අපි හත අට වසරවල් වල විද්‍යාව උගන්නන මිස්ගෙන් ප්‍රශ්ණ ඇහුවම, ඒවා ඊලඟ අවුරුද්දෙ උගන්නයි, එහෙම නැත්නම් ඕලෙවල් ඒලෙවල් කැම්පස් වගේ දෙයක් කියලා ප්‍රශ්නෙට දෙන උත්තරේ කල් දානවනේ.
විශේෂයෙන්ම ඒබ්‍රහමීය ආගම් වල දේව සංකල්පයත්, විද්‍යාව උගන්නපු මිස්ගෙ උත්තරේ වගේ තමයි. උත්තරයක් දෙන්න දැනුමක් නැති තාක් කල් දෙයියො තමයි උත්තරේ. පරීක්ෂණ කරලා හොයාගත්තට පස්සෙ කට්ටියම ටික කාලයක් මීක් වෙලා ඉන්නවා. ඊට පස්සෙ ශුද්ධ වූ ග්‍රන්ථයක ඒ බව සඳහන් වෙලා කියලා ඇවිල්ලා හෑලි පෙන්නනවා.
හූ හූ උබලට දැන් සනීපද, උබලා රැවටුනානේ වගේ කතා කියලා හිනා වෙන්න බලාගෙන ඉන්න මිනිස්සු නැත්නම්, ගොඩක් ඒබ්‍රහමීය ආගම් අදහන මිනිස්සු ඒ ආගම් අතහරිනවා. ආගම අත නොහැර අල්ලගෙන ඉන්නෙ ලැජ්ජාවට. මෝඩකමට අල්ලගෙන ඉන්න අය කොහොමත් ඉන්නවනෙ.