any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83


    මෙහෙමයි,
    මස් නොකන එක හරි, එත් ඇයි කිරි බොන්නේ නැත්තේ කියල දස අතේ කල්පනා කරන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්....

    ගොඩක් අය vegetarian වෙන්නේ සත්තු මරණ ඒවා දැකල දුක හිතිලා... අපිත් එහෙමයි...
    එත් එළකිරි බොන එක නවත්තන්නේ නැත්තේ "හරකට මුකුත් වෙන්නේ නැහැනේ කිරි ටිකක් ගත්තට" කියල හිතල...
    එත් ඇත්ත එක නෙවෙයි...
    ලොකුම පීඩාවක් විඳින්නේ කිරි දෙන්නු....
    කතන්දර ගොඩක් තියෙනෝ...
    එකක් දෙකක් කිව්වොත්,

    කිරි ගන්න නම් කිරි තියෙන්න ඕනේ....
    කිරි තියෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ?.
    ............
    ......
    ....
    පැටියෙක් ඉන්න ඕනේ.....
    ...
    ..

    මුන් කෘතිමව බටයක් බස්සනෝ අහවල් තැනට (එකේ ඇත්තේ හරකෙක්ගේ ශුක්‍රානු)
    ඒක බස්සුවට පස්සේ ටික කාලයක් බඩේ ඉඳල පැටියෙක් එනෝ....
    පැටියා එනකොටම පැටියා ඇදල අරන් මරනෝ එවෙලේම....
    නැත්තම් පෙට්ටියකට දාල එළදෙනට පෙන්න තියෙනෝ ගැටගහල.....
    කිරි දොවන machine එක ගහල ඔක්කොම කිරි ගන්නෝ...
    ආයේ කිරි ඉවර උණු ගමන් ආයේ අර බටේ බස්සනෝ....
    ඔහොම දිගටම වෙනෝ.... උන්ට අන්තිමට ඇවිද ගන්නවත් බැහැ...
    එක දිගට building එක ඇතුලේ විවේකයක් නැතිව අස්වාභාවික විදියට පැටව් හදල හදල ඇවිද ගන්නත් බැරි උනාම මරනෝ.....

    අපි හිතන් ඉන්නේ "පැටියට ටිකයි අපිට ටිකයි" කියල....
    ගමේ එහෙම වෙන්න ඇති....
    එත් උඹල බොන්නේ ගමේ ඒවා නෙවෙයි නේ...

    ඔය හරක් මස් විතරක් කන්නේ නැති සිංහල බෞද්දයෝ, හරකට ආදරේ නම් කිරිත් නොබී ඉන්න වෙයි ...
    කිරි අම්ම ලු , කිරි ටික දෙනවලු , දෙයි දෙයි , දෙනෝ නෙවෙයි බන් , ගන්නවා ගන්නවා.... බලෙන් ගන්නවා....


    dan ethokota un udeta bonne pol kirida??


    උඹල දන්නවද, අම්මගේ කිරි ඉවර උනාට පස්සේ ආයේ කිරි වැඩක් නැහැ.....

    වෙන සතෙකුගේ කිරි බොන එක කොච්චර විකුර්තියක්ද කියල මද්‍යස්තව හිතල බලහල්ල....
    උඹලව පුරුදු කරවපු එක වෙනම කතාවක්....
    පුරුදු වෙලා නැහැයි කියල හිතන් හිතල බලහන්...

    වදුරෙක්ගේ කිරි බොන්න කිව්වොත් "ඊ....යා " කියයි....
    ඇයි හරකාගේ ඊයා නැත්තේ....
    එලකිරිත් "ඊ....යා " තමයි බන්...... උඹලට එක තේරෙන්නේ නැහැ පුරුදු කරවලා පොඩි කාලෙම බොන්න....
    එළදෙන වගේම වන්දුරත් ශාක භාක්ෂයි...
    අනික උඹල සර්ව භක්ෂක නම් බලු කිරිත් බීපල්ලකෝ....





    "මමනම් හරක් මස කන්නේ නැහැ මමනම් chicken විතරයි කන්නේ, මම නම් chicken vegetarian" කියල හදාගත්තු අමුතු vegitarian ඒවත් මම දැකල තියෙනෝ මේකේ කියනෝ කට්ටිය....
    අනේ muslim එකෙක් ඇවිත් "මමනම් හරක් මස් විතරයි කන්නේ, මමනම් beef vegitarian" කියන්න ඕනේ උඹලට තරු පේන්න...



