ඇන්ඩ්‍රෝයිඩ් නවතම සංස්කරණය වන ජෙලි බීන් මෙම වසරේ දෙවන කාර්තුවේ නිකුත් වීමට නියමිත බව තායිවාන නිෂ්පාදකයන් එළිකර ඇතැයි DigiTimes වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේවෙතත් මෙම සංස්කරණය එලිදැක්වීමට හේතු ලෙස ඔවුන් දක්වන හේතු අතර,
දැනට පවතින ඇන්ඩ්‍රෝයිඩ් 4.0 Ice Cream Sandwich සංස්කරණයේ ඇති දුර්වලතා නිසා එය Google සමාගම බලාපොරොත්තු වූ වෙළදපොල ආක්‍රමණයක් සිදු නොවීම ප්‍රධාන වෙයි.
කෙසේ වෙතත් මෙම ලිපියට අනුව පැමිණීමට නියමිත සංස්කරණය පෙර Ice Cream Sandwich සංස්කරණයේ පවතින දුර්වලතා හැකිතාත් අඩුකර කර ඇති අතර තිරය විශාල උපාංග වන Tablet සහ Notebook පරිඝනක සඳහා වඩාත් ගැලපෙන ලෙස වැඩි දියුණු කර ඇත.
Google සමාගම විසින් මෙම සංකරණය සමග Chrome මෙහෙහුම් පද්ධතියේ පවතින විශේෂ ගුණාංග එක්කොට ඇති අතර මෙමගින් දිත්ව මෙහෙහුම් පද්ධති (Dual-OS) ගුණාංගය භාවිත කිරීමට ඉඩ සැලසෙයි.
මෙමගින් ජෙලි බීන් භාවිත කරන්නාට තම අවශ්‍යතාවය පරිදි දැනට නිකුත් වීමට නියමිත Windows 8 සංස්කරණය සමග භාවිත කිරීමට හැකි අතර පරිඝනකය ක්‍රියාවිරහිත නොකර ජෙලි බීන් සහ Windows 8 මෙහෙහුම් පද්ධති අතර හුව මාරු වීමට හැකියාව ලැබෙයි.
තවද මෙම නවතම සංකරණය මගින් Google සමාගම Notebook පරිඝනක වෙළදපොල වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට බලාපොරොත්තු වන බව DigiTimes වාර්තා කරයි.
Last edited:



News එකට ස්තුතියි!