Ape Cricket tharu

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත් තරු 7 ක් ගැන සටහනක්FEATURED


    ලංකාව පහුගිය කාලෙ ක්‍රිකට් අතින් තිබ්බෙ එච්චර උසස් තැනක නෙමෙයි. කවදත් ලංකාව උසස් තැනක තිබ්බනං තියල තිබ්බෙත් ක්‍රිකට් විතරක් නිසා ඒ පහළ බැහීම අපිට හරිම දුකක් වුනා. ඒකට මිනිස්සු එක එක කතා කිවුව. සංගා සහ මහේ‍ලගේ සමුගැනීම, නවකයන්ට උවමනා තරම් අත්දැකීම් නොතිබීම සහ නිවැරදි අවස්ථාවලදී නවකයන් නොයෙදවීම වැනි කාරණා මිනිස්සු කිවුවට ඔවුව කරන්නෙ අපිට වඩා ක්‍රිකට් ගැන දන්න කට්ටිය නිසා අපිනං ඔවුවට මොකුත් කියන්න ගියේ නැහැ. කොහොමින් කොහොමහරි අන්තිමට දකුණු අප්‍රිකාවටයි ඔස්ට්‍රේලියාවටයි ඒ ඒ රටවල්වල පස් කවලා අපේ පොඩි කොල්ලො ටිකක් විස්සයි විස්ස කුසලාන දෙකක් ගෙනාවෙ කණ්ඩායමක් විදිහට හොඳ දක්ෂකම් දක්වලයි. මේ කියන්න යන්නෙ ඒ කට්ටියයි මෑතකදි කණ්ඩායමට එකතුවෙලා ටීම් එක ගොඩ දාපු අනිත් තරුණ කට්ටියයි ගැන.



    1. අසේල ගුණරත්න

    New Stars of SL Cricket
    Source – sports.tf, zimbio.com
    පහුගිය කාලෙ වැඩිපුරම කතා වුනේ මෙයා ගැන. අන්තිම බෝලෙට වෙනකං ගේම ගෙනල්ල ලකුණු දෙකක් ගහන්න තියෙද්දි හතරක් ගහලා අන්තෙට පරදින්න තිබ්බ මැච් එක ගොඩ දාලා, අපේ ඩග්අවුට් එක පැත්තට දුවන් ගිහිල්ල, ග්‍රවුන්ඩ් එකට පැනපු ටීම් මේට්ස්ලගෙ ඇ‍ඟේ එල්ලෙද්දි ආපු ගැම්ම හින්දම අසේල ගුණරත්න අපේ ලිස්ට් එකේ පළවෙනි‍යට දානව. ඒ ඇරෙන්න මේ ලැයිස්තුවෙ අනුපිළිවෙලක් නැහැ. ජීලොන්ග්වලදි එදා ගහපු අසූහතර තමයි අසේල ගුණරත්න ටීටුවෙන්ටියක ගහපු වැඩිම ලකුණු වෙන්නෙ. ටෙස්ට් එච්චර ගහන්න නොලැබුනාට ගහපු මැච් දෙකේදි ශතකයක් සහ අර්ධ ශතකයක් ගහලයි ඉන්නෙ. ගහන්න ලැබුනු වන්ඩේ දහයෙදි හයවැනි ක්‍රීඩකයට බැට් කරන්න ඇවිල්ල හයේ දෙකකුයි හතරෙ දාහතරකුයි එක්ක දකුණු අප්‍රිකාවට සෙන්චූරියන්වලදි ලකුණු 114ක් නෙලපු නෙලිල්ල ඉහළින්ම තියෙනවා.

    අපේ ප්‍රියතම ඉනිම – ඕස්ට්‍රේලියාවෙන් ජයග්‍රහණෙ උදුරගත්ත ලකුණු 84 ඉනිම තමයි බං.



    2. දිල්ශාන් මුණවීර

    New Stars of SL Cricket
    Source – alchetron.com, zimbio.com
    තුන් ඉරියවුවෙන් කැපීපෙනෙන අරවින්ද ද සිල්වා ටයිප් ක්‍රීඩකයෙක්. පවර් හිටින් නං පවර් හිටින්, ගින්නක් නැතුව නෝමල් රේට් එහෙක ඕවර් ටිකක් බස්සගන්න, කෙලවෙච්ච වෙලාවක මිරැකල් එකක් ගොඩ දාගන්න පුළුවන් කොල්ලෙක්. හොඳ ෆීල්ඩර් ‍කෙනෙක් වුනාට අන්තිම මැච්වල ෆීල්ඩින් ටිකක් අවුල් ගියා. අවුරුදු හතරකට පස්සෙ චාන්ස් හම්බෙච්ච ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස සීරීස් එකේ කිසිම ගින්නක් ගන්නැතුව මුල ඉඳම්ම වටේටම නෙළුවෙ විස්සයි විස්ස ගහන්න තියෙන හැකියාව ඉහටත් උඩින් කියලා පෙන්වන ගමන්මයි. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගහල තියෙන්නෙ විස්සයි විස්ස විතරක් වුනාට ඒ මැච් හතෙන් හොඳම ඉනිම් දෙක ගැහුවෙ ඔස්ට්‍රේලියාවට ඔස්ට්‍රේලියාවෙදි වීම විශේෂයි. ඒ හතරෙ හයක් එක්ක බෝල 29කින් 44කුත්, හතරෙ තුනයි හයේ දෙකයි එක්ක බෝල 25කින් 37ක්.

