Another Scam

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    දවසක් පිටකොටුව CTB බස් ස්ටෑන්ඩ් එකේ රෑ නුවර යන්න ඉන්න කොට, මගේ වයසට විතර කොල්ලෙක් ලඟට ඇවිත් හෙන විස්තරයක් කියල බස් එකේ යන්න සල්ලි ඉල්ලුව.මම ඇහුව කොහෙටද යන්නේ කියල.පොර කිව්වා බදුල්ල බස් එකේ යන්නේ කියල.ඊට පස්සේ මම කිව්වා හරි මමත් බදුල්ල බස් එකේ තමා යන්නේ, මාත් එක්ක යම්මු කියල. මිනිහ කියනවා අයියේ මට ගමට යන බස් එක තියෙන්නේ උදේ එක නිසා පාන්දර 1 විතර ගියාම ඇති කියල. මම කිව්වා එහෙනම් අවුලක් නෑ මමත් ඉන්නම් කියල. පොර කියනවා නෑ අයියා මං හින්දා කරදර වෙන්න එපා, මට බස් එකේ ටිකට් එකට හරියන ගාන විතරක් දෙන්න කියල. මම කිව්වෙ එහෙනම් එන්නකෝ මම ටයිම් කීපර් අතට සල්ලි දෙන්නම්, ඔයා බස් එකේ වෙලාව ආපුවහම එයාගෙන් ඉල්ලගෙන යන්න. මම විස්තරේ කියන්නම් කියල. ඊට පස්සේ මිනිහා නෑ අයියේ අවුලක් නෑ මම යන්නම් කියල ගියා. මිනිස්සු හෙන බොරු කරන්නේ බං.:angry::angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    යුද්දෙ කාලේ මෙහෙමත් උනා. කවුරු හරි එකෙක් ඒසී බස් පෝලිමේ ඉඳල කෙල්ලෙක් ඉඳ ගන්න තැනකින් වාඩි වෙනවා වැදගත් විදිහට. පොඩ්ඩක් ඉඳල කියනවා "මම පොඩ්ඩක් කඩේට ගිහින් එන්නම් ඔයාගේ බෑග් එක මෙතනින් තියනවද?" කියල. කෙල්ලත් වැඩිය හිතන්නැතුව තියනවා. මිනිහ බැහැල යනවා. ගිහින් නිවාඩු යන කොල්ලෝ අතෙත් කීයක් හරි එක්ක බස් එකේ යන්න පිටකොටුවේ ඉන්නවනේ. ඔන්න ඔය එකෙකුට කිට්ටු කරනවා. "මල්ලි ඕනනං නිකන් යනවට පොඩි සැපක් අරන් යන්න පුළුවන්. මොකද කියන්නේ? " කොල්ලට කියනවා මම පදින කෑල්ලක් ඉන්නවා මම යන්නයි හැදුවේ සල්ලි දෙනවා නම් ඔයාට සීට් එකයි යනකම් මොනවා හරි කරගන්න යි පුළුවන් කියල. රුපියල් පන්සීයක් විතර ගැලව ගන්නවා. කොල්ලත් කැලේ ඉඳල මාස ගානකින් ආසයි නේ.
    "එන්න මම කියන්නම් " කියල මූව බස් එකට නග්ගල කොල්ලට කියනවා අන්න කෙල්ල බෑග් එක තියන් ඉන්නේ එතන ඉදගන්න මම කියන්නම් කියල. මූ ඉඳගන්න හදද්දී කෙල්ල බලද්දී මූ ඉස්සරහ ඉඳන් කියනවා හරි හරි එයාට දෙන්න කියල. කෙල්ල හිතන්නේ සීට් එක දෙන්න කියනවා කියල. කොල්ලට ෂුවර් කෙල්ල මූ එනකම් හිටියේ කියල.

    බස් එක අදිද්දී මූ වැඩේට සෙට් වෙද්දී තමයි කෙල්ලගෙනුයි මිනිස්සුන්ගෙනුයි ත් ගුටි කාල වැඩේ තේරුම් ගන්නේ.

