Around Sri Lanka by Bike

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    පසුගිය බ්‍රහස්පතින්දා තමයි මචන් පටන් ගත්තේ ඉරිදා ගමන ඉවර කලා
    තනියෙන් තමයි ගමන ගියේ 1528km, දින 4 තුල දිස්ත්‍රික්ක 15ක් හා පළාත් 6ක් හරහා ගමන් කලා.

    qnp855.jpg

    විල්පත්තුව හරහා තමයි ගියේ කළා ඔයෙන් bike එකෙන් යන්න අමාරුයි වාන් දානවා tractor එකක පටවගෙන ගියේ Rs 100ක් ගන්නවා bike එකකට
    දෙපැත්තේ විල්ලු වල අලි හිටියා අවුලක් නෑ වැස්ස නිසා මඩ පාරෙ ලිස්සුව ගමකට

    nex9fl.jpg

    කයිට්ස් වලින් ආපහු යාපනේට යන්න වුනෙත් පාලම් පාරුවෙන් නොමිලේ යන්න පුලුවන් මේක RDA එකට අයිති එකක්

    2ezir2w.jpg

    කෝකිලායි කලපුවෙන් එගොඩ වුනේ බෝට්ටුවක පටවගෙන Rs 500ක් දෙන්න වුනා

    20h0t1w.jpg

    පානමෙන් ඔකද දේවාලයට ගියා ඒ පාරත් පස් පාරක් අලි ඉන්නවා

    2v18z9u.jpg

    බුත්තල කතරගම ගල්ගේ පාරෙ දැන් අලි දෙන්නෙක් ඉන්නවා තැන් දෙකක පාර මැදම මාර අමාරුවෙන් මෙතනින් මාරු වුනේ

    තව පාසිකුඩා ආරුගම්බේ හා මග සෙට් වුන ඒවත් බැලුවා උදේ 6 වෙනකොට ගමන පටන් ගත්තා හවස 6ට වගේ හැමදාම ගමන අවසන් කළා

    o0qvys.jpg

    කිසිම කරදරයක් නොදීපු මගේ bike එක platina 100cc
    මීට වඩා හොඳ bike එකක ගියා නම් ගමන සුවපහසුයි
    ඒත් සල්ලි තියෙන කොට වෙලාව නෑ, වෙලාව තියෙනකොට සල්ලි නෑ මචන්
    Maximum speed - 90kmph
    Fuel consumption - 63km/Litre
    Fuel cost - Rs 2850
    Total cost - Rs 8000
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹල වගේ උන්ට තමයි කොල්ලෝ කියන්නේ.නියමයි බන්.එළමකිරි .:yes::yes::yes: