස්ලිම්වරු
    හිතුවෙ.

    නමුත් මේ කාන්තාරයේ දූවිලි තුළින් කලින් තිබුණු තමන්ගෙ රාජ්‍යය ආපහු මතු කරන්න, යුදෙව්වො අවුරුදු 2000 ක් තිස්සේ හීන දැක්කා.
    කොයි තරම් නොවටිනා උනත් මුස්ලිම්වරු ඉල්ලපු වැඩි ගණනට ඉඩම් ටික
    ගත්තා.

    ඒත් මැලේරියා “බෝනස්” එකත් එක්කම මිලදී අරගෙන පදිංචි වුණ මේ අයගෙන් ⅓ ක්ම මේ රෝගයට ගොදුරු වුණා.
    ඇඟේපතේ වැඩ, ගොවිතැන්, ගොඩනැගිලි ඉදිකිරීම් ගැන කිසි අත්දැකීමක් යුදෙව්වොන්ට තිබුණේ නැහැ.
    මේ අයගේ ලී ගෙවල් හුලඟට කඩා වැටුනා,
    ගොවිතැන් අසාර්ථක වුණා.

    ඊශ්‍රායලය සිහිනය පටන්ගන්නත් කලින් ම වැනසිලා යන ලකුණු පේන්න ගත්තා…..

    හැබැයි මේගොල්ලෝ අතෑරියේ නෑ. අක්කරෙන් අක්කරේ නිසරු පස හෝදලා ලවණ ගතිය අඩු කළා. ගල් අයින් කළා, ගිණි අව්වේ උදලු අරන් වැඩට බැස්සා.

    වගුරුබිම් වලට එන ජල මාර්ග අවහිර කරලා ගොවිතැනට පාවිච්චි කළා. මේ නිසා වතුර එකතවුණ තැන් අඩු වුණා. මදුරුවන් ගහනය අඩු වුණා.

    emla0he4rt9n9bgzg.jpg

    (මේ අයගේ මදුරු මර්ධන වැඩසටහන කොයි තරම් සාර්ථක උනාද කියනවනං, ඒ ගැන ඉගෙන ගන්න ජාත්‍යන්තර සංවිධානයක් පවා ඊශ්‍රායලයට ආවා)

    මේ විදිහට පලස්තීනය මැලේරියාවෙන් නිදහස් කරන ගමන්ම කාන්තාරයේ වගා කරන හැටි ගැන හිතන්න ගත්තා.
    මේ වැඩේට සුදුසු වගා ක්‍රම, යුදෙව් ජීව විද්‍යාඥයන් අතින් නිර්මාණය වෙන්න ගත්තා.


    මේ හැමදේටම යුදෙව්වෝ අරගෙන ආපු විද්‍යාත්මක දැනුම ගොඩාක් ප්‍රයෝජනවත් වුණා.

    0ez4nz6oceo1071zg.jpg


    හැබැයි තාක්ෂණය අතින් මොන තරම් දියුණු උණත්, මේගොල්ලො තමන්ගෙ උරුමය අමතක කළේ නෑ

    විද්‍යාවෙන් ඉදිරියට යන ගමන්, තවත් කට්ටියක් යුදෙව් ඉතිහාසය හරහා ආපස්සට ගවේශනය කරන්න ගත්තා.
    මීට අවුරුදු 2000 ට කලින් හිටපු යුදෙව්වන්, කාන්තාරයේ වගා කරපු ගස් මොනවද කියල හොයන්න තමන්ගෙ බයිබලය (Torah) පවා අධ්‍යනය කළා.

    දිවා රෑ නොබලා මේ අය හෙලපු දහඩිය මහන්සිය නිසා ඩිංග ඩිංග බඹරය යන්තමින් යුදෙව්වන්ගෙ පැත්තට කැරකැවෙන්න ගත්තා.

    මහ පොළොවේ රහස්, ටිකෙන් ටික මේ අයට තේරෙන්න ගත්තා

    69af3k9afwtfaf5zg.jpg


    වනාන්තරයෙන් කාන්තාරය වට කරන මේ අපූරු ආක්‍රමණය අදටත් ඊශ්‍රායලය ඇතුලෙ සිද්ධ වෙමින් පවතිනවා.

    මුළු ලෝකෙන්ම කලින් තිබුණට වඩා ගස් වැඩි කරගත්තු රටවල් 2 න් එකක් බවට පත් වෙනවා.

    අද ඊශ්‍රායලය තමන්ගෙ අස්වැන්නෙන් 70% අපනයනය 'හිටං' කරනවා.

    ඊශ්‍රායලී‍ය විද්‍යාඥයින් කාන්තාරයටම විශේෂයෙන් සකසපු අළුත්ම බෝග ජාති පවා හඳුන්වා දෙන්න පටන් ගත්තා,

    ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන තක්කාලී වර්ග
    (cherry tomato by Hazera Genetics) සහ ලුණු සහිත වතුරෙන්

    උනත් වවන්න පුළුවන්, කාන්තාරයටම සකසපු අල වර්ග වගේ ගොඩාක් වටින බෝග නිර්මාණය කරන්න ගත්තා.

    flqslegry6j2rdszg.jpg


    මුස්ලිම් රටවලට ඊශ්‍රායලයත් එක්ක ලොකු ලොකු ප්‍රශ්න තියෙන බව ඕනෙ කෙනෙක් දන්නවා

    ඒත් ඊශ්‍රායලිකයෝ ලෝකෙට දුන්න වැඩිදියුණු කළ මේ බෝග නං කිසි ප්‍රශ්නයක් නැතුව, පසු කාලීනව,
    ඊජිප්තුව, ජෝර්දානය සහ මොරොක්කෝවත් වගා කරන්න ගත්තා.


