මුගේ කතාවෙ හැටියට යාපනේ මිනිස්සුන්ට කිසිම නිදහසක් නෑ කියල තේරෙන්නෙ. ඒත් යාපනේ කීප වතාවක්ම ගියපු මටනම් එහෙම දෙයක් දැනුනෙ නෑ ඇත්තටම. මම දෙසැම්බර් 31 යාපනේ හිටියෙ. රෑ දොරේඅප්පා ග්‍රවුන්ඩ් එක පිරෙන්න මිනිස්සු. ජෙට්වින් එකේ රෑ 2 විතර වෙනකම්ම මිනිස්සු පිරිල ඩිනර් පාර්ටි එකට. ටවුන් එකේ තව බිස්නස් කාරයොත් හිටිය සෑහෙන්න. හැබැයි මෙයාගෙ කතාවල ගත යුතු දේවල් ගොඩක් තියෙනව. පුළුවන් තරම් සිංහල මිනිස්සු ඒ පැතිවල පදිංචි කරවන්න ඕනි. දෙමළ මුස්ලිම් අයනම් ඕනිවටත් වඩා රට හැම තැනම විසිරිලා ඉන්නෙ. ඒ පැතිවල සිංහල ඉස්කෝල හැදෙන්න ඕනි. පන්සල් තව ගොඩනැගෙන්න ඕනි. එතකොට ලංකාවෙ ජාතීන් අතර තවත් සහයෝගීතාවය වර්ධනය වේවි.
මිනිස්සු මිනිස්සු එකතු වුණාම රණ්ඩු ඇතිවෙනව, යාළුවෙනව, ගහ ගන්නව, මරා ගන්නව තමයි. ඒව සිංහල මිනිස්සු සිංහල මිනිස්සු අතර ඇතිවෙන්නෙ නැද්ද? අනිත් ජාතිවල මිනිස්සු අතර ඇතිවෙන්නෙ නැද්ද? ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ එහෙම දෙයක් සිංහල මිනිහෙකුයි, දෙමළ මිනිහෙකුයි, එහෙම නැත්තම් සිංහල මිනිහෙකුයි, මුස්ලිම් මිනිහෙකුයි අතරෙ ඇතිවෙච්ච ගමන් මිනිස්සු පළවෙනියටම ඇදල ගන්නෙ ආගම,ජාතිය කියන බහුබූත දේවල්. මේ මිනිස්සු තේරුම් නොගන්න දෙයක් තියෙනව. ඒක තමයි අපි හැමෝම එකම පාට ලේ ඇඟ ඇතුලෙ දුවන, එකම විදියට හුස්ම ගන්න, මිනිස්සු කියල.