Apple සමාගම හඳුන්වාදෙන නවතම ටැබ් එක , iPad Pro 9.7″

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Apple සමාගම හඳුන්වාදෙන නවතම ටැබ් එක , iPad Pro 9.7″

    Apple සමාගම නව ටැබ් එක පසුගිය 21වැනිදා එළිදැක්වූවා. මෙසේ එළිදක්වන්නේ iPad Air 3 ටැබ් එක බවට බොහෝ දෙනා සිතාගෙන සිටියත් ඔවුන් එළිදැක්වූ මේ නව ටැබ් එක ඔවුන්ගේ සුපිරි iPad Pro ටැබ් එකේම ප්‍රමාණයෙන් කුඩා iPad එකක් වුණා. මේ නව ටැබ් එක iPad Pro 9.7″ ලෙස හඳුන්වන්න පුළුවන්. මේ නව ටැබ් එක iPad Pro පවුලට අයිති නිසා එයට ස්මාර්ට් keyboard එක වගේම ස්මාර්ට් pencil එකත් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.
    16271-12949-ipadair2-quad-l.jpg

    මේ නව ටැබ් එකේ iPad Pro ටැබ් එකේ මෙන් A9X ප්‍රොසෙසරයක් සහ M9 motion ප්‍රොසෙසරයක් වනවා. ඒ වගේම මෙහි 2GB RAM එකක් තිබෙනවා. ප්‍රමාණයෙන් සහ මිමි වලින් මෙය iPad Air 2 ටැබ් එකට බෙහෙවින් සමානයි. මෙහි ස්පිකර 4ක් වගේම නවතම තිර තාක්ෂණයක් ද අන්තර්ගත වනවා. එමගින් අවට පරිසරයේ ඇති ආලෝකයේ උෂ්ණත්ව අගයට අනුව තිරයේ වර්ණ වල තිව්රතාව ස්වයංක්‍රියව වෙනස් වීමකට ලක්වෙනවා. මෙය ඔවුන් හඳුන්වන්නේ “True Tone” තාක්ෂනය ලෙසයි. මෙහි තිරයේ ප්‍රමාණය අඟල් 9.7ක්. මේ නව ටැබ් එක වෙළඳපොලේ ඇති සුපිරි ටැබ් එකක් වන Microsoft සමාගමේ Surface Pro 4 ටැබ් එකට තරඟයක් ලබාදීමේ අපේක්ෂාවෙන් නිර්මාණය කර ඇති බවක් ද පෙනී යනවා.
    ipad-pro-review-initial-4.jpg

    පසුගිය වසරේ Apple සමාගම නිකුත් කල ප්‍රමාණයෙන් විශාල iPad Pro ටැබ් එක ඔවුන් අපේක්ෂා කල පරිදි ලාභයක් උපයා දීමට සමත්වූයේ නෑ. එම නිසා මේ ටැබ් එක Apple සමාගමේ ටැබ් වල ඉදිරි සාර්ථකත්වය සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත. මෙය පූර්ව අලෙවිය සඳහා නිකුත් කර ඇති බවත් දැනගන්නට ලැබෙනවා. ලබන අප්‍රෙල් මාසය ආරම්භයේදී මෙය වෙළඳපොලට නිකුත් වනු ඇත.
    මෙහි මාදිලි කිහිපයක් වන අතර ඒවායේ මිලගණන් පහත දැක්වෙනවා.
    මෙහි 32GB WiFi මාදිලියේ මිල ආරම්භ වන්නේ ඩොලර් 600කින්.
    screen_shot_2016-03-21_at_18.01.03.png

    වැඩි දුර තොරතුරු Apple වෙබ් අඩවියෙන් ඔබට ලබාගන්න පුළුවන්.
    phpmoqfvg.jpg

    verge-ipad-pro_-_7.0.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නිලි බඩු ත්‍රෙඩ් තරම් මේව යන්නෙ නෑ බ්‍රෝ .දැන් ඉන්නෙ අසහන කාරයො.එලකිරියෙන් යන්න කාලෙ හරි වගේ :(:(
     

    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    නිලි බඩු ත්‍රෙඩ් තරම් මේව යන්නෙ නෑ බ්‍රෝ .දැන් ඉන්නෙ අසහන කාරයො.එලකිරියෙන් යන්න කාලෙ හරි වගේ :(:(

    api innawa bro sup ekata diatama karagena yan,aluth deyak watina deyak denaganna godak aya kemathi ne unta oni pukakuy,hilakuy.hoda watina tead dapan api innawa ahema ewwa enakan balanna,gd luck kollo