දැලි ලන්තෑරුම් එළිය පෙමින් බරයි නුඹේ මුහුණ කොහේ මුවා වුනාද මේ සෙවනැල්ල මල් පෙතිත් නැතුවාය මෙතරම් සියුමැලි හිමින් හිමින් පිරිමදිමී නුඹේ වත කමල "මොකක් ඔයාව බොද වෙලා පෙන්නේ ඇයි මට! ඔයා මත්වෙලා ඉන්නේ මගේ ආදරේන් ඒකයි ඔය" ඔයා කිව්වේ එහෙම මට ඇහුනේ එහෙම ක්ෂිතිජ මායිමක වෙලී පෙමින් ගැයූ අස්තාවර පද වැල සිනිදු කටරොළුව වැන්නීය නුඹ නිදිකුම්බාව මෘදු සුලගටත් හැකිලීය මා මත් කල මිරිගුව අපි මේ ලොකේ ඉන්න ආදරණීයම පෙම්වතුන් වන්නෙ"මි". ......... මරණිය වුනත් මේ තත්පර විශ්වාස කරනවද දරාගන්න බැරිතරම් ප්‍රේමයක් දැනෙනවා මට තාම ... මුඛවාඩම් මයික්‍රෝ පරිමාණ සිදුරු අතරින් ගලනවා තාමත් අපි දැකපු හීනවල සුවඳ ... අවශෝෂණය කරගත් උතුරා හැලෙන වලාකුළු හදවත පුරාම විසිරිලන කිදෝකිම් එළිවගේ දැල්වුණා උගුරට දැනෙන ඒ කටුක රස ... කියන්නට නම් අවැසිව බෝහෝ දේ ඇත මට ඊළඟට මුණගැසුණු වහාම නිසැකවම කියන්නම් හැමදේම... හැබැයි තව එක දෙයක් හැමදාම වගේ කෙලවර අපි දියවෙන්න මොහොතකට කිට්ටුව හැකිනම් සුබ ගමන් නොකියම යන්න... ඔයාට නොතෙරුනා වුනාට සුබ කියන්නේ හරි අකාරුණික යෙදුමක් මේ වගේ කළුවර වෙලාවක....
------ Post added on May 28, 2023 at 3:58 PM