Aqua-Smart key-Help

BPPalitha

Member
Sep 15, 2015
28
2
0
ස්මාර්ට් කී බැටරිය බැහැලා.


img66579957.jpg


යාලුවනේ, මම එළකිරි එකේ ත්‍රෙඩ් බලනවා ගොඩක් කල් ඉදලා. විශේෂයෙන්ම වාහන හින්දා කාපු කටු කියන ත්‍රෙඩ් එක. ඒක නිසාම තමයි මම එළකිරි එකේ රෙජිස්ටර් උනෙත්. මමත් වාහන හින්දා කාලා තියෙන කටු ගැන ඉස්සරහට ලිපි දාන්න ඉන්නේ.

දැන් නං මට කාරණයක් දැන ගන්න ඕනි. ඒ තමයි මගේ ලග තියෙනවා 2012 අවුරුද්දේ නිෂ්පාදන කරපු ටොයෝටා ඇක්වා කාර් එකක්. මේකේ ස්මාර්ට් කී එකේ බැටරි එක බැහැලා වගේ. දොරවල් අරින්න බැහැ.

දැන් මේ ස්මාර්ට් කී එකේ බැටරි එක මාරු කරන වැඩේ මටම කරගන්න පුළුවන්. හැබැයි මට දැනගන්න ඕනි එහෙම ස්මාර්ට් කී බැටරිය මාරු කරාම පස්සේ, කී එක ආයේ ප්‍රෝග්‍රෑම් කරන්න ඕනිද කියලා. එහෙම දෙයක් තියෙනවද? ටොයෝටා ඇක්වා වල ස්මාර්ට් කී එකේ බැටරිය මාරු කරපු යාලුවෝ මේ ගැන කියලා දෙනවද?


තෙරුවන් සරණයි.