Ambulance එකක් මුණගැහුනොත්
ලංකාවෙ මාර්ග නීති පිලිපැදීම, වාහන ධාවනය සම්බන්ධ ආචාර ධර්ම ඉතාමත් අඩු මට්ට්මක පවතින බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. එලෙසම ගිලන් රථයක් අවහිර කරමින් උද්ඝෝෂණයක යෙදෙන ආකාරයත් පසුගිය දිනෙක සමාජ ජාලා හරහා දකින්න ලැබුනා. එබැවින් ගිලන් රථ, ගිනි නිවන රථ වැනි හදිසි ආපදා රථ (emergency vehicles) මාර්ගයේ ගමන් කරන විට අන් රියදුරන් පිලිපැදිය යුතු ආචාර ධර්ම පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්න බලා පොරොත්තු වෙනවා.
මේ පිලිබඳව ලංකාවෙ නීතිය විස්තරාතමකව සොයා ගන්න බැරි උනු බවත් කිව යුතුයි. ඒ අනුව අන්තර්ජාලයෙත්, ඇමරිකාවෙ නිව්යොර්ක් නගරයේ නීතියත්, ඔස්ට්‍රේලියාවෙ නීතියත් ආශ්රයෙන් මෙම ලිපිය සකස් කල බව කිව යුතුයි.
අවම වශයෙන් එක් රතු ආලෝකයක් හෝ දැල්වෙන හදිසි හදිසි ආපදා රථයක් තමා වෙත අඩි පන්සියයක් ආසන්න විමේදී හෝ, එම රථය කිසියම් ආකාරයක සයිරන් එකක් නාද කරමින් පැමිනීමේදී, තම රථය පාරෙන් ඉවත මංතීරුවට ගෙනද, එක පසෙකට පමණක් ධාවනය වන හෝ මංතීරු තුනක් හෝ වැඩි ගණනක් සහිත විට පාරේ දෙපස කෙලවරටම ගෙන තම රථය නැවැත්විය යුතු අතර ගිලන් රථය හෝ හදිසි ආපදා රථය තමා පසු කර යන තෙක් නිෂ්චලව සිටිය යුතුයි.
ඔස්ට්‍රේලියාවෙ නීතියට අනුව තම රථය නැවැත්වීම අනිවාර්ය නොවන අතර හැකි තරම් මාර්ගයෙන් ඉවතට ගෙන ඉඩ දිය යුතුයි. මෙලෙස ඉඩ දීම සිදු නොකලහොත් එය ඩොලර් 400 දඩයකට සහ අකුසලතා ලකුණු 4කට යටත් වන වැරැද්දක් වෙනවා.
මෙහිදී ගිලන් රථයක් නම් රෝගියෙකු සිටිනවාද නැතිද යන්න වැදගත් වන්නෙ නෑ. මක්නිසාද, ගිලන් රථය රෝගියෙකු ගෙන ඒමට යන රථයක්, ප්‍රථමාධාර දීමට හෝ නැවත හදිසි රාජකාරියකට පැමිණෙන රථයක් විය හැකියි. තවද මංසන්ධියකදී තමන්ට නිවැරදි ආලෝක සංඥා ලැබුනත් සියලුම රථ මංසධිය විවෘතව තැබිය යුතු වනවා. ගිලන් රථය හෝ ගිනි නිවන රථයක් මංසන්ධියේ කුමන දෙසට ධාවනය කරනවාදැයි නොදැනීම මීට හේතුවයි.
ලංඩන් නගරයේ ගිලන් රථයක් ධාවනය වන ආකාරය.

Last edited: