Apple_i-Phone_4S

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    Apple i-Phone 4S ලොව මවිත කරන තාක්ෂණය සැකෙවින්

    hero.jpg



    සුබ දවසක් මිතුරනි, ඔයාලව හොයාගෙන ඔන්න මම අද ආවා, පොඩි වෙලාවක් තිබුණ වෙලාවක තමයි මේ පැත්තට ගොඩ වැදෙන්නහිතුවෙ, මේ දවස්වල ටිකක් වැඩ වැඩියි, ඒ නිසා ටිකක් අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නෙ, මොනවා කරන්නට අපිහැමෝම මිනිස්සුනෙ, බාධක කම්කටුලු බොහොමයි, ඒ වගේම අපිත් එකක් හැප්පෙන්න දගලන ලොකු අයියලත් මේ දවස්වල ටිකක් කරදරකරන්නෙ නැතුව නොවෙයි, ඒ හැමෝගෙන්ම ඉල්ලන්නෙ, මෙච්චරයි, පාඩුවෙ පැත්තට වෙලා ඉමු. ඔයාලා අපි හැමෝම දන්නවා නේද?මුළු ලෝකයම මවිත කරමින්, තාක්ෂණයේ නව මානයන් ලොවට ඉදිරිපත් කල ස්ටීව් ජොබ්ස් ලොවින් සමුගත් පුවත. ගොඩක් දුක් බරආරංචියක්, ඉතින් මම අද කියන්නෙ අපේ ඇපල් සමාගෙන් අලුත් නිපැයුමක් ගැන Apple I-Phone 4S කියන්නෙ මොවුන්ගෙ අලුත්මනිර්මාණය, මේ ගැන ටිකක් හොයලා බලමු.....

    features_hero.png


    මීට පෙර අප අතර කොතරම් ජංගම දුරකථන තිබුණද?, එහෙත් මේ සියලු ජංගම දුරකථන නිපැයුම් කරුවන්ට අභියෝග කරමින් නවමුහුණුවරකින්, නව තාක්ෂණයෙන් අපිව සොයා පැමිණි ස්මාට් ෆෝන් ගැන, නොදන්න කෙනෙක් හොයාගන්නත් බැරි තරම්, මොකදලංකාවෙ නම් ගොඩක් දෙනෙක් පාවිච්චි කරලා නැති උණාට, ඇපල් නාමය නොඅහපු නෙකේ හොයාගන්නත් බැරි තරමි, මේ ඇපල්සමාගමේ නිෂ්පාදන අතුරෙන් ස්මාට් ෆෝන් විශේෂයි. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ජංගම දුරකතයෙන් කර ගත හැකි විවිධ ක්‍රියාකාරකම්වලට අපි සීමා වී සිටියා, විවිධ ජංගම දුරකථන නිෂ්පාදක වරු සිටියත්, ඔවුන් විවිධ පෙනුමැති නව දුරකථන විටින් විට නිකුත් කළත් නවතාක්ෂණයෙන් හෙබි දුරකථන අපි අත නොගාපු තරම් දුර්ලභයි. ලොකයා මවිත කරමින් අප වෙත පැමිණි ඇපල් ස්මාට් ෆෝන් දුරකථනඇගිලි තුඩු මගින් ක්‍රියාකරවිය හැකි ආකරයෙන් අප වෙත පැමැණියා, Full Touch Screen එකක් සහිත මේ දුරකථන වලින්, අපිට සියල්ල සිදුකර ගත හැකි ආකාරයෙන් නිපද වීම වඩා විශේෂයි, මීට පෙර අපි නොදුටු පිංතුර එකිනෙකට මාරු කිරීම, Music Track එකි නෙක ඇගිලිතුඩු මගින් වෙනස් කිරීම, පිංතූර විශාලට Zoom In බැලීමට, දුරකථනය සමග ක්‍රියාකරන ක්‍රීඩා අතර විශේෂයි, පරිගණකයක භාවිත නරනJoistic Set එකට වඩාත් සමීප ආකරයට මේ I-Phone නිර්මාණය කිරීමට ඔවුන් සමත් විට, දුරකථන වාහනයක සුක්කානමක්, යතුරු පැදියකහැඩලයක්, ආකරයට කැරකිය හැකි ලෙස ක්‍රීඩා කිරීමේ තාක්ෂණය අපිට ලබා දුන්නේ ඇපල් ස්මාට් ෆෝන් වෙතිනි. මේ අතර අපට විවිධක්රියාකරකම් පහසුවෙන් සිදු කරගත හැකි ආකරයේ විවිධ අත්උදවු කාරයෙක් විදිහට අපිට සමීප වූ ස්මාට් ෆෝන් නැති ලොවක් කොයිබද.

