eka tama okunge depala... serama pichchenne .. balapan nettam kele giniganne.. okun karana paw walata unta lesatama return eka hambenawa..
oya saththu tika wena ratakata dunna nam moko wenne. ahinsaka saththu.. wathura bonne nethuwa nala lin harala bonnada wathura...
salli thibunata mole ne gobba heththa


Unbalance eke giya kiyala ඔටුවන් kanna විලෝපිකයෙක් බිහි වෙන්නේ නෑනේඉතින් මිනිස්සු ම නෙවේ ද ඔය cycle එක unbalanced කරලා තියෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නේ නම් තමන්ට හැම දේම control කරලා පිලිවෙලට ගෙනියන්න පුළුවන් කියලා. එවුන්ට හරි කියලා කරන හැම දේම backfire වෙනවා.
මන් නම් කියන්නේ cycle එක unbalance එකේ හරි ඔහොම යන්න දෙන්න ඕනේ. එතකොට ඔක්කොම සත්තු ටික මැරිලා හරි ඕක control වෙයි ටික කාළයක් යනකොට.
මේ ප්‍රශ්නේ පිටින් පේනවාට වඩා බැරෑරුම් දෙයක්. කැලෑ සත්තු පිටරට පටවන්න බැහැ. කිසිම රටක් නිරෝධායන සහතිකයක් නැතිව වෙනත් රටකින් සතෙක් ගෙන ඒමට අවසර දෙන්නේ නැහැ. කිසිම නිරෝධායන සහතිකයක් නැති කැලෑ සත්තු දහස් ගණනක් හෝ ලක්ෂ ගණනක් පිටරට පටවනවා කියන කියමනේ කිසිම තේරුමක් නැහැ.
ඊළඟට මේ කිසිම සතෙක් හේතුවක් නැතිව මරන්නේ නැහැ. සතුන්ගේ ගහනය වැඩි උනාම උන්ට කන්න බොන්න නැතිවෙනවා. එතකොට උන්ට සිදු වෙන්නේ අනේක දුක් විඳලා, මාස ගානක් තිස්සේ බොහොම දුක්ඛදායක මරණයකට ගොදුරු වෙන්නයි.
ලෝකයේ විශාලතම කැලෑ ඔටු ගහනය ඉන්නේ ඔස්ට්‍රේලියාවෙයි. ඔටුවන් ඔස්ට්‍රේලියාවට ආවේනික සතෙකු නොවන අතර(ඉන්දියාවෙන්, ඇෆ්ගනිස්ථානයෙන් හා අරාබියෙන් බඩු ප්‍රවාහනයට හා කාන්තාරයේ ගමන් යාමට ගෙන ආ සතුන් ) කිසිම විලෝපිකයෙකු නැති නිසා වර්තමානයේ ඔවුන්ගේ ගහනය ලක්ෂ 3 - 7.5 අතර යැයි සැලකෙනවා. හැම වසරකදීම හෝ දෙකකදීම කැලෑ සත්ත්ව වර්ග හැම එකක්ම වාගේ (මාළුවන් /කුරුල්ලන් පවා ) යම් යම් ආකාරයකට ගණනය කරනවා. ඒවායේ ප්‍රතිඵල අනුව ඒ ඒ සතුන් මැරීමට බලපත්‍ර ලබා දෙනවා, එහෙම නැතිනම් ඔවුන් ආරක්ෂා කිරීමට නීති පනවනවා. උදාහරනෙකට කියනවානම් යම් මාළු වර්ගයක් අඩු බව පෙනෙනවානම් ඔවුන් ඇල්ලීම තහනම් කරනවා, වටු කුරුල්ලන් අඩු නම් duck season (වටුවන් මැරීමේ කාලය) අඩු කරනවා, එහෙම නැතිනම් සම්පුර්ණයෙන්ම අහෝසි කරනවා. ඔටුවන් ඔවුන් ජීවත් වන පරිසරයට ඉතාම හානිකර සත්ත්ව කොට්ඨාශයක්. මේ කියන ඔටුවන් මැරීමට හේතුවත් ඔවුන් බොහෝ දුරබැහැර හුදකලා isolated communities වලට කරන හානියයි.
