Android_programming_1

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Android Tutes 1

    හරි ඔන්න කිව්ව විදියටම android නුල පටාන් ගන්න යන්නේ...පටාන් ගන්න කලින් කියන්න ඕනේ..android app develop කරන්න java සහ xml තමා භාවිතා කරන්නේ.xml වලනම් ඇති දෙයක් නැහැ
    එත් java මුලික දැනුම තියෙන්න ඕනේ..java ගැන ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙනුත් ගොඩක් tutes net එකේ තියෙනවා..ඒ නිසා මම ඒ ගැන නොලිය ඉන්න තීරණය කළා..
    ලියන්න ඕනේනම් කියන්න ඒ ගැනත් මුල ඉදන් දාන්නම්

    දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් ගැන...

    Identifiers
    Modifiers
    Data types
    Variables
    Arrays
    objects and classes(oop concept)
    Methods
    Basic operators
    Loop controls(while,do while,for)
    Statements(if else,switch case)

    මුලික දැනුමක් තිබ්බම හොදටම ඇති..java thread එකක් ඕනේ අය කියන්න..වෙලාව තියෙන විදියට ඒ ගැනත් දාන්නම්
    databases ගැනත් පොඩි දැනුමක් ඕනේ..sql ගැන..

    Android app developing

    android app develop කරන්න ඕනේ කරන දේවල් ටිකක් තියෙනවා

    Android SDK එක
    හොද IDE එකක්

    හරි..ඉස්සරනම් ගොඩක් අය android app develop කලේ eclipse වලට adt bundle එක config කරගෙන..තවත් අය IntelliJ පාවිච්චි කළා..ඒක හොද IDE එකක්
    එත් දැන් එහෙම ඕනේ නැහැ..දැන් android app develop කරන්න android studio හදල තියෙනවා..මේක IntelliJ පදනම් කරගෙන හදල තියෙන්නේ..මේක දෙන්නේ sdk එකත් එක්කමයි

    මෙතනින් ගන්න - https://developer.android.com/sdk/index.html

    014-android%2Bstudio%2Bweb%2Bsite.jpg


    015-android%2Bstudio%2Bagreement.jpg


    දැන් install කරගන්න

    016-android%2Bstudio%2Bsetup-1.jpg


    017-android%2Bstudio%2Bsetup-2.jpg


    018-android%2Bstudio%2Bsetup-3.jpg


    020-android%2Bstudio%2Bsetup-5.jpg


    021-android%2Bstudio%2Bsetup-6.jpg


    022-android%2Bstudio%2Bsetup-7.jpg


    023-android%2Bstudio%2Bsetup-8.jpg


    open කරන්න කලින් net connect කරලා ඉන්න..මොකද අවශ්‍ය component ටිකක් තියෙනවා download කරගන්න
    හරි දැන් open කරන්න....පහල විදියේ window එකක් ඒවි

    024-android%2Bstudio%2Bimport%2Bsettings.jpg



    දෙවැනි option එක තෝරලා ok කරන්න..

    studio එක load වේවි

    025-android%2Bstudio%2Bloading.jpg


    Component ටික download වේවි..ටික වෙලාවක් යනවා වැඩේට..මෙතන වෙන්නේ මොකද්ද කියල පස්සේ කියල දෙන්නම්

    026-android%2Bstudio%2Bdownloading%2Bcomponents.jpg


    027-android%2Bstudio%2Bdownloading%2Bfinish.jpg


    දැන් හරි...finish කරගන්න...

    ඊළගට wellcome window එක එනවා..ඒක close කරගන්න..වැඩක් තියෙනවා කරන්න

    028-android%2Bstudio%2Bwelcome.jpg



    දැන් C:\Users folder එකට ගිහින් ඔයාගේ user account එකට අදාළ folder එක open කරගන්න..folder and search option වල view ටැබ් එකෙන් show hidden folders තෝරන්න
    දැන් AppData කියල folder එකක් පෙන්න ගනීවි..ඒකෙ Local\Android folder එක open කරන්න.ඔතනට තමයි sdk එක extract වෙන්නේ(වෙනස් කරේ නැත්තන් ඈ..)
    ඔතන sdk folder එක ඇතුලේ sdk manager open කරන්න

    2013-07-10-18_11_51-Android-SDK-Manager.png


    Tools යටතේ තියෙන sdk tools,sdk platform-tools,sdk build-tools කියන්නේ අපිට android app develop කරන්න අනිවාර්යෙන් ඕනේ tools..
    ඒ වගේම පහලම් තියෙන extras වල Android support repository,Android support library,Google repository,Google usb driver,Google web driver,Intel x86 Emulator Accelerator(HAXM installer) මේ දේවලුත් ඕනේ
    extras වල තියෙන සේරම දාගත්තත් කමක් නැහැ