    siri-iphone.jpg


    Apple I-Phone 4S අලුත්ම ස්මාර්ට් ෆෝන් එක, ලොව අද්විතීය නිර්මාණයක්, මොකද ඒ Apps Siri නිසා, හ්ම් මොකක්ද? මේ Apple Siriකියලා හදුන්වන අලුත්ම තාක්ෂණයි, මෙතෙක් යතුරුපුවරුව සහ ටච් පෑඩ් මගින් අපගේ එදිනෙදා වැඩකටයුතු සිදුකරගත් තාක්ෂණයටසමුදෙමින්, අපගේ කඩහඩ විධානයන් බවට පත්කිරීමට සමත්වීම මෙහි තිබෙන ප්‍රධාන විශේෂත්වයි. ඔබේ දුරකථනනට පැමැනෙන කෙටිපණිවුඩයක් ගැන සිතන්න, මෙම සිරි නම් අලුත්ම තාක්ෂණය නිසාවෙන් මේ අලුත් පණිවුඩ මොනවාද කියලා දුරකථනයෙන් ඈසු විට. ඒපණිවුඩ මිතුරු කඩහඩක් භාවිත කරමින් ඔබට ප්‍රකාශ කිරීම සිදුරකයි. ඒ වගේම ඔබට ඒ පණිවුඩයට පිළිතුරු යැවීමට අවශ්‍ය නම්, ඔබගේපිළිතුරු පැහැදිලිව ප්‍රකාශ කිරීම මගින් එය අකුරු බවට පරිවර්තනය කර පණිවුඩය යැවීමට තරම් හැකියාවත් මෙයට තිබෙනවා. සිතන්නඔබට යම් ස්ථානයක්, තොරතුරක් ගැන සොයාබැලීමට අවශ්‍ය නම් ඔබ එක ඇපල් සිරි හරහා ප්‍රකාශ කල විට, ඒයට අදාලා තොරතුරුඅන්තර්ජාලය භාවිතයෙන් සොයාදීමේ හැකියාවත් මෙයට සතුයි. ස්ථානයක් නම්, එක ගූගල් මැප් භාවිත කරමින්ද ඔබට පෙන්වයි. මේවිදිහට තවත් විශේෂාංග බොහොමයක් මෙය සතුයි.

    features_performance_graphics.jpg


    මෙම අලුත්ම Apple I-Phone 4S බලගැන්වෙන්නේ iOS 5 නවතම මෙහෙයුම් පද්ධතියෙනි. දැනට ලොකයේ තිබෙන ප්‍රබලම මෙහෙයුම්පද්ධතියක් ලෙස හැදිවීමේ හැකියාව තිබෙයි. නව විශේෂාන්ග 200ක්ටත් වඩා ඇතුළත් වූ පරිපූර්ණ මෙහෙයුක් පද්ධතියක් ලෙස මෙයහදුන්වාදී තිබෙයි. මෙයට නව යෙදවුම් මෘදුකාංග රාශියක සහය ඇතිව බලගන්වා තිබෙනවා. මීට පෙර පැවති I-Phone වලට සාපේක්ෂවදෙගුණකය වේගයක් පවතින බව ඔවුන් ප්‍රකාශ කර සිටියි. කලින් පැවති ග්‍රැෆික් තාක්ෂණයට වඩා හත්ගුණයක ඉහළ නිමාවක් Games වලදීලබාගීමටත් Apple I-Phone 4S සමත්ව සිටී.