කලින් කලට හාවන් (හාවුන් බිලියන ගණනක් වෛරස් යොදා මැරුවා) කැන්ගරුවන්, පමණක් නොවෙයි, ඉතාම අහිංසක සතෙකු වන කෝලා බෙයා පවා ගහනය පාලනය කිරීම සඳහා ඝාතනය කිරීමට සිදු වෙනවා. මාංශ භක්ෂක සතුන් ඇත්තේම නැති (ඩින්ගෝ, තස්මේනියන් ඩෙවිල්, වල් පූසන්, නරියන් සහ තවත් කුඩා සතුන් කිහිප වර්ගයක් හැරුන කොට ) ඕස්ට්‍රේලියාවේ ස්වාභාවිකව සත්ත්ව ගහනය පාලනය වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා සත්ත්ව ගහනය පාලනයට මානව මැදිහත්වීමක් නොකොළොත් මේ සතුන් ලක්ෂ ගණනින් මියයාම වලක්වන්න බැහැ
ඒ වගේම මේ ලැව් ගිනි වලින් ගෙවල් දොරවල් විනාශ වීම මහා ලොකු විනාශයක්, කරදරයක්, ඒක අවිවාදිතයි. නමුත්, ජීවිත හානියක් හෝ තුවාල වීමක් නැතිව දේපොළ පමණක් විනාශ වීම වෙස් වලා ගත් ආශිර්වාදයක් ලෙස සලකන පුද්ගලයින් බොහොමයක් ඉන්නා බවත් , ඒවා සියල්ලම රක්ෂණය කර ඇති බැවින් සම්පූර්ණ රක්ෂණ මුදල ඉතාම කෙටි කලකින් ලබාගෙන පරණ ගෙවල්, බඩු මුට්ටු වෙනුවට සම්පුර්ණයෙන්ම අලුත් නිවසක් හදා ගැනීමට ඔවුන් වාසනාවන්ත වන බවත් කියන්න කැමතියි. ලැව් ගිණි හොඳ දෙයක් කියලා එයින් මම අදහස් නොකරන බවත් කිව යුතුයි.
ඉතින් මිනිස්සු ම නෙවේ ද ඔය cycle එක unbalanced කරලා තියෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නේ නම් තමන්ට හැම දේම control කරලා පිලිවෙලට ගෙනියන්න පුළුවන් කියලා. එවුන්ට හරි කියලා කරන හැම දේම backfire වෙනවා.
මන් නම් කියන්නේ cycle එක unbalance එකේ හරි ඔහොම යන්න දෙන්න ඕනේ. එතකොට ඔක්කොම සත්තු ටික මැරිලා හරි ඕක control වෙයි ටික කාළයක් යනකොට.


ඉතින් මිනිස්සු ම නෙවේ ද ඔය cycle එක unbalanced කරලා තියෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නේ නම් තමන්ට හැම දේම control කරලා පිලිවෙලට ගෙනියන්න පුළුවන් කියලා. එවුන්ට හරි කියලා කරන හැම දේම backfire වෙනවා.
මන් නම් කියන්නේ cycle එක unbalance එකේ හරි ඔහොම යන්න දෙන්න ඕනේ. එතකොට ඔක්කොම සත්තු ටික මැරිලා හරි ඕක control වෙයි ටික කාළයක් යනකොට.
