Asgiri maha nahimi praised Galthanne Kapuwa

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83


    ගාල්තැන්න දේවාලයේ නිල විද්‍යුත් මාධ්‍ය ආයතනය වන ස්වර්ණවාහිනී ආයතන විසින් ගාල්තැන්නේ දේවගැති ආනන්ද ගාමිණිගේ දස්කම්, විස්කම් ගුණගායනා ලයිව් ඇට් 8 තුළින් සතියට දෙවතාවක් වත් ගෙන ඒමට අමතක නොකරයි. එපමණක්ද නොව දේවාලයේ පෙරහැරද සජීවීව විකාශය කරයි.

    එයට එකම හේතුව වන්නේ බාරයක් වීමට හෝ බාරයක් ඔප්පු කිරීමට ගාල්තැන්නේ දේවාලයට පැමිණෙන්නන් විසින් වෙනත් දේවාල වලට ලබාදෙන තුටු පඬුරු මෙන් නොව රත්‍රන් පවුම් පිටින් මෙම දේවාලයට ලබාදිය යුතු වීමයි. දේවාලයේ පිහිට ආරක්ෂාව ලැබෙන්නේ එවිටය.

    ඒවා නිකන්ම රත්‍රන් නොවේ. ස්වර්ණමහල් ආයතන්යේ බිල්පත ද සමඟ රැගෙන ආ යුතුය. එවිට ඒවා නැවතත් යන්නේ ස්වර්ණමහල් ආයතනටමය. ස්වර්ණමහල්-ස්වර්ණවාහිනී- ගාල්තැන්නේ දේවාලයේ සම්බන්ධය එයයි.

    ඒ සඳහා දිනපතා ප්‍රවෘත්ති විකාශයන් තුළින් ස්වර්ණවාහිනී ආයතනය ගාල්තැන්නේ දේවගැතිවරයාට තම ප්‍රවෘත්ති විකාශය තුළින් මහත් ප්‍රසිද්ධියක් ලබාදෙයි.

    දේවගැතිවරා පිළිබඳව පසුගිය මාසයේ පැයක වෙනම වැඩසටහනක් ස්වර්ණවාහිනී ආයතනය මඟින් විකාශය කළ අතර එම පැය ඇතුලත ගාල්තැන්නේ දේවාලයේ දේවගැතිවරයා විසින් කරගන යන වංචාව පිළිබඳව හෙළිකල නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේ දේවාලය තුළ පටිගත කරන ලද දෑ පිළිබඳව එම ආයතනයට බැන වැදුනේ "බලු ආයතනයක්" ලෙසයි.

    "දේවාලේ ඇතුලට එන හැම කෙනෙක්ම චෙක් කරනවා. මනුස්සයා ඇතුලට යනකොට පරීක්ෂා කරලා යන්නේ. උපකරණයක් අරන් ආවොත් අහුවෙනවා. එතකොට ඒ අය කොහොමද රෙකෝඩ් කළා යන්නේ. ඒක සම්පූර්ණයෙන්ම මිනිස්සු නොමඟ යවන්න කියපු කතාවක්. මේවගේ බලු ආයතන තියනවා. බොරු කියලා නොමඟ යවන. කැලෑ වල ඉන්න තිරිසන්නු තමයි මේ වගේ ප්‍රචාර යවන්නේ". (එම වීඩියෝව පසුවට)

    මේ අතර දේවගැතිවරයා විසින් පසුගියදා අස්ගිරි විහාරයට රුපියල් ලක්ෂ 7ක් පරිත්‍යාග කර තිබුණා. ඒ පිළිබඳව අස්ගිරි මහනාහිමියන් පැවසුවේ මෙලෙසින්.

    "අපේ ලංකාවේ යම්තාක් දේවාල තියනවා නම්, ඒ සියළුම දේවාල අතුරින් ශාසනේටත්, ජනතාවටත්, දෙවියන්ටත් වැඩ කරන එකම දේවාලය හැටියට සඳහන් කරන්න පුළුවන්කම තියනවා ගාල්තැන්නේ කාලි දේවාලය"

    From Gossip9