    මෙම නව Apple I-Phone 4S දුකරතන මාදිලිය Dual-core A5 Processor එකකින් බලගන්වා තිබේ. එය I Pad 2 සදහා යොදාගත් Processorඑකමද වීම තවත් විශේෂත්වයකි. මෙහි භාවිත කර තිබෙන Camara එක, Mega Pixel 8 තරම් උසස් වර්ගයේ කැමරා එකක් යොදා තිබේ.මෙමගින් ලබාගත් පිංතුරයක් ජංගම දුරකථනයකින් ලබාගත් ජායාරූපයක් බව ප්‍රකාශ කිරීමට නොහැති තරම් උසස් වර්ණ හා ආලෝකසංකලනයන් පවතී. වීඩියෝ පටිගත කිරීමද උසස් තත්වහට පවතී, මෙහි Air Play නමින් ලබාදී තිබෙන නව තාක්ෂණය හරහා ජංගමදුරකථන තිරය HD රූපවාහිනී තිරයකට සම්ප්‍රේෂණය කිරීමේ හැකිවාවද ලබාදී තිබේ. මේ හරහා 3D Games රූපවාහිනී තරය භාවිතකරමින් ක්‍රීඩා කිරීමේ හැකිවාව සැලසී තිබෙනවා. I-Phone එකෙහි තිබෙන ශබ්ද ගොනු රැහැන් රහිත තාක්ෂණය භාවිත කරමින් Home Theater එකක් හරහා ශ්‍රවණය කිරීමටද, ඔබගේ File එකක්, Air Print Technology එක භාවිත කරමින් රැහැන් රහිත මුද්‍රණ යංත්‍රයකින් උවත්පිටපතක් ලබාගැනීමේ හැකියාව පවතී. ඔබේ Contact Details වල තිබෙන දුරකථන අංක, Emails සියල්ල I Cloud සේවාව භාවිත තරමින්සුරක්ෂිත කීරීම සහ, නව මෘදුකාංග රාශියක්ම I Cloud සේවාව හරහා ලබාගැනීමටද? පුළුවන.

    features_airplay.png


    Apple I-Phone 4S Key Features - ප්‍රධාන විශේෂතා

    01) Apple iOS 5 මෙහෙයුම් පද්ධතියෙන් බලගන්වා තිබේ.
    02) සිව් පරාස GSM සහ සිව් පරාස 3G සහ 14.4 Mbps HSPDA සහ 5.76 Mbps HSUPA අන්තර්ගතය.
    03) ද්ත්ව පරාස CDMD
    04) 3.5 16M Color LED Back
    04) 3.5 16M- Color LED Backlit IPS TFT Capacitive Touch Screen of 640 x 960 px Resolution
    05) තිර ප්‍රතිරෝදී විශේෂ වීදුරු තිරය මත සිදුවන සීරීම් හා ඇගිලි සලගුණු නොදරයි
    06) 1 Ghz Dual Core ARM Cortex A9 CPU ප්‍රො‍සෙසරය
    07) 512MB ප්‍රධාන මතකය
    08) කටහඩ හදුනාගැනීම හා සිරි නම් කටහඩ හදුනා ප්‍රතිචාර දැක්වීමේ මෘදුකාංග පද්ධතිය
    09) 8 Mega Pixel ස්වයං නාභිගත කැමරාව හා LED Flasher එක, තිරයේ දිස්වන රූපය ස්පර්ශ කර නාබිගත කිරීමේ හැකියාව.
    10) තප්පරයට රූප රාමු 30ක අධි විභේධන වීඩියෝ පටිගත කිරීමේ හැකියාව.
    11) Wi-Fi 802.11b/g/n, Wi-Fi Hotpsot
    12) සක්‍රීය ඝෝෂාකාරී ශබ්ද පෙරනය මගින් අධික ඝෝෂාකාරී නැනක හිද ඇමතුමක් ගත්විට ඝෝෂාව ඉවත් කර කටඩ පැහැදිලි කිරීමේ හැකියාව
    13) වීඩියෝ ඇමතුම් සදහා ඉදිරිපස කැමරාව
    14) GPS පහසුකම හා ඩිජිටල් මාලිමාව
    15) සංඥා අඩු ප්‍රෙද්ශවල භාවිතයට වැඩි දියුනු කරන ලද ඇන්ටනාව

