B U T T E R F L Y S Y M P H O N E Y (සමනළ සංධ්වනිය)
ඔබේ නවතම සිනමා නිර්මාණය වන "සමනල සංධ්වනිය" චිත්‍රපටයේ වැඩකටයුතු සම්පූරණයෙන්ම නිමාවී ඇති බවයි වාර්තා වන්නේ, අපට මුලින්ම ඔබෙන් අසන්න තිබෙන්නේ මේ නමේ තිබෙන අමුත්ත ගැනයි. මොකක්ද සමනල සංධ්වනිය කියන්නේ. එහෙම නමක් යොදන්න හේතුව මොකක්ද?
සමනලුන් කියන කොට අප කාගේත් හිත්වල මැවෙන්නේ හරිම අහිංසක ජීවියෙක් පිළිබඳ අදහසක්. ඒකටම තව එකතු වෙනවා අලංකාර, ලාබාල, ඒ වගේම වැඩිකාලයක් නොපවතින වගේ අදහසකුත්. සමනලුන්ගේ ශබ්දය අපගේ කන්වලට ඇහෙන්නේ නෑ. අඩුම තරමේ ඔවුන් තටුගසන හඬවත් අපට ඇහෙන්නේ නෑ. සංධ්වනිය කියන්නේ ඉංග්‍රීසියෙන් Symphony කියන එකටයි. Symphony එකක් කියන්නේ තූර්ය සංවාදයකට. මේ තූර්ය සංවාද සංගීතය බටහිරින් බිහිවූ දෙයක් වුවත් එය මිනිසා විසින් සොයාගනු ලැබූ ඉතාම උත්කෘෂ්ඨ කලා නිර්මාණ පද්ධතියක් කියලයි මම විශ්වාස කරන්නේ. Symphony සංගීතයක තිබෙන ශ්‍රව්‍ය පර්යාලෝකය (Aural Perspective) මිනිස් භාවයන් ඉතාම තීව්ර විශ්ව අත්දැකීමක් බවට පත්කරවනවා.
දැන් මම මේ නම් දෙක එකතු කළේ එසේ කිරීමෙන් මතුවන තෙවන අර්ථයක් සම්පාදනය කරගන්නයි. මේ අසන බොහෝ දෙනා තුළ විවිධ අදහස් මතුවෙන්න පුළුවන්. ඒත් ඉතාම අහිංසක කනට නොඇසෙන ඇසට නොපෙනෙන තීව්රතර භාවමය සංවාදයක් පිළිබඳ අදහසක් මේ තුළ ගැබ්ව ඇතැයි මට කියන්න පුළුවන්.
මෙම චිත්‍රපටයේ තිරරචනය මුළුමණින්ම නිමාකළාට පසුවයි මම මේ නම යෙදුවේ. මෙය ඉතාම සරල ඒවගේම ගැඹුරු චිත්‍රපටයක්. මෙහි සමුදයාර්ථය ප්‍රකාශ කරන්න වචන කීපයකින් බැහැ. හැබැයි එසේ කිරීමට ගන්න උත්සාහයක ප්‍රතිඵලයක් හැටියටයි මම ඔය නම යෙදුවේ.
මෙය ඉතාම සරල චිත්‍රපටයක් කියලත් ඔබ කියනවා, ඒවගේම ගැඹුරු චිත්‍රපටයක් කියලත් ඔබ කියනවා.
ඔව් ඒකෙ තේරුම ඕනෑම වින්දන මට්ටමක කෙනකුට ඉක්මනට මේ චිත්‍රපටයට ඇතුළුවෙන්න පුළුවන්. තවත් පැහැදිලිව කිව්වොත් මුළු පවුලටම වුණත් එකට වාඩිවී නරඹා රසවිඳින්න පුළුවන්. ඒවගේම ඔවුන්ට අවශ්‍යනම් මේ පිළිබඳ ගැඹුරු කියෑවීමකට යන්නත් පුළුවන්.
ඔබ මෙය මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලට වඩා වෙනස් නිර්මාණයක් ද?
ඔව්, මෙය මා කළ "අග්නිදාහය" "ගරිල්ලා මාර්කටිං" චිත්‍රපටවලට වඩා විතරක් නොවෙයි වෙදහාමිනේ දඩුබස්නාමානය, අකාලසන්ධ්‍යා වැනි ටෙලිනාට්‍යවලටත් වඩා වෙනස්ම නිර්මාණයක්. ආකෘතිය පැත්තෙන් විතරක් නෙවෙයි අන්තර්ගතය පැත්තෙනුත් වෙනස්.
ඔබ මෙය සංගීතාත්මක චිත්‍රපයක් කියලා හඳුන්වනවා. සංගීතාත්මක චිත්‍රපටයක් කියන්නේ මොකක්ද?
