මම රේඩියෝ අසන්නෙක්මි.මේක ලියන්නෙ සිරාවටම මේ ටිකේ වෙච්ච දෙයක් නිසා...
අපෙ එළකිරි රේඩියෝව හාහා පුරා කියල අහන්න හම්බුනේ 2010 ජුනි 14 ඒදා ඉදන් 2011 පෙබරවාරි 28 වෙනකම් ඇහුන රේඩියෝ එක තාවකාලික විරාමයක් තැබුව.
ආයෙත් එළකිරි රේඩියෝවෙ පුණරාගමනයෙ පළමු පියවර ලෙස 2012 අගෝස්තු 20 වෙනිද අන්තර්ජාලයෙ අපේ රේඩියො කලාව පටන් ගන්නව. එදා ඉදන් අද වෙනකන් එළකිරි රේඩියො එකට ගොඩක් දෙනෙක් ආදරේ කලා...
නැවතත් ආරම්භ කරපු අපෙ රේඩියෝව ඉතාම ඉක්මනින් ජනප්රියත්වයට පත් වෙනව. එලකිරි ආපු නැති අය පවා රේඩියෝව නිසා එළකිරි එන්න පටන් ගන්නව. කොච්චර ජනප්රිය වෙනවද කියනවනම් සයිට් එකට ලෝඩ් එක දරා ගන්න බැරුව දවසට ත්රෙඩ් දෙක තුනක් වැටෙන තත්වෙට පත් වෙනව.
ඔහොම කාලයක් තිස්සෙ ඉදිරියටම ඇදුන රේඩියෝ එකට නිවේදකයො විවිද විවිධ වැඩසටහන් අරන් වැඩසටහන් ඉදිරිපත් කරනව. රෑ 12 පහු වෙලා සමහර දාට පාන්දර දෙක විතර වෙනක්ම්ම වැඩසටහන් ඉදිරිපත් කරපු දවසුත් තිබුන. තවත් දවසක් රෑ අටට පටන් ගත්ත වැඩසටහනක් පහු වෙනිද උදෙ දහය වෙනකම්ම ටූ ලිට්ල් කලා... මේ වගේ සුන්දර අතීතයක් අපේ රේඩියෝවට තිබ්බ.
නමුත් දැන් එන්න එන්නම මේකට එන සාමාජිකයන් ගාන අඩු වෙනව. ඉස්සර හැමදාම ආපු සාමාජිකයො ගොඩක් අය දැන් එන්නෙ නැහැ. මේකට ගොඩක්ම බලපෑවෙ එළකිරි ගේම් සර්වර් එක හා එළකිරි කට්ටිය දෙකට බෙදපු තවත් වැඩසටහනක්. දැන් ඉස්සර හැමදාම ආපු අය එක්කො කමෙන්ට් එකක් දෙකක් දාලා යනව. නැත්තන් ගේම් ගහන්න යනව. ඒකට මුකුත් කියන්න අපිට බැහැ. ඒක ඒ අයගෙ කැමැත්ත. නමුත් අපේ රේඩියෝ එක මෙහෙම අගාදයට යනකන් බලාගෙන ඉන්න බැරි හින්ද තමයි මෙහෙම ලියන්නෙ...
සමහර කට්ටියට රාජකාරි තත්වයන් ගෙවල් වල කටයුතු නිසා නැවත සපෝට් එකක් දෙන්න අපහසුතාවක් ඇති. නමුත් පුලුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිල්ල ප්පොඩ්ඩක් අපේ රේඩියො එක වැටෙන්න දෙන්නෙ නැතුව බේර ගනිල්ල මචාලා.... ඉස්සර 10 වෙද්දි ත්රෙඩ් දෙකක් දාන එක දැන් පෝස්ට් පන්සීයක් ගහ ගන්නෙත් බොහොම අමාරුවෙන්.
පොඩ්ඩක් හිතපල්ල මේකෙ රේඩියෝ කරන උන් මේක කරන්නෙ උන්ට තඹ සතේක ලාබයක් බලාගෙන නෙමේ... අපි හින්ද තමා උන් මේක කරන්නෙ...ඉතින් උන්ට කරන උදව්වක් විදිහටවත් පොඩ්ඩක් ඇවිල්ල සප් එකක් දියන්. උන්ට මේකෙ වැටෙන කමෙන්ට් තමා වටින්නෙ...
මේක අපේ එළකිරිය... අපේ එළකිරි රේඩියෝව....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()


මම නම් රෙඩිඔ ඇහුවට ත්රෙඩ් එකෙ වැඩිය කමෙන්ට් කරන්නෙ නැ පාඩුවෙ අහන් ඉන්නවා
උබ දැන් එන්නෙත් නැහැ...
