indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මම දැක්කා උඹ කීප තැනකම මේ ඔන්ලයින් සල්ලි ගැන උනන්දුවෙන් හොයල තියෙනවා, ඒක අවුලක් නෙවෙයි. (එක්කො උඹ රඟපානව අර කලින් දාල තිබ්බ බ්ලොග් එක උඹෙ නෙවෙයි කියල පෙන්නන්න, නැත්තන් ඇත්තටම දැන ගන්න ආසයි ) මම මේ කියන ඒව සමහරවිට උඹට අදාල නැතිව ඇති. ඒත් මම දානවා වෙන එකෙක් හරි කියවනව නම් හොඳයි කියල.

    පොඩි දේවල් ටිකක් තියෙන්වා මට කියන්න, (උඹ අර දෙවෙනි ජාතියෙ කියල හිතල කියන්නෙ )

    1. කිසිම ක්‍රමේකින් ගහෙන් ගෙඩි එනවා වගේ සල්ලි හොයන්න බෑ. කවුරු හරි එහෙම කියනව නම් ඒ යකා අනිවා කෝස් එකක් විකුණනවා ඒ සම්බන්ධයෙන්!
    2. කලබල වෙන්නෙපා, මුලින් හෙමීට ඉගෙන ගන්න, අපි හැමෝම දේවල් ඇචීව් කරගන්නෙ අපිට ආවේණික වෙච්ච විදිහකට, වේගෙකට, මානසික තරඟෙකට යන්නෙපා. ස්ටෙඩිලි එකක් ඉගෙන ගන්න මුල ඉඳන්. ලෝකෙ කොච්චර සුපිරි කෝඩර්ස්ල ඉන්නවද, සොෆ්ට් වෙයා කම්පනීස් කොච්චර තියෙන්වද, ඒ හැම එකක් එක්කම තරඟ කරල ඉස්සරහට එන්න පුලුවන් ඇප් එකක් ගහන්න නම් උඩින් පල්ලෙන් දෙයක් අටවගෙන ඉගෙන ගෙන බෑ, සහ ෆ්‍රී දෙන කෝඩ් ටෙම්ප්ලේට් එකක් එඩිට් කරල කොහොමත් බෑ.
    3. එක දෙයක් හරියට , හොඳටම ඉගෙන ගන්න!
    ඇප් එකක් ගහල, ඇෆ්ලිඒට් සයිට් එකක් ගහල මාසෙන් දෙකෙන් ගොඩ යනවා කියන්නෙ අතිශය දුර්ලභ, අමාරු දෙයක්, ඒක නෝර්ම් එක නෙවෙයි, කෙනෙක් එහෙම කලා කියල දාලා තිබ්බනම් ඒක හරිම කලාතුරකින් වෙන දෙයක් හෝ ඌ මම කිව්ව පළවෙනි පොයින්ට් එකේ තියෙන දේ කරනවා.
    4. ඇත්තම කතාව ඔන්ල්යින් සල්ලි හොයන එකට වඩා ලේසියි ඕෆ්ලයින් ජොබ් එකක් කරල සල්ලි හොයන එක, ජොබ් එකක් කරද්දි තියෙන නිදහස අඩු කම, කාගෙ හරි යටතෙ වැඩ කරන්න සිද්ද වෙන්න එක වගේ දෙවල තමා ගොඩක් අය අවුල විදිහට දකින්නෙ.
    5. උඹ ඊලඟට ඊබේ ඩ්‍රොප්ශිපින් ත්‍රෙඩ් එකකට ඇවිල්ල ප්‍රශන අහයි කියල හිතෙනවා, දියුණු වෙන්න ආසාව තියෙන එක හොඳයි, කොල්ලො උනහම එහෙම වෙන්නම ඕනෙ. හැබයි ඇත්ත සහ බුල්ශිට් වෙනස අඳුර ගනින් මචන්.

    6. English, English, English!!! This is just a language machn, not rocket science! Try to learn, it is not that difficult! It will open up a world of new knowledge to you!!
    Pulu puluwan widihata me forum eke kadden prashan ahanna, umba kawda kiyala api danne nane, lajja wenna deyak ne, kawuruwath lajja karana ekakuth ne.


    ජය වේවා!

    සුපිරිම උපදෙස් ටිකක් සහෝ,

    සල්ලි මත්තේ නැහෙන්න කලින්, ඒක හොයන ක්‍රමය හොඳට සැලසුම් කරන්න ඕන. එහෙම නැතුව උඩින් පල්ලෙන් අතගාල සල්ලි හොයන්න බැරි උනාම කියල දීපු එකාට විතරක් නෙවෙයි උගේ පරම්පරාවටම බනිනවා. වරද කියල දුන්න එකාගේ නෙවෙයි. අහගෙන හිටපු එකාගෙනේ.
     
    • Like
    Reactions: The_President

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Android app එකක් හැදුවොත් ලංකාවෙන් බාගයක් විතර ඒක download කරොත් මට මොනාද කරගන්න පුළුවන් වෙන්නේ එකෙන් මචන්