    මේ විදිහට වගාවන් සරු කරගෙන යද්දි ස්වභාවධර්මයෙනුත් අලුත් අලුත් අභියෝග එල්ල වෙන්න ගත්තා.
    කෘමි උවදුරු පලිබෝධ උවදුරු මතු වෙන්න පටන් ගත්තා.

    ඒත් මේ තරම් අමාරුවෙන් ගහක් වවාගන්න තරමට සකසපු පොළොවක්, කෘමිනාශක ගහලා විනාශ කරන්න යුදෙව්වන් කැමතිවුණේ නෑ.
    මේකට පරිසර හිතකාමී පිළිතුරක් හොයන එක නැවතත් ඊශ්‍රායලී‍ය විද්‍යාඥයින්ටම බාර වුණා. මේගොල්ලො විසෙන් විස නසන්න
    එහෙම නැත්නම් කෘමි උවදුරට කෘමීන්ගෙන්ම උත්තර දෙන්න පටන් ගත්තා.


    inavcs40a6o5h88zg.jpg


    මේ සමාගම, කෘමීන්ගෙ පිරිමි සත්තු අල්ලගෙන ඒගොල්ලො වඳ කරලා පරිසරයට නැවත මුදාහැරියා.
    ඒ වඳ පිරිමි සත්තු නිසා ක්‍රමයෙන් අර කෘමීන්ගේ ජනගහනය අඩු වෙන්න ගත්තා. මේ ක්‍රමය දැන් රටවල් 32 ක භාවිතා වෙනවා.


    යුදෙව් ඉතිහාස පොත් වලට අනුව, ආදී කාලයේ ඊශ්‍රායලිකයෝ වාතයේ තියෙන ජල වාෂ්ප එකතු කරගන්න
    ගල් විශේෂයක් පාවිච්චි කළා

    da7y415fhmohcy8zg.jpg


    අද මේ අය මේ වැඩේට නවීන ප්ලාස්ටික plate එකක් පාවිච්චි කරනවා. ජල පරිභෝජනය 50%අඩු කරලා,
    උපරිම ජල වාෂ්ප එකතු කරගන්න විදිහට මේ plate එකේ හැඩ තල, මිනුම් හදලා තියෙන්නෙත්
    ඊශ්‍රායල විද්‍යාඥයන් අතින්ම තමයි.
    (“Tal-Ya” නැත්නම් “God’s Dew”)


    මේ අය කවදා හරි ලෝකයේම ආහාර හිඟය(world hunger)නැත්තටම නැති කරලා දැම්මොත් ඒ ගැන පුදුම
    වෙන්න දෙයක් නැහැ :D

    ඉතින් මේ විදිහට ඊශ්‍රායලිකයන්, ස්වභාවධර්මයේ ගැට ලිහපු අවස්ථා ගොඩාක් තියෙනවා.
    ලිපිය දිග වැඩි වුණ නිසා ඒ විස්තර ගොඩක් අයින් කරන්න වුණා :( .

    ඒ ගැන ඔයාලම හොයලා බලන්න
    (Bee pollination, Owls for mice, Grain Pro, Biofuel, dairy farm control)

    වර්තමාන ඊශ්‍රායලය තමන්ගෙ වතුර ප්‍රමාණයෙන් 75% පිරිසිදු කරලා නැවත පාවිච්චි කරනවාමේක ලෝක වාර්ථාවක් !
    දෙවෙනියට ඉන්න ස්පාඤඤය 10% ක් විතරයි නැවත පාවිච්චි කරන්නෙ.

    කොටින්ම මේගොල්ලො මුහුදු ජලය පවා පිරිසිදු කරලා බොන්න ගන්නවා.

    67mib1rddg69k8zzg.jpg


    ඊශ්‍රායලය මේ වතුර ජෝර්දානයට පලා එන සිරියානු මුස්ලිම් සරණාගතයින්ට ලබා දෙන්නත් කටයුතු කරනවා

    දැන් අපේ ලංකාව පවා රුපියල් (මිලියන නෙවෙයි) බිලියන ගණන් වලට ඊශ්‍රායලීය water treatment, water management systems මිලදී ගන්නවා.

     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,326
    1,934
    113
    Kalutara
    ඊශ්‍රායලිකයන් තමන්ගෙ වගාවන් වලට යොදාගන්නෙ බිංඳු ජල (Drip Irrigation) ක්‍රමයයි. මේකෙ නවීන ක්‍රමවේද හොයාගත්තෙත්
    යුදෙව් ඉංජිනේරුවරයෙක්
    (Simcha Blass).
    වගාවන් වලදී Drip Irrigation වගේ වතුර ඉතුරු කරන ක්‍රමයක් තවත් නැති තරම් !

    g41nht6z982p1mgzg.jpg


    මේ ක්‍රමයෙන් කලින්ට වඩා 40% අඩු වතුර ප්‍රමාණයකින් 50% වැඩි වගාවක් ලබාගන්න මේගොල්ලො සමත්
    වෙනවා. ඊශ්‍රායලිකයන් වැඩිදියුණු කරපු මේ නවීන Drip Irrigation ක්‍රමය වර්ථමානයේ රටවල් 110 කම
    අතිශයින් ජනප්‍රිය වෙනවා

    මේ තියෙන්නෙ අදටත් ඊශ්‍රායලයේ 60% ක් පුරාවට විහිදිලා, පැතිරිලා තියෙන Negev කාන්තාරය.

    8yx8ydumv2gvq19zg.jpg


    මේක දැක්කම ඕනෙ කෙනෙක්ට හිතෙන්නෙ බොහොම කටුක කාටවත් ප්‍රයෝජනයක් ගන්න බැරි තැනක් විදිහට.
    නමුත් දෙවියන් වහන්සේ තමන්ට දුන්න ඊශ්‍රායල් දේශයේ හැම දෙයක්ම ප්‍රයෝජනවත් විය යුතුම යි
    කියන එක
    යුදෙව්වෝ තදින්ම විශ්වාස කරනවා.


