ඉතින් ගොනෝ (ගොන්නු = සියලු දේශපාලකයන් ) සියලුම චන්ද එකම දවසක තියපල්ලකෝ. ජනාධිපතිවරණෙ, මහා මැතිවරණෙ, ප්‍රාදේශීය, නගර සභා, පළාත් සභා ඔය ඔක්කොම එකම දවසේ චන්ද පත්‍රිකා දෙක තුනකින් ඉවර කළා නම් ඊළඟ චන්දෙ එනකල් චන්ද ගැන හිතන්න ඕනේ නැහැනේ. වැඩ කරන්නනේ තියෙන්නේ.
මුන් මේක හදාගෙන ඉන්නෙත් රට කන්නම තමා. එකක් ඉවරවෙලා ටික දවසකින් තව එකක්. ඉතින් රටේම වැඩ නවත්තල මුළු රාජ්‍ය යාන්ත්‍රණයම (පවුද්ගලික අංශයත් ඇදගෙන ) යොදා ගන්නවා චන්ද කරන්න.
මේ ගොන්නු තව හොඳා...... හිටපු රජා ඊට හපන්. ඌ එකම චන්දෙ පළාත් වලට බෙදාගෙන කලේ. (මේවගේ සාධනීය වෙනස්කම් නොකරපු නිසා තමයි පොරට ගෙදර යන්න උනෙත්)