new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    App එකකින් සල්ලි හොයන්නේ කොහොමද බන්?? දන්නෙ නැ මෙලෝ දෙයක් 🤔🤔😒
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    iOS/MacOS නම් In-app purchase හරි paid app විදියට දාන්න පුලුවන්, ලංකාවෙ google play එකවුන්ට් වලින් ඇන්ඩ්‍රොයිඩ් වලට Paid/In-app purchase බෑ
    මම හදලා තිබුනු පොඩි macOS ඇප් එකකින් ගානක් හොයාගත්තා කාලෙකට කලින්, iOS App එකකින් ඇඩ්මොබ් දාල මාස හය හතකට ඩොලර් 100කුත් එනවා
    බැහැල කරනවා නම් ගානක් හොයන්න පුලුවන් ඕවලින්
     

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    ඇප් හදන්න ලේසිම විදිය මොකක්ද ? කෝඩ් දැනුමක් නැතුව හදාගන්න විදියක් ඇත්තෙම නැද්ද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඇප් හදන්න ලේසිම විදිය මොකක්ද ? කෝඩ් දැනුමක් නැතුව හදාගන්න විදියක් ඇත්තෙම නැද්ද ?
    කෝඩ් නැතුව හදන්න පොඩි පොඩි ක්‍රම/වෙබ්සයිට් එහෙම තියනවා
    නමුත් වැඩක් ඇති ඇප් එකක් එහෙම හදන්න බැහැ. ගානක් හොයන්න ටිකක් හොඳ ඇප් එකක් වෙන්න ඕන, ඩවුන්ලෝඩ් ලොකුවට තියෙන්න ඕන
    එහෙම වෙන්න ඉතින් කෝඩින් හැකියාව සෑහෙන තරමකට තියෙන්න ඕන
     
    • Like
    Reactions: The_President

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    mama gaththa Android News app ekak tye oni kenek innawnam msg ekak danna , aduwata dennam,
    • source code
    • life time update
    • config karaganna tynne
     
    • Like
    Reactions: The_President

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    කෝඩ් නැතුව හදන්න පොඩි පොඩි ක්‍රම/වෙබ්සයිට් එහෙම තියනවා
    නමුත් වැඩක් ඇති ඇප් එකක් එහෙම හදන්න බැහැ. ගානක් හොයන්න ටිකක් හොඳ ඇප් එකක් වෙන්න ඕන, ඩවුන්ලෝඩ් ලොකුවට තියෙන්න ඕන
    එහෙම වෙන්න ඉතින් කෝඩින් හැකියාව සෑහෙන තරමකට තියෙන්න ඕන

    සිහලෙන් ඇප් හදන්න කෝඩිං උගන්නන වීඩියෝස් මොන වගේ චැනල් වලද තියෙන්නෙ ? බොරු නැතුව හරියට කියල දෙන ඒව??
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    සිහලෙන් ඇප් හදන්න කෝඩිං උගන්නන වීඩියෝස් මොන වගේ චැනල් වලද තියෙන්නෙ ? බොරු නැතුව හරියට කියල දෙන ඒව??
    සිංහල ඒව නම් මම බලන්නෙ නැහැ, ඒක නිසා දන්නෙ නැහැ
    Android වලට නම් අර Udemy එකේද කොහෙද හෙනට ෆේමස් උනු ටියුටෝරියල් එකක් තියනවානේ
    iOS වලට developer.apple.com එකේ ඇපල් එකේ ඔෆීශියල් වීඩියෝ තියනවා, ඒව බලන්න හැබැයි මූලික දැනුමක් ඕන
     
    • Like
    Reactions: The_President

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    සිංහල ඒව නම් මම බලන්නෙ නැහැ, ඒක නිසා දන්නෙ නැහැ
    Android වලට නම් අර Udemy එකේද කොහෙද හෙනට ෆේමස් උනු ටියුටෝරියල් එකක් තියනවානේ
    iOS වලට developer.apple.com එකේ ඇපල් එකේ ඔෆීශියල් වීඩියෝ තියනවා, ඒව බලන්න හැබැයි මූලික දැනුමක් ඕන