    ඒ ඔස්සේ හිතන ඊශ්‍රායලිකයෝ මේ කටුක කාන්තරයෙන් ලස්සන ප්‍රයෝජන 2 ක්ම හොයාගන්නවා.

    මේ අය Negev කාන්තාරය යට විශාල මුහුදක් (underground sea) හොයාගන්න සමත් වෙනවා.
    ඒ වතුර පාවිච්චි කරල මේ අය කාන්තාරයක් මැද්දෙ මේ අය මත්ස්‍ය වගාවක් පටන් ගන්නවා :O

    ls637xn3ma93dimzg.jpg


    ඒ මුහුදු වතුර අරගෙන මාළුන්ට සුදුසු තරමට පිරිසිදු කරලා විශාල පොකුණු වල මේගොල්ලො කෑමට ගන්න පුළුවන් මාළු ඇති කරනවා.
    මාළුන්ගෙ වසුරු
    (බෙටි) පවා පොහොරක් විදිහට ඒ ලඟින්ම තියෙන ඔලිව් වගාවන් වලට යොදනවා.
    මේගොල්ලො කිසිම දෙයක් අහක යන්න නම් දෙන්නෙ නෑ.


    Negev කාන්තාරයට අවුරුද්ද පුරාම ලැබෙන කටුක ඉර එළිය මේගොල්ලො ආශිර්වාදයක් කරගන්නවා.
    පොළොව යට තියෙන මුහුදකිනුත් ප්‍රයෝජනය ගන්න මේ අයට, එළිපිට තියෙන දේවල් මග අරින්නෙ නැහැ ;)
    මේක තමයි මේගොල්ලො ගන්න දෙවැනි ප්‍රයෝජනය.

    imbvec76l9enpevzg.jpg


    සූර්‍ය ශක්තිය…. (රුවන්ඩා, ඉක්වදෝරය වගේ) 3 වෙනි ලෝකෙ දුප්පත් රටවල් වලටත් මේ සුර්‍ය
    පැනල නිපදවලා දෙනවා.

    (ලෝකෙ පලවෙනි hybrid solar power plant එක, ඉතියෝපියාවෙ projects…..මේවා හොයාගෙන කියවන්න.)

    ඉතින් මේ වගේ මුස්ලිම්වරු විසින් අතහැරල දාලා තිබුණු වගුරු බිම්, කාන්තාර, යුදෙව්වන් විසින් පාරාදීසයක්
    බවට පත් කරන්න සමත් වෙනවා.

    jjbf6chuahc4s5azg.jpg


    හැබැයි පුතෝ.. ඊශ්‍රායල ආරක්ශක අංශ තමන්ගෙ Nuclear Warheads හංගලා තියෙන්නෙත්,
    අලුත් ආයුධ අත්හදා බලන්නෙත් මේ කාන්තාරයේමයි කියලා තමයි කියන්නේ.


    මෑත කාලයේ මුස්ලිම්වරු විතරක් නෙවෙයි. යුදෙව්වන් පලවාහැරියට පස්සෙ, පහුගිය අවුරුදු 2000 පුරාවට
    බැබිලෝනියානු, පර්සියානු, ග්‍රීක, රෝමානු, ඔටෝමන්, බ්‍රිතාන්‍ය වැසියො වගේ ගොඩක් රාජ්‍යන්, ඔය කියන
    කාන්තාරය ජයගන්න උත්සාහ කළා.

    නමුත් ඒ කවුරුත් සාර්ථක වුණෙ නෑ. හරියට ඊශ්‍රායල දේශය, යුදෙව්වො කවදාහරි ආපහු එනකම් ම බලාගෙන
    හිටියා වගේ.

    අද මේ පුංචි රටේ විද්‍යාඥයෝ, කාන්තාරයත් එක්ක සටන් කරන හැටි මුළු ලෝකෙටම කියලා දෙනවා.
    අප්‍රිකාවේ දුප්පත් රටවල් වල කාන්තාරකරනයට විසඳුම් දෙන projects රැසක් මේ අය දියත් කරනවා

    16io779n8sizv1jzg.jpg


    හැබැයි මේ හැමදෙයකටම පිටිපස්සෙ ඊශ්‍රායලයේ හිටපු දක්ශ නායකයන්ගෙ මඟ පෙන්වීම උදව් වුණා.

    9k737sea9lwnlamzg.jpg

    (බෙන් ගූරියන් - ඊශ්‍රායලයේ පලවෙනි අගමැති)

    මේ වෙනකම් කියපු විද්‍යාත්මක විසඳුම්වලින් පර්සරයට සිදුවන හානිය ගොඩාක් අවමයි කියලා
    තේරෙන්න
    ඇති.

    මේ අය පරිසරය දකින්නෙ දෙවියන්ගෙන් තමන්ට ලැබුණු තෑග්ගක් විදිහට. ඒ නිසාම 1950 ඉඳන්ම
    එයට හානි නොකර Clean & Green කියන සංකල්පයට අනුව වැඩ කරන්න ඊශ්‍රායලිකයෝ පුරුදු වෙලා හිටියා .


    ඒ කාලෙ වෙද්දි ලෝකෙ වැඩි දෙනෙක් මේ සංකල්පය ගැන අහල වත් තිබුණේ නෑ !