කතාවේ ඇත්තක් තියනවා
කොහොම උනත් සත්තු මරණ එක අනුමත කරන්ඩ බැ
බලන් ගියහම මේ රටවල මිනිස්සුන්ට අපිට නැති ප්‍රශ්න නේ තියෙන්නේ
ලංකාවෙත් දැන් නරි අඩු හින්දා වල් උරෝ වැඩි වෙලා තියෙන්නේ එක හින්දද කොහෙද මරන්ඩ අවසර දුන්නේ
සත්තු මැරීම මාත් අනුමත කරන්නේ නැහැ. නමුත් ඔවුන් වතුර/කෑම නැතිව දින ගණන්/සති ගණන් දුක් විඳලා මැරෙනවාට වඩා එකවර මරා දැමීම (Humane killing) ඔවුන් විශාල දුකකින් මුදවා ගැනීමක්.
apo unta owa monada
hama awuruddema wadipura inna kangaruwoth maranawa![]()



එක රාමුවක දාලා හැම දේම බලලා හරි වැරැද්දත් හොයාලා දඩුවමුත් දිලා ඉවරයි. පව පින බලන්න කලින් හේතුව බලන්න. ප්‍රශ්නය ඇතිවුන හැටි බලන්න.
මිනිසාගේ නොසැලකිල්ලෙන්ම මේ වගේම දෙයක් වුනා ගැලපගස් දූපත්වල.දන්නවානේ කොච්චර ජෛව විවිධත්වයක් තියනවාද කියලා එහෙ. ධිවරයෝ මරන් කන්න අරන් ගිය එලුවෝ වල් වැදිලා උන් පැටවු ගහලා එලු ගහනය ලක්ෂ ගානක් වුනා. අන්තිමේදි ආවේනික සතුන් විනාස වෙන තැනට ආවා. කරන්න දෙයක් නැ එලුවෝ මහා සංහාරයක් කරා. එහෙමයි ගැලපගොස් වල ජෛව විවිධත්ව තුලනය කලේ. නැත්ත්ම් අද එක ගහක් නැ එහෙ.
මිනිස්සුම වැරැද්ද අතපසුවිම කරලා පස්සේ ඒක සම්ප්‍රදායක් කරගෙන ඒකට නිතිරිතිත් දාගෙන විහින්ම විනාස වෙනවා.

ඔව්, මිනිස්සුන්ගේ වරදින් තමයි මේ සත්තුන්ගේ ප්‍රශ්න ඇති උනේ. 18 වන ශත වර්ෂයේ හාවුන් ගෙනාවා. 1920 වනවිට හාවුන් වල් වැදී, ගහනය බිලියන් 10 වෙලා. 19 වන සියවසේ ඔටුවන් ගෙනල්ලා දැන් පාලනය කරන්න බැරි තරමට ගහනය මිලියනයකට විතර වැඩි වෙලා. එංගලන්තේ සුද්දන්ගේ ප්‍රියතම Fox hunting වලට ගෙනාපු නරි බෝ වෙලා දැන් මිලියන් 7 වෙලා. වල් පූසෝ, වල් අස්සයෝ (Brumby), මීහරක් වගේ ලොකු සත්තු ඇරුණුකොට cane toad ලෙස හැඳින්වෙන (උක් වගාවන්ට හානි කරන කුරුමිණියන් වඳ කිරීමට ගෙන ආ) ගෙම්බා විශාල විනාශයක් කරනවා. 1935 ගෙම්බන් 102 ගෙනවිත්, ඉන්පසුව බෝ වෙලා දැන් මිලියන 200 පමණ යැයි සැලකෙනවා. දැන් මේවායේ පාලනය ස්වභාව ධර්මයට බාර දෙන්න බැරි තරම් දුර දිග ගිහිල්ලා. අනවශ්‍ය සතුන්ගේ ගහනය පාලනය කරන්නේ නැතිව ස්වාභාවිකව වඳ වෙන්න ඇරියොත් අවශ්‍ය/අනවශ්‍ය සත්තු ඔක්කොටම කෑම/වතුර නැතිව මැරේවි.
නැගෙනහිර පැත්තේ නානලට පුළුවන් ඔය මොකක්හරි වටිනා වස්තුවක් ඔටුවෙක් පිටේ තියල පෙරහරක් පටන්ගන්න100ක් 200ක් ලංකාවට ගෙන්නගෙන පෙරහැරේ යැව්ව නං හරි බං.