````Aya Waya (Budget)````

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
ජාතික ආර්ථිකය සවිමත් කරමින් ජනතාවට සහන සදන අය-වැය අද

ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි ජනතා වාදී අය වැයක් අද (29) ඉදිරිපත් කෙරේ.

2009 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය වැය මගින් ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම හා ජනතාවට සහන ලබාදීම මෙවර (2010) අය වැය මගින් රජය අපේක්ෂා කරයි.

දෙදහස් නවය වසරේ අය වැය මගින් මුදල් වෙන් කරන ලද වරාය ව්‍යාපෘති, වාරිමාර්ග, විදුලිබල ව්‍යාපෘති, ජල සම්පාදන, උතුරු නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම මෙන්ම ජාතික හා ග්‍රාමීය වශයෙන් වූ විවිධ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සිදු කිරීම සඳහා මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාවක් ලබාදී ඇති බැවින් මෙවර අය වැය සංවර්ධනාත්මක අය වැයක් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

ලබන වසර වෙනුවෙන් (2011) ඉදිරිපත් කිරීමට නියමිත අය වැයද මෙම වසරේ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අය වැය සඳහා අද (29) ඉදිරිපත් කරන අය වැය මගින් පදනම සකස් කරන බවත් ගජධීර මහතා ප්‍රකාශ කළේය.