    හා. මම බලන්නම්. තැන්ක් යූ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    හා. මම බලන්නම්. තැන්ක් යූ
    https://codecanyon.net මේකෙත් සමහර ඇප් වල සෝස් කෝඩ් විකුනනවා, සමහර වෙලාවට 50% Off එහෙම දෙනවා
    එහෙම එකක් අරන් ස්ටෝ එකට දාන්නත් පුලුවන්. හැබැයි හොඳ ඒවට තියෙන්නෙ online shopping වගේ සෝස් කෝඩ් තමයි
     
    • Like
    Reactions: The_President

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    හා. මම බලන්නම්. තැන්ක් යූ

    Udemy කියන්නෙ ආයතනයක් නේද? මම හිතුවෙ චැනල් 1ක් කියල. පුලුවන් නම් ඒ කියපු ජනප්‍රිය වෙලා තිබ්බ වීඩියෝ එක හොයල දෙනවද? ලොකු උදව්වක් 🤔
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Udemy කියන්නෙ ආයතනයක් නේද? මම හිතුවෙ චැනල් 1ක් කියල. පුලුවන් නම් ඒ කියපු ජනප්‍රිය වෙලා තිබ්බ වීඩියෝ එක හොයල දෙනවද? ලොකු උදව්වක් 🤔
    https://www.udemy.com/course/complete-android-n-developer-course/
    ඔය නම torrent සයිට් එකක ගහපන්, ඕන තරම් ටොරන්ට් තියනවා ඕකට
     
    • Like
    Reactions: The_President

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    මම මේ ක්ෂේත්‍රය ට අලුත්. මට ඔයා කියපු දේ තේරුනෙ නෑ. ටොරන්ට් කිව්වෙ?
     
    • Like
    Reactions: samsri

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    ඇප් හදන්න ලේසිම විදිය මොකක්ද ? කෝඩ් දැනුමක් නැතුව හදාගන්න විදියක් ඇත්තෙම නැද්ද ?

    මම දැක්කා උඹ කීප තැනකම මේ ඔන්ලයින් සල්ලි ගැන උනන්දුවෙන් හොයල තියෙනවා, ඒක අවුලක් නෙවෙයි. (එක්කො උඹ රඟපානව අර කලින් දාල තිබ්බ බ්ලොග් එක උඹෙ නෙවෙයි කියල පෙන්නන්න, නැත්තන් ඇත්තටම දැන ගන්න ආසයි ) මම මේ කියන ඒව සමහරවිට උඹට අදාල නැතිව ඇති. ඒත් මම දානවා වෙන එකෙක් හරි කියවනව නම් හොඳයි කියල.

    පොඩි දේවල් ටිකක් තියෙන්වා මට කියන්න, (උඹ අර දෙවෙනි ජාතියෙ කියල හිතල කියන්නෙ )

    1. කිසිම ක්‍රමේකින් ගහෙන් ගෙඩි එනවා වගේ සල්ලි හොයන්න බෑ. කවුරු හරි එහෙම කියනව නම් ඒ යකා අනිවා කෝස් එකක් විකුණනවා ඒ සම්බන්ධයෙන්!
    2. කලබල වෙන්නෙපා, මුලින් හෙමීට ඉගෙන ගන්න, අපි හැමෝම දේවල් ඇචීව් කරගන්නෙ අපිට ආවේණික වෙච්ච විදිහකට, වේගෙකට, මානසික තරඟෙකට යන්නෙපා. ස්ටෙඩිලි එකක් ඉගෙන ගන්න මුල ඉඳන්. ලෝකෙ කොච්චර සුපිරි කෝඩර්ස්ල ඉන්නවද, සොෆ්ට් වෙයා කම්පනීස් කොච්චර තියෙන්වද, ඒ හැම එකක් එක්කම තරඟ කරල ඉස්සරහට එන්න පුලුවන් ඇප් එකක් ගහන්න නම් උඩින් පල්ලෙන් දෙයක් අටවගෙන ඉගෙන ගෙන බෑ, සහ ෆ්‍රී දෙන කෝඩ් ටෙම්ප්ලේට් එකක් එඩිට් කරල කොහොමත් බෑ.
    3. එක දෙයක් හරියට , හොඳටම ඉගෙන ගන්න!
    ඇප් එකක් ගහල, ඇෆ්ලිඒට් සයිට් එකක් ගහල මාසෙන් දෙකෙන් ගොඩ යනවා කියන්නෙ අතිශය දුර්ලභ, අමාරු දෙයක්, ඒක නෝර්ම් එක නෙවෙයි, කෙනෙක් එහෙම කලා කියල දාලා තිබ්බනම් ඒක හරිම කලාතුරකින් වෙන දෙයක් හෝ ඌ මම කිව්ව පළවෙනි පොයින්ට් එකේ තියෙන දේ කරනවා.
    4. ඇත්තම කතාව ඔන්ල්යින් සල්ලි හොයන එකට වඩා ලේසියි ඕෆ්ලයින් ජොබ් එකක් කරල සල්ලි හොයන එක, ජොබ් එකක් කරද්දි තියෙන නිදහස අඩු කම, කාගෙ හරි යටතෙ වැඩ කරන්න සිද්ද වෙන්න එක වගේ දෙවල තමා ගොඩක් අය අවුල විදිහට දකින්නෙ.
    5. උඹ ඊලඟට ඊබේ ඩ්‍රොප්ශිපින් ත්‍රෙඩ් එකකට ඇවිල්ල ප්‍රශන අහයි කියල හිතෙනවා, දියුණු වෙන්න ආසාව තියෙන එක හොඳයි, කොල්ලො උනහම එහෙම වෙන්නම ඕනෙ. හැබයි ඇත්ත සහ බුල්ශිට් වෙනස අඳුර ගනින් මචන්.

