Ausie Koala Massacre

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    වික්ටෝරියා ප්‍රාන්ත ආශ්‍රිතව කෝලා සංහාරයක්

    ඕස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්ත ආශ්‍රිතව කෝලා සංහාරයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වනාන්තර ප්‍රදේශයක කෝලා සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් හෝ තුවාල ලබා තිබේ.

    විදෙස් වාර්තා පවසන්නේ මේ සම්බන්ධයෙන් දැනටමත් බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

    කෝලා සතුන්ගේ වඩාත් වැදගත් වාසභූමියක් ලෙස සැලකෙන බ්ලූ ගම් වෘක්ෂයන් ආශ්‍රිතව සිදුකළ වගාවන්ගේ අස්වනු නෙලා ගැනීමට ඉකුත් දෙසැම්බර් මාසයේදී කටයුතු කර තිබේ.

    ඒ අනුව එම ශාක ඉවත් කිරීමත් සමග ඉතිරිව ඇත්තේ එම භූමියේ සිටි කෝලා වළසුන් සුළු ප්‍රමාණයක් පමණයි .

    තවත් සතුන් වෘක්ෂයන් ආශ්‍රිතව මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.

    ප්‍රදේශය එළිපෙහෙළි කිරීමේදී බුල්ඩෝසර් වැනි යන්ත්‍රෝපකරණවලට හසුවීමෙන්ද සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබේ.

    මේ සමඟම දිවි ගලවාගත් කෝලා සතුන් 80ක් පමණ නිරුපද්‍රතව බේරාගැනීමට බලධාරීන් පසුව කටයුතු කර තිබුණි.

    එම සතුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබේ.

    ඕස්ට්‍රේලියානු ලැව්ගිනි හේතුවෙන්ද කෝලා සතුන් ඇතුළු වන සතුන් විශාල ප්‍රමාණයක් මියගියා.

    තවත් අවස්ථාවක සංහාරයක් ලෙස ඔටුවන් 10,000ක් මරා දැමීමට ඔස්ට්‍රේලියාව ක්‍රියා කිරීමද පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්විය.




    අද දෙරණ/ The Guardian
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය අර චීනෙ පූසො දෙන්නෙක් මරපු සීන් ඵකට දුක හිතෙන විදිහට අාටිකල් ඵකත්‍ ලියල තිබ්‍බ රටේ නේද.:P:rofl:.