    ඉතින් මේ හැම දියුණුවකට හේතුව වුණෙ, දැනුම කෙරෙහි යුදෙව්වන්ගෙ තිබුණූ අසීමිත පිපාසය නිසයි

    vc2avjcvj2lfgdmzg.jpg


    අපි දන්නවා වෙළඳාමෙන් පැවතීගෙන එන මුස්ලිම්වරු කොයි තරම් වෙළඳාමට හපන් ද කියන එක. ඒ වගේම
    හිතලා බලන්න...මුස්ලිම්වරුන්ටත් කලින්, අවුරුදු දහස් ගණනක් පුරාවට ඉගෙනීම මුල් කරගත්තු ජාතියක්

    කොයි තරම් නම් හැකියාවන්ගෙන් යුක්ත වෙන්න ඕනෙද කියලා :D

    යුරෝපීය යුදෙව්වන්ට තමන් ඉන්න රටවල් වල ඉඩම් ගන්න, ගොවිතැන් කරන්න ඒ රටවල් ඉඩ දෙන්නෙ නැහැ.
    මේ නිසා ඇඟේ පතේ වැඩ වෙනුවට මොළෙ විතරක් වෙහෙසන බැංකුකරුවෝ, සැළසුම්කරුවෝ,

    ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ වගේ රස්සාවලට මේ අය කොටු වෙනවා.

    ඉතිං යුරෝපයේ හිටපු අවුරුදු 2000ක් පුරාවටම මේ අයට බුද්ධිමතුන්, චින්තකයන් වෙන්න මේක ලොකු
    හේතුවක් වුණා.

    යුදෙව් සංස්කෘතියේ Tikkun olam ( תיקון עולם‎) කියල වැකියක් තියෙනවා. ඒකෙ තේරුම තමයි
    “ලෝකය පිළිසකර කිරීම ” (fixing the world) කියන එක. මේ අය විශ්වාස කරන විදිහට යුදෙව්වෝ කියන්නෙ
    දෙවියන් වහන්සේ විසින් තෝරගත්තු විශේෂ කට්ටියක් ; ලෝකය පිළිසකර කරන එක මේ විශේෂ යුදෙව්වොන්ගෙ වගකීමක්.

    ආගමික, සංස්කෘතික පසුබිමත් එක්ක ලෝකය පිළිසකර කරන්න මේ අය අතින් ගොඩාක් දේවල් නිපදවෙනවා

    - ආගම සහ විද්‍යාව -

    --------------------
    පිළිකා ඉව කරන කෘතිම නාසය

    යුදෙව්වො, තමන් අදහන දෙවියන්ගෙ ස්වභාවික මැවුම් ගොඩාක් අගය කරනවා. ඒත් ඒවට අගය කර කර වැඳ
    වැඳ ඉන්නෙ නෑ. ඒගොල්ලන්ගෙ නව නිපැයුම් වලට අදහස් පවා ගන්නවා.

    සමහර සුනඛයොන්ට මිනිස්සුන්ගෙ පිළිකා වගේ රෝග ඉව කරලා අඳුන ගන්න පුළුවන්. මේ දෙවියන්ගෙ මැවීම
    වැඩිදියුණූ කරලා, පිට කරන හුස්මෙන් පිළිකා හඳුනගන්න පුළුවන් උපකරණයක් හොයාගෙන තියෙනවා.

    l33aqia35gr7tiszg.jpg


    මේ උපකරණයෙන්ම Alzheimer, Parkinson වගේ වෙනත් රෝගත් හඳූනගන්න පුළුවන්

    wcykwkw97wy5bh8zg.jpg


    --------------------

    දෙපා පණ නැති අයව නැවත ඇවිද්දවන්න පුළුවන් උපකරණයක්.

    ebg5450jno7s504zg.jpg


    2012 දී ඉංග්‍රීසි ජාතික කාන්තාවක් මේ උපකරණය පාවිච්චි කරලා මැරතන් එකකට සහභාගී වෙලා හැතැප්ම
    26 කුත් දිව්වා.

    --------------------

    යුදෙව් බයිබලයේ වැකි සිහිකරන මේගොල්ලො ඊශ්‍රායලයේ දෘශ්‍යාබාධිත අය ගැනත් විශේෂයෙන් සළකනවා

    flwt12syndljzr1zg.jpg


    ලෝකෙ අන්ධ අය සඳහාම හදපු පළවෙනි Smartphone එක බිහි කරනවා.
    ඊශ්‍රායලයේ මුදල් නෝට්ටු පවා ඇස් නොපෙනෙන අයට අතගාලා කියවන්න පුළුවන් බ්‍රේල් ක්‍රමයට අනුව තමයි නිපදවෙන්නෙ.

    ඈත අතීතයේ, ඉගෙනීමටම කැපවුණු ළමයින්ට අවුරුදු 10ක් පුරාවට කන්න බොන්න අඳින්න නොමිලේ දෙන ක්‍රමයක් යුදෙව් සංස්කෘතියේ තිබුණා.
    ලෝකයේ “ශිෂ්‍යත්ව” ක්‍රමයේ
    (scholarship) උපත ත් මේක කියලත්
    සමහර විද්වත්තු හඳුන්වනවා.
    ( එක කාලෙකදි ලෝකයේ පළමු වතාවට යුදෙව්වො ජාතියක් විදිහට පිරිමි සාක්ෂරතාව 100% කරගත්තු හැටි හොයාගෙන කියවලා බලන්න)

    අදටත් ඊශ්‍රායලය කියන්නෙ මුළු ලෝකෙන්ම තමන්ගෙ රටේ ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් පර්යේශන සහ වැඩිදියුණුකිරීම් වලට
    (Scientific Research and Development - R&D)
    වලට ආයොජනය කරන රට !


    මේ විදිහට අධ්‍යාපනයට විද්‍යාවට, නව අදහස් වලට තියෙන අසීමිත ඉඩකඩ නිසාම ඊශ්‍රායල ලෝකෙ 4 වෙනියට වැඩිම උගතුන් ප්‍රතිශතයක් ඉන්න
    රටක් බවට පත් වෙනවා. මේ අතින් ඊශ්‍රායලය ඉන්නේ
    ඇමරිකාව
    ඔස්ට්‍රේලියාව වගේම බ්‍රිතාන්‍යයටත් උඩින්.