    සමහරු සත්තු මරණ දුකට vegetarian විතරක් වෙලා නතර වෙලා ඉන්නේ මේවා දන්නේ නැතුව....
    එළකිරි ගන්න ගිහින් එළදෙනට දෙන දුක දැකල තියෙන අය vegans ල වෙන්නත් කල්පනා කරයි...
    එතකොට තේරෙයි මේක ගල් යුගයේ එකක්ද කියල....

    පිටරට එවුන් අද vegans ල වෙලා ඉන්නෝ...
    food city එකකට ගියාම vegan yogurt හිටන් තියෙනෝ....
    හැම මගුලම vegan විදියටත් හදල තියෙනෝ...

    ඒකට මේ ලංකාවේ,
    soya කිරි විතරයි පිටරටින් එන්නේ....


    මෙච්චරයි,
    අඩුගානේ උඹලගේ ළමයි වත් අමාරුවේ නොදා ඉන්න බලන්න....
    මෙහෙ docters ල බයිලා ගහනකොට, එහෙ හොයාගෙන ඉවරයි මොනවද කන්න ඕනේ කියල....

    හපෝ මේක බඩවැල වගේ තියෙනෝ ඉවරයක් නැහැ, එනිසා මම නවත්තනෝ,
    මම vegans ල ඉන්නවද ඇහුවම මාව මේවා කියවන්න අවුස්සපු නිසා කියන්න උනා ටිකක්...
    යන්න කලින් විහිළුවක් කරන්නද?

    ඔස්ටියෝ පොරෝසිස් හැදෙයි කියල කිරි බෝන්නලු නේද?
    ඔස්ටියෝ පොරෝසිසි හැදෙන්නෙත් කිරි නිසා බං .... ලොල්........

    ඔව් ඔව් මම බොරු කියන්නේ, මට පිස්සුනේ.... ^^
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ane manda
    eka eka jathiye una innawa
    mama nam hamba unoth Chiken, Fish wage dewal kanawa. Nethnam Salli deela genalla kanne ne. Hebei Seman nam kanawa'
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    උබේ කතාවෙන් පේනව උබ ටිකක් හොදට ඉගෙන ගත්තු එකෙක් කියල.. ඒත් ඇයි බන් මෙච්චර ගොන් ? උබ vegan වෙයන් කිසිම ප්‍රශ්නයක් නැහැ ගොඩක් හොදයි මස් කන්නේ නැතුවම ඉනන්ව නම්.. ඒත් මෙච්චරම ගොන් වෙන්න එපා

    3.gif


    ඉස්සර බමුනෝ ඉදල තියනව උන් පාරෙ යන්නෙ පාරෙ ඉස්සහ අතුගගා මොකද පොඩි සතෙක් හරි පෑගිලා පවක් සිද්දවෙයි කියල.. උබේ ප්‍රතිපත්තිය හොදයි ගල් යුගයෙ උන්ට.. මස් කන්න එපා.. ඒත් ඕනාවට වැඩිය ගොන් වෙන්නත් එපා..

    එයා මස් කෑවා නොකෑවා අයියගේ ඇම්මද? හැම එකටම පොර වෙන යන්න එපා. මස් කන්න පෙරේතකමට බුද්ධාගම පාවලා දෙන්න එපා.
     
    tumblr_lrtovzw84K1qk0douo1_400.jpg


    good luck umbata






    උඹ මොකටද සත්ව ගහනයට මැදිහත් වෙන්නේ. උබ දෙය්යෝද?
    කොටියෝ මුවෝ මරං කාවී. උඹ ඒවාට මැදිහත් වෙන්න ඕනේ නැහැ....

    ගහනයක් නැහැ බන්, ගහනය කරවලයි මරන්නේ.
    තේරුනාද?
    කුකුලෝ? ඇති කරලා මරන්නේ.....
    හරක්? ඇති කරලා මරන්නේ....
    ඔය ඔක්කොම ඇති කරලා මරන්නේ. කැලේ ඉන්න උන් නෙවෙයි. අපි මේලෝකේ සත්ව ගහනය පාලනය කරන්න කලින් මේ ලෝකේ පරිසරය දුඋෂණය කරන එක නවත්තන්න කියන්න මිනිස්සුන්ට....
    නිකම් මේ සත්තු පාලනය කරන්න හදන්නේ නැතුව. අයි මිනිස්සු කියන උන් අලි පු*න් ඇවිත් ද?



    සත්තු ඇතිකරවලා, බෝ කරවලා, ඒ බෝකරවපු සත්තුයි මරන්නේ..



    අනේ බං තර්ක කරන්න නෙවෙයි මේ thread එක දැම්මේ....

