වසර 12කට පසු චම්පික විදුලියෙන් ලාභ හොයයි
ජුනි මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය මෙහෙයුම් වියදම රුපියල් මිලියන දසදහස් පන්සිය හතළිස් එකක් බව සහ මෙහෙයුම් ආදායම් ලෙස රුපියල් මිලියන දස දහස් හත්සිය හතළිස් හයක මුදලක් ලබා ඇති බව වාර්තා වෙයි. මේ අනුව ලංකා විදුලි බල මණ්ඩලය ගත වූ ජුනි මාසයේ දී රුපියල් මිලියන දෙසිය පහක ලාභයක් ලබා තිබේ. සේවක වැටුප්, මෙහෙයුම් වියදම්, භාණ්ඩ හා සේවා වෙනුවෙන් වෙනත් ආයතනවලට ගෙවිය යුතු සියලු ගෙවීම් සිදු කිරීමෙන් පසුව මෙම ශුද්ධ ලාභය ලබා ඇති බව විදුලි බල මණ්ඩලයේ විගණන වාර්තා පෙන්වා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ය.ගත වූ ජුලි මාසයේ මණ්ඩලයේ ගිණුම් වාර්තා මෙතෙක් අවසන් කර නොමැති බවත්, විදුලි බල මණ්ඩලයට ඉදිරියේ දී උදාවන සෑම මාසයක්ම ගතවූ ජුනි මාසයේ දී මෙන් සෞභාග්‍යමත් මාස බවත් හෙතෙම පැවසීය.වසර දොළහක් අඛණ්ඩව පාඩු ලබමින් තිබූ විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සිය අපේක්‍ෂාව බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.