    ඉතින් මේ වගේ අව්‍යාජ චින්තනයක් , ආශ්චර්‍යක් සහ සුභ අනාගතයක් එක්ක ඉදිරියට යන ඊශ්‍රායලයේ, ආයෝජනය කරන්න සමාගම් රැසක්
    එකතු වෙනවා


    d818ve3zz11nezxzg.jpg


    (මීට අමතරව Google, Yahoo, Intel, HP, SONY, CISCO අලුතින් Apple R&D ශාඛාවකුත් එකතු වුණා)

    මේ සමාගම් ඊශ්‍රායලයට එන්නෙ මැදපෙරදිග අව්ව තපින්න නෙවෙයි කියන එක දැන් තේරෙනවා ඇති. :P
    ලෝකෙ පළවෙනි ජංගම දුරකතනය (cellphone) ලෝකෙට බිහිවෙන්නෙත් ඊශ්‍රායලයේ Motorola ශාඛාවක තමයි.

    වර්තමාන‍යෙ ඊශ්‍රායලයේ Tel-Aviv නුවර ලෝකෙ 2 වෙනියට මේ වගේ තාක්ෂණික සමාගම් වලට සුදුසුම නගරයක් විදිහට සළකනවා.
    මේක දෙවැනි වෙන්නෙ ඇමරිකාවෙ Silicon Valley වලට විතරයි.


    තාක්ෂණයෙන් කොයි තරම් දියුණූ උනත්, තමන්ගෙ ශුද්ධ භූමියේ යුදෙව් උරුමයන් හොයන එක නැවතුනෙ නැහැ.
    තැනින් තැන කෙරුණු කැනීම් වලින් අවුරුදු දහස් ගණන් පරණ නටබුන් දිගින් දිගටම හම්බුවෙන්න
    ගත්තා.

    ඔය අතරෙ පුරාවිද්‍යාඥයින් අවුරුදු දහස් ගණනක් පැරණි බීජ තිබුණු භාජනයක් හොයාගන්නවා. ඊශ්‍රායලීය
    ජීව විද්‍යාඥයින් අවුරුදු ගණනක් තිස්සෙ සරු බීජ අඳුනගෙන විෂබීජ අයින් කරලා ඉතාම පරිස්සමෙන් මේ ගස
    පැළ කරනවා (Judean Date Palm Tree)

    4iqte34i3qh9k45zg.jpg


    අවුරුදු 1800ක් පුරාවට මේ ලෝකෙන් වඳවෙලා තිබුණු ගහක් නැවතත් මැදපෙරදිග මේ අපූරු රටෙන් ජීවය
    ලබනවා !

    ඉතින් මුස්ලිම්වරුන්ට වඩා මේ අය ඉදිරියෙන් ඉන්න හේතු වුණ අන්තිම කරුණ තමයි……
    යුදෙව්වෝ නවීන ලෝකයට අනුව හැඩ ගැහුන ජාතියක් වීම….

    ගොඩක් මුස්ලිම්වරු වගේ මේ අය අවුරුදු දහස් ගණනක් පැරණි ආගම ඒ විදිහටම පිළිපදින්නෙ නැහැ.
    නවීන ලෝකයේ වෙනස්කම් වලට මේ අය ඉතාම විවෘත්තයි. යුදෙව් ආගමෙත් කාන්තාවන් ආවරණය කරන
    ඒවා,
    දිගට රැවුල වවන වගේ චාරිත්‍ර අඩංගුයි.


    362l37edocoqex5zg.jpg


    නමුත් බහුතරයක් යුදෙව්වො මේවා ගෙඩි පිටින් පිළිපදින්නෙ නැහැ. ලෝකයේ වෙන කිසිම රටකට වඩා
    සක්‍රීයව ගෑනු අය හමුදාවේ සේවය කරනවා. ගැහැණු Pilot ලා පවා ඉන්නවා.
    තමන්ට කැමති ඇඳූමක් (බිකිනි පවා) අඳින්න ඊශ්‍රායල් නීතියෙන් නිදහස දීලා තියෙනවා


    o788r6n6df38g64zg.jpg

    (බිකිනි රූප ඔයාලම හොයාගෙන බලන්න :P )

     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,326
    1,934
    113
    Kalutara
    ලෝකයේ 3 වෙනි රාජ්‍ය නායිකාව(Golda Meir) බිහි කරනවා. ගැහැනු උනාට ඊශ්‍රායලීය දේශපානඥයො ඔක්කොම යකඩ වගේ මිනිස්සු.

    il5thpuyttwti4ezg.jpg


    හැබැයි ලෝකෙ1 වෙනි රාජ්‍ය නායිකාව නං බිහිවුණෙ වෙන කොහෙන්වත් නෙවෙයි අපේ රටෙන්මයි.
    අන්න ඒ අතින් නම්
    අපි ඉන්නෙ ඊශ්‍රායලයත් වඩා ඉදිරියෙන් :D


    ඉස්ලාමීය ශරි‍යා නීතියෙ තියෙන ජාතියෙම ම්ලේච්ඡ දඬුවම්, යුදෙව් නීති පොත් වලත් තිබුණා. නමුත් පසු කාලීන යුදෙව් ආගමික විශාරදයෝ
    මේ නීති ගොඩාක් ලිහිල් කළා.


    අද ඊශ්‍රායලයේ මරණ දණ්ඩයනයක් නැහැ………...(යුද්ධ කාලවලදී ඇරෙන්න)

    ඊශ්‍රායල වැසියන් කොයි තරම් ඝාතනය කලත්. මොන තරම් විනාශයක් කළත් අරාබි ත්‍රස්තවාදීන්ට ලැබෙන්නෙ ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් විතරයි.
    (ඊශ්‍රායලිකයන් 66 මරපු life sentences 67 තියෙන ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකුත් හිරේ හිටියා )

    මුළු ඊශ්‍රායල ඉතිහාසෙම මරණ දඬුවම දීලා තියෙන්නෙ 2 ක් ට විතරයි.