    මචන් සචියෝ, සීලයක් රකින විදිහ එක එක්කෙනාට තියන විර්යය අනුව වෙනස් වෙනව. style එකට vegan වෙනවට වැඩිය, පවෙන් ඈත් වීමේ අදහසින් vegan වෙන එක ගොඩක් වටිනව. බොරු කියන්න ඕන නෑ, මටනම් vegan වෙන්න තරම් වීර්යයක් නෑ.:rofl:

    ගිහියො උනාම 100% පවින් වැළකෙන්න අමාරුයි. එක නිසා තමයි සාසනයක් තියෙන්නෙ. මස් කෑම පවට අනුබල දීමක් විදිහට එයා දකිනවනම්, එයා vegan වෙන එකේ වැරද්දක් නෑ. එක මාසයක්වත් vegan වෙන්න තරම් වීර්යයක් නැති අපි, එයාගෙ ක්‍රමය වැරදියි කියන්න හොඳ නෑ. :)

    එයා මස් කෑවා නොකෑවා අයියගේ ඇම්මද? හැම එකටම පොර වෙන යන්න එපා. මස් කන්න පෙරේතකමට බුද්ධාගම පාවලා දෙන්න එපා.


    උබ ඔවාහිතන්න එපා බන්, මස් වල රසට පෙරේත එවුන් දිව හැරුන පැත්තට කතා කරණවා. මටත් විගන් වෙන්න ආසයි, එත් අමාරුයි මචං, එත් වෙජි උනා කියල මස් වලට පෙරේත නැහැ, අනික මස් මාංශ මට නම් අප්‍රියයි.
    ජය වේවා සහෝ.

    ඔය දවස් දෙක තුනට පොඩ්ඩක් පෑලියගොඩ, වගේ පැත්තක ඉදන් යන්න ගියා නම් හරි, කැළණි පන්සල කිට්ටු නිසා උබට කෑම හොයාගන්න ලේසි වේවි.
     

    Nikolos

    Member
    Jul 22, 2014
    13
    0
    0
    මම ඉස්සර හොටෙල් එකේ(ටාජ් සමුද්‍රා) වැඩ කරද්දී ඔය වගේ අය ගොඩක් හම්බ වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒ අය ආවම හොටෙල් එකටත් හෙන වැඩේ. ඇයි කෑම හදන්න ගියාම එපා වෙනවනේ. දෙන්න දෙයක් නෑ සමහර වෙලාවට.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම නම් නිර්මාන්ශිකයෙක් නෙමෙයි..මට එහෙම වෙන්න උවමනාවකුත් නෑ.. හැබයි කවුරු හරි සත්තු කෙරෙහි කරුනාවෙන් මස් මාලු කන්නෙ නැත්නම් ඒක හොද දෙයක්.. මම කඩෙන් සල්ලි දීල මස් මාලු ගෙනාවෙම නෑ..ඉස්සර පිට ගෙදරක,යාලුවෙකුගෙ බත් එකේ ,වෙඩිමකදි වගේ සෙට් වුනොත් විතරයි කෑවෙ...දැන් බන් බැදලා නිසා වයිපරේගේ පොශනය ගැන බලන්න ඕනෙ නිසා දැන් නම් ටික ටික මස් මාලු ගේනවා...
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    අපිට වඩා දියුණු සත්ව කොට්ටාසයක් ඇවිත් අපිව කුඩු කරලා කන්න දිදී මරාගෙන උය උය කෑවොත් මේ ලෝකේ අපිට මොනවිදියට දැනේවිද?:dull:
     
    Jul 14, 2014
    237
    32
    0


    මෙහෙමයි,
    මස් නොකන එක හරි, එත් ඇයි කිරි බොන්නේ නැත්තේ කියල දස අතේ කල්පනා කරන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්....

    මස්,මාළු,කිරි බිත්තර වගේ ඕනදෙයක් නොකා ඉන්න,කැමතිනම් අඩුම තරමේ කෙලවත් නොගිල ඉන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා...හැබැයි බුද්ධ ධර්මය ඈඳ ගන්න එපා...උඹ පාළි හරියට දන්නේ නැති බව කතාවෙන් තේරෙනවා...මම සිංහලෙන් අහන්නම්... බුදුරජාණන් වහන්සේ කෝටියක් පාරිශුද්ධ මාංශ කිවුවේ මොනවටද කියල මට පැහැදිලි කරලා දෙනවද....? :cool::cool::cool:

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    laන්කාවෙ එවුන්නම් ඔය වෙජි කතා හදන් ඉන්නෙ නැතිබැරි කමට මස් මාලු කන්නෙ නැහැ
    හොදිකනව කියන්නෙ පෙරෙතකමට.දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියනව කුකුල කනව හරක කන්නෙ නැහැ
    එක හරියට පොශ් සින් එක වගෙ ගම් වලනම් ඔය බොරු ශො නැහැ ගමෙ ගියහම උයන්නෙම හරක් මස් උරුමස්
    ප්‍රතිපත්තියක් හැටියටහරියට සත්ව අහරගන්නෙ නැති අයට නම් ලන්කවෙ ටිකක් අමරුයි.
    ගෙදරම උයගෙන කන කෙනෙක්ට හැර.අනෙක ලන්කවෙ එලොලු පලතුරු අමුවහ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රේවතී;16919963 said:


    මෙහෙමයි,
    මස් නොකන එක හරි, එත් ඇයි කිරි බොන්නේ නැත්තේ කියල දස අතේ කල්පනා කරන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්....