    අපේ ප්‍රියතම ඉනිම – ඕස්ට්‍රේලියාව එක්ක පළවැනි විස්සයි 20 දි වේගවත් ආරම්භයක් අරන් දීපු ලකුණු 44 ඉනිම.



    3. ධනංජය ද සිල්වා

    New Stars of SL Cricket
    Source – cricketcountry.com, zimbio.com
    කෙට්ටුවට පොඩියට හිටියට, අහිංසක හිනාවක් තිබ්බට අපිට කෙලවෙලා ඉන්න වෙලාවක යකෙක් වගේ සෙල්ලං කරන මිඩ්ල් ඕඩර් එක ගොඩ දාන කොල්ලෙක් තමයි මේ. ටෙස්ට්වල සීයෙ දෙකයි. ඒකෙන් ලොකුම සීය ඔස්ට්‍රේලියාවට ගැහුවෙ කොළඹදි. අපේ අය ලකුණු විසි ගාණට විකට් පහක් ගිහින් ඉද්දි ඇවිල්ල තමයි ඒ ඇස් පිනවන ක්‍රිකට් පෙළහර පෑවෙ. චන්දිමාල් එක්ක එකතුවෙලා ඒ ගොඩ දාපු සීයට පස්සෙත් ලොකු ෂෝ නැතුව ඇස්වල සතුටු කඳුළු පුරවගෙන බැට් එක උස්සපු කොල්ලට මහ පුටුවල උන්දලත් හිටගෙන අත්පුඩි ගැහුවා. වැඩිම එක්දින ලකුණු විදියට සිම්බාබ්වේවලට 78කුත් ඔස්ට්‍රේලියාවට 76කුත් ගහලා තියෙනවා. විකටුත් දාලා තියෙනවා. ෆීල්ඩිනුත් හොඳයි. අපේ අවුල්ම ගිහින් තිබ්බ මැද පෙළට දැන් ඉන්න සුපිරි බල කණුවක් තමයි මේ.

    අපේ ප්‍රියතම ඉනිම – ඕස්ට්‍රේලියාවත් එක්ක ගහපු පළවෙනි ටෙස්ට් එකේ මුල් ඉනිම ගොඩදාපු ලකුණු 129 ඉනිම.

    අනිවා Inside Sports Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address


    Subscribe


    4. නිරෝෂන් දික්වැල්ල

    New Stars of SL Cricket
    Source – zimbio.com
    කොණ්ඩෙ පාට හින්දා ටීම් එකෙන් කැපෙයිද දන්නෙ නෑ. හැබැයි ඉතිං ලංකාවෙ අලුතින්ම හොයාගත්තු කුසල් ජනිත්ගෙ එහා පැත්තෙන් විකට් එකේ සෙට්ල් වෙන ගමන් පොල් අඩි නෙලන ඩයල් එක තමයි මේ. මේ වගේ කොල්ලො ජයසූරියලා ඩිල්ෂාන්ලා නැති මුල් පෙලට හුඟක් වටිනවා කියලා දික්වැල්ල ක්‍රියාවෙන්ම ඔප්පු කළා පහුගිය කාලෙ පුරාම. තාම හැදීගෙන එන වයස. මේ විකට් කීපර් බැට්ස්මන් වෙස්ට් ඉන්ඩීස්ලට වන් ඩවුන් ඇවිල්ල ගහපු ලකුණු 94 විශේෂයි. ඒ වගේම අන්තිමට වන්ඩේ සීරීස් එකේදි දකුණු අප්‍රිකාවට ගහපු ඉනිං තුනම (39,58,74) විශේෂ කරලා දක්වන්න පුළුවන්. ඒ වගේම ඔස්ට්‍රේලියාවටයි, දකුණු අප්‍රිකාවටයි ගහපු අන්තිම විස්සයි විස්ස ඉනිං පහම ගතයුත්තක් තිබුනු ප්‍රහාරක ඉනිම් (14,30,68,22,43) බවත් මතක් කළ යුතුමයි.

