Avant gard Became the no - 1

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    14671146_569249363261961_4438639653089589485_n.jpg


    ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සමාගම විසින් ජාත්‍යන්තර සමුද්‍රාරක්ෂක ක්‍ෂෙත‍්‍රයේ ලොව විශිෂ්ටතම ව්‍යාපාරික සන්නාමය සඳහා වාර්ෂිකව පිරිනමන ‘සොක්‍රටීස් සම්මානය’ දිනාගෙන තිබේ.

    මෙම සම්මානය පිරිනමා ඇත්තේ එංගලන්තය කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන යුරෝපීය ව්‍යාපාරික සම්මේලනය විසිනි.

    ඇවන්ගාඞ් සමාගම මෙම සම්මාන දිනාගෙන ඇත්තේ ලෝකයේ ප්‍රධාන පෙලේ සමුද්‍රාරක්ෂක සමාගම් 175ක් පසුපසට ඇද දමමිනි. මෙම සම්මාන පිරිනැමීම සිදු කර ඇත්තේ ප්‍රංශයේ කේන්ස් නුවර කාර්ල්ටන් ඉන්ටර්නැෂනල් හෝටලයේදි පසුගිය 07 වැනිදායි.

    ඇවන්ගාඞ් සමාගම එසේ ලෝක සම්මානයෙන් පිදුම් ලැබුවද මේ වන විටත් මෙරට තුල නඩු ගණනාවක් ඊට එරෙහිව පවරා තිබේ.

    ඉන්දියානු සාගයේ සමන් කරන වෙළද නෞකා සෝමාලියාව කේන්ද්‍ර කරගත් මුහුදු මංකොල්ල කරුවන්ගෙන් බේරා ගැනීමේ අරමුනින් මෙම ආරක්‍ෂක සේවය බිහි විය.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    ඇවන්ගාඞ් සමාගම එසේ ලෝක සම්මානයෙන් පිදුම් ලැබුවද මේ වන විටත් මෙරට තුල නඩු ගණනාවක් ඊට එරෙහිව පවරා තිබේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතිහාස කතාවල මේව කවදහරි රන් අකුරින් ලියවේවි.......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    යහපාලක සක්කිලින්ගේ රෙද්ද ගැලවෙන වැඩමයි හැමදාම සිද්ධ වෙන්නේ. මේ රටේ ඉන්න සමහර සක්කිලින්ට මේ රටේ දේවල් කිසිම අගයක් නෑ. දේශපාලන පලිගැනීම්.........
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    Avent Guard Socrates Award scam ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.

    gd.jpg



    සොක්‍රටීස් අවෝඩ් නම් සම්මාණයකින් ලොවම ඇගයූ බව පවසමින් ඇවඩ්ගාඩ් යළි කරළියට පැමිණ තිබේ. ලවක් දෙවක් නැතිව භයියොද භය්යලාද එය ෂෙයාර් කරමින් අහන්නේ "අඩෝ දැක්කද, තොපි විනාස කරේ මෙහෙම මහා ව්‍යාපාරයක් නේද" ලෙසයි.

    බැලූ බැල්මට හිත කඩා වැටෙන කාරණාවකි. මන්ද, එංගලන්තයේ The Europe Business Assembly (EBA) ආයතනයෙන් දුන්න නිසා එසේ මෙසේ සම්මාණයක් වන්නට බැරිය. එහෙව් එකේ යහපාළන ආන්ඩුව කර ඇත්තේ ගොං කමක් වන අතර, විනාස කර තිබ්බෙන්නේ ජාත්‍යන්තර සම්මාණයට පාත්‍ර වන සුපිරි සමාගමකි.

    වතුරෙන් කාර් දුවන, පාංගෙඩියට ප්‍රශ්ණය දමා විසඳුම් විසිකල විට ප්‍රශ්ණ විසඳේයැයි සිතන, ටැංකියේ වතුරෙන් ගෙදරට ලයිට් දෙන ජාතියේ බයිලා වලට රැවටෙන ජාතියකට මෙය පට්ට සිරා, රටේ නම බැබලූ තවත් එක් මහා සම්මාණයක් යැයි දොහොත් මුදුන් දී භාරගන්නා එක සිම්පල් වැඩකි.

    එහෙත් මේ සම්මාණයත් මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධිය වැනිම වූ, පොඩි අතයට ගණුදෙනුවකින් හිමිවූ තවත් එක් සෙප්පඩ විජ්ජාවක් බව කී දෙනෙකු දනීද, කිව්වත් පිළිගනියිද?

    මිනිසුන් ස්වභාවයෙන්ම ධනයට, බලයට මෙන්ම ගරු නම්බු වලට කැමැත්තෝය. මේ බැව් දන්නා නොයෙකුත් සෙප්පඩ විජ්ජා කරුවන් ඉල්ලුමට සැපයුම සලසාදී ගාණ හොයා ගනියි.

    කලකට පෙර සාම විනිසුරු නම් පදවියද, ආචාර්ය පදවිද, දේශාමාණ්‍ය වැනි තනතුරුද ලංකාවේ කිහිප දෙනෙකුට යම් වැදගත් සහ පිළිගැනීමක් ඇති ආයතන විසින් ප්‍රදානය කල අතර, පෙරේතයන්ට නමුබු නාම දී හම්බු කරගැනීම අගනා ව්‍යාපාරයක් බැව් වටහා ගත් කෛරාටිකයින් විසින් අද ඒ සම්මාණ ලක්ෂයට දෙකට විකිණීමට පටන් ගෙන තිබේ.