    නමුත් අරාබි රටවල සමලිංගික වීමේ වරදට, ආගම විවේචනය කිරීම නිසා පවා මිනිසුන් එල්ලා මරනවා. හරි නඩුවක් වත් නැතුව,
    අපේ රටේ රිසානා ගෙ හිස ගසා දමපු සිද්ධියත් මතක ඇති.


    මේ කිසිම දේකට විරුද්ධතවයක් මුස්ලිම් මිනිස්සුන්ගෙන් එල්ල වෙන්නෙ වත් නැහැ

    Anti-Islamic film එකට බම්බලපිටිය/කොල්ලුපිටිය පාරවල් block කරගනෙ පෙළපාලි ගිය අපේම මුස්ලිම්වරු, රිසානා ගේ අසාධාරණය ඉදිරියේ
    සද්ද නැති වුණ හැටිත් මතක ඇති


    හැබැයි යුදෙව්වන්ගෙ අඳුරු පැති ගැනත් දැනගෙන ඉන්න……... මේ අය සාන්තුවරයො නං නෙවෙයි !

    ඉස්ලාමීය රටවල් විද්‍යාවේ මුල්තැන ගත්තු ස්වර්ණමය යුගයකුත් තිබුණා (Al-Chemy, Al-gibra) .
    නමුත් කාලයත් එක්ක ඒවයේ පාලනය අන්තවාදී නායකයොන්ට නතුවෙලා තමන්ගෙ දැනුම මොට කරගත්තා.

    කලින් කිව්වා වගේ යුදෙව් ආගමත් ඉස්ලාමයට සෑහෙන තරම් සමානයි. මේ නිසා ඊශ්‍රායලයත් යුදෙව් අන්තවාදීන්ට යටත් වෙන්න ඉඩක් තියෙනවා.

    kexqjw3zxb68ad5zg.jpg


    දැනටමත් යුදෙව්වො හිතන්නෙ ඒ අය දෙවියන් වහන්සේ තෝරගත්තු අය කියලා . නමුත් තමන් උසස් නිසා පහත් අනික් අයව අතුගාල දාන්න තීරණය කළොත් ?
    ලෝක ආක්‍රමණයකට ආවොත් ????
    අන්න එදාට, මුස්ලිම් අන්තවාදය වගේ ලේසි නං වෙන එකක් නම් නැහැ.

    ඇමරිකාව දැනටමත් පාලනය කරන්නෙ යුදෙව්වො කියලා කියනවා. ලෝකයේ එදා මෙදා තුර හිටපු ධනවත්ම පවුල
    (US$ 500 trillion )
    යුදෙව් කියලත් මතයක් තියෙනවා (Rothschild Family)

    (මේ Rothschild පවුලේ කතාවත් වෙනම කියන්න ඕනෙ එකක්.)


    ඇමරිකාවට න්‍යෂ්ඨික බලයෙන් සන්නද්ධ කරන්නෙත් යුදෙව්වො ම තමයි.


    මේ අය ආයුධයෙන් වගේම දැනුමෙනු ත් සන්නද්ධයි. ඉතාම සංවිධානාත්මකයි. සැලසුම් හදන්නෙ අවුරුද්දකට දෙකකට, නෙවෙයි
    අවුරුදු දහස් ගණනකට හරියන්නයි.


    අන්න එදාට ෂර්ලොක් හෝම්ස් කතාවේ එන මොරියාටි ලා වගේ නපුරු නමුත් තීක්ෂණ බුද්ධියකින් යුතු හමුදාවකට මුහුණ දෙන්න අපිට සිද්ධ වේවි !

    යුදෙව්වො කියන්නෙ ලෝකෙ දක්ෂතම ධෛර්‍යවන්තම ජාතියක්. ඒ ගැන විවාදයක් නැහැ
    ඒත් යහපත් ද කියන එක ගැන නං අපි දන්නේ නැත !

    නමුත් දැනට නං මේ අයගෙ ජීවිත කතාව අපි හැමෝටම හොඳ ආදර්ශයක් :D

    හැබැයි මේ හැමදෙයක්ම පටන් ගත්තෙ යුදෙව් බයිබලයේ (Torah) අනාවැකියකින්….!

    අනිත් අය වගේ නෙවෙයි. යුදෙව්වො, තමන්ගෙ බයිබලයේ තියෙන අනාවැකි ටික දකින්නෙ තමන්
    විසින්ම සපුරාගන්න ඕනෙ අරමුණක්, විධානයක් (commandment එකක්)විදිහටයි.

    rh6vcqa16fy2k89zg.jpg


    මේ නිසා බයිබලයේ තියෙන දේවල වෙනකං බලාගෙන ඉන්න සිරිතක් ඊශ්‍රායලිකයොන්ගෙ නැහැ.


    ලෝකයේ 4 කොනේ විසිරිලා ඉන්න යුදෙව්වන්, නැවතත් තමන්ගේම රටක් පිහිටුවන හැටි,
    ඊශ්‍රායලයේ කාන්තාරය අස්වද්දන හැටි ගැන Torah අනාවැකි වලින් කියවෙනවා.

    ඒකෙන් දිරිමත් වෙන යුදෙව්වෝ ආපහු ඊශ්‍රායලට ඒම ගැන අවුරුදු දහස් ගණනක් තිස්සේ
    හීන දකිනවා. ගීත
    ලියනවා. පරම්පරා ගණනාවක ළමයි ඒ සිංදු ගායනා කරනවා.