    අපේ ප්‍රියතම ඉනිම – වෙස්ට් ඉන්ඩීස්ලට ගහපු ලකුණු 94 ඉනිම



    5. ලක්ෂාන් සඳකැන්

    New Stars of SL Cricket
    Source – thepapare.com, cricket.com.au
    මෙන්න මැජික් කරපු පොරක්. මේ කොට පොර රංගන හේරත් කියන අනිත් කොට පොරත් එක්ක ප්‍රතිවාදියො හොල්මන් කරවපු ඩයල් එකක්. මුල්ම ටෙස්ට් මැච් එකේ පොර ඔස්ට්‍රේලියාව කොර කළේ විකට් හතක් දාලා. ඒ පළවෙනි ඉනිමෙදි හතරයි ඊටපස්සෙ තුනයි විදියට. කොහොමහරි ටෙස්ට් දිවියෙ ගත්තු විකට් නමයම දාලා තියෙන්නෙ ප්‍රබල ඔස්ට්‍රේලියානුවොන්ට තමයි. දකුණු අප්‍රිකානුවොත් එක්ක විතරක් ගහල තියෙන ටීටුවෙන්ටිවලත් වැඩි වෙනසක් නැත්තෙ මුල් මැච් එකේ ප්‍රෝටියාස්ලව හොල්මන් කරලා දාපු විකට් හතර නිසායි. කාලෙකට පස්සෙ අපිට ආපු චයිනමන් කාරයගෙ බෝල වැටෙන හැටි බලන්න ලස්සනයි.

    අපේ ප්‍රියතම ඉනිම – පල්ලෙකැලේදි ඕස්ට්‍රේලියාව කොර කරපු විකට් 4 දස්කම.



    6. කුසල් මෙන්ඩිස්

    New Stars of SL Cricket
    Source – zimbio.com, cricket.com.au
    මේ තමයි අපේ බලාපොරොත්තුව. විකට් එකට වඩා චුට්ටක් උස උනාට මොකද සචින්ට පස්සෙ දැකපු, මැණික් කටුව පාචිච්චි කරලා ලස්සනට බෝල ප්ලේස් කරන බුවෙක් තමයි කුසල්. මෙයානං ෆෝමැට් තුනේම වැඩ පෙන්නලා තියෙන්නෙ. ටෙස්ට්වල 176ක් ගැහුව ඔස්ට්‍රේලියාවට ගිය අවුරුද්දෙ මැද. වන්ඩේවල ඉනිං විසි එකට පනහෙ අටක් ගහල තියෙනව. වැඩිම ගැහුවෙ වෙස්ට් ඉන්ඩීස්වලට හතරෙ 7කුයි හයේ පහකුයි එක්ක ලකුණු 94ක්. පොදු අදහසට අනුවනං මෙයා කොච්චර පොරක් වුනත් විස්සයි විස්සට එච්චර හරියන්නෙ නැති ගාණයි. ඒ වැඩිය වැඩ පෙන්නලා නැති නිසාම නෙමෙයි. ඒ ඒක මෙයාගෙ බැටින් ස්ටයිල් එකට හරි නොයන නිසා. මෙයත් විකට් කීපර් බැට්ස්මන්. විකට් කීපර් විදියට වැඩි අවස්ථා නැතත් විකට් එක කිට්ටුව ඉඳන් නියමෙට ෆීල්ඩ් කරන උරුමය විකට් කීපින් හැකියාවෙන් එයාට ලැබිලා තියෙනවා.

    අපේ ප්‍රියතම ඉනිම – පැරදි පැරදි හිටපු අපිට අලුත් බලාපොරොත්තුවක් ගෙනාපු ලකුණු 176 ටෙස්ට් ඉනිම.



    7. මිලින්ද සිරිවර්ධන

    New Stars of SL Cricket
    Source – zimbio.com, alchetron.com
    2015/16 සීසන් එකේ ලංකාවෙ ක්‍රිකට්වලට සිද්ධ වෙච්ච හොඳම දේ කියලයි මෙයාව හැඳින්වුවෙ. අවුල් වෙලාවක විකට් එකක් ගන්න කියාපු ඩයල් එක. හදිස්සි ලකුණු විස්සක තිහක බෝල ලකුණු පරතරයක් අල්ලන්නත් කියාපු ඩයල් එක. මැච් විනිං නොක් එකකටත් කියාපු ඩයල් එක. මහා වැඩ කියලා දෙයක් නමට ලියන්න නැත්තෙ එයාට හැම දේටම ලැබෙන්නෙ කෙටි කාලයක් නිසා. බොහෝදුරට ටෙස්ට්වලට එච්චරම වැඩක් නැති වන්ඩේ සහ ටීටුවෙන්ටිවලින් ඉස්සරහට යවන්න හොඳ කොල්ලෙක්. ටෙස්ට්වලයි වන්ඩේවලයි පනහෙ දෙක ගානෙ දාලා තියෙනව. ටෙස්ට්වල වැඩිම ගැහුවෙ එයාගෙ දෙවනි මැච් එකේදි වෙස්ට්ඉන්ඩීස්ලට හැට අටක්. වන්ඩේවල හැටහය ගැහුවෙ නවසීලන්තෙට. ලොකු අනාගත බලාපොරොත්තුවක්. මියුසික් වීඩියෝවල ඉන්නවට වඩා නියම හැකියාවක් ක්‍රිකට් පැත්තෙන් තියෙන පොරක්.

    අපේ ප්‍රියතම ඉනිම – නවසීලන්තෙට ගහපු ලකුණු 66 ඉනිම

     
    • Like
    Reactions: tewera

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔක්කොම හොදයි ටීම් එක සමබරද කියන එක ප්‍රශ්නයක්