එක අර්ථයකට අනුව නම් මේ ලෝකෙ තියෙන චිත්‍රපට සේරම සංගීතාත්මක චිත්‍රපට තමයි. සංගීතය කොහෙත්ම භාවිත නොකළ චිත්‍රපට ලෝකයේම තිබෙන්නේ ඉතාම ටිකයි.
හැබැයි සංගීතාත්මක චිත්‍රපට නමින් වෙනම හඳුන්වන චිත්‍රපට වර්ග කීපයක් ලෝකයේ තිබෙනවා. "සවුන්ඩ් ඔෆ් මියුසික්" "එවිටා" "ද වෝල්" "ඇමෙඩියුස් මොසාට්" "ෙෆ්ම්" "කෝරස් ලයින්" ඊට නිදර්ශන කීපයක් පමණයි. හින්දි සිනමාවේ සංගීතමය චිත්‍රපට කියලා හඳුන්වන ඒවා මේවාට වඩා වෙනස්. උදාහරණයක් විදිහට දේව්දාස් කියන චිත්‍රපටය ගත්තොත් අපට පේනවා එහි අර බටහිර සංගීතමය චිත්‍රපටවල වගේ චරිත අතර සංවාදය ගීත ඛණ්ඩ මගින් සිදුකෙරෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ චිත්‍රපට ගීත වෙනම යොදාගැනීම පමණයි. හින්දි, දෙමළ සිනමාව මුළුමණින්ම වාගේ ගත්තත් මේ කියන ලක්ෂණය තමයි දකින්න ලැබෙන්නේ. අපගේ සිංහල සිනමාවේත් බහුතර වශයෙන් දක්නට ලැබෙන ලක්ෂණය එයම තමා. ඉතින් "සමනල සංධ්වනිය" මේ සියල්ලෙන්මත් වෙනස් සංගීතමය චිත්‍රපටයක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුර ඔබට දෙන්න මට කාරණා කීපයක් තිබෙනවා. එකක් මෙහි කිසිම තැනක චරිතවල මනෝලෝකවලින් මතු කෙරෙන ගීත නැහැ. මෙහි ගීත යෙදෙන්නේ එම චරිත සැබෑ ලෙසම ගීත ගායනා කරන විටයි. උදාහරණයක් වශයෙන් මෙහි එන තරුණ සංගීතඥයා සැබෑ සංදර්ශනයක ගීත ගායනා කරනවා ඔහු වරක් සැබෑ ලෙසම Symphony වාද්‍ය පිරිසක් මෙහෙයවනවා. මා මෙය සංගීතමය චිත්‍රපටයක් කියන්නේ ඒ නිසාමත් නොවෙයි. මෙහි සංගීතය චරිතවල භාව නිරූපණයට සුවිශේෂ වශයෙන් සම්බන්ධ කොට ඇති නිසයි. මෙහි ඇති අතිසංවේදී චරිතවල චිත්තවීථීන් ඔස්සේ විදාරණය කෙරෙන භාව ප්රකාශනය ප්‍රේක්ෂකයා වෙතට සමීප කරවීමේ මාර්ගයක් විදිහටයි.
චිත්‍රපට ගත්තත්, නවකතා, නාට්‍ය ආදිය ගත්තත් මේ හැම එකකම ප්‍රේමකතාවක් තිබෙනවා. "සමනල සංධ්වනිය" වෙනස්ම ප්‍රේමකථාවක් වෙන්නෙ කොහොමද?
සමනල සංධ්වනියේ එන ප්‍රේමය එහි එන චරිතවලට කිසිදු විටෙක භෞතිකව සාක්ෂාත් කරගත හැකි ප්‍රේමයක් නොවේ. කිසිවිටෙක අත්පත්කරගත හැකි ප්‍රේමයක් නොවේ. එය මිනිසුන් ඇතැම්විට තමන්ගේ ජීවිත කාලයක් මුළුල්ලේ තම හදවත් තුළ සඟවා තබා සිටින කිසිවිටෙක ප්‍රකාශ නොකළ ප්‍රේමය විය හැකියි. ඒ වගේම ඔවුන් මනසින් පමණක් ස්පර්ශ කරන මේ ප්‍රේමය තුළ දියුණු මානවයා සතු ඉවසීම, පරිත්‍යාගය. මුදිතාව, මෛත්‍රිය, කරුණාව දොaර ගලමින් තිබෙනවා ඔබට දැකිය හැකියි.
