අපාය
නරකය
නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලොක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි, මුලින්ම
01)සඤ්ජිවය
යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නමි වෙ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරැ නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි.
02)කාලසුත්‍රය
උපන් සත්ත්වයින් ගිනියමි වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මෙ නරකයේ පැසෙයි.
03)සන්ඝාතය
මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලොහමය පොළවෙ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා සතුන් මැරැ පුද්ගලයන්ද මෙම අපායේ උපදිති.
04)රෞරවය
මෙ නරකයේ සත්ත්වයින්ගේ ශරිරය තුලින් ගමන් ගෙන ඇතුලත හා පිටත දවන්නාවු භයානක දුමකින් යුක්තය. මෙලෙස මුලු සිරැරම දැවි යාම නිසා විලාප දෙමින් හඩන අපාගත සත්ත්වයින්ගේ හඩ නිරන්තරයෙන් ඇසෙන බැවින් මෙම නරකය, රෞරවය නමි වෙ.
05)මහා රෞරවය
අතිශය දරැණු හා භයංකාර වු ගින්නෙන් හා දුමෙන් නිරන්තරයෙන් මෙම නරකය පිරි ඇත. මෙම නරකයේ සත්ත්වයින් විදිනු ලබන ඉසිලිය නොහැකි දුක නිසා නිරන්තරයෙන් විලාප දෙමින් හඩන හඩ ඇසෙන බැවින්ද, නිරිසතුන්ගේ ශරිරයෙන් ගලායන ලෙයින් පිරි ඇති බැවින්ද, මෙය මහා රෞරවය නමි වෙ. තුරැණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද, මෙම නරකයේ උපදියි.
06)තාපනය
මෙම නරකයේ ගිනියමි වු ලොහමය පොළවෙ, ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතුන් පණපිටින් පුලුස්සා මැරැ පුද්ගලයොත් අනුන්ගේ නිවෙස් වලට ගිනි තැබු පුද්ගලයොත් මෙම නරකයේ උපත ලබයි.


good post machan


