මචං මම කිව්වෙ නැහැ ඕස්ට්‍රෙලියාවෙ යන එක වැඩක් නැහැ කියලා මම කිව්වෙ රිස්කි වැඩක් කියලා මගෙ ආර්ථික මට්ටමට සාපේක්ෂව. ඕසි ඇවිල්ලා හොඳටම බෙරිලා ඉන්නේ මෙන්න mea වගෙ කට්ටිය.
ඕස්ට්‍රේලියාව යන එක ගැන ට්‍රෙන්ඩ් එකක් නොවුන කාලෙ එහෙ පැන ගත්ත උන්. බොහෝ අය සරණාගත මට්ටමිනුත් ඉතා සුළු පිරිසක් හැකියාව සහ වෘතීමය පළපුරුද්ද මත.
එහෙමත් නැත්තම් හොඳ දේපලක් ඉඩම කඩම් තිබ්බ උදවිය. නැත්තම් පාරම්පරික සල්ලි කාරයෝ
ඒත් එදාවෙල බොහොම අමාරුවෙන් හොයාගන්න එහෙමත් නැත්තම් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙක් ඔහෙ ගිහින් ඉගෙන ගෙන මිනිහෙක් වෙනවා කියන එක පට්ටම රිස්ක් එකක් .
අන්න ඒ රිස්ක් එක ගැන තමා මම කිව්වෙ. නැතුව යන එක වැඩක් නැහැ කියලා නෙමෙ .
අනික බ්‍රෝ මේකත් දැන ගන්න මම ඉන්නෙ කටාර් වල හැබැයි ජීවන තත්වය උසස් කියන උඹෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න ඕස්ට්‍රේලියන්ස් ලා ඒ කිව්වෙ සුද්දෝ සහ නවසීලන්තය කැනඩාව වගෙ රටවල් වලට මිග්‍රේට් වෙලා පාස්පොර්ට් එක ගත්ත සහ උපතින්ම ඒ රටවල් වල ඉන්න උන් කටාර් වල හොඳ job කරනවා .හැබැයි කටාරිලා ඔය රටවල් වල ජොබ් කරන්නෙ නැහැ, උන් ඔය රටවල් වලට යන්නෙ ෆන් එකක් අරන් එන්න .අපෙ උන් ජීවන තත්වෙ උදෙසා තියන තුට්ටුවත් පූජා කරලා ඕසි යද්දි ඕසි ඉන්න සුද්දෝ මැදපෙරදිග වැඩ කරනවා(ලෙබර් ටයිප් ජොබ් නම් නෙමෙ ,ගොඩක් ම ඉන්නෙ සුපර්වයිසර් මැනේජර් ලෙවල් එකෙ උන් ).
මොකද සුද්දෝ දන්නවා පැණි කන්න පුළුවන් වෙලාවෙ කන්න පුළුවන් තැනින් පැණි කන්න.
ඕස්ට්‍රේලියන්ස්ලා විතරක් නෙමේ බ්‍රිටිශ් ලාත් අම්බානක ඉන්නවා. හැබැයි උන් ලයිෆ් ටයිම් ඉන්නේ නැහැ හම්බ කරන්න පුළුවන් වෙලාවෙ හම්බ කරගෙන එක්කෝ තමන්ගෙ රටට යනවා නැත්තම් අර අඩු වියදම් සහිත රටවල් වල ට්‍රැවල් කරනවා .