    :eek::eek::eek::eek:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දවසක් පිටකොටුව CTB බස් ස්ටෑන්ඩ් එකේ රෑ නුවර යන්න ඉන්න කොට, මගේ වයසට විතර කොල්ලෙක් ලඟට ඇවිත් හෙන විස්තරයක් කියල බස් එකේ යන්න සල්ලි ඉල්ලුව.මම ඇහුව කොහෙටද යන්නේ කියල.පොර කිව්වා බදුල්ල බස් එකේ යන්නේ කියල.ඊට පස්සේ මම කිව්වා හරි මමත් බදුල්ල බස් එකේ තමා යන්නේ, මාත් එක්ක යම්මු කියල. මිනිහ කියනවා අයියේ මට ගමට යන බස් එක තියෙන්නේ උදේ එක නිසා පාන්දර 1 විතර ගියාම ඇති කියල. මම කිව්වා එහෙනම් අවුලක් නෑ මමත් ඉන්නම් කියල. පොර කියනවා නෑ අයියා මං හින්දා කරදර වෙන්න එපා, මට බස් එකේ ටිකට් එකට හරියන ගාන විතරක් දෙන්න කියල. මම කිව්වෙ එහෙනම් එන්නකෝ මම ටයිම් කීපර් අතට සල්ලි දෙන්නම්, ඔයා බස් එකේ වෙලාව ආපුවහම එයාගෙන් ඉල්ලගෙන යන්න. මම විස්තරේ කියන්නම් කියල. ඊට පස්සේ මිනිහා නෑ අයියේ අවුලක් නෑ මම යන්නම් කියල ගියා. මිනිස්සු හෙන බොරු කරන්නේ බං.:angry::angry:

    මේවා නිසා තමයි බං මිනිස්සු ඇත්තටම අසරණ මනුස්සයෙකුටවත් උදව් කරන්නේ නැත්තේ,
    අනිත් අතට ඔය මිනිස්සු අපේ ගාව තියෙන සංවේදී හැඟීම් ප්‍රයෝජනයට ගන්නවා වංචා කරන්න..
    මම නම් දැන් මගේ අත්දැකීම් එක්ක කිසිම එකෙක් ලේසියෙන් විශ්වාස කරන්නේ නැහැ,
    නිකමට හිතපන් අපිට හැමවෙලේම කෝල් මැසේජ් නොකරන එකෙක් කෝල් මැසේජ් කරනව නම්
    ඒ අනිවාර්යෙන්ම උදව්වකට, වැඩිය ඕන නැහැ අපේ ෆොටෝ එකකට ලයික් කමෙන්ට් දානව නම්
    ඒ හෙට අනිද්දා උදව්වක් ඉල්ලන්න, මට වෙලා තියෙන නිසයි කියන්නේ,
    අපි අමාරුවෙ වැටෙන්න කලින් බේරෙන්න ඉව පාවිච්චි කරන්න්න ඕන..
    මොන උදව්ව ඉල්ලුවත් එවෙලෙ කරන්න එපා, හිතන්න පොඩි කාලයක් ගනින් මොනවාහරි
    හේතුවක් කියලා, එතකොට අපිට ගොඩක් කරදර වලින් බේරෙන්න පුළුවන්
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    පිළියන්දල කැස්බෑව පැත්තේ ඒකෙක් කැරකෙනවා රෑට බයික් ඒකක් තල්ලු කරන්. ඉස්සරහා රොදේ පැච් ඒකක් ටියුබ් ඒකම දාන්න ඔනේ කියලා. 1000 දුන්නා මු ගැන දුක හිතිලා. සැකේට අපේ සෙට් ඒකක් පස්සෙන් ගිහින්. මු අාතල් ඒකේ නැගලා යනවලු. උායි දවසක් අපේ ඒකෙක්ටම මෙක කියලා.