    android-sdk-update-manager.jpg


    ඒ දෙක මැද්දෙන් තියෙන්නේ android API ටික අලුත්ම එක(API 23-ම Marshmallow) ඉදන් API 2.2 Froyo වෙනකන්ම තියෙනවා..මේ ඔක්කොම අපිට ඕනේ නැහැ..
    අර පස්සේ කියන්නම් කිව්ව එක දැන් කියන්න යන්නේ..මම කිව්වනේ android studio එක component ටිකක් download කරනවා කියල..(අර අතනදී)
    ඒ වෙන්නේ මේ මුලින් කිව්ව sdk tools,sdk platform-tools,sdk build-tools ටිකයි,අලුත්ම API එකේ අවශ්‍ය කොටස් ටිකයි download කරලා..අවශ්‍ය කරන develpoment environment එක හදල දෙන එක
    ඔය මුලින් කිව්වා sdk tools,sdk platform-tools,sdk build-tools වල අලුත්ම version ටික බලල දාගන්න..install කරලා තියෙන ඒවගේ status එක updates available කියල නම් තියෙන්නේ update කරගන්න
    extras වල ඕනේ ටිකත් දාගන්න..
    දැන් API වල ඕනේ ටික දාගත්ත නම් හරි..
    API එක expand කරාම එකේ තියෙනවා sdk platform , Google APIs , Sources for android sdk කියන ඒවා ටික ඒ os level එකට අදාලව development කරන්න ඕනේ දේවල් ටික..
    ඊළගට system images කියන්නේ android rom එකේ පිටපත..develop කරද්දී අපිට ඒවා ටෙස්ට් කරලා බලන්න devices ඕනනේ..
    sdk folder එක ඇතුලේ තියෙන AVD manager ඒ කියන්නේ Android Virtual Device manager වලින් Virtual Devices හදල ඒවාට මේ system images install කරලා run කරලා ඒ emulator එකේ අපේ app test කරන්න පුළුවන්
    අලුත් API වල system images ගොඩක් තියෙනවා..Intel x86 Atom system image එක විතරක් ගත්තම ඇති..
    android studio වලින් අලුත්ම API එකේ මේ කිව්ව කොටස් 4 install කරලා දෙනවා කිව්වනේ..එත් අපි පරණ API එකක් install කරගන්න ඕනේ..
    මොකද අපි ලියන app එක වැඩ කරන්නේ අපි එක ලියන API එකෙන් උඩ තියෙන os වලට විතරයි..අලුත්ම එකෙන් ලිව්වොත් වැඩ කරන්නේ අලුත්ම එකටයි ඊට පස්සේ එන ඒවාටයි..
    API 15 වගේ install කරගන්න.මොකද ගොඩක්ම පහල API එකක ඉදන් develop කලොත් මේ හැම os එකකටම compatible වෙන්න ඕනේ නිසා අලුත්ම features පාවිච්චි කරන්න බැරුව යනවා

    තවම වැඩ ඉවර නැහැ..sdk folder එක ඇතුලේ sdk\extras\intel\Hardware_Accelerated_Execution_Manager folder එක ඇතුලේ තියෙන soft එක install කරගන්න ඕනේ..emulator එක run වෙන්න නම් මේක අනිවාර්යෙන්ම ඕනේ

    install කරගන්න

    installer.png


    ආව නේද error එකක්.මේක එන්න හේතුව තමයි BIOS වලින්
    Virtualization Technology (vt-x) එක enable කරලා නැතිකම..

    haxm06.png


    BIOS වල advance වලට ගිහින් Virtualization Technology (vt-x) enable කරගන්න


    virt_bios.gif


    දැන් ආයේ install කරගන්න..

    හරි...අදට එපමණයි..ඊලග post එකෙන් පොඩි app එකක් develop කරමු..
    ප්‍රශ්ණ , අදහස් සේරම comment කරලා යන්න...:):):):):):)
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කිව්ව විදිහටම ආවා මමත්...ඔන්න රෙප්,දිගටම යමු මචා.. 7* :)


    You must spread some Reputation around before giving it to KRipTER again. fuck :(
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ithuru tikath ikmanata dapan..godak un thread danava bt continue karanne na ban..ane ubawath continue karapan...elakiri wadak...
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    bump :) ela post eka :D


    tfs....keep it up bro

    මම බෙනා;19014757 said:
    කිව්ව විදිහටම ආවා මමත්...ඔන්න රෙප්,දිගටම යමු මචා.. 7* :)


    You must spread some Reputation around before giving it to KRipTER again. fuck :(

    patta machang digatama damu....math set wuna ehenam :D
    jaya wewa :D

    pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:love:


    pattaaaaaaaaaaaaa




    elazzz jaya wewa


    patta post eka machn
    rep++


    Thanks All :):)

    ithuru tikath ikmanata dapan..godak un thread danava bt continue karanne na ban..ane ubawath continue karapan...elakiri wadak...


    අනිවාර්යෙන්ම...:):):)
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    කාලයක් තිස්සේ බලන් හිටපු නූලක්...

    අඩෝ මගදී නවත්තන්නේ නැතුව :confused:,
    හිටපු ගමන් අතුරුදහන් වෙන්නේ නැතුව :P
    දිගටම කරගෙන පලයන් මයේ අම්මනo කැටේ... :love::love::love:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කීප් ඉට අප්.


    :):)

    කාලයක් තිස්සේ බලන් හිටපු නූලක්...

    අඩෝ මගදී නවත්තන්නේ නැතුව :confused:,
    හිටපු ගමන් අතුරුදහන් වෙන්නේ නැතුව :P
    දිගටම කරගෙන පලයන් මයේ අම්මනo කැටේ... :love::love::love:

    :rofl::rofl::rofl::rofl:
    එල..
     
    Last edited: