මෙහෙමයි,
මෙච්චරකල් කොහොමහරි හිටිය මම (තාමත් ඉන්නවා),
එත් මට job training එකක් set උනා මට්ටක්කුලිය පැත්තේ.
එහෙ ගියාම කඩවල් වල කෑම පිරිසිදු නැහැ.
අපිට දීපු බෝඩිමේ 'චමරියක්' කරනවා (සල්ලි එකතු කරලා cook ට දෙනවා, ඌ ගේන්නේ බෝඩිමේ ලොක්කොන්ට ඕනේ ඒවා)
මම පෙරීදා චමරියේ පොත බැලුව...
අම්ම ගැහුනෙ ඒ වෙලාවේ.
යකෝ එළවලු + මස් වල ගානෙන් 80%ක් යන්නේ මස් වලට.
මම වහාම චමරියෙන් අයින් වෙලා මේකට මොකද කරන්නේ කියල ගෙදර උන් එක්ක කතා කරගන්න ගෙදර ආව.
මොකද මම මස් ගන්නේ නැති නිසා meat industry එකට මගෙන් ලැබෙන support එක අවමයි.
එත් මගේ සල්ලිවලින් අරුන් මස් ගත්තම මම meat industry support කරනවා වගේ. ඉතින් අරුං ගත්තත් එකයි මම ගත්තත් එකයි.!!!!!!
එතකොට මම නොකා ඉන්න එකේ තේරුමක් නැති වෙනෝ....
(තේරුනේ නැද්ද? මම සල්ලි දීල මස් ගෙනත් කෑවත් එකයි විසිකරත් එකයි. මොකද මගේ සල්ලි meat industry එකට දීල ඉවරයි.
ඒ වගේම තමයි, මගේ සල්ලි වලින් මම ගෙනත් කෑවත් එකයි, අරුංට ගෙනත් කන්න දුන්නත් එකයි.)
ඒනිසා මම මහන්සියෙන් රකින ප්‍රතිපත්තියෙන් වැඩක් නැතිවෙනෝ.
මොකද මගේ සල්ලි අම්බානක් යනෝ අරුංගෙ මස් වලට. මම කෑවා වගේ තමයි.
ඒ මදිවට එළවලු කියල ගේන්නෙ ඔය වම්බොටු බණ්ඩක්ක වගේ මට නුහුරු එව්වා. chicken කෑල්ලක් දාන නිසා උන්ට එළවලු ජාතිය ගානක් නැහැ.
ගෙන්න කියන්නේ ඒවා. ඒවා අඩුවට ගෙනත් අනික්වා මස් මාළු බිත්තර වලට. ඌ මට වෙනම උයන්න කැමතිත් නැහැ.
ඒ එලොලු කමක් නෑ කියමු, එත් මස් වලට සල්ලි නම් දෙන්නේ නැහැ පුතෝ.
එනිසා චමරියෙන් අයින් උනා.
මට හිතාගන්න බැහැ මට්ටක්කුලිය අවට (තොටළඟ) හොඳ එළවලු කෑම තියෙන තැනක් හොයාගන්න.
කීයක් ගියත් කමක් නැහැ මට මාස දෙකකට විතරයි ඕනේ.
ඔන්න ඕකයි අලුත් ම ප්‍රශ්නේ.