Assignments/Research/Typing/Data Entering හිරවෙලාද? විසඳුම අපෙන්

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Assignments/Research/Typing/Data Entering හිරවෙලාද? විසඳුම අපෙන්

    බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි ටයිප් සෙටින්ග්ස් නැත්නම් පරිගණක ලේඛනය කියන එක. යන්තමට ඉංග්‍රීසි කී බෝර්ඩ් එක හරි නැත්නම් සිංහල යුනිකෝඩ් හරි ටයිප් කරගන්න පුළුවන් වුනාට ලොකු වැඩක් සෙට් වුණාම, නැත්නම් හදිසි වැඩක් සෙට් වුණාම තියන කලබලයට වැඩේ හරියට කරගන්න සමහර අයට බැරිවෙනවා.

    තවත් සමහර ඇත්තන්ට පරිගණක දැනුම නොමැතිකම, යතුරු පුවරුව හුරු නැතිකම නිසා මේ ටයිපින් වැඩේ කරද්දි හද්ද අමාරුවක වැටෙනවා. කොහොම වුනත් මේක සමහර අයට ලොකු ප්‍රශ්නයක්

    විශේෂයෙන් විශ්වවිද්‍යාලවල, උසස් අධ්‍යාපන ආයතනවල ඉගනගන්න දරුවන්ට තමන්ගේ Assignments ටයිප් කරගන්න පෝලිම් ගානේ පුදුම දුකක් විඳින්න වෙනවා. තව රිසර්ච් කරන අයට තමන්ගේ Date ටික Enter කරගන්න විශ්ලේෂණය කරගන්න සෑහෙන්න කාලයක් ගතවෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට Research report එක නැත්නම් Thesis එක වෙලාවට දීගන්න බැරිව ප්‍රශ්න කෝටියක් ඇතිවෙනවා.

    විසඳුම විදිහට අපේ යාළුවෝ කරන්නේ මේ අතින් ලියපු/පොත්වලින් පොටෝ කොපි කරපු ලේඛන ටික උස්සන් ගිහිල්ලා ටයිප් කරන තැනකට බාරදෙනවා. කැම්පස් ලඟ,උසස් අධ්‍යාපන ආයතන ලඟ තියන මේ වගේ තැන්වලට වැඩ තොගයක් ඇවිත් හිරවෙලා කරගන්න බැරිව ඉන්න වෙලාවේ මේ අපේ යාළුවන්ගේ වැඩ වෙලාවට ඉවරකරන එක නිකන් හීනයක් වගේ වැඩක්. ඉතින් Assignments /Research report වෙලාවට දෙන්න බැරිව නන්නත්තාර වෙලා දුක් විඳින්න තවත් ඕන නෑ.

    විසඳුම අපෙන්

    මේ පුංචි ව්‍යාපාරයක් විදිහට අපි කරගෙන යන දෙයක්. හැබැයි ඔබට අවශ්‍ය කලින් කියපු සේවාවන් අන්තර්ජාලය හරහා දැනට මාස ගණනාවක් තිස්සේ අපි සාර්ථකව කරගෙන යනවා.

    ඔබට කරන්න තියෙන්නේ ඔබේ Assignment/Research Report/Thesis එක වගේ ලේඛන නැත්නම් Class notes/Tutes/Data sheet ඕනම එකක් එක්කෝ Scan කරලා නැත්නම් තමන්ගේ ජංගම දුරකතනෙන් හරි හොඳ කැමරාවකින් හරි පැහැදිලි පොටෝස් විදිහට අරගෙන ඒවා ටික ඉක්මණට අපේ ඊමේල් ලිපිනයට එවන්න. ලංකාවේ, ලෝකේ කොහේ වුනත් ඉන්න සිංහල/ඉංගීසි/දෙමළ භාෂා තුනෙන්ම සේවා සපයන්න අපි සූදානමින් ඉන්නවා. මේක පුංචි ව්‍යාපාරයක් වුනාට ලොකු දෙයක් රකන්න පුළුවන් තැනක්.

    ඔබේ ලේඛන ටික අපිට ඊ-මේල් කරලා නිකන් ඉන්න එපා අපිට කෝල් එකක් හරි sms එකක් හරි එවන්න. අපි ඉතාම ඉක්මණින් ඔබේ ලේඛන ටික ඔබට අවශ්‍ය යුනිකෝඩ්, සිංහල FM Fonts වලින් හෝ ඉංගීසියෙන්, දෙමළෙන් ලේඛනගත කරලා ඉක්මණින්ම ඔබේ ඊමේල් ලිපිනයට එවන්න සූදානම්. බොහොම සාධාරණ මුදලට මේ වැඩේ කරන්න අපි බැඳලා ඉන්නවා.

    ඒ වගේම ඔබේ රිසර්ච් එකේ Data enter කරගන්න බැරිව ඉන්නවනම්, හරි වෙනත් මොනවාම හරි ලේඛනයක් පරිගණකගත කරගන්න බැරිව ඉන්නවනම්, අමාරුවෙන් ලියපු පොත ටයිප් කරගන්න බැරිව ඉන්නවනම්, පරණ දිරලා ගියපු ඔප්පු, ලේඛණ,පුස්කොලපොත් වගේ දේවල් පවා පරිගණකගත කරලා දෙන්න අපි සූදානම්.

    මේක හොඳ අවස්ථාවක්, අපේ සේවාව ඔබට අවශ්‍යනම් මෙන්න විස්තර

    Email - [email protected]
    Hotline - 076 - 999 57 51

    ඔබ වෙනුවෙන් ඉතාම ගුණාත්මක සහ කඩිනම් සේවයක් සපයන්න අපි නිරතුරුවම බැඳීලා ඉන්නවා

    Viskam Creation
     
    • Like
    Reactions: SHANUXLK