උඹල ඇයි බං මෙතන පව් කිය කිය වැලලෙන්න හදන්නේ?
උන් පස්දෙනා වේදනාව ලබන්නවත් නිමේෂයක් නොතියා මැරිලා යන්නැති!
අවංකවම කියනවා නම් මට උන් ගැන එහෙමට දුකක් නැහැ!
උන් ඔක්කොම ඔය ගමන ගියේ තමන්ව entertain කරන්නනේ!
අඩු තරමේ උන් මේ ලෝකේ ගොඩක් දෙනෙකුට වඩා වාසනාවන්ත ජීවිත ගත කරලා තියෙනවා!
එකෙක් ටයිටැනික් නටබුන්වලට කීප වතාවක් ගිය එකෙක්;
තව එකෙක් ඇන්ටාක්ටිකා, අභ්‍යවකාශය වගේ දුර්-ලභ අවස්ථාවකින් විතරක් හම්බ වෙන ගමනාන්තවලට ගිය එකෙක්;
අනිකා ඔය සමාගමේ CEO; ඊළඟට අර ඒෂියන් තාත්තයි පුතයි!
ඕකත් හරියට අර පැරිස්, ලන්ඩන්වල බෝම්බයක් පිපිරුවහම ඒකට ශෝකය පළ කරන මිනිස්සු
පලස්තීනය වගේ රටක් ගැන මීක් කියන්නේ නැතුව ඉන්නව වගේ වැඩක්!