    මස්,මාළු,කිරි බිත්තර වගේ ඕනදෙයක් නොකා ඉන්න,කැමතිනම් අඩුම තරමේ කෙලවත් නොගිල ඉන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා...හැබැයි බුද්ධ ධර්මය ඈඳ ගන්න එපා...උඹ පාළි හරියට දන්නේ නැති බව කතාවෙන් තේරෙනවා...මම සිංහලෙන් අහන්නම්... බුදුරජාණන් වහන්සේ කෝටියක් පාරිශුද්ධ මාංශ කිවුවේ මොනවටද කියල මට පැහැදිලි කරලා දෙනවද....? :cool::cool::cool:


    කෝටියක් පාරිශුද්ද මාන්ශ නෙමෙයි බන් ත්‍රිකොටික පාරිශුද්ද මාන්ශ
     
    Jul 14, 2014
    237
    32
    0
    රේවතී;16919963 said:
    කෝටියක් පාරිශුද්ද මාන්ශ නෙමෙයි බන් ත්‍රිකොටික පාරිශුද්ද මාන්ශ

    ඉස්සෙල්ල එක කෝටියක් කියන්න කියහන්කෝ...පස්සේ ඉතිරි කොටි දෙක මොනවා හරි කර ගන්න බැරියැ....ත්‍රිකොටික කියන්නේ පාළි ...කට වහරේ සිංහලෙන් අහන්නේ කෝටියක් කියලයි බං....ඕක මම හරියටම සිංහලෙන් අහනවා නම් අහන්න ඕනේ තුන් කෝටියක් කියලයි...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මං නං දැන්නෙ නෑ බං ඕවා ගැන. හැම මසක්ම කනවා මම :P
    vegan වෙන එකේ හොද නරක මම දන්නෙ නෑ, ඒක උබේ කැමැත්ත :)
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    වෙජිටේරියන් උන් ඇති vegan උන් නම් මම හිතන්නෙ නැහැ...
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මොකද බන් මේ මරා ගන්නෙ? මස් කන එවුන් කාපල්ල, නැති එවුන් එළවලු කාපල්ල... ඒක තමන්ගෙ කැමැත්ත. ඔය මොන මගුල් කෑවත් උගුරෙන් පහලට ගියාට පස්සෙ රසක් තේරෙනවද? රෙන්න ගියාම ගඳ ගහන්නෙ නැද්ද??
    නොමැරී ජිවත් වෙන්නනෙ ඔය හැම දෙයක්ම..
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    රේවතී;16919963 said:


    හැබැයි බුද්ධ ධර්මය ඈඳ ගන්න එපා...



    මම බුද්දාගම ඇදල ගත්තේ නැහැනේ බන්,
    බුද්දාගමේ මෙහෙම මෙහෙම තියනවය, එනිසා මෙහෙම මෙහෙම විය යුතුය කියල මම කිව්වේ කොහෙද.....
     
    Jul 14, 2014
    237
    32
    0
    රේවතී;16919963 said:
    මම බුද්දාගම ඇදල ගත්තේ නැහැනේ බන්,
    බුද්දාගමේ මෙහෙම මෙහෙම තියනවය, එනිසා මෙහෙම මෙහෙම විය යුතුය කියල මම කිව්වේ කොහෙද.....

    හරි බං එහෙමනං අපි ශේප්...මෙන්න කැපුන...:cool::cool::cool:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මටත් පට්ට ආසයි මස් මාළු නොකා ඉන්න.නමුත් මට එහෙම ඉන්න තරම් කැපවීමක් කරන්න බැ. එක තමයි ඇත්ත කතාව. සමහරු අහනවා වේගන් ල මේ ලෝකේ ඉන්නවද කියල? ලංකාව ගැන නම් දන්නේ නැ. පිටරට නම් ඕන තරම් ඉන්නවා. එහෙ වේගන් බොඩි බිල්ඩර් ලත් ඉන්නවා උන්ට ඒවාට වෙනම තරගත් තියෙනවා. මස් කන්න පෙරේත උන අමුතු අමුතු කතා ගොතනවා.