    අද මේ ගරු සම්මාණ දකින් බහුතරයක් හිකෙන් පුනා වන අතර සුළු ගොබ්බයින් පිරිසක් සහ එය දරන්නා පමණක් සම්මාණයෙන් ආඩම්භර වෙති.

    ඇවන්ගාඩ් සම්මාණයත් එයට දෙවනි නොවේ. එකම වෙනස, මෙය එංගලන්තයේ සුද්දන් පිරිසක් විකිණූ එකක් වීමයි. සුද්දාගෙ නිසා අපි හිතන්නේ වැඩේ සුදු ඇතිය කියාය. ඒත් මේ තවත් එක මගඩියක් පමණි.

    ඇවන්ගාඩ් හට මේ සම්මාණය දී ඇත්තේ The Europe Business Assembly නම් ආයතනයකි. ඔවුන් එංගලන්තයේ ඔක්ස්ෆෝඩ් හි ලිපිනයැති විශාල ආයතනයක් ලෙස බැලූ බැල්මට පෙනේ. නමුත් ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් බැලූ විට මේ ආයතනය කර ඇති එකම දේ සම්මාණ පිරිනැමීම පමනි.

    වසරකට එකක් නොව දෙක තුනකි. රහස එයයි. එපමනක් නොවේ, මේ සම්මාණ ලැබී ඇත්තේ ලෝකයේ ඉතා ඉහලින් වැජඹෙන ප්‍රසිද්ද පුද්ගලයන්ට හෝ ආයතනයන්ටද නොවේ.

    ඒව බහුතරය ලැබී ඇත්තේ ආසියානු හා අප්‍රිකානු ව්‍යාපාරික ලෝකයේ කුප්‍රසිද්ද සමාගම් වෙතය. රහස මෙයයි. මේ සම්මාණ සඳහා ඔබ අයදුම් කල යුතුය. සැබෑ ජයග්‍රාහී ව්‍යාපාරිකයන් මෙවන් "බිස්නස් අවොඩ්ස්" වලට අයදුම් කරන්නේ නැත. මේවා ඉල්ලන්නේ තමන්ගෙ "යම් කිසි" අඩුවක් සහතිකයෙන් වැසීමට බලා ඉන්නා අණ්ඩපාලයන් හෝ මේ ගැන හරි හැටි නොදැන අහුවෙන මෝරුන් පමණි.


    Cannes-2105_035.jpg


    මේ පින්තූරයෙන් දැක්වෙන්නෙ ඇවන්ට් ගාඩ්ට සම්මාණ දුන් උළෙලයි. එහේ පුටු ගණනටවත් මිනිසුන් නැත.


    Cannes-2105_057.jpg


    බැක් ඩ්‍රොප් එක බාල බැනර් එකක් පමණි. අහෝ, මේ යුරෝපීය මහා සම්මාන උළෙල දුප්පත් ලoකාවේ ස්ලිම් අවොඩ් තරම් වත් ගාම්භීර සුන්දර එකක් නොවේ, තනිකරම ලෝ බජට් වැඩකි. වියදම් කර ඇත්තේ සුන්දර පසුතලයක් සහිත හෝටලයට පමණි.

    Maggi-SLIM-article.png


    කතාව ඉවර නැත.

    මේ The Europe Business Assembly ආයතනය පිළිබඳව සෙව්විල්ලෙන් සිට, ඔවුන් කරන සම්මාණ මගඩිය ලොවට රහස්ක් නොවේ. මෙයට පෙර සර්බියාව විසින් එය හෙලිකරගෙන තිබේ.

    මෙහි ඇත්තේ ඒ වාර්ථාවයි.

    සර්බියානු සoවිධානාත්මක අපරාධ වාර්ථා ව්‍යාපෘතිය මගින් EBA යනු මුදලට සම්මාණ පිරිනමන සහ සම්මාණ බිස්නස් එකෙන් ජීවත් වන පිරිසක් බව කදිමට එහි හෙලිකර ඇත.

    එපමනක් නොවේ, මෙහි දැක්වෙන ආකාරයට මේ සොක්‍රටීස් ස්ම්මාණයෙහි මිළ යුරෝ 9700කි. සමහරවිට මේ මිළ ඊඩ වැඩි වීමටද ඉඩ තිබේ.

    cjenovnik_medalja_eng.jpg


    මේ ඉන්දුනීසියානු පුවත්පතක මේ වන්චාව ගැන පලවූ තවත් වාර්ථාවකි.
    http://indonesiaexpat.biz/other/scams-in-the-city/what-price-glory/

    ඉදින් මහතුනි, ඇවන්ගාඩ් ජාත්‍යන්තර සම්මාණයකින් යුරෝපයේද්ගී පුද ලැබුවායැයි උදම් නොවන්න, චූන් නොවන්න. ඔවුනට යුරෝ දස දහසක් ගෙවා සම්මාණයක් ගැනීමට තිබූ ආර්ථික ශක්තිය ගැන පමණක් සතුටුවන්න.


    http://upashantha.blogspot.com/2016/10/avent-guard-socrates-award-scam.html
     

    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    සල්ලි තියනවනම් ඔනතරම් awards ගන්න පුලුවන්. ආචා‍‍රර්‍යය මර්වින් සිල්වා වාගෙ :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    එහෙම සම්මාන ගත්ත සමාගමේ තමයි නැව පැද්දීලා වෙපන් එකට ඇතිල්ලිලා සිරියල් නම්බස් මැකුණේ 🤗