Why this is important
අහිංසක පුංචි දරු‐පැටව් මැරිලා පා වෙනවා. ඇමතියා පිටරට සවාරි ගහනවා. අහිංසක දුප්පත් මිනිස්සු පස් යට මැරිලා. ඇමතියා මෙක්සිකෝවේ හෝටල් වල සැප ගන්නවා. ලක්ෂ ගානක් මිනිස්සු අවතැන් වෙලා, කන්න නැතුව, බොන්න වතුර නැතුව ලෙඩ වෙලා. ඇමතියා ආපදා වලක්වන හැටි ගැන ලෝකෙට දේශනා කරනවා. ගං වතුර ගලල දවස් 5 කට වැඩියි. ඇමතියා හරි නම් දැනගත්ත ගමන් තමන්ගේ රටට එන්න ඕන. මෙවන් ඇමතිවරු කුමටද? අනුර, වහාම ඉල්ලා අස් වෙන්න.
පසුගිය වසරේ ගං වතුර ගලල අවතැන් වෙච්ච මිනිස්සු තාමත් කඳවුරු වල. දවස් 365 ක් යනකන් බැරි වුනා 2017 ගං වතුරට ලෑස්ති වෙන්න.
රජයෙන් කිසිම පෙර සූදානමක් තිබුනේ නැහැ
ජනතාව හරියට දැනුවත් කළේ නැහැ
ඉවත්වෙන්න කිව්වට, කොහෙටද යන්නේ කියල කිව්වේ නැහැ
ගං වතුරට මුහුණ දෙන්න අවශ්‍ය පිරිස් සහ සම්පත් ලෑස්ති කරලා තිබුනේ නැහැ
ආපදා වැළැක්වීමට කිසිම ප්‍රායෝගික සැලැස්මක් හදල නැහැ
උනාට පස්සේ සල්ලි වෙන් කරලා වැඩක් නැහැ
ආපදා කළමනාකරණය අන්තිමට කරන්නෙ පෞද්ගලික ජනතාව නම් ඇමතියෙක් මොකටද?
මියගිය දරුවන්ගේ පිවිත වලට විෂය භාර ඇමතිවරයා හැටියට ඔයා වග කියන්න ඕනා. අපේ සල්ලි වලින් පඩි ගෙවල, වාහන අරන් දීල, නඩත්තු කරන්නේ නිකම් කකා බිබී ඉන්න නෙවෙයි. විනාසයක් වෙන්න කලින් ඒකෙ බලපෑම අඩු කරගන්න ක්‍රියාත්මක වෙන්න ඔයාට බැරි උනා.
අනුර, ඔයා අන්තිම අසාර්ථකයි. තමන්ගේ මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න බැරි වුනා. අඩුම තරමේ ඒ මිනිස්සුන්ගේ දුක අහන්න එන්න බැරි උනා. ඔයාට ලංකාවට වැඩිය, මෙක්සිකෝව ලොකු උනා. ඔයා දැන්ම ඉල්ලා අස්වෙන්න. අස්වෙලා මෙක්සිකෝවේ නතර වෙන්න.
Sign here
https://secure.avaaz.org/en/petition/anur_priydrshn_yaapaa_shrii_lNkaavee_aapdaa_kllmnaakrnn_aemti_anur_yaapaa_illaa_asvenn/?frKUdmb&pv=6&utm_source=sharetools&utm_medium=facebook&utm_campaign=petition-428501-anur_priydrshn_yaapaa_shrii_lNkaavee_aapdaa_kllmnaakrnn_aemti_anur_yaapaa_illaa_asvenn&utm_term=rKUdmb%2Ben


