Baby on board sign එකක් භාවිතා කල යුත්තේ අත දරුවෙක් (උපතේ සිට වයස අවුරුදු 1 දක්වා) ළදරුවෙක් (වයස අවුරුදු 3 දක්වා) වාහනයේ සිටිනවා නම් පමණයි. මෙවැනි බබෙක් වාහනයේ ගෙන යා යුත්තේ පසුපස ආසනයේ child restraint system / child safety seat / infant carriers භාවිතා කරමින් පමණයි.
අවශ්‍ය නැති අවස්තා වල ගැලවීමට හැකි විය යුතු නිසා මෙය sticker, decal ලෙස නොඅලවා suction cups භාවිත කරමින් සවි කරන්න. මෙය කහ පසුබිමේ කලු පැහැයෙන් තිබුනත් ලෝකයේ නිර්දේශිත හදිසි CAUTION sign එකක් නොවෙයි. මිනිසුන් හදා ගත් එකක් පමණයි.
Baby on board sign එකක් භාවිතා කරන්නේ පහත හේතු දෙක සදහා පමණයි.
1. වාහනයේ බබෙක් සිටිනා බවට අනෙක් රියදුරන්ට දැනුම් දීමට. එමගින් ඔවුන් ගෙන් ආරක්ෂාකාරීව ධාවනය කරන ලෙස ඉල්ලා සිටිනවා. අණ කරන්නේ හෝ අපේක්ෂා කරන්නේ නැහැ, ඉල්ලා සිටිනවා පමණයි.
2. හදිසි අවස්තාවන් වලදී අදාල පාර්ශව වලට දැනුම් දීමට. හදිසි අනතුරකදී රියදුරුට සිහි මූර්ජා වූ විට, අනතුරකදී දෙපා සිරුර සිරවී පිටතට පැමිණීමට නොහැකි විට, මුහුණ අත් පා චලනය කල නොහැකි විට, වාහනය ප්‍රපාතයකට, ගංගාවකට, තාර වලකට හෝ එවැනි යමකට පෙරලුනු විට පිටත සිටින පුද්ගලයින්ට වහනය තුල බබෙකු සිටන බව මේ නිසා දැනගත හැකියි. එමගින් ප්‍රථමාධාර, ගලවා ගැනීමේ, හදිසි, ගිනි නිවීම්, පොලිස් කණ්ඩායම් වලට එම අවස්තාව සදහා විශේෂයෙන් අවශ්‍ය දැනුම සහිත පුද්ගලයන්, ප්‍රථමාධාර, උපකරණ, ද්‍රව්‍ය ගෙන ඒමට හා ක්‍රියාත්මක වීමට කාලය ලැබෙනවා.
එම නිසා වාහනයේ බබෙක් ගමන් ගන්නේ නැති විට Baby on board sign එක ගලවා දමන්න. නැතිනම් මෙය අවභාවිත කිරීම නිසා අනතුරකදී ඔබේ අනතුරේ ප්‍රමාණයට වඩා අනවශ්‍ය හදිසි කණ්ඩායම් පැමිණීම නිසා ඔවුන්ව අත්‍යාවශ්‍ය වෙනත් ස්ථානයකට යෑමට නොහැකි වීමෙන් ගලවා ගත හැකිව තිබූ තවත් ජීවිතයක් අහිමි වී යා හැකියි. ඔබට, ඔබ නිසා ජීවිතයක් අහිමි වූ බව මතක් වෙමින්, පසුතැවෙමින් මුලු ජීවිත කාලයම ගත කිරීමට සිදු විය හැක.
මෙය අවභාවිතා කිරීමෙන් දීර්ඝ කාලීනව සිදුවන්නේ පහත සදහන් කරුණයි.
එනම්, මෙම sign එකට ඇති ගෞරවය හා විශ්වසනීය බව අඩුවීම මත පිළිගැනීම නැතිවී යාමයි.

