එහෙම එකක් නෙවෙයි මං කියන්නේ ...රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ගැන මම කිව්වේ ...කිසිම output එකක් ගේන්න බැරි ලක්ෂ 15 කට විස්සකට රටේ අනිත් මිනිස්සු මහන්සි වෙලා හොයන සල්ලි නිකන් පුද දෙන එක ගැන මම කියන්නේ ...නිකන් හිතපන් car permit වලට අපි හිතමු දොස්තරලා ඉංජිනේරුවෝ 100 කට දුන්න කියල නිකමට එතනම කොටි 20ක් ...දැන් ඔය කොටි 20 න් නගරයක් සුපිරියට remodeling කරන්න බැරිද ...දැන් මේ කෝටි 20 බෙදා ගත්ත මේ දොස්තරලා ඉංජිනේරුවෝ ආර්ථිකයට කිසිම output එකක් දීල නැහැනේ ...වුර්තිය output එක ගැන නෙවෙයි මේ කියන්නේ ...දියුණු රටක මුදල් අතිරික්තයක් තියන රටක ඔය වගේ වුර්තිකයනට වරදාන වරප්‍රසාද දුන්නට කමක් නැහැ human development index එක සෞඛ්‍ය වගේ ක්ශේත්‍ර ...හරි ඒ ඔක්කොම හරි ...රටක් දියුණු උනාට පස්සේ උබ කියන කතන්දරේ වුනාට කමක් නැහැ ...නමුත් මේ ලංකාව ...දැන් අපිට ඕනි රටට සල්ලි ගෙන්න පුළුවන් මිනිස්සු මිසක් පොතේ ගුරාල නෙවෙයි ..priority එක දෙන්න ඕනි ඒ වගේ මිනිස්සුන්ට ...නමුත් ඒ මිනිස්සුන්ට තියෙන්නේ අවම මට්ටමේ සැලකිලි ... උදාහරණය ක් ගත්තොත් ඉන්ජිරු දොස්තරලට වාහන permit අවුරුදු 5 න් 5 ට දෙනකොට forex freelanceer එහෙම කරන විදෙස් විනිමය අපේ රටට ගේන මිනිස්සුන්ට money withdrwa කරන්න බැරි වෙන්න හිර කරන්න හැදුව මතකද ...ලැබිය යුතු වරප්‍රසාද ලැබිය යුතු පුද්ගලයන්ට හෝ පොදු සමාජය වෙත නොලැබී රාජ්‍ය සේවක අංශය වෙතට ගලායෑම ප්‍රශ්නයක ගැන මම කතා කරන්නේ මේ video එක හරහා ...එකට පෞද්ගලික අංශය කෙලින්ම මැදිහත් වෙන්න ඕනි ...රාජ්‍ය අංශය විසින් සෘජුවම උපයනු ලබන මුදල් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනි විදියකට බෙදා හදා ගත්තට ඒත් මේ ධනස්කන්ධය ?? ..
දොස්තරල ඉන්ජිනේරුවො ආර්ථිකයට කිසිම output එකක් දීල නෑ කියල කියන්නෙ මොන අදහසකිංද කියල මට නං තේරෙන්නෑ. ආර්ථික විද්‍යාවද කලේ? මම දන්න තරමින් නං දොස්තරලගෙන් ඉන්ජිනේරුවන්ගෙන් GDP එකට සෘජු දායකත්වයක් ලැබෙනව. හොඳටම විශ්වාසද ආර්ථිකය ගැනවත් සංවර්ධනය ගැනවත් අනවබෝධයෙන් නෙමේ ඔය කියවන්නෙ කියල? මට පේන්නෙ නිකං ඒ වගේ. ඒ නිසා පුලුවන්නං ඔය output එක කියන එකෙන් හරියටම මොකක්ද කියන්නෙ කියල පැහැදිලි කරල දෙන්න.
අනික ඔයා මතුකරණ කාරනාව වෙනත් රටවලිං විදේශ විනිමය අරං එන අයට වෙන අසාධාරණකම් ගැන. ඒකට දොස්තරල ඉන්ජිනේරුවො අදාල වුනේ කොහොමද කියල මට නං තේරෙන්නෙ නෑ. ඇත්තටම වෙන්න ඕනෙ සෘජුවම විදේශ විනිමය උපයන අයට අසාධාරණයක් වෙලා තියෙනවනං, සාධාරණයක් වෙලා තියෙන වෙනත් ක්ශේත්‍රයක අයට පලු යන්න බැනීමද? එතන තියෙන්නෙ ඉරිසියාව නෙමේද? ඇත්තටම ඒකෙන් තමන් පෙනී හිටිය cause එක වෙනුවෙන් කිසිම යහපතක් වෙනවද?
එකක් ප්‍රධාන ප්‍රශ්නයෙන් ඔයා distract වෙනව. සෘජුව විදේශ විනිමය උපයන අයට වෙන අසාධාරණය මාතාකාව පැත්තකට ගිහිං දොස්තරලට ඉන්ජිනේරුවන්ට බැනීම මූලික අරමුණ වෙනව.
දොස්තරලට ඉන්ජිනේරුවන්ට ලැබිල තියෙන වරප්‍රසාද නැති කරල ඉවර වුනා කියමුකො. ඊට පස්සෙ විදේශ වනිමය ගේන පිරිසට සාධාරණයක් වෙයිද? එහෙම වෙයි කියල කියනවනං ඔයාගෙ තර්කයේ පදනම කරගෙන තියෙන්නෙ විදේශ විනිමය ගේන අයට අසාධාරණකම් වෙන්නෙ දොස්තරලට ඉන්ජිනේරුවන්ට සාධාරණ හෝ යහපත් වාතාවරණයක් රටේ තිබීම මත කියන එකනෙ.
ඇත්තටම ඒක එහෙමයි කියල සනාථ කරන්න ඔයා ඉදිරිපත් කරන්නෙ මොන වගේ සාක්ශිද?




