දැන් නිව්ස් බැලුවම හිතුනෙ අද උදේ කොරියන් එයාර් ෆ්ලයිට් එකෙන් ආපු ලංකාවෙ මිනිස්සු හැසිරෙන්නෙ හරියට බකිංහැම් පැලස් එකෙං ගොඩ බැස්සා වගෙ

හොදටම දන්නවා ලංකාව කියන්නෙ සංවර්ධිත රටකුත් නෙමෙ දකුණු කොරියාව වගෙ.. එහෙව් කොරියාවෙත් පාලනය කරන්න බැරි උන වසංගතයක් ලංකාව දැනට මේ තත්වයෙන් පාලනය කරන් ඉන්නෙත් රටේ තියන අවම පහසුකම් මධ්‍යයෙ..
ඒක නොතේරෙනවාම නෙමෙයි .. හැබැයි හිතනවා ආපු ගමන් දෝලාවෙ තියලා වඩම්මවන්න ඕනෙ වගෙ සීන් එකක්.. දේවල් පොඩ්ඩ පරක්කු වෙද්දි කැකෝ ගහනවා..
බස් එකේ යද්දි කන්න බත් දුන්නෙ නෑලූ

බස් එහෙක ගමන් කරන නිසා බත් කන්න තියෙන අසීරුතාවය හිතලා පහසු කෑමක් දුන්නම බත් ඇටයක් ඇහැට දැක්කෙ නෑ කියලා සාප කරනවා

තනි බොරුවනෙ මේ දාන්නෙ? හරියට නිකම් ආණ්ඩුව කියපු හින්දා මල වදේ ඉවසන්න බැරුව කොරියාවෙ ගියා වගෙ..
විදේශ ශ්‍රමිකයො රටට විදේශ විනිමය ගේනවා තමයි. එහෙමයි කියලා මේ වගෙ වසංගත තත්වෙකදි වෙන රටවල් වගෙ තමුන්ගෙම රටේ මිනිස්සු කොන් නොකර මෙහෙම හරි එන්න දීලා පුලුවන් උපරිමයෙන් දෙයක් කරන්න බලද්දි තමන්ගෙත් සහයෝගය දෙනව නෙමෙ.. ලොකු ලයින් එක දාලා පුප්පනවා
ඕනෙම දේක පටන් ගැන්ම විවිධ ගැටළු තියෙන්න පුලුවන්.. සීයට සීයක් සර්ව සම්පූර්ණ වෙන්නෙ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යද්දි..
හැබැයි එහෙමයි කියලා තව්තිසාවෙ මල් යහනාවෙන් බැහැපු කුමර කුමරියො වගෙ ලොකු ලයින් දීලා අහවල් එක බෑ මේක බෑ අපිට මෙව්වා ඕනෙ මෙව්වා ඕනෙ කියලා ෆ්ලෙක්සිබල් නොවී හර්තාල් දැමීම නම් තනි විහිළුවක්
හරියට මේ ලංකාවෙ ඉන්න කාලේ ආණ්ඩුව පුපට පයින් ගහලා මුන්ව කොරියාවට හෝ වෙනත් රටකට එලෙව්වා වගෙ..



දැන් ඉතින් රෙද්ද උස්සන් එන්නෙපා! පොඩි කාලේ අගහිගකම් තියෙන දෙමාපියෙක්ගෙ දරුවෙක් අහවල් එක ඕනෙමයි කියලා මුරණ්ඩුකමට බිම පෙරලි පෙරලි වැලලෙන සීන් එකක් තමයි මගෙ නම් ඔළුවට ආවේ!!
මේවා යස ඉසුරින් පිරි රටවල් නෙමෙ මිනිස්සු මේ වගෙ තත්වෙකදි පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් උනා කියලා හෙන ගහන්නෑ

(Chanya herath)