    ඔය අතරෙ යුරෝපයේදි යුදෙව්වන් ලක්ශ ගණනින් ඝාතනය වෙනවා. සැරින් සැරේ
    මුඩුක්කු වලට කොටු කරලා දේපල විනාශ කරනවා. ඒ හැම පාරම මේ අය ඒ මුල
    ඉඳන් ආපහු දියුණු වෙනවා. විද්‍යාවෙන්,
    ව්‍යාපාර වලින්, කලාවෙන්, සාහිත්‍යයෙන්
    ලෝකෙට දේවල් දායක කරනවා.


    අන්තිමට හිට්ලර් අතින් ඉතුරු වෙලා ඉන්න යුදෙව්වන්ගෙනුත් 70%ක් ම ඝාතනය වෙනවා !
    (මේ කතාව නං සෑහෙන්න මතභේදාත්මකයි- controversial. හිට්ලර් යුදෙව්වො මැරුවෙ නෑ කියන්නත් නිල නොවෙන සාක්ශි තියෙනවා.)

    හැබැයි ඇමරිකාව යුදෙව්වන්ට හොඳින් සළකනවා. මේ නිසාම යුදෙව්වන්ගෙ දායකත්වයත් එක්ක
    ඇමරිකාව, යුරෝපයත් පහු කරලා ලෝකයේ අංක 1 බලවතා වෙනවා.


    මේ හැම දෙයක් මැද්දෙම ඊශ්‍රායල් දේශය පිහිටුවන්න තමන්ගෙ ළමයින් පුහුණූ කරපු
    හැටි තමන්ගෙ ඊශ්‍රායල් අරමුණ වෙනුවෙන් සති ගණන් බන්ධනාගාර නැව් වල
    මුහුදෙ
    මැද පවා ජීවත් උන හැටි
    . වගේ ගොඩාක් දේවල්
    ගැන ගැන කියන්න මෙතන ඉඩක්
    නැහැ.


    මේ ගැන ඔයාලා හොයාගෙන කියවන්න. හොයාගත්තු දේවල් අපිත් එක්කත් බෙදාගන්න :D


    අන්තිමේදී පණබේරගත්තු අය බයිබල් අනාවැකිය තමන්ගේ අරමුණක් කරගෙන පලස්තීනයට එනවා.

    ඒත් ඒ අයට ස්වභාවධර්මය, කෙළවරක් නැති අරාබි ආක්‍රමණ, තෙල් වැනි සම්පත් නැති කම, යුදෙව් විරෝධීන් ගෙ ආර්ඨික සම්බාධක,
    ඊශ්‍රායලය නිශ්පාදන ප්‍රතික්ශේප කිරීම් කොටින්ම පය ගහලා ඉන්න කාන්තාර පොළොව ත් එරෙහි වෙනවා. පහර දීම් එක පිට එක
    එල්ල වෙනවා.


    නමුත් මේ කිසිම දෙයකින් ආපහු හරවන්න බැරි අසීමිත ධෛර්‍යයක් මේ අය සතු වෙනවා

    pgqow9ox5v5qwfczg.jpg


    ශාපලත් දේශයක් විදිහට අතෑරලා දාලා තිබුණූ පලස්තීන කාන්තාරයත් එක්ක මේ අය ආදරයෙන් බැඳෙනවා. යුදෙව්වො ගිය පාරවල් වල
    පිටිපස්සෙන් ගස් වැවෙන්න ගන්නවා. කොළපාටින් බැබලෙනවා.

    අද ඊශ්‍රායල ඉඩම්, මුළු මැදපෙරදිගින්ම මිල අධිකතම ඒවා අතර තියෙනවා..

    අතීතය පුරාවට ඊජිප්තු, රෝමානු, බැබිලෝනියානු පර්සියානු වගේ ගොඩාක් අය යුදෙව්වන්ට හිතාගන්න බැරි තරම් විනාශයක් අත් කරලා දුන්නා.
    ලෝකයේ අණසක පැතිරුවා. හැබැයි ටික කාලෙකින් එහෙම්මම වාෂ්ප
    වෙලා ගියා. අද අපිට ඒ අය ගැන අහන්නවත් ලැබෙන්නෙ නැහැ

    නමුත් මේ හැම දෙයක්ම මැද්දෙම අවුරුදු දහස් ගණනක් පුරාවට යුදෙව්වෝ, යුදෙව්වෝ විදිහටම රැකුනා.

    අවුරුදු 3000 කට කලින් තිබිච්ච තමන්ගෙ භූමිය උඩ ම, ඒ නමින් ම (ඊශ්‍රායල්), ඒ භාශාව ම(හීබෲ) කතා කරන,
    ඒ දෙවියන් ම අදහන රාජ්‍යක් නැවත පිහිටෙව්වා !


    අද ඊශ්‍රායලය කියන්නෙ අවුරුදු දහස් ගණනක් තිස්සෙ වෙන් වෙලා හිටපු මිනිස්සු එකට එකතු වෙන තැනක්. මේ රටේ ඉතිහාසඥයො
    අදටත් ඊශ්‍රායලයෙන් වෙන් වුණු තමන්ගේ සහෝදර යුදෙව් ගෝත්‍ර හොයනවා
    (10 lost tribes
    in Israel). හම්බුන සැනින්
    ඒ අයට ආපහු එන්න ආරාධනා කරනවා. citizenship පිරිනමනවා


    7tqov7s3akk2nxkzg.jpg


    මේ විදිහට ඉන්දියාවෙ, යේමනයේ වගේම චීනයේත් හදුනාගත්තු යුදෙව්වන් ඊශ්‍රායලයට ගෙන්න ගත්තා.
    (ඉන්දියාවේ අවුරුදු 2700 පුරාවට ලෝකෙන්ම හැංගිලා තිබුණු පුංචි යුදෙව් ගමකුත් හොයාගත්තා - Bnei Menashe)

    රට කොයි තරම් දියුණූ වුණත්, දුප්පත් රටවල ඉන්න තමන්ගේ දුප්පත් සහෝදර සහෝදරියො අතහැරලා දැම්මෙ නැහැ.
    ඉතියෝපියාවෙන් පවා යුදෙව්වන් ගෙන්න ගත්තා

    ලංකාවෙ පාවා යුදෙව්වන් ඉඳලා තියෙනවා. අදටත් එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා (Anne Ranasinghe)

    අද මේ රට, ලොව පුරා යුදෙව්වන්ට insurance එකක්. ඕනෑම කරදරයකදී මේ අයට යන්න තමන්ගේම රටක් දැන් තියෙනවා.