ගැටවර වාදීශට (සූර්යා දයාරුවන්) පුන්‍යා (යශෝධා විමලධර්ම) නැමති තරුණ කාන්තාව තම පෙම්වතා වන රේවතට (රොජර් සෙනෙවිරත්න) ලියූ ප්‍රථම ආදර ලිපිය ලැබෙන්නේ අහම්බයකින්. (එක්තරා නීතිවිරෝධී ආකාරයකට) එම ලිපියේ පවත්නා කාව්‍යමය අදහස් තමන්ගේ මනසට එතරම් බලපෑමක් කරන්නේ යෑයි වාදීශවත් ඔහුගේ මිතුරන්වත් මුලදී කල්පනා කරන්නේ නැහැ. ඔහු සිතින් මෙම කාන්තාවට ප්‍රේම කරනවා පමණක් නොවෙයි, ඇයට තමන් අතින් වරදක් සිදුවීයෑයි යන හෘදයෙන් පැනනඟින විනිශ්චයකිනුත් (Inner Conviction) පීඩා විඳිනවා. මේ පීඩාව ඔහු නිර්මාණකරුවකු වශයෙන් ඉහළටම ඔසොවා තබන අතරම අසාර්ථක ගෘහ ජීවිතයක් ගතකරන්නකු බවට පත්කරනවා. නමුත් ඔහු දන්නවා ඔහු එතනින් ගොඩ ආයුතු බව, ඒ සඳහා ඔහුගේ ගමන අපූරු එකක්.
මේ ගැටවරයාගේ චරිතය නිරූපණය කරන්නේ සූර්යා දයාරුවන් නම් ඔබ සිනමාවට හඳුන්වා දෙන අලුත්ම නළුවායි.
ඔව්, ඔහු ඉතාම දක්ෂ දරුවෙක්. මා මේ චරිතය සඳහා ගැටවරයන් ගණනාවක් තිර පරීක්ෂණවලට (Screen test) ලක් කළා. එය ඉතාම අසීරු සහ දුෂ්කර කටයුත්තක් වුණා. මොකද සංගීතයත් දන්නා, මා බලාපොරාත්තුවන ආකාරයේ සූක්ෂමතාවකින් යුක්තව රඟපෑමටත් හැකි ඒ සියල්ලටම අමතරව මෙම චරිතයේ වැඩිහිටි කාලය නිරූපණය කරන උද්දික ප්‍රේමරත්නට සමාන ස්වරූපයකුත් තිබිය යුතු ගැටවරයකු සොයා ගැනීම ඉතාම අසීරු වුණා. තිර පරීක්ෂණයට පැමිණි මොහොතේ සූර්යා කැමරාව අභියසට යන්නට ප්‍රථම මට තේරුණා මොහු තමයි මට අවශ්‍ය කෙනා කියලා. මට මතකයි අංග රචනා ශිල්පී වසන්ත විට්ටච්චි මගේ ළඟට ඇවිත් ඇහුවා වැඩේ හරි නේද කියල.
උද්දික ප්‍රේමරත්න, පුබුදු චතුරංග වගේ නළුවන් ඔබ සමඟ කටයුතු කරන ප්‍රථම අවස්ථාව මේ චිත්‍රපටය නේද?
ඔව්, පුබුදු චතුරංග නම් මා කලක් තිස්සේම ඇහැගහගෙන හිටපු නළුවෙක්. නිවැරදිව මෙහෙයුවහොත් ඔහු ඉතාම ස්වයංසිද්ධ (Spontaneous) ආකාරයකට අදාළ චරිතය මතුකරගන්නා ටිකක් දුර්ලභ ආකාරයේ නළුවකු බව මා දැන සිටියා. ප්‍රථම තිර පරීක්ෂණයේදීම ඔහු ඒ බව මට සනාථ කළා. උද්දික ප්‍රේමරත්න රඟපෑ කිසිවක් මා දැක තිබුණේ නැහැ. දර්ශන දිසානායක මගේ සංගීත අධ්යක්ෂවරයා තමයි ඔහු මා ළඟට එවන්නේ. ඔහු දුටු මොහොතේම මට හැඟීS ගියා මා මනසින් මැවූ වාදීශ ඔහුම බව. ඔහුත් ඉතාම දුර්ලභ ගනයේ ප්‍රතිභාවක් තිබෙන තරුණ නළුවෙක් බව වාදීශ ගේ චරිතය ඔහු පරිසමාප්තව ගොඩනැගූ ආකාරයෙන් පෙනෙනවා.
පුන්‍යාගේ චරිතයට ඔබ යොදාගන්නේ සුපුරුදු නිළියක් - යශෝධා?
පිටපත ලියා අවසන් කළාට පස්සෙ පුන්‍යා නිරූපණය කළ යුත්තේ යශෝධා බවට මට සැකයක් තිබුණේ නැහැ. මා හිතනවා මෙම චිත්‍රපටයේ යශෝධා කළ චරිත නිරූපණය ඇගේ රූපණ විලාශය වශයෙන් ගත්තත් ඇයගේ වෙනස්ම නිරූපණයක් බව, නිළියක වශයෙන් ඇයගේ ඉතාම පරිණත බවක්, සූක්ෂමතාවක් මෙවර ඇය සමඟ කටයුතු කිරීමේදී මා දුටුවා. ඒ සමගම, විල්සන් ගුණරත්න, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, රෙබෙකා නිර්මලී, බුද්ධදාස විතානාරච්චි, දිමුතු චින්තක, උදිත ගුණරත්න, සඳුන් බණ්ඩාර, රොෂාන් පිලපිටිය, රෝජර් සෙනෙවිරත්න, ජයරත්න ගලගෙදර ඇතුළු විශාල නළුනිළි පිරිසක් දැක්වූ සහාය අපමණයි.
