භික්ෂූහු පල්ලියට වඩිති; 146 ක් අත් අඩංගුවේ; සමාජ ජාලා මගින් ජාතිවාදය වැපිරූ සිසුන් 2 ක් අල්ලයි; මහ මොළකරුවන් 10 ක් කොළඹ ගෙනෙයි; 7 වසරක සිර දඬුවම්
මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් 146 දෙනකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර, ගත වූ පැය විසි හතර තුළ පමණක් පුද්ගලයන් 65 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන සැකකරුවන් දෙදෙනකු ද රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව ද පැවැසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවැසූවේ ඊයේ (09) පොලිස් මුලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් දක්වමින්,
“මාර්තු 04 වැනි දින වෙළෙඳ සැල් දෙකක් ගිනි තැබීමෙන් මහනුවර සිදු වූ සිද්ධියත් සමඟ ගත වූ පැය විසිහතර එනම් 08 වැනි දින උදෑසන 6.00 සිට ඊයේ (09) උදෑසන 6.00 දක්වා කාලයට අදාළව නිවාස හා වෙළෙඳ සැල්වලට හානි කිරීමේ සිද්ධීන් 06 ක් වාර්තා වෙනවා. එනම් කටුගස්තොට පොලිස් වසමෙන් 04 ක් හා හසලක පොලිස් වසමෙන් දෙකක් ලෙසිනුයි. ඒ අනුව සමස්ත කාලයට අදාළව නිවාස හා වෙළෙඳ සැල්වලට හානි කිරීමේ සිද්ධීන් 51 ක් වාර්තා වෙනවා.
පූජනීය ස්ථානවලට හානි කිරීමේ සිද්ධීන් ගත වූ පැය 24 තුළ දී කිසිදු සිද්ධියක් වාර්තා වන්නේ නැහැ. ඒ අනුව මාර්තු 04සිට මේ දක්වා පොලිසියට ලැබුණු සමස්ත පැමිණිළි සංඛ්‍යාවට අනුව පූජනීය ස්ථානවලට අලාභ කිරීමේ සිද්ධීන් 04ක් පමණයි වාර්තා වන්නේ.
වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධීන් ගත වූ පැය 24 තුළ දී හසලක පොලිස් වසමෙන් එක් සිද්ධියක් පමණක් වාර්තා වනවා. ඒ අනුව සමස්ත වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධීන් ගණන 12ක් වශයෙනුයි වාර්තා වන්නේ.
තුවාල සිදු වූ සිද්ධීන් ගත වූ පැය විසි හතර තුළ කිසිදු සිද්ධියක් වාර්තා වන්නේ නැහැ. ඒ අනුව සමස්ථ කාලයට අදාළව පුද්ගලයන් 11 දෙනකුට තුවාල සිදුවීම් පමණයි වාර්තා වන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය ගත වූ පැය 24 දී සැකකරුවන් 65ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සැකකකරුවන් මහනුවර පොලිස් ස්ථානයෙන් 06ක්, තෙල්දෙණිය 06 ක්, කටුගස්තොට 11 ක්, වත්තේගම 07 ක්, පල්ලේකැලේ 04 ක්, හසලක 03ක්, කඩුගන්නාව 03ක්, අලවතුගොඩ18ක් සහ හතරලියද්ද 07ක් වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට සමස්ත කාලය තුළම සිද්ධීන්වලට අදාළව සැකකරුවන් 146ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සැකකරුවන් තුළ සිටිනවා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට පත් වුණ සැකකරුවන් 11 දෙනකුත් ඔවුන්ගෙන් හතර දෙනකු කලින් දින රාත්‍රියේ දී සහ පෙරේදා නුවරින් හත් දෙනෙක් ඊයේ රාත්‍රී හතරලියද්ද පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළ සැකකරුවන් හදිසි නීතිය උල්ලංඝනය කිරීමේ රෙගුලාසි යටතේ අධිකරණයට ඉදිරිපත් වනවා. අධිකරණය ඉදිරියේ වැරැදිකරුවකු වුවහොත් වසර හතකට නොඅඩු කාලයකට සිර දඬුවමකට ලක්වනවා.