    6. English, English, English!!! This is just a language machn, not rocket science! Try to learn, it is not that difficult! It will open up a world of new knowledge to you!!
    Pulu puluwan widihata me forum eke kadden prashan ahanna, umba kawda kiyala api danne nane, lajja wenna deyak ne, kawuruwath lajja karana ekakuth ne.


    ජය වේවා!
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    @BumbleB අනික සාමාන්‍යෙන් ගොඩක් අය හරි කෝස් හදලා විකුනලා සල්ලි හොයන්න පටන් අරගත්තා කියන්න ඒ ෆීල්ඩ් එක සැචුරේට් වෙලා ඉවරයි කියන එක. ඒ වැඩේ කරලා ගොඩ යනවට වඩා ඒ ගැන කෝස් එකක් කරලා ගොඩයන එක ලේසියි. ෆීල්ඩ් එක සැචුරේට් උනාට පස්සෙ පට්ටම කොලිටි වැඩක් කරේ නැත්නම් ගොඩයන්න පට්ටම අමාරුයි. රෙඩිට් එකේ එහෙම ඔය ගැන කන්වසේශන් ලොකුවට තියනවා කියවන්න ඉන්ටරෙස්ට් නම්

    උදාහරන විදියට
    දැන් ඇප් හදලා සල්ලි හොයනවට වඩා ඒ ගැන කෝස් එකක් හදලා විකුනලා සල්ලි හොයන එක ලාබයි, ලේසයි සහ ශුවර්
    ඩ්‍රොප් ශිපින් කරලා සල්ලි හොයනවට වඩා ඒ ගැන යූටියුබ් වීඩියෝ හදලා දාල චැනල් එක මොනටයිස් කරන එක ලේසයි
    ඔන්ලයින් මනි හැම එකක්ම මෙහෙමයි දැන්, ඒව කරනවට වඩා කෝස් හදලා විකුනලා සල්ලි හොයන එක ලේසියි
    මොකද හැම කෙනාම හිතන් ඉන්නවා මේක හරි ලේසි වැඩක් කියලා, එතකොට කවුරුත් ට්‍රයි කරනවා කෝස් එකක් සල්ලි දීල කරලා හරි ගොඩයන්න පුලුවන්ද බලන්න.

    අර මම දාපු complete android n developer course එක හදපු එකා මිලියනර් කෙනෙක් උනා ඕක විකුනලා ගනිපු සල්ලි වලින්, ඇප් එකකින් ඒ ලෙවල් එකට යන්න අමාරුයි

    දැන් තියන සිටුවේශන් එක, ඇප් ස්පේස් එකත් සැචුරේට් වෙලා, කෝස් ස්පේස් එකත් සැචුරේට් වෙලා. දැන් ඔන්ලයින් කෝස්/ටියුටෝරියල් හදන හැටි කෝස් විකුනලා සල්ලි හොයන තැනටත් ඇවිත් තියෙන්නෙ
     

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. ගොඩක් දේවල් දැනගත්ත. දිගටම ඔයාලත් එක්කම ඉන්නව අනිවා....