කරන්නම් ඕනෙද කියන එකට නම් කියන්න වෙන්නේ පස අනුව තම.
ඉස්සර හදපු මැටි බදාම ගෙවල් තියෙන්නේ අවුරුදු 100 - 200 ඔය කිසිම ට්‍රේඅට්මෙන්ට් එකක් නැතිව. දැන් පස බලලා නෙමේ නේ ගෙවල් හදන්නේ
finlay rentokill වගේ තැනකින් වර්ග අඩි 1800-2000 ගේකට 50,000/- 60,000/- වගේ යනවා දැන් අවුරුදු 1.5 විතර කලින් ප්‍රයිස් අහපුවාම. ඒගොල්ලෝ ගැරන්ටි දෙන්නේ 1-2 years
exterminators ලාගෙන් ප්‍රයිස් ගත්තාම 35000- 40000 වගේ ගානක් කිව්වේ. හරියටම මතක නෑ. ඒගොල්ලෝ අවුරුදු 10 ගැරන්ට් දෙනවා කිව්වා. එගනට වැඩේ කරෝගත්තා
එත් දැන් හිතෙන්නේ එක එච්චර වටින්නේ නෑ කියල. එච්චර සිම්පල් වැඩක් කලේ. එත් වත්තේ වේයෝ ඉන්න නිසා කමක් නෑ කියල හිතෙනවා. කරලා අවුරුද්දක් එකහමාරක් වෙනකන් වත්වත් වේයෝ හිටියේ නෑ. එත් දැන් මෙරුවෝ ඉන්නවා. ඒ කියන්නේ උන් ඉන්නවා පෙන්නේ නැති උනාට.
හේලීස් ලා ගාව තියනව ඇඩ්මියර් කියල බෝතලයක් (එකක් 3500 වගේ මතක). ඔය කම්පැනි එකක වැඩ කරන මිත්‍රයෙක් කිව්වේ ඒ වෙලාවේ ඒ ජාතියෙන් බෝතල් කීපයක් අරන් අපිට ගහගන්න කියල. ඔය මිනිස්සුන්ට දෙන එක වැඩක් නෑ කියල. දැන් නම් හිතෙනවා එහෙම කරගන්නත් තිබ්බා කියල.