සිය පෙම්වතාගේ උපන් දිනය වෙනුවෙන් ගාලු කොටු පවුර උඩදී අරක්කු බාගයක් පානය කළ උසස් පෙළ සිසුවියක මත්වීමෙන් පසු ගාල්ල කොටුව සංචාරක පොලිසිය මැදිහත්වීමෙන් පෙරේදා (14) සුව සැරිය
ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
ගාල්ල කොටුව සංචාරක පොලිසියේ නිලධාරින් ජංගම සංචාරක මුර සේවයේ යෙදී සිටියදී මෙම සිසුවිය ගාල්ල කොටු පවුර මත බිම වැතිරී සිටිනු දැක සොයා බැලීමේදී පෙම්වතාගේ උපන් දිනය සැමරීමට අරක්කු භාගයක් බිමෙන් පසු මත්වී සිටීම හේතුවෙන් ඇය රෝහල් ගත කිරිමට ක්‍රියා කළ බව පොලිසිය කියයි. තම උපකාරක පන්තියට ගෙවිම සඳහා නිවසින් ලබාදුන් රුපියල් දාහකින් පෙම්වතියගේ ඉල්ලීම මත අරක්කු භාගයක් ගෙන ඇයට දුන් බව පොලිසිය කළ මූලික පරික්ෂණෙවලදී පෙම්වතා වන උසස් පෙළ සිසුවා ප්‍රකාශ කළ බව පොලිසිය කීය.
මෙහිදී තමා මත්පැන් පානය නොකළ බව පෙම්වතා පැවසු බවද පොලිසිය කියයි. ගාල්ල කොටුව සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත මහතාට සිද්ධිය සැලවීමත් සමඟ වහාම එම ස්ථානයට පැමිණි සුව සැරිය ගිලන් රථය එම ස්ථානයට ගෙන්වා ගත් බව පොලිසිය කීය. මත්පැන් බී වෙරි වූ ඇය ගිලන් රථයෙන් ගෙන යාමට එහි සේවකයන් අකැමැතිවීම නිසා පොලිස් ස්ථානාධිපතිවරයා කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දැනුවත් කොට මෙම සිසුවිය රෝහලට පිටත් කළ බව ගාල්ල කොටුව සංචාරක පොලිසිය කියයි. මෙම සිසුවියගේ පෙම්වතා බව කියන සිසුවා ගාල්ල පොලිසියේ ළමා හා කාත්තා කාර්යංශයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇත. මෙම සිසුවියගේ මව්පියන් ගාල්ල පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන අවවාද කළ බව පොලිසිය කියයි.
-ඩී.ජී.සුගතපාල-