    යුදෙව්වො මේ සියලුම දේවල් සම්පුර්ණ කරගත්තෙ තමන්ගෙ රට වගේ 650 ගුණයක් විශාල අරාබි රටවල් වලට එරෙහිව නැඟි සිටින ගමන් මයි

    නමුත් අදටත් මේ පුංචි රට තමන්ගෙ ප්‍රමාණයට ඉක්මවලා ලෝකයේම සංවර්ධිත රටවල් වල මිනුම් දඬු
    එක්ක කරට කර ඇවිල්ලා, මුළු මැදපෙරදිග වගේම ආප්‍රිකාවෙත් විද්‍යාව හා තාක්ෂණයේ නියමුවා විදිහට
    වැජඹෙනවා.

    ypbq5qnpbu8vagizg.jpg



    ඉතින් ඊශ්‍රායල් දේශයේ යුදෙව්වන් ගැන පසුබිම (background)කතාව මේ දෙවෙනි ලිපියෙන් අවසාන
    වෙනවා.

    මේ ලිපියෙ ගොඩාක් කරුණු මේ documentary එකෙන් බලන්න පුළුවන් :)
    Code:
    https://www.youtube.com/watch?v=maMSb8ZIHVE
    මේ වගේ තව ලිපි අපේම Blog එකක දාන්න අපි හිතුවා. තාම නං මේක තියෙන්නෙ ප්‍රාථමික අවධියේ. (අදයි හැදුවෙත් :P )
    ඉස්සරහට වේලාව තියෙන විදිහට අළුත් දේවල් එකතු කරන්න තමයි අදහස

    Code:
    http://theoth3rside.blogspot.com/2015/03/blog-post.html


    හැබැයි ඒ අතරින් පතර සමහර ලිපි අනිවාර්‍යෙන්ම EK එකේ දානවා :D

    ඊශ්‍රායලිකයොන්ට හරස් වුණෙ කාන්තාරය විතරක් නෙවෙයි. අල්ලහ් දෙවියන්ගේ නාමයෙන්, මේ අයව
    පවුල් පිටින් ඝාතනය කරන්න, මුහුදට තල්ලු කරලා දාන්න මිලියන ගණනින් මුස්ලිම්වරු ප්‍රතිඥා දුන්නා.
    එක පැත්තකින් පොළොව අස්වද්දන ගමන් මේ මුස්ලිම් ආක්‍රමණ වලට මුහුණ දෙන්නත් යුදෙව්වන්ට සිද්ධ වුණා.


    ඒ ගැන වෙනමම ලිපියක් වෙලාව තියෙන හැටියට ලියන්නම් :)
    පුළුවන් නම් Thread එක Rate කරන්න.
    SfXEPm67hjWibWQPhnPd1C3dK0bZFMtIjyi0bOrWCfgz1pEXg0olH_Urd0FJa_cpclGgA3RoDVMIUFfM0RT7HanIWv2u2SNkRjAfQSecHzSKmY1J3R55RQ6KfkJw1ldt5A
    rep වලින් නං වැඩක් නැත :yes:


    Update !
    Amazing Israel Part 3

    ( http://www.elakiri.com/forum/showthread.php?t=1684263 )

    Copyrights:- ඕනෑම කෙනෙකුට කර්තෲ අවසරයකින් තොරව ගෙඩිය පිටින් උස්සගෙන paste කිරීමට අවසර ඇත. ලිපියේ අරමුණ දැනුවත් කිරීම විනා, නම කොටාගැනීමට නොව.
    (කොහොමත් මගේ ඇත්ත නම Zeus නෙවෙයිනෙ). ඒත් පුළුවං නම් මේ thread එකේ link එකත් සඳහන් කරන්න.
    ඒ නැතත්. අනේ කමක් නැත.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,935
    5,396
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ පට්ටම සෙකන්ඩ් පාට් එකත් දාලා සුප්පා සුප්පා
    මචෝ මෙන්න මෙහෙම දේවල් තමා දාන්න ඕනා
    පලවෙනි එක සුපිරිම ලිපියක් තමා කියල වැඩක් නැහැ
    හැම තැනම ශේයාර් වෙලා තිබ්බා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,175
    836
    113
    හැට පැයක් ගියෝ ඕයි පට්ට වටින අදහස් ගොඩාක් ලැබුනා නියමයි


    +
    11.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,666
    1,056
    113
    මේකටනම් රෙප් දීලා ප්‍රමානවත් නෑ මචෝ.. :shocked: අම්බානක ස්තූතියි.:yes: නමුත් යුදෙව්වො ගැන මටනම් තියෙන්නේ ඒ තරම් සුබවාදී ආකල්පයක් නෙමේ.:dull: අර අන්තිමට කියලා තිබ්බ දේ තමා මටනම් දැනෙන්නේ.:dull:

    අම්බානකටත් වඩා ස්තූතියි මචන්. උඹේ ත්‍රෙඩ් ටික නම් එලකිරි ඉතිහාසෙන්ම හොඳම ත්‍රෙඩ්. ස්තූතියි මචන්.:D