    iOS-5-iPhone-hands-on-1110606220458.jpg

    Apple iOS 5 මෙහෙයුම් පද්ධතිය

    4_1.jpg

    Audio Player

    IMG_0340.png

    Video Player

    apple-iphone-4-extras.jpg

    Audio Recorder

    apple-iphone-4-extras.jpg

    Compass Preview

    apple-iphone-4-app-store.jpg

    Apps Store

    apple-iphone-4-maps.jpg

    Google Maps Previews

    Apple iPhone 4s Specifications

    Code:
    GENERAL	2G Network	GSM 850 / 900 / 1800 / 1900
    CDMA 800 / 1900
    3G Network	HSDPA 850 / 900 / 1900 / 2100
    CDMA2000 1xEV-DO
    Announced	2011, October
    Status	Available. Released 2011, October
    BODY	Dimensions	115.2 x 58.6 x 9.3 mm
    Weight	140 g
    DISPLAY	Type	LED-backlit IPS TFT, capacitive touchscreen, 16M colors
    Size	640 x 960 pixels, 3.5 inches (~330 ppi pixel density)
    Multitouch	Yes
    Protection	Scratch-resistant glass, oleophobic coating
    SOUND	Alert types	Vibration, MP3 ringtones
    Loudspeaker	Yes
    3.5mm jack	Yes
    MEMORY	Card slot	No
    Internal	16/32/64 GB storage, 512 MB RAM
    DATA	GPRS	Yes
    EDGE	Yes
    Speed	HSDPA, 14.4 Mbps; HSUPA, 5.8 Mbps
    WLAN	Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot
    Bluetooth	Yes, v4.0 with A2DP
    USB	Yes, v2.0
    CAMERA	Primary	8 MP, 3264x2448 pixels, autofocus, LED flash, check quality
    Features	Touch focus, geo-tagging, face detection, HDR
    Video	Yes, 1080p@30fps, LED video light, video stabilization, geo-tagging, check quality
    Secondary	Yes, VGA, 480p@30fps, videocalling over Wi-Fi only
    FEATURES	OS	iOS 5
    Chipset	Apple A5
    CPU	Dual-core 1 GHz Cortex-A9
    GPU	PowerVR SGX543MP2
    Sensors	Accelerometer, gyro, proximity, compass
    Messaging	iMessage, SMS (threaded view), MMS, Email, Push Email
    Browser	HTML (Safari)
    Radio	No
    GPS	Yes, with A-GPS support and GLONASS
    Java	No
    Colors	Black, White
    - MicroSIM card support only
    - Scratch-resistant glass back panel
    - Active noise cancellation with dedicated mic
    - Siri natural language commands and dictation
    - iCloud cloud service
    - Twitter integration
    - Google Maps
    - Audio/video player and editor
    - Image editor
    - Voice command/dial
    - TV-out
    BATTERY		Standard battery, Li-Po 1432 mAh
    Stand-by	Up to 200 h (2G) / Up to 200 h (3G)
    Talk time	Up to 14 h (2G) / Up to 8 h (3G)
    Music play	Up to 40 h
    MISC	SAR US	1.18 W/kg (head)     0.98 W/kg (body)    
    SAR EU	0.99 W/kg (head)     0.99 W/kg (body)

    Apple I-Phone 4S හදුන්වාදීමේ වීඩියෝව



    හ්ම්, එහෙනම් ඔය විදිහට තමයි Apple I-Phone 4S කතාන්දරය නිමාවෙන්න, ඉදිරියේදී ගන්න හිතාගෙන එහෙම ඉන්නවනම් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන නිසා, ටිකක් විතර ලිව්වා, එහෙනම් මම ගිහිව් එන්නම්,

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



    උපුටා ගන්න ලද්දේ FB
    මෙහි මුල් හිමිකරු වන Madushan සොයුරාට විශේෂ ප්‍රණාමය...!!
     
    • Like
    Reactions: WwW.lk and Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එල එල මචන් මම ගන්න ඉන්නේ ලගදීම...
    විස්තර ටික ගොඩක් වටිනවා ....
    +4 රේප් මචන්...
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    iphone eka nathi unoth hoya ganna find my iphone hara wena widiyak nadda..phone reset karama nathi tiyenne koheda kiyala hoya ganna bahane..