ඊයේ (09) දිනත් ඉතාම සාමකාමීව තිබුණා මහනුවර ප්‍රදේශය මේ සියල්ල සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා තීරණය කළා ඊයේ (09) රාත්‍රී 8.00 සිට හෙට (10) අලුයම 5.00 දක්වා කාලය තුළ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අදාළ වන ලෙස නමුත් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ තිබෙන මහනුවර මහ නගර සභාවට බලනොපැවැත්වෙන ලෙසට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
සමස්ත සිද්ධියෙන් පසුපස සිටිමින් මේවා මෙහෙයවපු පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මේ දස දෙනා අතර පුජ්‍ය පක්ෂයේ එක් අයකුද සිටිනවා. ඒ 10 දෙනා දින 14 ක් රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගෙන ඔවුන්ව කොළඹට ගෙනවිත් තිබෙනවා. මේ දස දෙනා අතර සිටිනවා දිගන ප්‍රදේශයේ දෙදෙනෙක්, තෙල්දෙණිය ප්‍රදේශයේ එක් අයෙක්, යක්කල ප්‍රදේශයේ එක් අයෙක්, බලංගොඩ ප්‍රදේශයේ එක් අයෙක්, හලාවත ප්‍රදේශයේ තිදෙනෙක්, දඹුල්ලෙ එක් අයෙක් සහ පේරාදෙණිය එක් අයෙක්. මොවුන් දින 14 ක කාලයක රඳවා තබා ගැනීමේ නියෝග මත විමර්ශන සිදුවනවා.
මේ විමර්ශනවල දී මොනවට මේ සමස්ත ක්‍රියාවලියේ දී මුල්‍යාධාර සැපයුවේ කවුද, වක්‍රාකාරයෙන් මොවුන්ට නායකත්වය සැපයුවේ කවුද, වක්‍රාකාරයෙන් දේශපාලන වශයෙන් නායකත්වයක් ලබා දුන්නාද, විදේශීය නායකත්වයක් මොවුන්ට නායකත්වයක් ලබාදුන්නා ද කියන එක, මහනුවර සිදුවන එක් එක් සිද්ධීන්ට මොවුන්ගේ තිබෙන සම්බන්ධතාව මෙන්ම මේ සැකකරුවන්ගේ ඉදිරි සැලසුම් මොනවාද යන්නත් අප විමර්ශනය කරනවා.
ජාතීන් අතර අසමගිය වෛරය ඇති වන ආකාරයේ ප්‍රකාශ අන්තර්ජාලය භාවිත කර මුදාහැරීම් සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළා. එක් සැකකරුවකු වයස අවුරුදු 17ක් වන හෝමාගම ප්‍රදේශයේ අයකු වන අතර, අනෙක් සැකකරු වයස 18 ක කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙවැනි විමර්ශන අප සිදුකරනවා. සමාජ ජාලා අන්තර්ජාල භාවිත කරමින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් රටට සිදුවන්නේ අයහපතක්. ඒවාට එරෙහිව දැඩි විමර්ශන ගැනීමේ පියවර අනුගමනය කරනවා. මේ පිළිබඳ විශාල අපරාධයක් බවට පත්වෙලා. ඒකෙන් සිදුවන ප්‍රතිඵල ඉතා භයානකයි. මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ඉතාම දැඩිව ක්‍රියාත්මක කරනවා. මෙහි දී යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහත්වරු ද අදහස් දැක්වූහ.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ආගමික නායකයන්, ජනතා නියෝජිතයන් සහ පසුගියදා ගැටුම්කාරී වාතාවරණයක් ඇති වූ ප්‍රදේශවල ජනතාව හමු වී සාකච්ඡා කළහ
ඊයේ මුස්ලිම් භක්තිකයන් පල්ලි යන සිකුරාදා දිනය වූ අතර කොළඹ ප්‍රධාන පල්ලියක පූජාව අවස්ථාවට භික්ෂූන් වහන්සේලා පිරිසක්ද පැමිණ ආගමික සමගිය ප්‍රදර්ශනය කිරීම කැපී පෙනෙන්නක් විය. සේයාරූ වලින් දැක්වෙන්නේ එම අවස්ථාවයි
ජාතින් අතර සමගිය වර්දනය කරන්න ඕනේ වෙලේ ඌ (රිෂාඩ්) කිවේ ආයුද අතට ගන්න කතා නුවර ගිහින්. ඌ හරි නම් ඕවගේ නෙවේ කරන්න ඕනේ.ඕවට ඉතින් චන්දෙදි හොදට පෙනෙයි.UNP ගොන්නු හිතන්නේ මුස්ලිම් චන්ද වලින් විතරක් ආණ්ඩු පිහිටවන්න පුළුවන් කියලා.
චන්ද 30ක් පැරදිලා...සදා කාලික විපක්ෂේ ඉන්නේ වැඩ පිළිවෙලක් උන්ට තියෙන්නේ 