ආචාර්ය කේමදාසයන්ගේ වියෝවෙන් පස්සෙ ඔබේ සොයා ගැනීම තමා දර්ශන රුවන් දිසානායක තරුණ සංගීතඥයා.
කේමදාසයන් සහ මා අතර පැවති නිර්මාණාත්මක බැඳීම මට කවදාවත් අමතක කළහැකි දෙයක් නොවේ. තව දක්ෂ සංගීතඥයන් කොතෙකුත් සිටියත් මේ අති සියුම් කටයුත්තට මා දර්ශණ යොදා ගැනීමට අදහස් කළේ ඔහු තුළ මා දකින අර සංගීතයට එහා ගිය කලාත්මක ඥනය නිසයිs. කොහොමටත් මා කළ වෙළෙඳ දැන්වීම් කීපයක සංගීත නිර්මාණය කිරීමෙන් දර්ශන මට පසක්කර තිබුණා ඔහු කවර ආකාරයේ දක්ෂයෙක්ද යන්න. "සමනල සංධ්වනිය'' ඉතාම පළපුරුදු සංගීතඥයකුට වුවත් අභියෝගයක්.
මෙහි එන Symphony සංගීතය සම්මිශ්‍රන සංගීතය (fusion) ප්‍රසංවාදී සංගීතය සේම ගීත ගායනාත් ඔහු ඉතාම විශිෂ්ට ආකාරයෙන් නිමා කළා. ඊට දෙවැනි නොවන සහායක් මගේ කැමරා අධ්යක්ෂවරයා වන රුවන් කොස්තාගෙනුත් මට ලැබුණා. ආලෝක නිර්මාණ කටයුතු වලදී රුවන් දැන් කෙතරම් පරිපාකයකට පත්ව ඇත්දැයි මට හිතෙනවා. ඔහුගේ අති දක්ෂ කැමරාකරණය සමනල සංධ්වනිය සුවිශේෂ ජීවියෙක් බවට පත් කළා කියන්න පුළුවන්.
ඔබේ නිෂ්පාදන කාර්ය මණ්ඩලයෙන් ලැබුණේ කොහොම සහයක්ද?
ප්‍රථමයෙන්ම මම මාගේ නිෂ්පාදකවරුන් පිළිබඳව යමක් පැවසිය යුතුමයි. රුවන් ජයසිංහත් පාලිත ගුණවර්ධනත් රූ සිනමා සමාගම වෙනුවෙන් මෙම චිත්‍රපටය නිර්මාණයේදී මට දුන් සහාය පුදුමාකාරයි. ඇත්ත වශයෙන්ම සිනමා කලාවට මහත් සේ ඇළුම් කරන මේ විශිෂ්ට ගනයේ අර්ථපතීන් නොවන්නට "සමනල සංධ්වනිය" බිහිවන්නේ නැහැ.
ඒa සමගම මගේ සහාය අධ්යක්ෂවරු නිමල් ප්‍රැන්සිස්, සරත් සේනාරත්න, කලා අධ්යක්ෂ - රොහාන් සමරදිවාකර, නිෂ්පාදන කළමණාකරු - ප්‍රසන්න ඉත්තෑපාන - නිෂ්පාදන විධායක, නිමල් විඡේසිරි, අංග රචක - වසන්ත විට්ටච්චි, කේශලංකරණය කළ ලලිත් ධර්මවර්ධන, ශබ්ද පරිපාලනය කළ අරුණ ප්‍රියන්ත කළුආරච්චි, සහාය සංස්කාරක - අජිත් රාමනායක දුන් සහාය වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
අවසාන වශයෙන් මගේ විශිෂ්ට සංස්කාරකවරයා ගැනත් යමක් කියන්න ඉඩ දෙන්න. ඒ තමා රවීන්ද්‍ර ගුරුගේ, රවි සමඟ මම වැඩකරන්නේ "වෙදහාමිනේ" ටෙලි නාට්‍යයේ පටන්මයි. සංස්කරණයෙන් "සමනල සංධ්වනිය" සඳහා ඔහු දැක්වූ දායකත්වය ඉතාම සුවිශේෂයි.
තිස්ස ගුණතිලක
http://www.divaina.com/2012/12/09/meewitha05.html

Last edited: