Anonymous ශ්‍රී ලංකා Hackers !!!
ඇනොනිමස් නම් හැකර් සංවිධානයේ ශ්‍රී ලාංකික කණ්ඩායම වන ඇනොනිමස් ශ්‍රී ලංකා කණ්ඩයාම විසින් සිමන්ටෙක්,ඇපල්,ෆේස්බුක්,මයික්‍රසොෆ්ට් වෙත පසුගිය දින කිහිපය තුල DNS ප්‍රහාරයක් එල්ල කල බවට නිවේදනයක් නිකුත් කොට කියා සිටිනවා.
ඇනොනිමස් නම් හැකර් සංවිධානයේ ශ්‍රී ලාංකික කණ්ඩායම වන ඇනොනිමස් ශ්‍රී ලංකා කණ්ඩයාම විසින් සිමන්ටෙක්,ඇපල්,ෆේස්බුක්,මයික්‍රසොෆ්ට් වෙත පසුගිය දින කිහිපය තුල DNS ප්‍රහාරයක් එල්ල කල බවට නිවේදනයක් නිකුත් කොට කියා සිටිනවා.
DNS cache snooping ක්‍රමය හරහා ඔවුන් DNS දත්තයන් ලබාගෙන
DNS cache snooping poisoning සිදු කල බව කියා සිටිනවා.
DNS cache snooping poisoning යනු
හැකර්වරු විසින් වෙබ් අඩවි අඩපණ කිරීම සඳහා බහුලවම යොදාගන්න ක්‍රමයක් වේ.එමගින් එම වෙබ් අඩවිය පරිශීලනය කරන සාමාජිකයන් ව්‍යාජ වෙබ් අඩවි තුලට ගෙන යාම වැනි ක්‍රියා සිදු කිරීමට
හැකර්
වරුන්ට හැකියාව ලැබෙනවා.
වෙබ් අඩවි වල DNS වාර්තා හෙළිකිරීමට මෙම කණ්ඩායම සමත් වුවත් ඒවා වෙනස් කිරීමට හැකියාවක් ලැබී නොමැති බව විදෙස් පුවත් වාර්තා කරනවා.
ලොව විශාලතම සමාගම් වලට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය,
නාවික හමුදාවේ වෙබ් අඩවිය,ඩයලොග් වෙබ් අඩවිය,ශ්‍රීලංකා ටෙලිකොම් වෙබ් අඩවිය,කොළොඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවිය,චැනල් 4 වෙබ් අඩවිය හා කොළොඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ වෙබ් අඩවි වලටද මෙම ප්‍රහාර එල්ල කොට තිබෙනවා.
ෆේස්බුක් ප්‍රහාරය ගැන අදහස් දක්වන ඇනොනිමස් ශ්‍රී ලංකා කියා සිටින්නේ ෆේස්බුක් ආයතනය සිය සාමාජිකයන්ට සලකන ආකාරය කිසිසේත් අනුමත කල නොහැකියි යනුවෙන්.
සිමන්ටෙක් ආයතනයේ සියලුම පුද්ගලික දත්ත වලට ඇතුල් වීමට ඔවුන්ට හැකියාව ලැබුණු බව ඇනොනිමස් ශ්‍රීලංකා හි සභාපති නිකුත් කල නිවේදනයේ සඳහන්. නමුත් මේ පිලිබඳ අදහස් දක්වන සිමන්ටෙක් ආයතනයේ මාධ්‍යය ප්‍රකාශක සඳහන් කරන්නේ මෙවැන්නක්
"අප ආයතනය හැකර්වරුන්ගේ ප්‍රහාර වලට ලක්වීමට වඩාත් ඉඩකඩ තිබෙන ආයතනයක්,
එනිසා අප සතියේ දින හතේම
පැය24 ම සෝදිසියෙන් ඉන්නේ.
අද වන තෙක් අපට ඔය කියන ආකාරයේ හැකර්වරුන්ගේ ඇතුල් වීමක් දර්ශනය වුනේ නැහැ.අපගේ පුද්ගලික දත්ත අනාවරණ වී ඇත්තෙත් නැහැ.
නමුත් මෙම තත්වය සුළුකොට තැකීමට සුදානම් නැහැ.එම නිසා මින් ඉදිරියට ආරක්ෂාව වාඩාත් තර කිරීමට අප පියවර අරන් තිබෙනවා".
www.isaca.org
www.redhat.com
www.navy.lk
www.dialog.lk
www.ac.lk
www.ucsc.lk
www.cse.lk
www.mit.edu
www.channel4.com
Source
ඔවුන් DNS ප්රහාරයන් එල්ල කල වෙබ් අඩවි හා එහි වාර්තා
www.facebook.com
www.isaca.org
www.redhat.com
www.navy.lk
www.dialog.lk
www.ac.lk
www.ucsc.lk
www.cse.lk
www.mit.edu
www.channel4.com
Source

